‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට

‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට


‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ සැකකරු පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට

(19.02.2025 – 18:12 +0530 – hirunews.lk/sinhala)

‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන පුද්ගලයාව පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පුත්තලම පාලවිය ප්‍රදේශයේ දීයි.

එහිදී සැකකරු වෑන් රථයකින් පලා යමින් සිට ඇති අතර, මෙම සැකකරු ‘යුද හමුදාවේ කමාන්ඩෝ බලකායේ’ හිටපු සෙබලෙකු බවයි පොලිසිය සඳහන් කළේ.

අද (19) උදෑසන 10:00 ට පමණ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 දරණ අධිකරණය තුලදී අපරාධකල්ලි නායකයෙකු වන ‘ගණේමුල්ල සංජීව’ නොහොත් ‘සංජීව කුමාර සමරරත්න’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

මෙහිදී අධිකරණ පරිශ්‍රය තුල නීතිඥ වෙසින් සිටි මෙම පුද්ගලයා විත්තිකරු විත්ති කූඩුවෙන් බැසීමට සූදානම් වන අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ වෙඩි ප්‍රහාරයන් කිහිපයක් එල්ල කිරීමෙන් අනතුරුව රිවෝල්වරයද එම ස්ථානයේ අතහැර දමා විත්ති කූඩුව ආසන්න දොරකින් පලා ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම, මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, නීතිඥවරුන් අධිකරණ රාජකාරීන් සඳහා භාවිත කරන අපරාධ නඩු විධාන සංග්‍රහය නමින් හැඳින්වෙන පොත තුල ඉතා සූක්ෂම ආකාරයෙන් පිටු කපා දමා මෙම රිවෝල්වරයා සඟවාගෙන පැමිණ ඇති බවත්, ඒ සඳහා සහයෝගය ලබා දුන් නීතිඥ වෙසින් සිටි කාන්තාවක විසින් මෙම පොත ඔහුට අධිකරණ සංකිර්ණය තුලදී ලබා දුන් බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවත් එම කාන්තාව සොයා විමර්ශනද ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

+

+

+

‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කළ වෙඩික්කරුට සහාය දුන් කාන්තාව මෙන්න

(19.02.2025 – 18:59 +0530 – hirunews.lk/sinhala)

‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට වෙඩික්කරුට සහාය දීමට නීතිඥ වෙසින් ආ කාන්තාවගේ ඡායාරූප මේ වන විට මාධ්‍යට නිකුත් වී තිබෙනවා.

ඒ අනුව ඇය ‘පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි’ නම් කාන්තාවක් බවයි සඳහන් වෙන්නේ.

වයස අවුරුදු 26 ක් වෙන මෙම කාන්තාව මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය සඳහන්කර සිටියේ ෴

+

‘ගණේමුල්ල සංජීව’ගේ ඝාතකයා ව්‍යාජ නම් කිහිපයකින් පෙනී සිටලා

(19.02.2025 – 21:27 +0530 – hirunews.lk/sinhala)

අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 දරණ අධිකරණයේදී ‘ගණේමුල්ලේ සංජීව’ වෙඩිතබා ඝාතනයට පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරු ව්‍යාජ නම් කිහිපයකින් පෙනී සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග සඳහන් කළා.

එහිදී ඔහු සඳහන් කළේ, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිටත් ඔහු සන්තකයේ හැඳුනුම්පත් කිහිපයක් සහ නීතීඥ හැදුනුම්පතක්ද තිබී හමුවූ බවයි.

සැකකරු ‘මොහොමඩ් අස්ලාන් ෂෙරිෆ්ඩීන්’ යන නාමයත්, ‘සමිඳු දිල්ශාන් පියුමංග කඳනාරච්චි’ යන නමත්, ඔහු විසින් සකස්කරගෙන තිබූ නීතීඥ හැඳුනුම්පතේ ‘කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක’ යන නමත් භාවිත කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළේ.

තවද, මෙම ඝාතනයට සහය ලබාදුන් බවට සැකකෙරෙන ‘නීතීඥවරියක ලෙස ව්‍යාජව පෙනීසිටි කාන්තාව’ සම්බන්ධයෙන්ද මේ වනවිට කරුණු රැසක් අනාවරණය කරගෙන ඇති බවත්, ඇයවද කඩිනමින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවත් ඔහු සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ට සැකකරු රැගෙන ඒමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

+

+

+

+

+

‘ගනේමුල්ල සංජීව’ මැරූ කතාව (19.02.2025)

+

විත්ති කූඩුවේදී වෙඩි කෑ ‘ගණේමුල්ල සංජීව’ට අධිකරණයේ නඩු 22 ක් තිබිලා

(19.02.2025 – 22:24 +0530 – hirunews.lk/sinhala)

අලුත් කඩේ උසාවි සංකීර්ණයේ අංක 05 අධිකරණයේ විත්තු කූඩුව තුලදී අද (19) වෙඩි තබා ඝාතනය කළ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටි ‘ගණේමුල්ල සංජීව’ නොහොත් ‘සංජීව කුමාර සමරරත්න’ නැමැත්තාට අධිකරණයේ විසඳීමට නඩු විසි දෙකක (22) ප්‍රමාණයක් තිබූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසනවා.

එමෙන්ම, අද (19) දිනයේදී ජීවිතක්ෂයට පත්වූ ‘ගණේමුල්ල සංජීව’ නැමැත්තා අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 09 අධිකරණය වෙත භෞතික ඉදිරිපත් කිරීමක් සදහා අධිකරණය විසින් නියෝග ලබා දී තිබූ බවත්, ඊට අමතරව අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණය වෙත නඩු දෙකක් (2) සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව සිටි බවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කරනවා.

ඒ අනුව, මොහු විශේෂ ගණයේ සැකකරුවකු වන බැවින් ප්‍රමාණවත් ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර නිළධාරීන් භාරයේ, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකා නිළධාරීන් හා පොළිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ බූස්ස බන්ධනාගාරයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ අලුත් කඩේ උසාවි සංකීර්ණය වෙත රැගෙනවිත් තිබෙනවා.

සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකු යොදවා විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර, ඊට අමතරව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මගින් මූලික විමර්ෂණයක්ද මේවන විට ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ ෴

+

‘ගණේමුල්ල සංජීව’ට වෙඩිතැබීමෙන් පසු වෙඩික්කරු සහ කාන්තාව අධිකරණය පරිශ්‍රයෙන් පිටතට පලාගිය අයුරු (19.02.2025)

+

අත්අඩංගුවට ගත් ‘ගණේමුල්ල සංජීව’ගේ වෙඩික්කරු ගැන රහස් රැසක් හෙළිවේ (19.02.2025)

+


අනුර ඔබ රජරට මිනිහෙක් – හැබැයි මේ අපරාධය කරන්න එපා (18.02.2025)

+

මොන ආණ්ඩුවකින්වත් හාමුදුරුවරුන්ව කවදාවත් මේ විදියට අයින් කරලා නෑ – දැන් ආණ්ඩුව ඕන කුපාඩි වැඩක් කරනවා (18.02.2025)

+


මාරකයක් වූ සෙල්ෆිය

(19.02.2025 – 17:32 +0530 – hirunews.lk/sinhala)

දුම්රියේ පාපුවරුවේ එල්ලී ගමන් කරමින් සෙල්ෆි ඡායාරූප ලබා ගැනීමට ගිය විදෙස් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ‘පොඩිමැනිකේ දුම්රියේ’ ගමන් ගත් රුසියානු ජාතික කාන්තාවක්.

ඇය තවත් විදේශීය සංචාරකයන් පිරිසක් සමඟ මෙරටට පැමිණ ඇති අතර අද (19) උදෑසන බදුල්ල දුම්රිය ස්ථානයට පැමිණ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ ‘පොඩිමැනිකේ දුම්රියේ’ නැග ඇල්ල බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 53 ක් ෴

+

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *