අක්මීමන, තලගහ ප්‍රදේශයේදී සිදුකල වෙඩි තැබීමකින් බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී ‘සිරිදත් ධම්මික’ මියයයි

අක්මීමන, තලගහ ප්‍රදේශයේදී සිදුකල වෙඩි තැබීමකින් බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී ‘සිරිදත් ධම්මික’ මියයයි


අක්මීමන, තලගහ ප්‍රදේශයේදී සිදුකල වෙඩි තැබීමකින් බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරී ‘සිරිදත් ධම්මික’ මියයයි

(13.03.2025 – 18:38 +0530 – hirunews.lk/sinhala)

හිටපු බන්ධනාගාර නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි.

අක්මීමන වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු වන ‘සිරිදත් ධම්මික’ බව පොලිසිය පවසනවා.

ජීවිතක්ෂයට පත්වෙන විට ඔහුගේ වයස අවුරුදු 61 ක්.

+

හිටපු බන්ධනාගාර අධිකාරීවරයා ඝාතනයට පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදි දෙකක් (2) සොයාගැනේ

(13.03.2025 – 20:41 +0530 – hirunews.lk/sinhala)

අක්මීමනදී හිටපු බන්ධනාගාර අධිකාරීවරයා ඝාතනයට සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරු පැදි දෙකක් (2), සොයාගෙන තිබෙනවා.

ඒ යක්කලමුල්ල ප්‍රදේශයෙන්.

ගාල්ල – තලගහ ප්‍රදේශයේ සිය නිවසේ මිදුලේ සිටියදීයි අද (13) පස්වරුවේ ඔහු වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේ.

61 හැවිරිදි ඔහු පසුගිය වසරේ (2024) පෙබරවාරි මාසයේ දී සේවයෙන් විශ්‍රාම ලබා තිබුණා.‍

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මිය ගිය පුද්ගලයාට අයත් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් ද කිසියම් පිරිසක් විසින් 2023 වසරේ ගිනි තබා විනාශ කර තිබුණා.

ඔහු වසර 35 කට ආසන්න කාළයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර අවසන් වරට සේවය කර තිබුනේ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමන පොලිසිය ඇතුලු විමර්ශන කණ්ඩායම් 04 ක් මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴

+

+


වැලිවේරියේ වෙඩිතැබීමක්

(13.03.2025 – 21:52 +0530 – hirunews.lk/sinhala)

වැලිවේරිය, ඇඹරලුව මාර්ගයේ, අරලියගස් හන්දිය අසළදී මෝටර් රථයක සිටි සංචාරක මග පෙන්වන්නෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

වෙඩි වැදීමෙන් ඔහුගේ වම් අතට තුවාල සිදුව ඇති අතර, වෙඩි තැබීම වූ ස්ථානයේ වැටී තිබී මිලිමීටර් 9 වර්ගයේ හිස් පතොරම් කොපු කිහිපයක් සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු වන අතර පොලිසිය පැවසුවේ, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.

තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහුගේ තත්ත්වය මේ වන විට සාමාන්‍ය අතට හැරී ඇති බවත්, ඔහු සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බවත් ගම්පහ රෝහල් ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත්, වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ ෴


පොලිස් නිලධාරීන්ට ඇස් කණ්නාඩි ලබා ගැනීමේ දී සිදුවූ වංචාවක් ගැන විමර්ශන

(13.03.2025 – 08:28 +0530 – hirunews.lk/sinhala)

පොලිස් නිලධාරීන් 79 දෙනෙකු ඇස් කණ්නාඩි මිලදී ගැනීම සඳහා කළ වියදම්, ආපසු ලබාගැනීමට ‘අග්‍රහාර රක්ෂණ ක්‍රමය’ වෙත ඉදිරිපත් කළ රිසිට්පත් ව්‍යාජ ඒවා බවට අනාවරණය වීමෙන් පසුව ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර වෙත ඊයේ (12) දැනුම් දෙනු ලැබුවේ.

මේ වන විට අදාළ පොලිස් නිලධාරීන් 79 දෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියා.

ඊට අමතරව ‘ඇස් කණ්නාඩි මිලදී ගැනීම වෙනුවෙන් ව්‍යාජ රිසට්පත් ලබාදුන් ආයතනය’ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා ෴


පෝදා උදේම පිටකොටුව රත්වෙයි – හැමෝම බයකරමින් එක්වරම රතු පල්ලිය ළඟ දුමෙන් වැසීයයි – නොදුටු දසුන්පෙළ මෙන්න (13.03.2025)

+


පූකුඩුකන්නාගේ සහෝදරයෙකු අත්අඩංගුවට

(13.03.2025 – 09:16 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ‘පුෂ්පරාජා’ හෙවත් ‘පූකුඩුකන්නා’ නැමැත්තාගේ සහෝදරයෙකු කටුනායක ගුවන්තොටුපලේදී ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ’ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 36 හැවිරිදි පුද්ගලයෙක් ෴


දිනකට මෙරට වකුගඩු රෝගීන් 05 ක් මියයයි

(13.03.2025 – 09:32 +0530 – hirunews.lk/sinhala)

දිනකට මෙරට වකුගඩු රෝගීන් පස් දෙනෙකු (05) මිය යන බව ජාතික වකුගඩු රෝග නිවාරණ සහ පර්යේෂණ ඒකකය පෙන්වා දෙනවා.

2023 වසරේ දත්ත සලකා බලන විට මෙරට දිගුකාලීන වකුගඩු රෝගය ආශ්‍රිත රෝහල් ගතවීම් 213,448 ක් සහ මරණ 1626 ක් වාර්තා වුණා.

2023 – 2024 වර්ෂවල දී රුධිර කාන්දුපෙරණ ප්‍රතිකාර ලබා ගන්නා ලද රෝගීන්ගේ සංඛ්‍යාව 6,582 ක් වන අතර, 2023 – 2024 වර්ෂවල දී රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් සංගඛ්‍යාව 1000 ක්.

එමෙන්ම වකුගඩු බද්ධ කළ රෝගීන් සංඛ්‍යාව 300 ක් පමණ වන බව සදහන්.

තවමත් වැඩිම වකුගඩු රෝගීන් සංඛ්‍යාව උතුරු මැද පළාතෙන් වාර්තා වනවා.

එවන් තත්වයක් හමුවේ 2006 වසරේ සිට ‘ලෝක වකුගඩු දිනය’ සෑම වසරකම මාර්තු මස දෙවන බ්‍රහස්පතින්දා දින සමරනු ලබනවා.

‘දැනුවත් වෙමු, කලින් හදුනාගනිමු, වකුගඩු සුරකිමු’ යන්න මෙවර එහි තේමාවයි ෴


අබිරහසක් ඉතිරිකරමින් අවසන් ගමන් ගිය ‘සංදීප’

(13.03.2025 – 11:18 +0530 – hirunews.lk/sinhala)

අබිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමු වී තිබෙනවා.

ඒ අගුණකොළපෑලැස්ස අබේසේකරගම මාර්ගයේ කීරියගොඩැල්ල මංසංදියේ අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යටින්.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 23 ක් වෙන ‘සංදීප ලක්ෂාන්’ නැමති තරුණයෙක්.

අගුණුකොළපැලැස්ස පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.

+++

සිරුර හමුවූ තරුණයා සිය දිවි හානි කරගෙනලු

(13.03.2025 – 11:18 +0530 – hirunews.lk/sinhala)

අඟු‍ණුකොළපැලැස්ස – අබේසේකරගම මාර්ගයේ – කීරියගොඩැල්ල මංසංධියේ අධිවේගී මාර්ගය ආසන්නයේ ඇති ගුවන් පාලම යට තිබී හමුවූ මළ සිරුර ‘ඝාතනයක් නොව සියදිවි හානිකරගැනීමෙන් සිදුවූ මරණයක්’ බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බරවකුඹුක අබේසේකරගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කටයුතුවල නියැලෙන තරුණයෙක්.

දැනට සිදු කල ඇති විමර්ශන අනුව අදාල තරුණයා සූරියවැව ප්‍රදේශයේ පදිංචි තරුණියක් සමග ප්‍රේම සබදතාවයක් පවත්වා තිබෙනවා.

දෙදෙනා අතර වූ යම් විරසකයක් හේතුවෙන් මොහු සියදිවි නාසා ගන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

මළ සිරුර හමුවූ ස්ථානයේ තිබී යතුරුපැදියක් සහ ජංගම දුරකථනයක්ද සොයා ගනු ලැබුවා ෴

(තම මානසික රෝගයට නිසි ‍‍‍‍‍‍‍‍වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා නම් මෙබඳු විපතක් සිදු නොවනු ඇත – අමරසර)


නීත්‍යානුකූලව විවාහ නොවූවන් විවාහ කරදීමේ ජංගම සේවයක්

(13.03.2025 – 12:37 +0530 – hirunews.lk/sinhala)

විවාහ නොවී අඹුසැමියන් ලෙස ජීවත් වූ පිරිසක් නීත්‍යානුකූලව විවාහ කරදීමේ ජංගම සේවයක් ඊයේ (12) දෙනියායේදී සිදුකර තිබුණා.

මෙම වැඩසටහන සඳහා 500 දෙනෙකු සහභාගී වී තිබෙනවා.

දූ දරුවන් ලබා අඹුසැමියන් ලෙස ජීවත් වූ අයටයි මෙසේ නීත්‍යානුකූලව විවාහ සිදු කර දී ඇත්තේ.

එවැනි පවුල් රැසකට විවාහ සහතික ලබා දීමට ද පියවර ගැනුණා.

එමෙන්ම හැදුනුම්පත සහ උප්පැන්න සහතිකය නොමැති අයට ආසන්න දින සලකා උප්පැන්න සහ හැදුනුම්පත් ලබා දීමද මෙහිදී සිදුකර තිබුණා.

+


‘කොස්ගොඩ සුජී’ගේ මාමාට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් (3) අත්අඩංගුවට

(13.03.2025 – 14:14 +0530 – hirunews.lk/sinhala)

දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘කොස්ගොඩ සුජී’ගේ මාමා වන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ‘ධනුශ්ක මහේෂ් ද සොයිසා’ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව කාන්තාවක් (1) ඇතුළු සැකකරුවන් දෙදෙනෙක් (2) පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2023 වසරේ මැයි මස 26 වැනිදා සිදුවූ එම වෙඩි තැබීමෙන් යතුරු පැදියකින් යමින් සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා තුවාල ලබා රෝහල්ගත කෙරුණු අතර, ‘කොස්ගොඩ තාරක’ගේ පාර්ශවයට වෙඩි තැබීමේ චෝදනාව එල්ලවුණා.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වුණේ ‘අගම්පොඩි සඳුන් ජීවන්ත ද සිල්වා’ සහ ‘අගම්පොඩි සමන් මලී ද සොයිසා’ නමැති සැකකරුවන් දෙදෙනෙක් (2).

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, දැනට ඉතාලියේ සැඟවී සිටින ‘කොස්ගොඩ තාරක’ගේ පාර්ශ්වය නියෝජනය කරන ‘යක්දෙහි දිල්ෂාන් මදුශන්ක ද සිල්වා’ හෙවත් ‘බලපිටියේ දිල්ෂාන්’ගේ මෙහෙයවීම මත වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වෙඩිතැබීම සඳහා යතුරුපැදිය ධාවනය කළ පුද්ගලයා බවට අනාවරණ කරගෙවන ඇති අතර, කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනීමැරීමට අනුබල දීමේ චෝදනාව යටතේයි.

රැඳවුම් නියෝග මත සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරනවා.

+


හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව තරුණියක් අත්අඩංගුවට

(13.03.2025 – 15:45 +0530 – hirunews.lk/sinhala)

2022.09.14 වන දින සිදුව පොලිස් වසමේ වෑත්තෑව ප්‍රදේශයේ පිහිටි විහාර ස්ථානයක හිමි නමක් ගෙල සිර කර ඝාතනය කිරීම හා දේපළ සොරකම් කිරීමේ සිදුවීමකට අදාළව කාන්තාවක් විදේශගතව සිට මෙරටට පැමිණීමේ දී තරුණියක් ගෙන තිබෙනවා.

මෙම ඝාතනය එම විහාරස්ථානයේම වැඩ වාසය කළ හිමිනමක් විසින් සිදු කර ඇති බවත් එම හිමිනම සමඟ සම්බන්ධකම් පැවැත්වූ විදේශගතව සිටින තරුණියක් මෙම ඝාතනය සිදු කිරීම සඳහා කුමන්ත්‍රණය කර ඇති බවටත් මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශනයෙන් පසු මෙම සැකකාරිය සම්බන්ධයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර සැකකාරියට එරෙහිව ගුවන් ගමන් තහනමක් ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව, මෙම සැකකාරිය 2025.03.12 වන දින අළුයම් කාලයේදී ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණීමේදී ගුවන් තොටුපල ආගමන විගමන නිලධාරීන් විසින් ගුවන් තොටුපල පොලිස් ස්ථානයට භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියෙක්.

සැකකාරිය අද (13) වන අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *