ගෙවන ගාස්තු අඩු කිරීමෙන් පුනර්ජනනීය සූර්ය බලශක්තිය අධෛර්යමත් කරවීමේ කුමන්ත්‍රණයක්?
ගෙවන ගාස්තු අඩු කිරීමෙන් පුනර්ජනනීය සූර්ය බලශක්තිය අධෛර්යමත් කරවීමේ කුමන්ත්‍රණයක්?
(27.03.2025 – 14:37 +0530 – hirunews.lk/sinhala)
පියැසි මත සවිකළ සූර්ය බලශක්ති පද්ධතිවලින් ලබා ගන්නා විදුලිය සඳහා ගෙවන ගාස්තු අඩු කිරීමේ යෝජනාව හේතුවෙන් ‘ලංකා විදුලි බල මණ්ඩලය’ තවදුරටත් පාඩු ලබන තත්ත්වයට පත්වන බව පාර්ශ්ව රැසක් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ, අදාළ මිල අඩුකිරීමේ සූත්‍රයේ ගැටලු රැසක් පවතින අතර, එමඟින් ලක්ෂ 3 ක පමණ පිරිසකට බලපෑම් එල්ල වන බවයි.
මේ ඊයේ (26) මෙරට දෛනික විදුලි අවශ්‍යතාව සහ සැපයුම පිළිබඳව දැක්වෙන සටහනක්.
ඒ අනුව විදුලි ඉල්ලුමෙන් 50% ක් පමණ තාප විදුලියෙන්ද, 30.05% ක් ජල විදුලියෙන්ද සපුරාගෙන තිබූ අතර 18.86% ක් සපුරා ඇත්තේ සූර්ය බලශක්තියෙන්.
එවන් පසුබිමක විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ විදුලිය සැපයීම සඳහා වන ගාස්තු අයක්‍රමය සංශෝධනය කිරීමට බලශක්ති අමාත්‍යාංශය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා.
ඒ අනුව පියැසි මත සවිකළ සූර්ය බලශක්ති පද්ධති මගින් ලබා ගන්නා මුල් කිලෝවොට් පැය 20 සඳහා මෙතෙක් ගෙවූ රුපියල් 27.06 ක මිල රුපියල් 19.61 දක්වා අඩු කිරීමට යෝජිතයි.
එමෙන්ම, මෙගාවොට් 1 ක් සහ ඊට වැඩි ධාරිතාව්‍ක් සඳහා කිලෝවොට් පැයක් (1) සඳහා මෙතෙක් ගෙවූ රුපියල් 23.08 ක මුදල රුපියල් 14.46 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.
එය 37.61% ක අඩු කිරීමක්.
+++
විදුලි ඉංජිනේරු මාෆියාවට ඕන වැඩිමිලට ඩීසල් ගල් අඟුරු වලින්ම ගන්නයි. ඒකයි Solar වලට පහරගහන්නේ (27.03.2025)
+
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අත්අඩංගුවට
(27.03.2025 – 13:29 +0530 – hirunews.lk/sinhala)
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ‘අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන සභාව’ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ චෝදනා 03 ක් යටතේයි.

අද (27) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා දීම සදහා මන්ත්‍රිවරයා ‘අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව’ට පැමිණ තිබුණා.
ඉන් අනතුරුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අද (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
+++
චාමර සම්පත්ට ඇප
(27.03.2025 – 16:19 +0530 – hirunews.lk/sinhala)
දූෂණ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ‘චාමර සම්පත් දසනායක’ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
අද (27) දින ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඉන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර දෙකක් (2) මත මුදා හැරීමට නියම කළා.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරියේ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කර සිටියා.
ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදාහරිණ ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියම කළා.
2016 වසරේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ළදරු පාසල් දරුවන්ට බෑග් ලබා දීම සඳහා පළාත් සභාව හරහා ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ දහයක (10) මුදලක් චෙක්පතක් වශයෙන් ලබාගෙන එය තම පදනම යටතේ මුදල් බවට පත්කර ගැනීම තුළින් දූෂණය නැමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අසනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා ෴
+++
චාමර සම්පත් අප්‍රේල් 01 වැනිදා දක්වා රිමාන්ඩ්
(27.03.2025 – 17:17 +0530 – hirunews.lk/sinhala)
2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ‘ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන්’ අනුග්‍රහයක් ඉල්ලා එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාල පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06 ක් කල් පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ තුනකට (173) අධික පාඩුවක් සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ‘චාමර සම්පත් දසනායක’ ලබන 01 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ලබන 01 වන දා වන විට මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරිය විසින් මෙහිදී අල්ලස් කොමිසමට නියම කළා.
අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2016 වසරේ ‘සමන්ත විද්‍යාරත්න’ නමැත්තකු ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළා.
2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පළාතේ පෙරපාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා මෙම සැකකරු විසින් ‘ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන්’ අනුග්‍රහයක් ඉල්ලා තිබෙන බව සඳහන් කළා.
එම බැංකුව විසින් අනුග්‍රහය දැක්වීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව සැකකාර හිටපු ප්‍රධාන අමාත්‍යවරයා විසින් එම බැංකුවේ තිබූ ඌව පළාත් සභාවට අයත් ‘ස්ථාවර තැන්පතු ගිණුම්’ හයක් (6) කල් පිරීමට මත්තෙන් ඉවත් කරගෙන තිබෙන බවත් මේ තුළින් එම පළාත් සභාවට රුපියල් ලක්ෂ 173 කට අධික පාඩුවක් සිදු කර ඇති බවත් පැවසුවා.
2016 වසරේ මෙම පැමිණිල්ල ඉදිරිපත් වුවද පසුගිය කාලසීමාව තුළ එහි සාක්ෂිකරුවන්ට තිබූ බලපෑම් හේතුවෙන් විමර්ශන කටයුතු නිමා කර ගැනීමට නොහැකිවූ බවත් එම නිලධාරිනීය අධිකරණය හමුවේ කියා සිටියා.
“ස්වාමීනි… සාක්ෂිකරුවන් සියලු දෙනා පදිංචිව සිටින්නේ මෙම සැකකරුට අයත් බල ප්‍රදේශයේ. ඔවුන්ට බලපෑම් තිබුණා. ඒ නිසයි සාක්ෂි දීමට ඉදිරිපත් නොවුණේ. ඒ වගේම දේශපාලන අධිකාරීයෙනුත් බලපෑම් තිබුණා. ෆයිල් එකක් ආවම වහල දාන්න කියනවා.” යනුවෙන් එම නිලධාරිනිය අධිකරණය හමුවේ සඳහන් කළා.
මෙහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2016 වසරේ ඉදිරිපත් වූ පැමිණිල්ල සම්බන්ධයෙන් 2019 වසරේ තම සේවා දායකයා ‘අල්ලස් කොමිසම’ට ප්‍රකාශයක් ලබා දුන් බව පැවසුවා.
ඉන් අනතුරුව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් ‘අල්ලස් කොමිසම’ දේශපාලන පළිගැනීමක් වශයෙන් තම සේවා දායකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් කියා සිටියා.
‘අල්ලස් කොමිසම’ යනු ස්වාධීන කොමිෂන් සභාවක් යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඊට බලපෑම් සිදුවන බව එම කොමිසමේම නිලධාරීන් ප්‍රකාශ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවත් සඳහන් කළා.
තම සේවා දායකයා කිසිදු සාක්ෂිකරුවෙකුට බලපෑම් කර ඇති බවට කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අදාල සැකකරු ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළා.
මේ අතර 2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා ‘ලංකා බැංකුවෙන්’ රුපියල් ලක්ෂ දහයක (10) මුදලක් හා ‘මහජන බැංකුවෙන්’ රුපියල් ලක්ෂ 25 ක මුදලක් අනුග්‍රහය වශයෙන් ලබාගෙන ඒවා පළාත් සභාවේ ගිණුම්වලට බැර නොකොට ‘චාමර සම්පත් දසනායක පදනම’ යටතේ මුදලින් ලබා ගත්තේ යැයි සැකපිට ඉදිරිපත් කර තිබූ තවත් පැමිණිලි දෙකකට (2) අදාලව සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී ‘චාමර සම්පත් දසනායක’ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ අනුව එක් එක් පැමිණිල්ල සඳහා සැකකරු පනස් දහසක (50,000) මුදල් ඇප සහ රුපියල් මිලියන 05 බැගින් වූ ශරීර ඇප තුනක් (3) මත මුදා හැරීමටද නියම කෙරුණා.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවටත් නියම කළා.
ඉන් අනතුරුව එම පැමිණිලි දෙක අගෝස්තු මස 29 වනදා කැඳවීමටද නියම කෙරුණා.
+
‘යෝෂිතගේ නයිට් ක්ලබ් ගැටුම’ට අත්අඩංගුවට ගත් 04 දෙනා අප්‍රේල් 01 දක්වා රිමාන්ඩ්
(27.03.2025 – 13:44 +0530 – hirunews.lk/sinhala)
කොළඹ රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ පහරදීම සම්බන්ධයෙන් ‘යෝෂිත රාජපක්ෂ’ සමග පැමිණි ගැටුමට සම්බන්ධ බව පැවසෙන සිව්දෙනා (4) ලබන අප්‍රේල් මස 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඔවුන් සිව්දෙනා (4) ඊයේ (26) අත්අඩංගුවට ගත්තා.

එම ගැටුමෙන් අදාළ ස්ථානයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු පහර කෑමට ලක්ව තුවාල ලැබූ අතර ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.
එම ගැටුම සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ ගෙන් පැය 3 කට ආසන්න කාලයක් පොලිසිය ප්‍රකාශය ලබා ගත්තා ෴
පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට දින නියම වෙයි
(27.03.2025 – 13:54 +0530 – hirunews.lk/sinhala)
මෙවර පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද සලකුණු කිරීම එළඹෙන 22, 23 සහ 24 යන දින තුනෙහි (3) පවත්වන බව මැතිවරණ කොමිසම පවසනවා.
එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන පුද්ගලයින්ට 28 සහ 29 යන දිනයන් වෙන් කර ඇති බවයි එහි සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක කොළඹ අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.
මේ අතර පූනාකරී, මන්නාරම හා දෙහිඅත්තකණ්ඩිය යන පළාත් පාලන ආයතනවල ද ඡන්ද විමසීම මැයි මස 06 වන අගහරුවාදා පවත්වන බව ද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා ෴
ඩ්‍රෝන මෙහෙයුමක් සමඟ ඩෙංගු මඩින තුන්දින (3) සටන ඇරඹේ
(27.03.2025 – 15:49 +0530 – hirunews.lk/sinhala)
සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සහ බස්නාහිර පළාත් සභාව එක්ව දින තුනක් (3) පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන අද (27) නුගේගොඩ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා.
මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජයසිංහ, බස්නාහිර පළාත් සෞඛ්‍ය ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි ඇතුළු පිරිසක් ඊට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාවේදී පළාත පුරා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කරන නිලධාරීන්ට අත්පත්‍රිකා ප්‍රධානය කිරීම සිදුකෙරුණු අතර බස්නාහිර පළාතේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ගුවනේ සිට හඳුනාගැනීම සඳහා ඩ්‍රෝන යානා තාක්ෂණය ද යොදා ගෙන තිබෙනවා.

පැමිණ සිටි පිරිස අමතමින් ආණ්ඩුකාරවරයා, මෙම වැඩපිළිවෙලට නිරන්තරයෙන් සහයෝගය දක්වන සෞඛ්‍ය මෙන්ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ට විශේෂ ස්තුතිය පුද කර සිටියා.
බස්නාහිර පළාතේ දින තුනක (3) ඩෙංගු මඩින වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව තමන් සතුටු වන බවත් මේ වසරේ ඩෙංගු කැපී පෙනෙන ලෙස අඩු වි ඇති අතර ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ක්‍රියාත්මක වනවිට මේ තත්ත්වය තවත් සතුටුදායක වන බවයි ෴
පාසල් නිවාඩුවට ශ්‍රීපාදයේ යන්න විශේෂ දුම්රිය සේවයක්
(27.03.2025 – 16:04 +0530 – hirunews.lk/sinhala)
මාර්තු මස පාසල් නිවාඩුව සහ ශ්‍රීපාද වන්දනා සමයට සමගාමීව විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව, කොළඹ කොටුව සිට බදුල්ල, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දක්වායි මෙම දුම්රිය ගමන්වාර සැලසුම් කර ඇත්තේ.
එමෙන්ම අදාළ ගමන්වාර සඳහා පළමු, දෙවන සහ තුන්වන පන්තියේ අසන වෙන්කිරීමේ පහසුකමද සලසා තිබෙනවා.

+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴