යෝෂිතට සහ ඩේසි ආච්චිට නීතිපති අධිචෝදනා ගොනු කරයි

යෝෂිතට සහ ඩේසි ආච්චිට නීතිපති අධිචෝදනා ගොනු කරයි


යෝෂිතට සහ ඩේසි ආච්චිට නීතිපති අධිචෝදනා ගොනු කරයි

(14.02.2025 – 15:07 +0530 – hirunews.lk/sinhala)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් ‘යෝෂිත රාජපක්ෂ’ සහ ඔහුගේ මිත්තණිය වන ‘ඩේසි ෆොර්ස්ට් වික්‍රමසිංහ’ යන අයට එරෙහිව ‘මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත’ යටතේ නීතිපතිවරයා විසින් ‘කොළඹ මහාධිකරණය’ හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

2012 සහ 2015 කාලසීමාව තුළ රුපියල් ලක්ෂ 800 කට අධික වටිනාකමකින් යුත් රත්මලාන සිරිමල් උයන සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් සහ දේපළ අත්පත් කර ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙනුයි මෙම විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා ඉදිරිපත් කර තිබෙන්නේ.

මෙසේ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් ‘මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත’ යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා මෙම අධි චෝදනාව පත්‍ර ගොනු කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත්දා අත්අඩංගුවට ගනු ලැබූ ‘යෝෂිත රාජපක්ෂ’ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබුණා ෴

+++

යෝෂිතගෙයි ආච්චිගෙයි කඩුවෙල නඩුව | මහේස්ත්‍රාත්වරියගෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට උණ ගැනෙන සැර ප්‍රකාශයක් (14.02.2025)

+


පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීති උපාධිය ගැන විමර්ශනයක්

(14.02.2025 – 12:34 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ජාලයේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී, සඳහන් වූ කරුණු අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නීති විද්‍යාලයේ පැවති විභාගයක් සඳහා නීතීඥයින් දෙදෙනෙකුගේ (2) සහාය සහිතව පෙනී සිටිමින් නීති උපාධිය නීත්‍යාණුකූල නොවන ආකාරයෙන් ලබා ගෙන ඇති බවට ‘අල්ලස, දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ නැමැති සංවිධානය විසින් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ වෙත පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

මෙම සංවිධානය විසින් ඉහත සිදුවීම සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු කර අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වැඩබලන පොලිස්පතිතුමා විසින් මේ සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව පුර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය’ වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද සඳහන් ෴


ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චංග් හදිසියේම පොහොට්ටු කාර්යාලට යයි

(14.02.2025 – 12:35 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු තානාපතිනි ජූලි චංග් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (14) පෙරවරුවේ පැවැත්වුණා.

ඒ බත්තරමුල්ල නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදීයි.

පෙරවරු 10 ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වූ අතර පෙරවරු 11:10 ට පමණ එය අවසන් වී තිබෙනවා.

මෙම සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පක්ෂ ලේකම් සාගර කාරියවසම්, නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක, සංජීව එදිරිමාන්න ඇතුලු පක්ෂ නියෝජිතයන් පිරිසක් සහභාගී වුවා.

+


රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් (1,80,00,000) පමණ වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ සමග අයෙක් පොලිස් දැලේ

(14.02.2025 – 11:41 +0530 – hirunews.lk/sinhala)

රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් (1,80,00,000) පමණ වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගයක් මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගත් මොහු 38 හැවිරිදි තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි බස් රථ රියැදුරෙකු බවයි වාර්තා වන්නේ.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මොහු දිවයිනට පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු‍ දෙකක් (2) තුළ තිබූ කායවර්ධන ක්‍රීඩකයින් තම මස් පිඩු වර්ධනය කර ගැනීම සදහා භාවිතා කරන අතිරේක පෝෂජනක කිරි පිටි අඩංගු බෝතල් තුළ, තිබී මෙම ‘කුෂ් මත්ද්‍රව්‍ය’ තොගය සොයා ගත් අතර එහි බර කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 500 ක්.

+

මේ අතර පොලිස් කොස්තාපලයෙකු විසින් ගල්කිස්ස පොලිස් ස්ථානය සතුව තිබූ ටී.56 ගිනි අවියක් පැහැර ගෙන ඩුබායි වෙත පලා ගිය බව කියන සිද්ධියට ආධාර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටි අනෙක් පොලිස් කොස්තාපල් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් තුනකට (3) අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

ඒ ඔහුගෙන් සිදු කළ වැඩි දුර ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

සැකකාර පොලිස් කොස්තාපල් සතියක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ද ගල්කිස්ස මහේස්ත්‍රාත් චතුරිකා සිල්වා ඊයේ (13) පොලිසියට අවසර ලබා දුන්නා.

එසේම අත්අඩංගුවට ගත් ඩුබායි වෙත පලාගිය කොස්තාපල්ගේ මව සහ පියා ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටයි නියෝග කෙරුණේ ෴


මාලිමා මන්ත්‍රී ෆයිසාල් රැගත් රියේ පුද්ගලයෙක් ගැටී මරුට

(14.02.2025 – 09:08 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගයේ (මාලිමා) පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් රැගත් වාහන කොළඹ බලා එමින් සිටිය දී වෙන්නප්පු ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටී තිබෙනවා.

එම අනතුරින් යතුරුපැදිකරු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

එම අනතුර හේතුවෙන් අදාළ රථය පැදවූ මොහොමඩ් ෆයිසාල් මන්ත්‍රීවරයාගේ ඥාති සහෝදරයා අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, වෙන්නප්පුව, පතහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 65 ක එක්දරු පියෙක්.

ඔහු ව්‍යාපාරික කටයුත්තකට යන අතරතුරදීයි මෙම අනතුරට මුහුණපා ඇත්තේ.

මන්ත්‍රීවරයා අද (14) දිනයේ පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වෙමින් සිටිය දී යි මෙම අනතුර සිදුව තිබෙන්නේ.

+


අද (14) සිට විදුලි කප්පාදුවක් සිදු නොවේ – විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය

(14.02.2025 – 07:22 +0530 – hirunews.lk/sinhala)

අද (14) සිට විදුලි කප්පාදුවක් සිදු නොකරන බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

පසුගිය ඉරිදා දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟු‍‍‍රු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම (3) අක්‍රිය වුණා.

ඒ අනුව දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු කිරීමටයි පියවර ගැනුණේ.

කෙසේ වෙතත් ඊයේ (13) පස්වරුව වන විට අක්‍රීය වූ එම ජනන යන්ත්‍ර යළි පණ ගන්වා තිබෙනවා.

ඒ අනුව මෙලෙස විදුලි කප්පාදුව අවසන් කිරීමට තීරණය කර ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ ෴


අවිස්සාවේල්ල – කහවත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

(14.02.2025 – 18:35 +0530 – sinhala.adaderana.lk)

අවිස්සාවේල්ල සිට කහවත්ත දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග) පී.ජේ. ප්‍රේමතිලක මහතා රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමතමන් මේ බව සදහන් කළේය.

මෙම දුම්රිය මාර්ගයේ පළමු (1) අදියර ලෙස අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා සිදුකෙරේ.

එමෙන්ම දෙවන (2) අදියර රත්නපුර සිට කහවත්ත දක්වාත්, තෙවන (3) අදියර ලෙස ඇඹිලිපිටිය, සූරියවැව මත්තල හරහා හම්බන්තොට වරාය දක්වත් ඉදිකිරීමට යෝජිත බව ප්‍රේමතිලක මහතා සඳහන් කළේය.

මින් අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා දිවෙන කොටසේ අවිස්සාවේල්ල සිට කුරුවිට දක්වා මේ වනවිටත් දුම්රිය රක්ෂිත මැනීම් අවසන් කර තිබේ.

එමෙන්ම දුම්රිය ස්ථාන රැසක්ද හඳුනාගෙන ඇත.

මෙයට සමගාමීව කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන දුම්රිය මාර්ගයේ හෝමාගම දක්වා කොටස ‘ද්විත්ව දුම්රිය මාර්ගයක්’ ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රේමතිලක මහතා මෙහිදී පැවසීය.

මෙහි තුන්වන (3) අදියර වන කහවත්ත සිට හම්බන්තොට වරාය දක්වා දිවෙන කොටස අලුතින් එක්කර ඇති යෝජිත දුම්රිය මාර්ගයක් වේ.

මෙම දුම්රිය මාර්ගයේ පළමු (1) අදියර සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 30 ක් පමණ මුදලක් වැයවනු ඇතැති අපේක්ෂාකර ඇත.

එම මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ඉන්දියානු රජය සමගද සාකච්ඡා කරමින් සිටින බව ප්‍රේමතිලක මහතා පැවසීය.

1970 දශකය දක්වා කොළඹ සිට කහවත්ත දක්වාම දුම්රිය ධාවනය කර තිබේ ෴


කන්කසන්තුරය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුවෙන් ගමන් ආරම්භ කරයි

(14.02.2025 – 17:13 +0530 – sinhala.adaderana.lk)

කන්කසන්තුරය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය අද (14) සිට මොරටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

මෙම දුම්රිය මෙතෙක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරනු ලැබීය.

ඒ අනුව එම දුම්රිය මොරටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 06:55 ට ගමන් ආරම්භ කර කොටුවට පැමිණේ.

පසුව කොටුවෙන් රාත්‍රී 8 ට කන්කසන්තුරය බලා ධාවනය කිරීමට කටයුතු යොදා ඇත ෴


සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිතව වෛරස් රෝග ව්‍යාප්තියක්

(14.02.2025 – 15:48 +0530 – sinhala.adaderana.lk)

සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්‍රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා සඳහන් කළේ ඇතැම් පුද්ගලයින්ට ඉහළ තීවුරතා මට්ටම්වලින් රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බවය.

මෙම රෝග උත්සන්න වීමෙන් නියුමෝනියාව වැනි දරුණු තත්ත්වයන් ඇති විය හැකි බවද වෛද්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරයා :

“සාමාන්‍යයෙන් ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහයන්, විශේෂයෙන් නහය සිරවීම, වතුර ගලන ගතිය, උගුර ඉදිමෙන ගතිය, කැස්ස සෙම සමග උණ වගේ රෝග ලක්ෂණ තියනව නම් ගොඩක් වෙලාවට ඒක ස්වසන පද්ධතිය ආශ්‍රිතව ආසාත්මික තත්වයත් වෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේකට බලපාන්නේ ක්ෂුද්‍ර ජීවින්. ක්ෂුද්‍ර ජීවින් වර්ග ගොඩක් ඉන්නවා. ඒ ඕනෑම ක්ෂුද්‍ර ජීවියෙකුගෙන් ඉහත ලක්ෂණ ඇති කරන්න පුලුවන්. සමහර අයට මේක සුලු ආබාධයක් වෙන්න පුලුවන්. ඒත් සමහර අයට ඒක නිව්මෝනියා වගේ දරුණු තත්වයක් වෙන්නත් පුලුවන්. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙලා ඉන්න එක වැදගත්” ෴


පාරිසරික ප්‍රශ්න කඩිනමින් විසඳීමට වට්ස්ඇප් අංකයක්

(14.02.2025 – 15:24 +0530 – sinhala.adaderana.lk)

පාරිසරික ප්‍රශ්න සඳහා කඩිනමින් විසඳුම් සෙවීමට පරිසර අමාත්‍යංශයෙන් WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ.

පරිසර අමාත්‍යංශය විසින් පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් මෙන්ම පාරිසරික ගැටලු අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කිරීම උදෙසා හා එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා මෙම නව WhatsApp අංකයක් හඳුන්වා දී ඇත.

එම අමාත්‍යංශය පැවසුවේ ඒ අනුව, 076 641 2029 යන දුරකථන අංකයට කෙටි පණිවුඩ වශයෙන් පමණක් පරිසර ප්‍රශ්න යොමු කරන ලෙසය.

එසේ යොමු කරනු ලබන ප්‍රශ්න පරිසර අමාත්‍යංශය විසින් අදාළ ආයතන වෙත යොමු කිරීමෙන් කඩිනම් සහ තිරසාර විසඳුම් සොයා ගැනීමටත් පසු විපරම් ක්‍රියාවලිය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.

සෑම මසකම සතියේ දින 5 එනම් සඳුදා දින සිට සිකුරාදා දින දක්වා පෙරවරු 7 සිට පස්වරු 7 දක්වා මෙම සේවාව සක්‍රීය වන අතර අද (14) දින සිට මෙම ක්‍රියාවලිය ආරම්භ වන බවත් අමාත්‍යංශය පවසයි ෴


ව්‍යාජ ලේඛන භාවිත කරමින් ධාවනය කළ වාහන තුනක් (3) හමුවෙයි

(14.02.2025 – 19:07 +0530 – hirunews.lk/sinhala)

කිරිවත්තුඩුව ප්‍රදේශයේදී ‘නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්’ විසින් සිදුකරනුලැබූ වැටලීමකදී ව්‍යාජ ලේඛන භාවිත කරමින් ධාවනය කළ ‘පෙජරෝ’ වර්ගයේ රථයක් ගරාජයක අලුත්වැඩියා කටයුතු සිදුකරමින් තිබියදී අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබෙනවා.

ඒ අනුව එම පෙජරෝ රථය සමග ගරාජ් හිමිකරු ද අත්අඩංගුවට ගත් බවයි එම කොට්ඨාශය සඳහන් කළේ.

එමෙන්ම, පැපිලියාන ප්‍රදේශයේ දී ව්‍යාජ ලේඛන සහිත සුඛෝපභෝගි ‘ප්‍රාඩෝ’ රථයක් ‘නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය’ විසින් සිය භාරයට ගනුලැබ තිබෙන අතර, පිළියන්දල ප්‍රදේශයේදී ද ව්‍යාජ ලේඛන සහිත තවත් වාහනයක් සිය භාරයට ගනුලැබ තිබෙනවා.

මෙම මෝටර් රථ සඳහා ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධති වෙනස් කරමින් ව්‍යාජ ලේඛන සකස් කර ඇති බවට ද විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවයි එම කොට්ඨාශය සඳහන් කළේ.

ඒ සම්බධයෙන් ද විමර්ශන සිදුකරන බවත්, පැපිලියාන සහ පිලියන්දල ප්‍රදේශවල දී සිය භාරයට ගත් වාහනවල හිමිකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක බවත් ‘නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය’ සඳහන් කළා ෴


ජපාන බැංකුවලින් ලොකු ලෙඩක් | වාහන ආනයනය දැවැන්ත අර්බුදයක | මිනිස්සුන්ගේ වාහන හීනය හීනයක්ම වෙයි වගේ (14.02.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ US Ambassador to “Hotu Pohottu” HQ. This is most certainly a conspiracy by Rajapaksha family to get Ms Chung out of her embassy to their party HQ under the pretext of discussing matters of national and political interest, which is a smoke screen for the family to discuss and put pressure on Ns Chung on US Government. The family’s objective could be to put pressure on US government and Mr Trump, to stop US government investigations into money laundering matters by Kaputa and Gotta in UK, and any other Rajapaksha family’s stolen loot from our taxpayers funds and banks in Sri Lanka, as well as 20% commission proceeds. I hope Ms Chung had been wise enough to give them a straight and cold, short , sharp reply that they deserve

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *