අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණයවීම : සැකකරුගේ පාපොච්චාරණයෙන් කරුණු රැසක් හෙළිවෙයි

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණයවීම : සැකකරුගේ පාපොච්චාරණයෙන් කරුණු රැසක් හෙළිවෙයි


අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණයවීම : සැකකරුගේ පාපොච්චාරණයෙන් කරුණු රැසක් හෙළිවෙයි

(13.03.2025 – 08:08 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකරු අනුරාධපුර පොලිසිය වෙත ඊයේ (12) රාත්‍රියේ භාරදී තිබෙනවා.

සැකකරු ඊයේ (12) පෙරවරුවේ ගල්නෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්නෑව හෙළබදුගම ප්‍රදේශයේදීයි.

ගල්නෑව පොලිසිය හමුවේ මොහු සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි කර ගැනීමට මේ වන විට හැකියාව තිබෙනවා.

ඔහු එහිදී සදහන් කර ඇත්තේ තමන් බන්ධනාගාරයේ සිට ඇප ලබා පැමිණෙමින් සිටින අතර, මුදල් නොමැතිවීම හේතුවෙන් භාණ්ඩ සොරකම් කිරීමේ අරමුණින් අදාළ වෛද්‍යවරිය සිටි නේවාසිකාගාරය වෙත ගිය බවයි.

එහිදී වෛද්‍යවරිය පමණක් නේවාසිකාගාරයේ සිටිනු තමන් දුටු බවයි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ.

එමෙන්ම, සැකකරු ‘අයිස් මත්ද්‍රව්‍ය’ භාවිතා කරන්නෙකු බවටද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණා.

එමෙන්ම, සැකකරු ප්‍රදේශයේ නිවාස රැසක් බිද භාණ්ඩ සොරාගෙන ඇති බවට මේ වන විට සිදුකරන විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර, මොහු මෙරට නම ගිය අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ද නම සටහන් වූ පුද්ගලයෙකු බවට ද තහවුරු වී තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර ඔහු අද (13) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට ඊයේ (12) නියෝග කළා.

මෙම සිද්ධියට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ රෝහල්වල ඊයේ (12) උදෑසන 08 ට ආරම්භ කෙරුණු සංකේත වර්ජනය අද (13) උදෑසන 08 ට අවසන් කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ.

මෙම වර්ජනය හේතුවෙන් රෝගීන් රැසක් අපහසුතාවකට පත් වුණා ෴

+++

අනුරාධපුර සිදුවීමේ ප්‍රධාන සැකකරුගේ සහෝදරිය සහ තවත් සැකකරුවෙකු රිමාන්ඩ්

(13.03.2025 – 16:04 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහල් සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ සහෝදරිය සහ තවත් සැකකරුවෙකු මාර්තු 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මේ අතර අනුරාධපුර ශික්ෂණ රෝහල් සිද්ධියේ ප්‍රධාන සැකකරු පැය 48 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබෙනවා.

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකගේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 34 හැවිරිදි සැකකරු අනුරාධපුර පොලිසිය වෙත ඊයේ (12) රාත්‍රියේ භාරදෙනු ලැබුවා.

සැකකරු ඊයේ (12) පෙරවරුවේ ගල්නෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ ගල්නෑව හෙළ බදු ගම ප්‍රදේශයේදීයි.

ගල්ල්නෑව පොලිසිය හමුවේ මොහු සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළි කර ගැනීමට මේ වන විට හැකියාව තිබෙනවා.

ඔහු එහිදී සදහන් කර ඇත්තේ තමන් බන්ධනාගාරයේ සිට ඇප ලබා පැමිණෙමින් සිටින අතර, මුදල් නොමැති වීම හේතුවෙන් භාණ්ඩ සොරකම් කිරීමේ අරමුණින් අදාළ වෛද්‍යවරිය සිටි නේවාසිකාගාරය වෙන ගිය බවයි.

එහිදී වෛද්‍යවරිය පමණක් නේවාසිකාගාරයේ සිටිනු තමන් දුටු බවයි ඔහු පාපොච්චාරණය කර ඇත්තේ එමෙන්ම, සැකකරු ‘අයිස් මත්ද්‍රව්‍ය’ භාවිතා කරන්නෙකු බවටද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වුණා.

සැකකරු ප්‍රදේශයේ නිවාස රැසක් බිද භාණ්ඩ සොරාගෙන ඇති බවට මේ වන විට සිදුකරන විමර්ශන වලින් අනාවරණය වී ඇති අතර, මොහු මෙරට නම ගිය අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ද නම සටහන් වූ පුද්ගලයෙකු බවට ද තහවුරු වී තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර ඔහු අද (13) අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට ඊයේ (12) නියෝග කළා.

මෙම සිද්ධියට විරෝධය පළ කරමින් දිවයින පුරා රජයේ රෝහල්වල ඊයේ (12) උදෑසන 08 ට ආරම්භ කෙරුණු සංකේත වර්ජනය අද (13) උදෑසන 08 ට අවසන් කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ ෴

+++

අනුරාධපුරේ වෛද්‍යවරිය සිය අමිහිරි අත්දැකීම උසාවියට කියයි

(13.03.2025 – 20:47 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණු විශේෂඥ වෛද්‍යවරිය දූෂණය කළ 34 හැවිරිදි සැකකරු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය පොලිසියට අවසර ලබාදුන්නා.

ඒ සැකකරු අද (13) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මේ අතර මෙම සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරිය සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කළා.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ 32 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක් රෝහල් භූමියේ පිහිටි නිල නේවාසිකාගාරයට ඇතුළු වූ නාදුනන පුද්ගලයෙක් තියුණු ආයුධයක් පෙන්වා බියවද්දවා ඇයව දූෂණය කර තිබුණේ ඉකුත් සඳුදා පස්වරු 06:30 ත් 07:00 ත් අතර කාලය තුළයි.

ඉන් අනතුරුව සැකකරු වෛද්‍යවරියගේ ජංගම දුරකථනයද පැහැරගෙන ගොස් තිබූ අතර එහි දුරකථන සංඥා අනුව සැකකරු සොයා පොලිස් විමර්ශන දියත් කෙරුණේ ඒ අනුවයි.

සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරිය පොලිසිය වෙත සිය අත්දැකීම අනාවරණය කර තිබුණා.

+

මේ අතර පොලිස් කණ්ඩායම් 5 ක් සැකකරු සොයා ක්‍රියාත්මක වෙමින් තිබූ අතර එහිදී ‘නිලන්ත මධුරංග රත්නායක’ නමැති 34 හැවිරිදි සැකකරු ගල්නෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු ගල්නෑව පොලිසිය වෙත රැගෙන ආ අතර අනතුරුව ඔහු රැගෙන ආවේ අනුරාධපුර පොලිසිය වෙතයි.

මේ අතර මෙම සිද්ධියෙන් අනතුරුව සැකකරුට රැකවරණය ලබාදීම, තොරතුරු සැඟවීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරිය සහ තවත් පුද්ගලයෙකු පොලිසිය ගල්නෑව නිදිකුම්බායාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (13) පස්වරුවේ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවට ඉදිරිපත් කෙරුණා.

පොලිසිය සැකකරු සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා.

එහිදී සැකකරුගෙන් මහේස්ත්‍රාත්වරයා අසා ඇත්තේ දෙකට නැවී යම් අපහසුතාවයකින් සිටින්නේ ඇයිද යන්නයි.

කෙලින් සිටගන්නා ලෙසද සැකකරුට මහේස්ත්‍රාත්වරයා පවසා තිබෙනවා.

එම අවස්ථාවේදී සැකකරු පවසා ඇත්තේ තමාට පොලිසියෙන් තදබල ලෙස පහර දුන් නිසා තමා අපහසුවෙන් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර අධිකරණ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

අනතුරුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දුන්නා.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති අනෙක් සැකකරුවන් දෙදෙනා (2) පිළිබඳවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ අතර එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔවුන් දෙදෙනා ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මේ අතර මෙම සිද්ධිය මුල්කර ගනිමින් දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරු ආරම්භ කර තිබූ වැඩවර්ජනය අද (13) පෙරවරු 08:00 ට අවසන් කෙරුණා ෴

+++

දූෂණ සිද්ධියේ තොරතුරු රැසක් බී-වාර්තාවකින් අධිකරණයට

(13.03.2025 – nethnews.lk)

පසුගිය 10 වනදා දූෂණයට ලක්වූ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරියගේ පැමිණිල්ල සම්බන්ධයෙන් බී-වාර්තාවක් මගින් පොලීසිය අද (13) අධිකරණයට කරුණු වාර්තා කළා.

පසුගිය 10 වන දින සවස 3 යි 30 දක්වා තමා රාජකාරි කල බවත් රාජකාරි නිමවා නේවාසිකාගාරයට පැමිණ පසුව ත්‍රිරෝද රථයක නැගී රුවන්වැලිසෑයට ගොස් රුවන්වැලිසෑය වැඳ පුදා ගෙන නැවත ත්‍රිරෝද රථයකින් සවස 6 යි 30 ට පමණ නේවාසිකාගාරයට පැමිණි අවස්ථාවේදී තමන් මෙම සිද්ධියට මුහුණ දුන් බවයි එම වෛද්‍යවරිය පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

තමන් කාමරයට ඇතුළුවීමට දොර අරින අවස්ථාවේ තමා පිටුපසින් කිසිවෙකු සිටින බව දැනී පිටුපස හැරී බලනවාත් සමඟම තම කාමරයට ඉදිරිපස කාමරයේ දොරට හේත්තු වී සිටි පුද්ගලයෙකු බෙල්ලට පිහියක් තබා අනෙක් අතින් කට වසා ‘කෑ ගහන්න එපා. දොර අරන්න’ කියා පැවසීමෙන් පසුව බිය වූ තමා කාමරයේ දොර විවෘත කළ බව ඇය පවසා තිබෙනවා.

පසුව එම පුද්ගලයා තමන්ව කාමරයට තල්ලු කර ගෙන ගොස් ටී ෂර්ට් එකකින් කට වසා තමා බරපතල ලෙස දූෂණය කළ බවත් එම වෛද්‍යවරිය සිය පැමිණිල්ල මගින් පවසා ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජව ජයසූරිය මහතාට දැනුම් දුන්නා.

තමා දූෂණය කළ පුද්ගලයා අඩි 5 යි අගල් 8 ක් පමණ උස පුද්ගලයෙකු බවත් ඔහු කමිසයක් ඇඳ නොසිටි තලෙළු කෙට්ටු පුද්ගලයෙකු බවත් කොණ්ඩය කොටට කපා සිටි අයෙකු බවත් අපිළිවෙලට සහ අපිරිසිදුව සිටි බවත් වයස අවුරුදු 30 ක් 35 ක් අතර අයෙකු බවත් වෛද්‍යවරිය ප්‍රකාශ කොට ඇති බවයි පොලිසිය බී-වාර්තාව මගින් අධිකරණයට දැනුම් දුන්නේ.

එම පුද්ගලයාගේ උකුලේ වම් පසට වන්නට පච්චයක සළකුණක් දුටු බවත් තමා බලහත්කාරයෙන් දූෂණය කිරීමට පෙර ඔහු කාමරයේ දොර වසා විදුලි පහන් දල්වා අවට පරික්ෂා කර බලා පසුව නාන කාමරයේ පමණක් විදුලි පහන් දල්වා එහි දොර අඩවල් කර කාමරයේ විදුලි පහන් නිවා දැමූ බවයි එම වෛද්‍යවරිය පවසා ඇත්තේ.

“මම ආමි එකෙන් පැනලා ඉන්නේ – පෙලිසියෙන් හොයනවා – මම ටිකක් වෙලා ඉදලා යනවා – ඔයාට මොකුත් කරන්නේ නැහැ – සද්ද දාන්න එපා – සද්ද දැම්මොත් බෙල්ල කපනවා – මට ඒක ලොකු ප්‍රශ්නයක් නොවෙයි” යනුවෙන් එම පුද්ගලයා ප්‍රකාශ කල බවද වෛද්‍යවරිය ස්වකීය ප්‍රකාශයේදී පැවසූ බව පොලිසියට අධිකරණයට දැනුම් දුන්නා.

පසුව තමා අසලින් වාඩි වුන එම පුද්ගලයා තමාගේ අත් දෙක ඉදිරියට කර රෙද්දකින් බැඳ, ඇදේ තිබූ කහ පාට රෙද්දකින් තමාගේ කට බැන්ද බවත් පසුව තමාගේ දුරකථනය කෝ යනුවෙන් විමසු බවත් එම අවස්ථාවේ තමා අත් දෙකෙන් හෑන්ඩ් බෑගය පෙන්වූ බවත්, තමා ලවාම ජංගම දුරකථනයේ මුරපදය ඉවත් කරවාගෙන දුරකථනයෙන් හිංදි සිංදුවක් වාදනය වීමට සැලැස්වු බවත් වෛද්‍යවරිය පවසා තිබෙනවා.

පසුව එම පුද්ගලයා බලහත්කාරයෙන් තමා දූෂණය කිරීමට උත්සහ ගත් අවස්ථවේ ඔහු අත තිබූ පිහියෙන් තමා එම පුද්ගලයාට ඇනීමට උත්සහ කල බවත් එම අවස්ථාවේ එම පිහියට තමාගේ අතක් කැපුනු බවත්, එම අවස්ථාවේ දැඩි කෝපයට පත් වුන එම පුද්ගලයා ඇඳ ඇතිරිල්ලක් ඉරා එයින් තමාගේ අත් දෙක පිටු පසට කර බැඳ තවත් රෙද්දකින් තමාගේ කට බැඳ දැමූ බවත් එම අවස්ථාවේ එම පුද්ගලයා තමා මාව මරා දමාවි යැයි බියක් දැනුනු බැවින් ඔහු කී සියලු දේවල් වලට එකඟ වීමටත් කිරීමටත් තමාට සිදුවූ බවත් ඇය පවසා තිබෙනවා.

පසුව එම පුද්ගලයා ඔහු අත තිබූ පිහියෙන් තම ශරීරයේ ඇඳුම් කපා ඉවත් කල බවද එම වෛද්‍යවරිය ප්‍රකාශ කළ බව පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියා.

තමා දූෂණය කල එම පුද්ගලයා පසුව තමාගේ හෑන්ඩ් බෑගයේ සිප් අරින ශබ්දය සහ කාමරයේ තිබූ භාණ්ඩ අදින ශබ්දය ඇසනු බවත් පසුව තමා ඇඳෙන් බස්සවා කකුල් දෙක බැද දමා එක් අතක් ඇඳට තබා බැඳ එහි ගැටය මතින් අනෙක් අත බැඳ ‘මම පෝන් එක ගෙනි යනවා – ආයෙත් හම්බ වෙයි කියලා හිතන්න එපා – මම සේරම පොටෝ ගත්තා – එලියට ගිහින් කිව්වොත් ඔයාටමයි ප්‍රශ්නයක් වෙන්නේ – කාටවත් කියන්න එපා – මම කරපු දේට මට සමාවෙන්න – බෙහෙත් බොන්න’ යනුවෙන් ප්‍රකාශ කල බවත් වෛද්‍යවරිය ප්‍රකාශ කර ඇති බවද පොලීසිය සඳහන් කළා.

මෙම සිද්ධියෙන් පසුව එම පුද්ගලයා පිටව ගොස් විනාඩි 5 කට පසුව බැඳ තිබූ බැමි තමා විසින්ම අත් දෙකින් සහ කකුල් දෙකින් ලෙහා ගෙන පරික්ෂා කර බැලීමේදී දොර වසා තිබුනු බවත් ජනේලයක් විවෘත කර තිබු බවත් ඇති වූ අප්‍රසන්නභාවය නිසා ස්නානය කර අනුරාධපුර ශික්ෂණ රෝහලට ගොස් තමා සේවය කරන වාට්ටුවේ සිටි වෛද්‍යවරයාට මෙම සිද්ධිය දැනුම් දී පසුව එම වෛද්‍යවරයාගේ දුරකථනයෙන් සිය පියාට සහ තම ලඟම මිතුරාට දැනුම් දුන් බවත් තමා මින් පෙර කිසිදු දිනයක පිරිමියෙකු සමඟ ලිංගික සම්බන්ධතා සහ ප්‍රේම සම්බන්ධතා පවත්වා නැති බවත් වෛද්‍යවරිය තවදුරටත් පවසා තිබෙනවා.

තමාට මෙම අපරධය සිදු කල පුද්ගලයා නැවත දුටුව හොත් හඳුනා ගැනීමට හැකි බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.

මෙම අපරාධය සම්බන්ධයනේ තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියා.

මෙම කරුණු සැළකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා පොලිසියට නියෝග කලේ මෙම අපරාධය සම්බන්ධය සිදු කරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

අනුරාධපුර කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ සෘජු අධීක්ෂණය යටතතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා ෴

+

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *