27.05.2015
ඇය දොළොස් හැවිරිදි පාසල් දැරියකි. “මට කසිප්පු ටිකක් බොන්න ඕනෑ. දියල්ලා මට කසිප්පු ටිකක් දියල්ලා.”
සමන්තිනී ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන දැරියකි. පියා ව්‍යාපාරිකයෙකි. මවුපියන්ට සිටින එකම දරුවා ඇයයි. පිළියන්දලට නුදුරුව පදිංචිව සිටියි. දැනට මාස අටක තරම් කාලයක සිට සමන්තිනී රාත්‍රි හීනෙන් බිය වී අවදි වෙයි. අතපය සන්ධි වේදනාවන්ගෙන් පෙළෙයි. කෑම අරුචිය නිසා ආහාරපාන අඩුවෙන් ගැනීම ශාරීරික දුර්වලතාවලට හේතු වී ඇත. දැන් ඇගේ පාසල් ගමනද ඇනහිට ඇත.
බැරිම තැන “මව්බිම” පත්‍රයේ “සැණකෙළිය” විශේෂාංගයේ පළවන “ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය” කරා දියණිය රැගෙන ගිය මවුපියෝ ආධ්‍යාත්මීය ගවේෂක කසුන් නාගොඩවිතාන මහතා මුණගැසී තත්ත්වය පැහැදිලි කොට ප්‍රතිකාර පැතූහ.
ගවේෂකවරයා දැරිය වෙත ශක්ති කිරණ එල්ල කරන විට ඇය දිෂ්ටි ගැන්වී කෑගසන්නට වූවාය.
“පිච්චෙනවා…. පිච්චෙනවා….. දැවිල්ලයි…. දැවිල්ලයි… පුච්චන්න එපා….”යි කෑගසන්නට වූවාය.
“කවුද මේ කෑගහන්නේ?” ගවේෂකවරයා ප්‍රශ්න කළේය. භූතාත්මය කතා කළේ නැත. ඔවුන්ට ගමේ පන්සලේ බෝධිපූජා විසි එකක් පවත්වා නැවැත එන ලෙස උපදෙස් දුන්නේය. පවුලේ තුන්දෙනාම පැන් කළ තුනක් ගෙන “සබ්බ පාපස්ස” ගාථාව එකසිය අට වරක් කියමින් බෝධීන් වහන්සේ පැදකුණු කරන ලෙසද උපදෙස් දුන්නේය.
බෝධි පූජා අවසන් කොට ඔවුහු නැවැත පැමිණියහ. බෝධි පූජාවේදී පැන් කළය රැගෙන යන විට දැරිය පැන් කළය කරට ගෙන ගවුමේ පැත්තක් ඔසවා ගෙන නොණ්ඩි ගසමින් බෝධීන් වහන්සේ පැදකුණු කළ බවද මවුපියෝ ගවේෂකවරයා සමඟ පැවැසූහ.
එදිනද දැරිය ආවිෂ්ට වී කෑගසන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
“කවුද මේ කෑගහන්නේ?”
“මම කාටවත් බය නෑ. මම තමයි කසිප්පු කළුවයි කියන්නේ.”
“ඇයි මේ ළමයගෙ ඇඟට රිංගුවේ?”
“මේ කෙල්ල ලස්සනයි. මේ වයසේ අයට මං ආදරෙයි. මම මගේ ගෑනිව ගෙනාවෙත් වයස අවුරුදු පහළොවේදී. ඒකයි මම මේ කෙල්ලගෙ ඇඟට රිංගුවේ.”
“කොහොමද මේ ඇඟට රිංගුවේ?”
“මම දවසක් කසිප්පු බීලා බයිට් එකක් හොයන්න රෙස්ට්හවුස් එකට ගියා. මේකිගෙ තාත්තා මේසෙකට සීල් අරක්කු බෝතලයක් ගෙන්න ගෙන රෝස්ට් කුකුළෙක් කකා ඉන්නවා. මම එතැනට ගියා. හැමදාම කසිප්පු ගහන මට සීල් අරක්කු ගහන්න හිතුණා. මාත් ඒ මේසෙම වාඩි වෙලා කුකුල් මස් කකා අරක්කු ගැහැව්වා. මුන්ගෙ ගෙදර හොඳට කන්න බොන්න ඇති කියලා මට හිතුණා. මේ මිනිහගෙ කාර් එකට රිංගලා මුන්ගෙ ගෙදරට ආවා. ගෙදරදි කෙල්ලට ආශා හිතිලා කෙල්ලගෙ ඇඟට රිංගුවා. මම එහෙට වෙලා හොඳට කකා බිබී හිටියා.”
“ඉතින් එහෙදි බොන්නත් ලැබුණාද?”
“ඔව්. මේ මිනිහ බොනකොට මාත් බිව්වා. හැබැයි සීල් අරක්කුවලින් මට ඒ තරම් ගතියක් දැනුණේ නෑ. මම රෑට කෙල්ලට වැහිලා කසිප්පු ඉල්ලලා කෑ ගැහුවා.”
“ඉතින්…?”
“ඉතින් මුන් අර ගෑනි ළඟට ගියා.”
“මොන ගෑනිද?”
“අර මෑණියොයි කියන බොරු සාස්තරකාරි ළඟට. ඒ ගෑනි කිව්වා බෝධි පූජාවට කසිප්පු තියන්න කියලා. මම එතැනින් බිව්වා. මුන්ගෙ ගෙදර දැනුත් කසිප්පු බැරල් එකක් තියෙනවා මට දෙන්න ගෙනාපු.”
“තමුන් මැරුණෙ මොනා වෙලාද?”
“කසිප්පුවලට වකුගඩු දියවෙලා.”
“කෝ දැන් බිරිය?”
“ඒකි මට කලින් මළා.”
“මොනවා වෙලාද?”
“මගේ ළඟට කසිප්පු බොන්න ආපු කොල්ලෙක් එක්ක යාළු වෙලා මගේ අතටම අහු වුණා. ඌ පැනල ගියා. මම ඒකිට පිහියෙන් ඇන්නා. වන් ෂොට්. ඔන් ද ස්පොට්.”
“එහෙම තමයි තමන් නීති විරෝධී වැඩ කරනකොට. එතැනට එන්නෙත් ඒ වගේම අය. තමන්ට නඩු වැටුණේ නැද්ද?”
“නඩු තිබුණා. කවුරු ඇන්නද මම හරියට දැක්කෙ නෑ. ගෑණි කෑ ගහනකොට මම ඉස්තෝප්පුවේ ඉඳලා ගෙට ගියා. කොල්ලෙක් දිව්වා. මම බීල වෙරි වෙලා හිටියේ. මම ඇඳින්නේ නෑ කිව්වා. පොලිසිය ඒ වුණාට මාව සැක කළා. පොලිසියේ සමහර මහත්තුරු මාත් එක්ක යාළුයි. නඩුවට සාක්කිත් නෑ. මම නිදහස් වුණා. ගෑනි මළාට පස්සේ අසනීප වෙලා මමත් මැරුණා.” භූතාත්මය කීවේය.
“හරි…. හරි…. දැන් මේ ළමයගෙ ශරීරයෙන් ඈත් වෙලා ළමයට කරදර නොකර යන්න.”
“බෑ… බෑ… එහෙම යන්න බෑ.”
“වහාම පිටවෙලා යන්න ඕනෑ.”
“මොනවා? උඹ කවුද මිනිහෝ මාව එළවන්න?”
“කරදර නොකර යන්නයි කීවේ.”
“උඹට මාව එළවන්න බෑ. මේ මිනිස්සු මට සලකනවා. බෝධි පූජාවට කසිප්පු තියනවා. රෑට ගෙදර මේසෙ උඩත් කසිප්පු වීදුරුවක් තියනවා මට. එදාට මම කරදර කරන්නේ නෑ. දැනුත් ඒ ගෙදර කසිප්පු බැරල් එකක් තියෙනවා මට දෙන්න ගෙනාපු.”
නාගොඩවිතාන මහතා දැරියගේ පියාට අවවාද කළේය. වහාම ඒ කසිප්පු බැරල් එක ඇළකට හලලා එන්න. තවත් බෝධි පූජා හතක් පවත්වා ඊළඟ සතියේ නැවැත එන්න යැයි කීවේය. ඊළඟ දිනයේදී දැරිය ප්‍රලය විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.
“තමන් බෝධි පූජාවට ගියාද?”
“ඔව්…”
“මොකද මේ ළමයා පැන් කළය කරේ තියාගෙන ගවුම පැත්තක් උස්සගෙන නොණ්ඩි ගගහ යන්නේ.?”
“ඒ මම කසිප්පු බැරල් එක අරගෙන ආපු පුරුද්ද. මගේ කකුලක් නොණ්ඩියිනෙ” යැයි කී භූතාත්මය බිම පෙරැළී ඔළුව පොළොවේ ගහගෙන ගහගෙන ගියේය.
“මම යන්නේ නෑ… මම යන්නේ නෑ… උඹ මගේ දේවල් නැති කළා. මුන් දැන් මට කසිප්පු දෙන්නෙත් නෑ. තෙල් බැදුම්, කරවල, මස්, මාළු දෙන්නෙත් නෑ. උඹ මාව නැති කළා. උඹ මහත්තයෙක්ද?”
ගවේෂකවරයා ගැඹුරින් කිරණ එල්ල කළේය.
“එපා… එපා…. කන්නෙ බොන්නෙ නැතිව ඉන්නං; මාව පුච්චන්න එපා” යැයි අඬන්නට පටන්ගත්තේය.
“පුච්චලා එළියට ඇදලා දානවා. උඹට යන එන මං නැති වේවි” යැයි ගවේෂකවරයා කීවේය.
“අනේ මහත්තයා මම බැන්නට සමාවෙන්න. මට එහෙම කරන්න එපා. මට ඉන්න හොඳ තැනක් හොයා දෙන්න.”
“එහෙනම් තමන් කැමැති සිද්ධස්ථානයක් මතක් කර ගන්න.”
“අනේ බෑ. කියනකොටත් මාව ගැහෙනවා. එහෙම තැන්වලට යන්න බෑ.”
වැටකෙයියා මලක් සමඟ පූජාවට්ටියක් ගෙන්වා භූතයා එයට සම්බන්ධ කොට පොදු සුසාන භූමියකට එය ගිහින් දමන්නැයි දැරියගේ පියාට බාර දුන්නේය.
මතුගම
මහින්ද විජේතිලක
********************* ( ‘භූත ආත්මය – තවත් ලිපි’ පිටුවට ….. )