ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්


ID ඔෆිස් එකෙන් විශේෂ දැනුම්දීමක්

(29.03.2026 – 17:16 +0530 – sinhala.adaderana.lk)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතින බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මාර්තු 23, 24, 26 යන තෙදින තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවය සඳහා බත්තරමුල්ල සුහුරුපායේ ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාල වෙත පැමිණ ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ සේවාලාභීන්ට පමණක් හෙට (30) දින එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.

ඒ අනුව අවශ්‍ය සියලු ලේඛන රැගෙන අදාළ කාර්යාල වෙත පැමිණීමෙන් හැඳුනුම්පත් ලබා ගත හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩිදුරටත් දන්වා සිටින්නේ 2026 මාර්තු 31 වැනි අඟහරුවාදා දින සිට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලයන්හි සුපුරුදු පරිදි එක්දින සේවය ක්‍රියාත්මක වන බවය.

රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සඳහා ලබාදෙන ජාතික හැඳුනුම්පත් තොරතුරු සත්‍යාපනය කිරීම හා ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කිරීම ඇතුළු අනෙකුත් සියලුම සේවාවන් සීමා සහිතව පවත්වා ගෙන යනු ලබන බැවින් අදාළ ආයතන ඒ සඳහා වෙනත් විකල්ප ක්‍රමවේද අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසට ද ඔවුන් ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව, ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සාමාන්‍ය සේවය / පෙරටු කාර්යාලය ක්‍රියාත්මක වන්නේ 2026 අප්‍රේල් 06වැනි සඳුදා දින සිට වන අතර, පද්ධතිය නැවත යථාවත් වූ පසු සියලු සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ ෴


ආයුර්වේද සංස්ථාවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ඖෂධ අලෙවි කළ ජාවාරමක් වටලයි

(29.03.2026 – hirunews.lk)

රාජ්‍ය ආයතනයක නම සහ නිල ලාංඡනය අවභාවිත කරමින්, පාරිභෝගිකයින් නොමග ව්‍යාජ ඖෂධ ජාවාරමක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ ආයුර්වේද ඖෂධ සංස්ථාව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

මාවනැල්ල – හිඟුල ප්‍රදේශයේ අදාළ ආයතනය පවත්වාගෙන ගොස් තිබෙනවා.

ඔවුන් රාජ්‍ය ලාංඡනය වංචාකාරී ලෙස යොදාගනිමින් ව්‍යාජ නිෂ්පාදනයක් සැබෑ සංස්ථා නිෂ්පාදනයක් ලෙස පෙන්වා අලෙවි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ අතර, සහල් තොග සගවමින් විකිණීම ප්‍රතික්ෂේප කළ වෙළෙදසැල් දෙකකට (2) නඩු පවරා තිබෙනවා.

කිරුලපන ප්‍රදේශයේ වෙළෙදසැල් දෙකකට (2) එරෙහිව පාරිභෝගික අධිකාරිය මෙලෙස නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ ෴


පෙට්‍රල් ලීටර් 48 ක් සන්තකයේ තබාගත්තැයි කතක් රිමාන්ඩ්

(29.03.2026 – hirunews.lk)

නීති විරෝධී ලෙස පෙට්‍රල් ලීටර් 48 ක් සිය නිවෙසේ සඟවා තබාගෙන අලෙවි කිරීමට තැත් කළ බවට චෝදනා ලැබූ කාන්තාවක් ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නිකවැරටිය වැඩබලන මහේස්ත්‍රාත් ජේ.එම්. විමලසේන ඊයේ (28) නියෝග කළා.

නිකවැරටිය හුලුගල්ල ප්‍රදේශයේ පදිංචි මෙම සැකකාරිය ගිරිඋල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ගිරිඋල්ල පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, සැකකාරියගේ නිවසේ රහසිගතව පෙට්‍රල් අලෙවි කරන බවට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේදී මෙම පෙට්‍රල් තොගය සොයාගත් බවයි.

එම අවස්ථාවේදී සැකකාරියගේ සැමියා නිවසින් පලාගොස් ඇති අතර, සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 48 ක් පොලිස් භාරයට ගත් බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ උදයංග අතපත්තු සඳහන් කළේ තම සේවාදායිකාව අධිකරණයට ඉදිරිපත් කරන්නේ නීතියේ පවතින කුමන ප්‍රතිපාදනයක් යටතේ දැයි නිශ්චිතව ප්‍රකාශ කිරීමට පවා පොලිසිය අසමත්ව ඇති බවයි.

1979 අංක 34 දරන ඛනිජ තෙල් නිෂ්පාදන සැපයුම විධිමත් කිරීමේ හා පාලනය කිරීමේ පනතේ ප්‍රතිපාදන උපුටා දක්වමින් නීතිඥවරයා කියා සිටියේ, පාරිභෝගිකයෙකුට පෙට්‍රල් සන්තකයේ තබා ගැනීම නීතිමය වරදක් නොවන බවයි.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ වැඩබලන මහේස්ත්‍රාත්වරයා විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකාරිය ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා ෴


කුඩාඔය නිවසක හැංඟූ ඉන්ධන තොගයක් එක්ක කාන්තාවක් අත්අඩංගුවට

(29.03.2026 – hirunews.lk)

ඉන්ධන තොගයක් නිවසේ ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුඩාඔය පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගිපුර, ඌව කුඩාඔය පදිංචි තිස්තුන් හැවිරිදි කාන්තාවක්.

සැකකාර කාන්තාවගේ නිවසේ ඉන්ධන තොග රැස්කර සඟවා ඇති බවට ඌව කුඩාඔය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද පුද්ගලික තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදීම එම නිවසේ කාමරයක් තුළ කාඩ්බෝඩ් පෙට්ටිවල අතුරා සඟවා තිබියදී මෙම ඉන්ධන තොගය අත්අඩංගුවට ගෙන තිබුණා.

එහි තිබී පෙට්‍රල් ලීටර් 95 ක් හා ඩීසල් ලීටර් 78 ක් පොලිසිය අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

වැඩි මිලට විකිණීමේ අරමුණෙන් යුතුව මෙම කාන්තාව අදාල ඉන්ධනත් තොග රැස්කර රැස්කර සඟවා තබන්නට ඇති බවයි පොලිසිය සැකකරන්නේ.

අත්අඩංගුවට පත් කාන්තාව අද (29) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන පවත්වනවා ෴


මොණරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙක් අල්ලස් දැලේ

(29.03.2026 – hirunews.lk)

මොණරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයෙකු රුපියල් පනස්දහසක (50,000/-) අල්ලස් මුදලක් ලබාගනිමින් සිටියදී අද (29) උදෑසන අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.

මොණරාගල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු (2) විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කළ බව එම කොමිසම සඳහන් කරනවා.

සැකකරු අද (29) පෙරවරු 08:55 ට පමණ මොණරාගල බස් නැවතුම්පළ අසල පිහිටි පොදු වැසිකිළි පරිශ්‍රයේ ඉහළ මාලයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අදාල අල්ලස් මුදල ඉල්ලා ලබාගැනීමට යාමේදී බව එම කොමිසම පවසවා.

මොණරාගල ප්‍රාදේශීය සභාව මගින් ටෙන්ඩර් ක්‍රමයට ලබා දී ඇති ගවමස් වෙළඳසැලක් සහ පොදු වැසිකිළියක් නියමිත ක්‍රමවේදයට අනුව පවත්වාගෙන නොයන බව පවසමින් එම ස්ථාන මුද්‍රා තැබීමෙන් වැළකී සිටීමටත්, නඩු පැවරීමෙන් වැළකී සිටීමටත් සැකකාර නිලධාරියා මෙලෙස අල්ලස් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

මීට අමතරව, අදාල ව්‍යාපාරිකයන් විසින් ගෙවීමට ඇති හිඟ ටෙන්ඩර් වාරික මුදල් ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීමට සහ එම ආයතන දිගටම පවත්වාගෙන යාමට සහාය වීම ද අල්ලස් ඉල්ලීමේ කොන්දේසි අතර වූ බව විමර්ශනවලදී අනාවරණය වූ බව එම කොමිසම සඳහන් කරනවා.

අදාල කටයුතු සඳහා සැකකරු විසින් රුපියල් 100,000 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබූ අතර, ඉන් රුපියල් 10,000 ක මුදලක් මීට පෙර ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම පවසනවා.

ඉතිරි රුපියල් 90,000 ක මුදලින් රුපියල් 50,000 ක මුදලක් අද (29) දින ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගත් සැකකාර ආදායම් පරීක්ෂකවරයා මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා ෴


පඩිපෙළේ දූෂණය NPP – JVP අනුර ආණ්ඩුව අනුමත කරනවාද ? හරිනි මේ ගැන මොකද කියන්නෙ ? (29.03.2026)

+

ඩිල්කා නිසා හෙළිදරව් වූ අනුරගේ ඊනියා කාන්තා ප්‍රතිපත්තිය… මාලිමාවේ වුණොත් විතරද කාන්තාවො ? (29.03.2026)

+


RMV ලොක්කව ඇතුලට දාපු හොර පොත් ගේම. පාස්පෝට් ක්ලෝන් කරලා මට ඕන කෙනෙක් කැනඩාව ඇතුලට දාන්න පුළුවන්. (29.03.2026)

+


‘හරිමි රජ සැපා ලක්දිව තී නිසා’ අනුරට එහෙම හිතුනෙ කා නිසාද? (29.03.2026)

+


රටේ නීතිය තුන් ඈවරයි? ජාත්‍යන්තරයට පැමිණිල්ලක් (29.03.2026)

+


කුමාර ජයකොඩිට බඩු බනිස් වෙයි. පැලවත්ත සීරුවෙන්! (29.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *