Day archives: ජූලි 24th, 2020

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි මීගමුව බන්ධනාගාර ජේලර්වරයෙකු CID යට භාරවෙයි

(24.07.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala) බන්ධනාගාර රැඳවියෙකුට පහසුකම් සැපයීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටි මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවී තිබෙනවා. නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔහු ඇතුළු සිව්දෙනෙක් (4) අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙනත්තු නිකුත් කෙරුණේ පෙරේදායි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරවූ ජේලර්වරයා මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. …

රටම කළඹමින් IDH රෝහලෙන් පැන්න සැකකරු ඇල්ලූ ජාතික රෝහල් සේවකයන් දෙදෙනා (2) මෙන්න

(24.07.2020 – 12:15 +0530 – hirunews.lk/sinhala) මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට අද (24) අලුයම පළා ගිය කොරෝනා ආසාදිතයා කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී ප්‍රතිකාර අංශය ඉදිරිපිට දී යුද හමුදා බුද්ධි අංශ භාරයට ගෙන තිබෙනවා. හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ අදාළ පුද්ගලයා අයි.ඩී.එච්. රෝහල වෙත යළි රැගෙන යාමට අවශ්‍ය …

වහා හීලෑ කළ යුතු රාජ්‍ය නොවන සංවිධාන

(21.07.2020 – dinamina.lk) රාජ්‍ය නොවන සංවිධානවල මූලික අරමුණ සමාජ සුභසාධනය බව පැවසුව ද වර්තමානයේදී ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ලංකාවේ රාජ්‍ය යන්ත්‍රණයට සෘජුව බලපෑම් කරන තත්ත්වයක් උදා වී වී තිබේ. එහි ප්‍රතිඵලයවී වී ඇත්තේ නිසි නීති රාමුවකින් තොරව තමන්ගේ පටු අරමුණු ඉටු කර ගැනීමට ඔවුන් වෙහෙසීම ය. එවැනි සංවිධාන නියාමනයකින් තොරව දීර්ඝ කාලීනව ලංකාව තුළ ක්‍රියාත්මක …

බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට සිදුවී ඇති හානිය ගැන කුරුණෑගල මහෙස්ත්‍රාත් වාර්තාවක් ඉල්ලයි

(23.07.2020 – 18:37 +0530 – lankadeepa.lk) කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ පවත්වාගෙන ගිය බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට හානි සිදුකොට ඇත්තේ හිතාමතාද? යන්න මෙන්ම ඉන්සිදුවී ඇති හානිය හා එය පිළිසකර කිරීමට ගතවන කාලය පිළිබඳ ලබන 31 වැනිදාට පෙර වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළ කුරුණෑගල මහෙස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා …