කොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපලුන් දෙදෙනෙකු (2) ඇතුළු සැකකරුවන් පිරිසක් රිමාන්ඩ්

කොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපලුන් දෙදෙනෙකු (2) ඇතුළු සැකකරුවන් පිරිසක් රිමාන්ඩ්


කොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපලුන් දෙදෙනෙකු (2) ඇතුළු සැකකරුවන් පිරිසක් රිමාන්ඩ්

(28.03.2025 – 22:47 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකු පැහැරගෙන මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනූ ලැබූ වැලිකඩ පොලිසියේ කොස්තාපලුන් දෙදෙනෙකු (2) ඇතුළු සැකකරුවන් හතර දෙනකු (4) ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි හමුවට පමුණුවනු ලැබුවා.

විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බවට පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු පිළිගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කලා.

කෙසෙල්වත්ත පොලිස් වසම තුළදී පුද්ගලයෙකු පැහැර ගෙන රුපියල් ලක්ෂ 16 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් පිරිස කෙසෙල්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකරු රහස් ප්‍රකාශයකට අවසර ඉල්ලයි

(28.03.2025 – 20:39 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියට අදාළ සැකකරු අද (28) පැවති හදුනාගැනීමේ පෙරට්ටුවේදී පැමිණිලිකාර වෛද්‍යවරිය විසින් හඳුනාගනු ලැබුවා.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය ඉදිරියේ එය පැවති අතර, පසුව සැකකරු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම සිද්ධිය වාර්තා වුණේ පසුගිය 10 වැනිදායි.

අවස්ථා දෙකකදී (2) සැකකරු හඳුනාගැනීමේ පෙරෙට්ටු සඳහා ඉදිරිපත් කිරීමට අධිකරණය වෙත රැගෙනවිත් තිබුණාත් පැමිණිලිකාරිය වූ අදාළ වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් එය කල් තැබීමටයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට සිදු වුණේ.

පැමිණිලිකාර වෛද්‍යවරිය ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමගින් අද (28) අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී එම වෛද්‍යවරිය විසින් මහේස්ත්‍රාත් නිල මැදිරියේ පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සිද්ධියට අදාළ සැකකරු හඳුනාගත්තා.

පසුව සැකකරු විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් විමර්ශනවලට අදාළව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

සැකකරු වෙනුවෙන් කිසිඳු නීතිඥවරයෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර සැකකරු තමාට රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව ද අධිකරණයට දැනුම් දුන්නා.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරු මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව එම ඉල්ලීම සලකා බලන බවයි ෴


ට්‍රාන්ස්ෆොමර්වල භූමියට සම්බන්ධිත තඹ කම්බි කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට

(29.03.2025 – 07:22 +0530 – hirunews.lk/sinhala)

හාලිඇල පොලිස් වසමේ බණ්ඩාරවෙල මාර්ගයේ විනයාගර් කෝවිල ආසන්නයේ ඇති වෝල්ට් 33,000 අධි වෝල්ටිය ට්‍රාන්ස්ෆෝමරයේ සිට භූමියට සම්බන්ධ තඹ කම්බිය කපමින් සිටි සැකකරුවෙකු අද (29) අළුයම් කාලයේ දී හාලිඇල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21 ක් වන කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම සැකකරු තවත් අයෙකු සමඟ බණ්ඩාරවෙල සිට බදුල්ල දෙසට ඇති ට්‍රාන්ස්ෆෝමර 06 ක මෙලෙස කපන ලද තඹ කම්බි රෝල් 13 ක් කවර දෙකක (2) දමා තිබියදී පොලිසිය විසින් අපරාධය සඳහා යොදා ගත් යතුරුපැදියක්ද සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සමග සිටි තවත් පුද්ගලයෙකු පලාගොස් ඇති අතර, එම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා හා මොවුන් විසින් දිවයිනේ වෙනත් ප්‍රදේශවලත් මෙවැනි සොරකම් සිදු කර ඇත්ද යන්න සම්බන්ධයෙන් හාලිඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


ජර්මන් ජාතිකයෙකු නාන තටාකයක ගිලී මියයයි

(29.03.2025 – 07:25 +0530 – hirunews.lk/sinhala)

බෙන්තොට පොලිස් වසමේ වරාහේන ප්‍රදේශයේ සංචාරක ලැගුම්හලක නාන තටාකයේ දියනෑමට ගිය පුද්ගලයෙකු ඊයේ (28) දියේ ගිලී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 83 ක් වූ ජර්මන් ජාතිකයෙක්.

මෘත ශරීරය බලපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේයි තැන්පත් කර ඇත්තේ.

ඇති අතර බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴


“බටලන්ද වධකාගාරය රනිල් කරගෙන යද්දී මාතලේ වධකාගාරය පවත්වාගෙන ගියේ ගෝඨාභය” (28.03.2025)

+


“උද්ඝෝෂණ කිරීමේ නිදහස අද තරුණ පරපුරට නැහැ” – “වැඩබැරි ආණ්ඩුව දන්නේ එක එක හේතු කියලා කෙඳිරිගාන්න” (28.03.2025)

+

“නලින්ද ජයතිස්ස මහ දවල් හොඳ මූණ පෙන්නලා.. රෑට පොලිසිය යවනවා” (28.03.2025)

+

“මාධ්‍ය ආයතන වහනවා නම් ඔයාලගෙ පැලවත්තේ තියෙන මාධ්‍ය ආයතනය වහගන්න – කැත වැඩ කරන්න එපා” (28.03.2025)

+

මහ පාන්දර ඇල්ලූ අන්තරේට අධිකරණයෙන් දුන් නියෝගය රතු ආණ්ඩුවකින් මේ විදිහට කරයි කියලා කවදාවත් හිතුවේ නෑ (28.03.2025)

+

සිසුන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට මහා ශිෂ්‍ය සංගමය පාරට : ‘අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ'(28.03.2025)

+

සෞඛ්‍ය ශිෂ්‍යයින්ට පහර දුන් නිසා රවී කුමුදේශ් ආණ්ඩුව සැරටම දෙසයි (28.03.2025)

+

අන්තරේ කැඳවුම්කරු සහ තවත් අයෙක් බන්ධනාගාරයට රැගෙන යන දර්ශන (28.03.2025)

+


‘අස්වැසුම පොරොත්තු ලේඛනයේ’ සිටින පවුල් ලක්ෂ 08 ක් සඳහා අලුත් අවුරුද්දට සතොසින් 50% ක වට්ටම් මිලකට ආහාර පැකේජයක්

(28.03.2025 – 16:26 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමේ සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ‘අස්වැසුම පොරොත්තු ලේඛනයේ’ සිටින පවුල් ලක්ෂ 08 ක් වෙනුවෙන් ‘සතොස අලෙවිසැල්’ මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, රුපියල් 5,000 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජයක් 50% ක වට්ටමකට එනම් රුපියල් 2,500 ක මිලකට ලබා ගැනීමට මෙහිදී අවස්ථාව හිමි වෙනවා.

‘ලංකා සතොස’ මඟින් ආවරණය නොවන ප්‍රදේශයන්හි සුදුසු කම්ලාභීන් සඳහා ‘තෝරාගත් සමුපකාර අලෙවිසැල්’ මගින් පැකේජය නිකුත් කරනු ඇති බවයි වාර්තා වන්නේ.

‘අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂිතයන්’ ලෙස දැනට ලියාපදිංචිය හිමි, පොරොත්තු ලේඛනයේ සිටින පවුල් අට ලක්ෂ දොළොස්දහස් හත්සිය පනස් තුනක් (812,753) සඳහා මෙම විශේෂ වට්ටම හිමි වෙනවා.

අප්‍රේල් 01 වන දින සිට ආරම්භ වන මෙම වැඩසටහන අප්‍රේල් 13 වන දින දක්වා පමණක් ක්‍රියාත්මක අතර මෙම ප්‍රතිලාභය නිසි ලෙසම සුදුස්සන් වෙතම හිමි වන්නේද යන්න සොයා බැලීමට විධිමත් යාන්ත්‍රණයක් ද ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

‘මුදල් අමාත්‍යාංශය’, ‘ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව’ සහ ‘සමුපකාර අලෙවිසැල් ජාලය’ හා එක්ව ‘සතුටින් සතොසින්’ තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා ෴


නුගේගොඩ සහ කොහුවල අතර ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් ගිනිගනී

(28.03.2025 – 16:39 +0530 – hirunews.lk/sinhala)

නුගේගොඩ සහ කොහුවල අතර ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රීරෝද රථයකට හදිසියේම ගිනි ඇවිලී තිබෙනවා.

මෙම ත්‍රිරෝද රථය ගිනි ගැනීමට ලක්ව ඇත්තේ අද (28) පස්වරු 02:30 ට පමණ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අවට සිටි පිරිස ගින්න නිවීමට දැඩි උත්සාහයක් දරා ඇතත් ගින්න වළක්වා ගැනීමට නොහැකිවී ඇති බවද අප වාර්තාකරු පවසා සිටියා.

+


කෑගල්ල දිස්ත්‍රික්කයේ දන්ත වෛද්‍යවරු හදිසි වැඩ වර්ජනයක් අරඹයි

(28.03.2025 – 17:30 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල රෝහලේදී විශේෂඥ වෛද්‍යවරයෙකුට පහරදීමට එරෙහිව විරෝධය පළකරමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ සේවය කරන දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මංජුල හේරත් කියා සිටියේ හෙට (29) දහවල් 12 දක්වා මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මකවන බවයි.

මුඛ, හනුක හා මුහුණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට පුද්ගලයෙකු විසින් කෑගල්ල රෝහල් පරිශ්‍රය තුළදීම අද (28) පස්වරුවේ පහරදීමක් සිදුකර තිබුණා.

ඊට විරෝධය පළකරමිනුයි රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය මෙම වර්ජයන ආරම්භ කර ඇත්තේ.

+


බදුල්ල කොළඹ කෝච්චියේ යන්න සුද්දන්ට ලොකු ගණන්වලට ටිකට් වික්ක ගේම් එක මහනුවරදී මාට්ටු (28.03.2025)

+


ශවේන්ද්‍ර ඇතුළු පිරිසකට පැනවූ සම්බාදක ගැන බලංගොඩ කස්සප හිමිගෙන් අමුතු හෙළිදරව්වක් – පූජ්‍ය බලංගොඩ කස්සප හිමි (28.03.2025)

+


හරිනි ආවේ ජාත්‍යන්තර බලපෑමකින් – කාසල් රෝහලේ ශුක්‍රාණු බැංකුව හැදුවේ සමලිංගිකයින්ට දරුවන් හදන්න (28.03.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *