ඉදිරි සති දෙක-තුන (2-3) තුළ වාහන මිල සීග්‍රයෙන් ඉහළ යා හැකියි
ඉදිරි සති දෙක-තුන (2-3) තුළ වාහන මිල සීග්‍රයෙන් ඉහළ යා හැකියි
(15.05.2026 – hirunews.lk)
ඉදිරි සති දෙක-තුන (2-3) තුළ වාහන මිල සීග්‍රයෙන් ඉහළ යා හැකි බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ පවසනවා.
රුපියල් ලක්ෂ 140 කට පමණ තිබුණු Raize වර්ගයේ වාහනයක් රුපියල් ලක්ෂ අටක්, නවයක්, දහයක් (8-9-10) අතර ප්‍රමාණයකින් වැඩි විය හැකි බවයි සභාපතිවරයා පවසන්නේ.
එමෙන්ම Yaris වර්ගයේ වාහනයක් රුපියල් ලක්‍ෂ හතරකින්, පහකින් (4-5) වැඩිවිය හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
Vezel වර්ගයේ වාහනයක් රුපියල් ලක්ෂ 12 කින් පමණ වැඩිවිය හැකි බවත් සඳහන්.
එමෙන්ම පවතින තත්ත්වය තුළ Land cruiser වර්ගයේ වාහනයක් රුපියල් ලක්ෂ තිහකින් (30) පමණ වැඩි විය හැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
සරලව පවසන්නේ නම් සියයට දහයක (10%) පමණ ප්‍රමාණයකින් වාහන මිල ඉදිරි සති දෙක-තුන (2-3) තුළ ඉහළ යා හැකි බවයි සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ.
+
උදය – සාගර – දුමින්ද එකාබද්ධය වහාම කැඳවයි – කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන රහසක් හෙලි කරයි (15.05.2026)
+
ආණ්ඩුවට යන්නේ මොලේ කචල් එවුන් තමයි – මුජිබර් මාධ්‍යවේදියාට රිදෙන්නම කියලා දෙයි (15.05.2026)
+
ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
(15.05.2026 – hirunews.lk)
ඩිජිටල් ආර්ථිකයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවට PayPal මගින් සපයන සේවා පහසුකම පුළුල් කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ දී සිදු කෙරුණා.
මෙතෙක් කාලයක් ශ්‍රී ලාංකික PayPal ගිණුම් “මුදල් යැවීමට පමණක්” (Send Only) සීමා වී තිබූ අතර, එමගින් පරිශීලකයින්ට විදේශයන්ට ගෙවීම් කිරීමට හැකි වුවද ජාත්‍යන්තර සේවාදායකයින්ගෙන් මුදල් මෙරටට ලබා ගැනීමට නොහැකි වුණා.
මෙම සේවාව පුළුල් කිරීමත් සමග අන්තර්ජාලය ඔස්සේ සේවා සපයන සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට තම ඉපයීම් සෘජුවම මෙරට බැංකු ගිණුම් වෙත ලබා ගැනීමට හැකි වන අතර, එමගින් රටට ලැබෙන නිල විදේශ විනිමය ප්‍රමාණය ද ඉහළ යනු ඇති.
වසර දොළහකට අධික කාලයක් තිස්සේ පැවති සාකච්ඡා, ප්‍රමාදයන් සහ අඛණ්ඩ උත්සාහයන් රැසකින් අනතුරුව ළඟා කර ගත් මෙම ප්‍රගතිය ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය, නිදහස් වෘත්තික (Freelancer) ප්‍රජාව, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, ආරම්භක ව්‍යාපාර (Startups), සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර, අපනයනකරුවන් සහ ඊ-වාණිජ්‍ය (e-commerce) ආශ්‍රිත කර්මාන්ත ආදිය සඳහා සුවිශේෂී පරිවර්තනීය පියවරක් ලෙස හැඳින්විය හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
මෙම සහයෝගීතාව අනුව, ආරම්භයක් ලෙස, ලංකා බැංකුව, කොමර්ෂල් බැංකුව සහ සම්පත් බැංකුව යන බැංකු මගින් PayPal සේවා මෙරට තුළ ක්‍රියාත්මක වනු ඇති අතර, ඉදිරි කාලයේදී අනෙකුත් බැංකු ද මේ සමග එක්වනු ඇති.
එම නිවේදනයේ සඳහන් පරිදි, 1998 දී කැලිෆෝනියාවේ ආරම්භ කරන ලද PayPal ආයතනය ලොව විශාලතම ඩිජිටල් ගෙවීම් වේදිකාවලින් එකක් වන අතර, එය රටවල් 200 කට අධික සංඛ්‍යාවක පරිශීලකයින් මිලියන 430 කට වඩා වැඩි පිරිසකට සේවා සපයමින් වාර්ෂිකව අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 කට වඩා වැඩි ගනුදෙනු ප්‍රමාණයක් සිදු කරනවා.
එය ගෝලීය නිදහස් වෘත්තික වේදිකාවල මෙන්ම ඊ-වාණිජ්‍ය වේදිකාවලද බහුලව භාවිත වෙනවා.
මෙරට ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ කරුණු වන සියලු දෙනා ඇතුළත් කරගත් ආර්ථිකයක් ඇති කිරීම, ඩිජිටල් ව්‍යවසායකත්වය දිරිමත් කිරීම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග සම්බන්ධතාව ශක්තිමත් කිරීම ආදී අරමුණු ළඟා කර ගැනීම සඳහා මෙම සහයෝගිතාව ඉතා වැදගත් වනු ඇති.
දේශසීමා අතර ගෙවීම් සේවා පුළුල් කිරීම හේතුවෙන් මෙරට කුඩා ව්‍යාපාර සහ ව්‍යවසායකයින්ට ගෝලීය වෙළෙඳ කටයුතු සඳහා වඩාත් සක්‍රීයව දායක වීමට අවස්ථාවක් ලැබෙනු ඇති බව සඳහන්.
මෙම සේවාවන් ලබා ගන්නා ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු අදාළ බැංකු විසින් ඉදිරියේදී සිය පාරිභෝගිකයන් දැනුවත් කරනු ඇති අතර, වැඩිදුර තොරතුරු අවශ්‍ය පුද්ගලයන්ට හෝ ව්‍යාපාරිකයන්ට තමන් ගනුදෙනු කරන බැංකුව සෘජුවම සම්බන්ධ කරගෙන ඒ පිළිබඳ තොරතුරු විමසිය හැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පෙන්වා දුන්නේ, වත්මන් රජයේ ආර්ථික වර්ධන සැලැස්ම සාධාරණත්වය, විනිවිදභාවය සහ වගවීම යන මූලික ප්‍රතිපත්ති වටා ගොඩනැඟී තිබෙන බවත්, එහිදී මෙම ඩිජිටල් පරිවර්තනය සුවිශේෂී අංගයක් බවත්.
මෙම සහයෝගීතාව සියලු දෙනා බලාපොරොත්තු වන ප්‍රතිලාභ උදා කර දෙනු ඇතැයි විශ්වාසය පළ කළ අග්‍රාමාත්‍යවරිය, ආර්ථික ස්ථායීතාව ඇති කිරීමට සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට පමණක් නොව, අනෙක් අයව අනුගමනය කරන්නෙක් පමණක් නොවී, අපටම අනන්‍ය හැකියාවලින් යුතු ශක්තිමත් සහ විශ්වාසදායී රටක් ලෙස කලාපීය සහ ගෝලීය වශයෙන් ස්ථානගත කිරීමටද මෙය ඉවහල් වනු ඇතැයි ප්‍රාර්ථනා කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය :
“මෙය සැබැවින්ම අනුස්මරණීය මොහොතක්. ඩිජිටල් ආර්ථිකයේදී ශ්‍රී ලංකාවේ භූමිකාව ජාත්‍යන්තර ඇගයීමට ලක්වෙමින් පවතින බව මෙන්ම කලාපීය මෙන්ම ගෝලීය වශයෙන්ද ස්ථාවරභාවයක් ගොඩනගා ගැනීමට හැකි වී ඇති බව මෙයින් සනාථ වෙනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය වෙනුවෙන් අපට ඉහළ ඉලක්ක පවතිනවා. ඉදිරියේදී මෙය ආර්ථික වර්ධනය සඳහා ඉවහල් වන ක්ෂේත්‍රයක් මෙන්ම රැකියා උත්පාදනය සඳහා මූලාශ්‍රයක් වනු ඇතැයි අපේක්ෂා කරනවා.
මෙම ක්ෂේත්‍රය තුළ ඉතා දක්ෂ නිදහස් වෘත්තිකයන් (Freelancers) රැසක් අප සතුව සිටිනවා. විනිවිදභාවයෙන් යුත් සහ සුරක්ෂිත මූල්‍ය සේවා පද්ධතියක් ස්ථාපිත කිරීම, උපායමාර්ගිකව මෙන්ම මෙම ක්ෂේත්‍රය තුළ අපගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමටද ඉතාම වැදගත්. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය (SME), මාර්ගගත සේවා, ඊ-වාණිජ්‍යය (E-commerce) සහ ඩිජිටල් ආර්ථිකය යන මේ සියල්ලම එකිනෙකට සමීපව බැඳී තිබෙනවා. ඉදිරි මාස සහ වසර කිහිපය තුළදී වඩාත් ආකර්ෂණීය නව අවස්ථා උත්පාදනය කරතැයි අපේක්ෂා කළ හැකි, ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ක්ෂේත්‍රයක් ලෙස මම මෙය දකිනවා.
එසේම, මාර්ගගත සේවා සහ ගෙවීම් වඩාත් ආරක්ෂිත, නීත්‍යානුකූල සහ වගකීම් සහගත පද්ධතියක් යටතට පත්වීම ඉතාම වැදගත් බව මම විශ්වාස කරනවා. වංචනික ක්‍රියා, අනාරක්ෂිත පද්ධති සහ සැක සහිත ගනුදෙනු පිළිබඳව ගෝලීය වශයෙන් උද්ගත වන තත්ත්වයන් අප දැක තිබෙනවා.
එනිසා අප ඉදිරියට යන විට, වගවීම සහ ආරක්ෂාව සහතික කරන, ගෝලීය වශයෙන් පිළිගත් සහ අනෙකුත් සේවා සමඟ ඒකාබද්ධ වූ වේදිකාවක් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය කරුණක්.
අප ඩිජිටල් ආර්ථිකය, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සහ ඊ වාණිජ්‍යය යන ක්ෂේත්‍ර පුළුල් ලෙස වර්ධනය කළ හැකි විභවතා සහිත ක්ෂේත්‍ර ලෙස සලකනවා. අපේ ආර්ථික වර්ධන සැලැස්ම මූලික ප්‍රතිපත්ති දෙකක් වටා ගොඩනැඟී තිබෙනවා. එනම්, සාධාරණත්වය, විනිවිදභාවය සහ වගවීමයි.
සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය පුළුල් කිරීම, නිදහස් වෘත්තිකයන්ට අතහිත දීම, ඊ- වාණිජ්‍යය වර්ධනය කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ශක්තිමත් කිරීම ආදිය ගැන සිතන විට, අපේ රට දීර්ඝ කාලයක සිට මුහුණ දී ඇති ගැටලු වන සමාජ අසාධාරණත්වය, ආර්ථික අසමානතාව සහ සංවර්ධනයේ පවතින දැඩි විෂමතාවලටද විසඳුම් සෙවිය යුතු වෙනවා. අපේ සංවර්ධනය සැමටම ප්‍රතිලාභ ලැබෙන, සාධාරණ මෙන්ම සමාජීය වශයෙන් වගකීම් සහගත එකක් විය යුතුයි.
මෙම පරිවර්තනය සඳහා උනන්දුවෙන් දායක වන අපේ තරුණ පරපුර, ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනය තුළ එම වටිනාකම් නිරූපණය කිරීමට නායකත්වය දෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
මෙම සහයෝගීතාව අප සියලු දෙනා බලාපොරොත්තු වන ප්‍රතිලාභ උදා කර දෙනු ඇතැයි මම විශ්වාස කරනවා. අපේ ආර්ථිකය ස්ථායී කිරීමට සහ ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමට පමණක් නොව, අනෙක් අයව අනුගමනය කරන්නෙක් පමණක් නොවී, අපටම අනන්‍ය හැකියාවලින් යුතු ශක්තිමත් සහ විශ්වාසදායී රටක් ලෙස කලාපීය සහ ගෝලීය වශයෙන් ස්ථානගත කිරීමටද මෙය ඉවහල් වනු ඇතැයි මම ප්‍රාර්ථනා කරනවා.”
+++
+++
+
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය පාරිභෝගිකයන් සඳහා පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදෙයි
(15.05.2026 – hirunews.lk)
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන්නන් සම්බන්ධයෙන් මූල්‍ය පාරිභෝගිකයන්ට ඇති පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම පහසු කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
+++
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය පාරිභෝගිකයන් සඳහා පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වාදීම
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන්නන් සම්බන්ධයෙන් මූල්‍ය පාරිභෝගිකයන්ට ඇති පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම පහසු කිරීම සඳහා වන වැදගත් පියවරක් සනිටුහන් කරමින් මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමන රාමුව තුළ පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලියේ වගවීම, කාර්යක්ෂමතාව සහ විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණින් මෙම මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතිය හඳුන්වා දී ඇත. එමෙන්ම, මෙම පද්ධතිය තුළින් මූල්‍ය පාරිභෝගිකයින්ට තම පැමිණිලි විධිමත් සහ ප්‍රමිතිගත ආකාරයකින් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන අතර එමඟින් එම පැමිණිලි වඩාත් ඵලදායී ලෙස නියාමනය කිරීමටත් නියමිත කාලය තුළ නිරාකරණය කිරීමටත් සහාය වනු ඇත.
මෙමඟින්, මුද්‍රිත ලියවිලි පදනම්ව කරනු ලබන ක්‍රියාකාරකම් අවම කරන අතර, ක්‍රියාවලියේදී සිදුවන ප්‍රමාදයන් මගහරවා ගනිමින් පැමිණිලි කළමනාකරණ කටයුතු වඩාත් විධිමත් කරයි. මෙම පද්ධතිය 24/7 ක්‍රියාත්මක වන බැවින්, මූල්‍ය පාරිභෝගිකයින්ට සිය පැමිණිලි තමන්ට පහසු ඕනෑම වේලාවක යොමු කිරීමට අවස්ථාව ලැබේ. තවද, තමන් ඉදිරිපත් කළ පැමිණිලිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය පිළිබදව දැනගැනීමට මූල්‍ය පාරිභෝගිකයින්ට හැකියාව ලබා දෙන අතර ඒ තුළින් පැමිණිලි නිරාකරණ ක්‍රියාවලිය පුරා ඉහළ විනිවිදභාවයක් සහතික කෙරේ.
මුල් අවස්ථාවේ දී මූල්‍ය පාරිභෝගිකයින් විසින් සිය පැමිණිලි හා දුක්ගැනවිලි සෘජුවම අදාළ මූල්‍ය සේවා සපයන්නන් වෙත යොමු කළ යුතුය. එම පැමිණිලි මූල්‍ය සේවා සපයන්නන් විසින් විසඳීමට අපොහොසත් වුවහොත් හෝ ඔවුන්ගේ ප්‍රතිචාර පිළිබඳව පාරිභෝගිකයින් විසින් සෑහීමකට පත් නොවන විට එම පැමිණිලි, මෙම මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතිය තුළින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කිරීමට හැකියාව ලැබේ.
කාර්යක්ෂම ලෙස පද්ධතියෙහි කටයුතු සිදු කරීම පහසු වනු පිණිස, ඉදිරිපත් කරනු ලබන සියලු තොරතුරු වල පැහැදිලිතාවය, නිවැරදි සහ සම්පූර්ණ බව සහතික කරන ලෙසත්, ඊට අදාළ සියලුම ලියකියවිලි ඉදිරිපත් කරන ලෙසත් මෙම පද්ධතිය භාවිත කරන සියලු දෙනා වෙත උපදෙස් දෙනු ලැබේ.
මෙම පැමිණිලි කළමනාකරණ පද්ධතියට https://reachus.cbsl.lk/ යන සබැඳිය හරහා ප්‍රවේශවීමේ හැකියාව පවතී.
(15.05.2026 – cbsl.gov.lk)
අනුර කුමාර අද ඩෙක්ෂූෂ් දාගෙන යාපනේ ඇවිදින්නේ – රණවිරු කරපු ඒ මානුෂීය මෙහෙයුම් නිසා (15.05.2026)
+
අපිටත් ආණ්ඩුවට එන්න කියලා පණිවිඩ එවනවා තාමත් – ලොන්ත ආණ්ඩුවකට යන්න අපිට මොලේ අමාරුවක් නෑ (15.05.2026)
+
ගල් අඟුරු කොමිසම ළඟ උණුසුම් තත්ත්වයක් – ඩී.වී. චානක පොහොට්ටු ප්‍රබලයෝ එක්ක කොමිසමට (15.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴