විමල් වීරවංශ අත්අඩංගුවට – කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
විමල් වීරවංශ අත්අඩංගුවට – කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
(25.05.2026 – hirunews.lk)
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 344 වන වගන්ති ප්‍රකාරව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.
ඒ රණවිරු සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතුවලට බාධා කළේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදීයි.
පොලිසිය විසින් සිදු කරන ලද කැඳවීමකට අනුව ඔහු මෙලෙස ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිසියට අද (25) පෙරවරුවේ පැමිණ තිබුණා.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා අද (25) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
+++
+++
+++
+++
+++
විමල් වීරවංශට ඇප
(25.05.2026 – hirunews.lk)
රණවිරු සැමරුම් පෙරහුරු උත්සවයට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය අද (25) පෙවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස නියම කර තිබෙනවා.
සිද්ධියට අදාල වැඩිදුර පරීක්ෂණය ලබන අගෝස්තු මස 25 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
රණවිරු සැමරුම් පෙරහුරු උත්සවයක් පැවැති ඉකුත් 18 වැනිදා හිටපු අමාත්‍යවරයා තවත් පිරිසක් ද සමග එම ස්ථානයට ගොස් අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි තලංගම පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා ෴
+++
පොලිසිය කිව්වා මාව රිමාන්ඩ් කරන්න කියලා – ඒත් උසාවිය මට ඇප දුන්නා – එළියට ආපු විමල් කියයි (25.05.2026)
+
මේ රට පාලනය කරන්නේ පැලවත්තේ ටිල්වින්; එයාට කොහෙන්ද මෙච්චර හයියක් (25.05.2026)
+++
+++
+
සෙකන්ඩ් හෑන්ඩ් වැගන් ආර් එකකට දැන් – ඩවුන් පේමන්ට් එක රු. ලක්ෂ 28 ක් ඕන වෙනවා (25.05.2026)
+++
වාහන සඳහා ලබා දෙන ණය සීමා කිරීම මහ බැංකුවට සිදුවූ වැරදීමක් ද ? (25.05.2026)
+++
වාහන හීනය බලාගෙන ඉද්දී කඩන් වැටෙයි – මෙන්න ගෙවන්න ඕන අලුත්ම ගණන් (25.05.2026)
+++
වාහන ණයට දාපු අලුත්ම බාල්දිය ගැන ඉන්දික සම්පත් සුපිරියටම කියලා දෙයි, වාහන හීනේ බොද වෙලාම යයිද? (25.05.2026)
+
කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන භයානක තොරතුරක් එලියට…
(25.05.2026 – lankacnews.com)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය හුදු සියදිවි නසා ගැනීමක් නොවන බවත්, ඒ පිටුපස ඉතා භයානක තොරතුරක් අනාවරණය වී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලේකම්වරයා කියා සිටියේ චන්ද්‍රසේන මහතා එල්ලී මියයාමට යම් බලපෑමක් එල්ල වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
මෙම මරණය සිදුවීමට පෙර කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීමේ ක්‍රියාවලිය තුළ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බවට ඔහු චෝදනා කළේය.
සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ, මුල් අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කර ඇති බවත්, ඔවුන් අධිකරණයෙන් වරෙන්තු ලැබූ, ඇපකරුවන් වීමට නුසුදුසු පුද්ගලයන් දෙදෙනෙකු බවත්ය.
අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් එම නුසුදුසු ඇපකරුවන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, චන්ද්‍රසේන මහතා නිවැරදි ඇපකරුවන් ඉදිරිපත් කර නීත්‍යානුකූලව ඇප ලබාගෙන තිබේ.
කෙසේ වෙතත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණය හමුවේ කරුණු දක්වමින්, චන්ද්‍රසේන මහතාට ලබා දුන් ඇප නීති විරෝධී බවට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ නීති විරෝධී ක්‍රියාවක් බව සාගර කාරියවසම් මහතා අවධාරණය කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිය අවභාවිත කරමින් මෙවැනි නීති විරෝධී ඉල්ලීමක් සිදුකර ඇත්නම්, ඒ පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වා ඔහු තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ලේකම්වරයා කොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.
එවැනි නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම පිළිබඳවද ඔහු සිය කණස්සල්ල පළ කළේය.
මෙම සිදුවීමට පසුබිම් වී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලස් ගනුදෙනුවකි.
මෙම දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදා හැර සිටි චන්ද්‍රසේන මහතා, ඇපකරුවන්ගේ ගැටලුවක් මත නැවත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදී මියගොස් සිටියදී හමුවිය.
+++
2026.05.25 | SLPP PRESS | පක්ෂ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්
+
ආයේ රජයේ කිසිම දෙයක් මුද්‍රණය කරන්නේ නෑ – සේවකයෝ ආණ්ඩුවට එරෙහිව දැවැන්ත අරගලයක් අරඹයි (25.05.2026)
+
ගොඩකවෙල OIC ලී අඩි 520 ක් අරගෙන ගිහිං ලී අඩි 70 ක් විතරක් උසාවියට දාලා (25.05.2026)
+
රට රැකියා ලබා දෙනවා කියා රු. කෝටි 20 කට අධික මුදල් වංචා කරලා | සෙට් එකක් CID එයි (25.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴