මෙනින්ජිටිස් ව්‍යාප්තිය පාලනයට වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක්!

මෙනින්ජිටිස් ව්‍යාප්තිය පාලනයට වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක්!


මෙනින්ජිටිස් ව්‍යාප්තිය පාලනයට වසංගත රෝග විද්‍යායතනයෙන් විශේෂ උපදෙස් මාලාවක්!

(25.05.2026 – hirunews.lk)

දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් සහ ප්‍රජා මූලික පරිශ්‍ර ආශ්‍රිතව මෙනින්ජිටිස් (Enteroviral Meningitis) රෝගී තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව, මෙම රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය පාලනය, වැළැක්වීම සහ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා වසංගත රෝග විද්‍යා ඒකකය විසින් සියලුම සෞඛ්‍ය අංශ සහ ආයතන වෙත විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

මෙම වෛරස් රෝගය ප්‍රධාන වශයෙන්ම පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බව නිරීක්ෂණය වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙනවා.

එහිදී, උණ, හිසරදය සහ වමනය මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර, සාමාන්‍යයෙන් මෙනින්ජිටිස් රෝගී තත්ත්වයන් දින 7 ක් ඇතුළත සුව අතට පත්වන බවද එම අංශය අවධාරණය කරනවා.

පිරිසිදු නොවන ජලය, ආහාර සහ දෑත් නිසි ලෙස පිරිසිදු නොකිරීම මගින් (මල-මුඛ මාර්ගයෙන්) මෙම රෝගය බෝ විය හැකි බවත්, ඊට අමතරව, රෝගියෙකු කැස්ස හෝ කිවිසීමේදී පිටවන බිඳිති (Droplets) මගින් සහ සමීප ඇසුරෙන් ශ්වසන පද්ධතිය හරහාද වෛරසය ශරීරගත විය හැකි බවත් එහි සඳහන්.

වෛරසයට නිරාවරණය වී දින 3 සිට 7 දක්වා කාලය තුළ රෝග ලක්ෂණ මතුවන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

රෝගයෙන් ආරක්ෂ වීම සඳහා පහත සඳහන් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙස වසංගත රෝග විද්‍යා අංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි :

  • සබන් සහ ජලය යොදා දෑත් හොඳින් සේදීම.
  • කැස්ස හෝ කිවිසීමේදී වැලමිට ඇතුළු පැත්තෙන්, ලේන්සුවකින් හෝ ටිෂු එකකින් මුඛය සහ නාසය වැසීම.
  • රෝග ලක්ෂණ ඇති අය සමඟ සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකීම.
  • නිවෙස් සහ ගොඩනැගිලි තුළ හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම.

මාලිමාවෙන් තඹුත්තේගම යුධ හමුදා කඳවුර ඉවත් කරයි – රෑ කඳවුරේ ගේට්ටුව කඩලා දේපල මංකොල්ල කාලා (25.05.2026)

+


මහ බැංකුවේ තීරණයෙන් වාහන අලෙවිය සහ ආනයනය පහළ යන ලකුණු

(25.05.2026 – hirunews.lk)

මෝටර් රථ මිලදී ගැනීමේදී ලබා දෙන ණය පහසුකම්වල සිදුකර ඇති සංශෝධනයන් හමුවේ වාහන ආනයනයේ සහ අලෙවියේ පහතයෑමක් සිදුවිය හැකි බව වාහන ආනයනකරුවන් පවසනවා.

එසේම, පවතින තත්ත්වය හමුවේ වාහන මිල ඉහළ යාමේ අවදානමක් ද පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය සුරැකීම සහ අවදානම් කළමනාකරණය කිරීමේ අරමුණින් මෙලෙස මෝටර් රථ සඳහා ලබාදෙන ණය සීමාවන් අද (25) සිට දැඩි කිරීමටයි මහ බැංකුව පියවර ගැනුණේ.

ඒ අනුව, මෙරට ලියාපදිංචිය සිදුකිරීමෙන් පසු වසරකට වඩා වැඩි කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදුන් ණය පහසුකම, නව සංශෝධනය අනුව සියයට 60 ක් දක්වා අඩු කර තිබෙනවා.

එමෙන්ම අති නවීන වාහන සහ මෙරට ලියාපදිංචිය සිදුවීමෙන් පසු මෙරට තුළ වසරකට වඩා අඩු කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ලීසීං පහසුකම ද අද (25) සිට සීමා කරන බවයි මහ බැංකුව නිවේදනය කළේ.

ඒ අනුව ලොරි රථ ඇතුළු වාණිජ වාහන සදහා මීට පෙර ලබාදී තිබූ සියයට 70 ක ණය පහසුකම නව සංශෝධනය අනුව සියයට 60ක් දක්වා අඩු කෙරුණා.

එමෙන්ම මෝටර් රථ, එස්.යූ වී රථ, වෑන්, ත‍‍්‍රීරෝද රථ සහ අනෙකුත් වාහන සදහා මීට පෙර සියයට 50 ක්ව පැවති ණය පහසුකම සියයට 40 දක්වා අඩුකර ඇති බවයි මහ බැංකුව ප‍‍්‍රකාශ කළේ.

මේ අතර පසුගිය වසරේ නොවැම්බර් මස 08 වනදා සිට ඊයේ (24) දිනය දක්වා ණයවර ලිපි විවෘත කර, ලියාපදිංචි නොකළ වාහන සඳහා වූ ණය පහසුකම ද සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව වාණිජ වාහන සඳහා සියයට 70 ක් සහ මෝටර් රථ, එස්.යූ වී රථ,වෑන්, ත්‍රී රෝද රථ මෙන්ම අනෙකුත් වාහන සඳහා සියයට 50 ක් ලෙස ලබාදුන් ණය පහසුකම් සංශෝධනය කර තිබෙනවා.

මේ අතර පසුගිය වසරේ ජූලි මස 18 වනදා සිට නොවැම්බර් මස 08 වනදාට පෙර ණයවර ලිපි විවෘත කර, ලියාපදිංචි නොකළ වාහන සඳහා වූ ණය පහසුකම ද සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව වාණිජ වාහන සඳහා සියයට 80 ක්, මෝටර් රථ, එස්.යූ වී රථ සහ වෑන් සඳහා සියයට 60 ක්, ත්‍රිරෝද රථ සඳහා සියයට 50 ක් සහ අනෙකුත් වාහන සඳහා සියයට 70 ක් ලෙස ලබාදුන් ණය පහසුකම් සංශෝධනය කර තිබෙනවා.

එමෙන්ම පසුගිය වසරේ ජූලි මස 18 වනදාට පෙර ණයවර ලිපි විවෘත කර, ලියාපදිංචි නොකළ වාහන සඳහා වූ ණය පහසුකම ද සංශෝධනය ලක් කර ඇති අතර, ඒ අනුව වාණිජ වාහන සඳහා වූ ණය පහසුකම සියයට 90 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

මෝටර් රථ, එස්.යූ වී. රථ සහ වෑන් සඳහා සියයට 50 ක්, ත්‍රිරෝද රථ සඳහා ණය පහසුකම සංශෝධනය කර ඇත්තේ සියයට 25 ක් ලෙසයි.

එමෙන්ම සැහැල්ලු ට්‍රක් රථ සඳහා සියයට 90 ක් සහ අනෙකුත් වාහන සඳහා සියයට 70 ක් ලෙස ලබාදුන් ණය පහසුකම් සංශෝධනය කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම කාණ්ඩවලට අයත් විද්‍යුත් වාහන සඳහා වූ ණය පහසුකම සංශෝධනය වී ඇත්තේ සියයට 90 ක් ලෙසයි.

එමෙන්ම, දෙමුහුන් හෙවත් හයිබ්‍රිඩ් වර්ගයට අයත් එස්.යූ වී. රථ, වෑන් සහ මෝටර් රථ සඳහා ලබාදුන් ණය පහසුකම සියයට 50 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා ෴


රටක් පාලනය කරන්න තීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕනේ – කරන්නම් වාලේ රටක් කරන්න බෑ (25.05.2026)

+


05 ශිෂ්‍යත්ව විභාගයට මම තෝර ගත්තේ කෙටි කතාව – මම ලියපු එක දැකලා ටීචර් මාව හොයාගෙන ඉස්කෝලේට ආවා – පාඨලී චම්පික (25.05.2026)

+


ටිල්වින්ට කොහෙ තියෙන අයිතියක්ද, මැතිවරණ කල් දාන්න එයා කවුද..? | මාධ්‍ය හමුවේදී රංජිත්ට තදවෙයි (25.05.2026)

+


දැරිය වෙනුවෙන් සිංහල කොටින්ගේ කිඹුල් කඳුළු… සාධාරණය ඉෂ්ට විය යුත්තේ අධිකරණයෙනි (25.05.2026)

+

ආණ්ඩුව කියන්නෙ බොරු, මේ ප්‍රශ්නවලට යුද්ධය හේතුවක් නෙවෙයි (25.05.2026)

+


මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 මුදලිමන් ඩොලර් 200 සොයාගත්ත ඇත්ත කතාව! කුඩු රජෙක් ගේන්න මෙහෙයුමක්! (25.05.2026)

+


ටිල්වින්ගෙ තීරණය ද? අනුරගෙ තීරණය ද? (25.05.2026)

+

පන්සලේ සෙරප්පු කුට්ටම් දැකල බුදු හාමුරුවො එක්ක තරහ වීම (25.05.2026)

+


400 ට දුවන ඩොලරය හමුවේ ඔබේ පසුම්බිය රැක ගන්න විදිහ (25.05.2026)

+

පොදුජන පෙරමුණ කියන්නෙ මගේ පක්ෂයක් නෙවෙයි. නීතීඥ සාගර කාරියවසම් කිසිදා නොකී කතා (25.05.2026)

+


දවල් මිගෙල් රෑ දනියෙල් විපක්ෂේ සූත්තර පුංචන්ගේ රෙදි ගලවනු ලැබේ! (25.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *