වනවාසලදී දුම්රියක් පීලි පැන මහ අනතුරක් – දුම්රිය මැදිරියක් පෙරැළේ

වනවාසලදී දුම්රියක් පීලි පැන මහ අනතුරක් – දුම්රිය මැදිරියක් පෙරැළේ


වනවාසලදී දුම්රියක් පීලි පැන මහ අනතුරක් – දුම්රිය මැදිරියක් පෙරැළේ

(16.05.2026 – hirunews.lk)

පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වූ අංක 507 දරණ දුම්රිය කැළණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතරදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පීලි පැනීමට ලක්වූ දුම්රියේ එක් (1) මැදිරියක් මාර්ගයේ පෙරලී ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

පොල්ගහවෙල සිට පැමිණි පළමු දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක්ව ඇති අතර, එම අවස්ථාවේ පෙරලී ගිය දුම්රිය මැදිරියේ ද මගීන් සිට ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය මැදිරියක් පෙරලී ගොස් එක් දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේවෙතත් අනෙක් මාර්ගයේ දුම්රිය ධාවනයට කටයුතු කර ඇති බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටියා.

+++

+++

+++

+++

+++

+++

+++

වනවාසල දුම්රිය අනතුරෙන් මගීන් 12 කට තුවාල

(16.05.2026 – 07:04 +0530 – sinhala.adaderana.lk)

අද (16) අලුයම වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්වී මැදිරියක් පෙරළීයෑමෙන් සිදුවූ අනතුරෙන් සුළු තුවාල ලැබූ මගීන් 12 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ තුවාලකරුවන් අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පුද්ගලික රෝහල්වලට ඇතුළත් කර තිබූ බවත් එක් තුවාලකරුවෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බවත්ය.

අද (16) අලුයම 03:25 ට පොල්ගහවෙලින් පිටත්වූ මෙම දුම්රිය දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබී ඇත ෴

+++

මිනිස්සුත් එක්කම පෙරලුණු කෝච්චිය ගැන ඇඟ කිලිපොලා යන අනාවරණය – කෝච්චියේ යන්නත් බයේ බෑ (16.05.2026)

+++

“කෝච්චි පාරේ කොටස් ගලවන් ගිහිල්ලා” දුම්රිය අනතුරෙන් ස්ථානාධිපතිවරුත් ඇවිලෙයි (16.05.2026)

+++

දුම්රිය අනතුර සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පොලීසියට පැමිණිල්ලක්

(16.05.2026 – 14:30 +0530 – sinhala.adaderana.lk)

කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ අද (16) අලුයම දුම්රියක් පීලි පැන පෙරළීමෙන් ඇතිවූ අනතුර සම්බන්ධව මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා පැවසුවේ අනතුරට හේතුව බවට මේ වන විට වාර්තා වි ඇත්තේ දුම්රිය මාර්ග දෙකක් අතර දුම්රිය මාරු කිරීමට ඇති පයින්ටුවේ යකඩ බාර් ගැලවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇති බවත් පැවසූ ඒ මහතා මේ වන විට පොලීසිය විසින් ස්ථානීය පරීක්ෂණයක් සහ අනතුර සම්බන්ධව විමර්ශනයක් සිදුකරමින් පවතින බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දැක්වූ අසංක සමරසිංහ මහතා:

“මෙම අනතුරට දැනට අපිට නිරීක්ෂණය වෙන හේතුව සොලිඩ් වේස්ට් සයිට් එකට යන්න හදපු මාර්ගය සහ ප්‍රධාන මාර්ගය අතර පයින්ටුවක් තියෙනවා පාරවල් මාරුවන. මේ පාරවල් මාරුවන පයින්ටුවේ තියෙනවා යකඩ බාර් පාර මාරු කරන්න. මේ බාර් යම්කිසි හිතාමතා හෝ කඩාකප්පල්කාරී ලෙස හෝ සොරකමක් වශයෙන් හෝ යම් කිසි පිරිසක් මේක ගලවලා තියෙනවා. මේ ගැලවීම නිසා අර පයින්ටුව ලිහිල් වෙලා මෙම දුම්රියේ ඉදිරි මැදිරිය ප්‍රධාන මාර්ගයේත් පිටිපස මැදිරිටික අර සොලිඩ් වේස්ට් එකෙත් ගමන් කිරීම නිසා මෙම බලවේග කට්ටලයේ දෙවැනි මැදිරිය පාරවල් දෙකේ ගමන් කරලා පෙරළීමකට ලක්වෙලා. මේ සම්බන්ධව අපි පොලීසියට පැමිණිලි කරලා තියෙනවා. පොලීසියේ විශේෂ යුනිට් එකක් ඇවිත් මේ සම්බන්ධව පරීක්ෂණයක් කරනවා. මේ වන විට පොලීසිය විසින් ස්ථානීය පරීක්ෂණයක් පටන් අරන් තියෙනවා.”

මේ අතර මෙම අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදුකරන ලද විමර්ශන අනුව දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ පොලීසිය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය පැවසුවේ සැකකරු දැඩිලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවෙකු බවය.

සැකකරු දුම්රිය මාර්ගයේ ගලවන ලද ඇණ කිසියම් ස්ථානයකට ප්‍රවාහනය කළ පුද්ගලයා බවට පොලීසිය විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

එමෙන්ම සිද්ධියට සම්බන්ධව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇතැයිද පොලීසිය සඳහන් කළේය.

අද අලුයම සිදුවූ මෙම අනතුරින් මගීන් 12 දෙනෙකු සුළු තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ තුවාලකරුවන් අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ පුද්ගලික රෝහල්වලට ඇතුළත් කර තිබූ බවත් එක් අයෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බවත්ය ෴

+++

දුම්රිය පීලි පන්නපු අමන ජාවාරම මෙන්න (16.05.2026)

+++

දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ පුද්ගලයාගේ නිවසේ උපකරණ රැසක්

(16.05.2026 – 21:21 +0530 – sinhala.adaderana.lk)

කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර අද (16) උදෑසන සිදුවූ දුම්රිය අනතුරෙන් පසු, එම දුම්රිය මාර්ගයේ ඇණ ගැලවූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසින් උපකරණ කිහිපයක්ම සොයාගැනීමට පොලිසියට හැකිව තිබේ.

ඒ අනුව එම සැකකරු පදිංචි නිවස තුළ සඟවා තිබූ දුම්රියේ පීලි මාරු කිරීමට යොදා තිබූ යකඩ ලිවර් 3 ක්, ඒවා ගැලවීමට යොදාගත් උපකරණ පොලිස් භාරයට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වනවාසල ප්‍රදේශයේදී පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක්ය.

පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මංගල අජිත් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් අදාළ පරීක්‍ෂණ සිදුකරනු ලබයි.

+++

මග්ගොන පාලමේ පැත්තක් කඩාගෙන ගිහින් රේල් පිලීවල ඇණත් නෑ – බැලන්ස් කරන්න ලී පතුරු ගහයි (16.05.2026)

+


වැටුණු රට ගොඩ ගන්න ‍රනිල් එයි ? – එකාබද්ධ විපක්ෂය වහාම මල්පාරට රැස්වෙයි (16.05.2026)

+


මාලිමාව ශිෂ්‍යයෝ එකතු කරගෙන මහ පහත් වැඩක් කරනවා – එදා මල් මාලා දාලා උම්මා දුන්න තරුණයෝ අද පෝරකේ (16.05.2026)

+


ආණ්ඩුව පෙරලන සටනය රාජිත සූදානම් වෙයි – විපක්ෂයේ හැමෝම එක තැනකට එන්න ඕනේ (16.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *