බ්‍රික්ස් සමුළුවට ගියා නම් මීට පෙර රුසියාවෙන් තෙල් ගන්න තිබුණා : නාමල් රාජපක්ෂ

බ්‍රික්ස් සමුළුවට ගියා නම් මීට පෙර රුසියාවෙන් තෙල් ගන්න තිබුණා : නාමල් රාජපක්ෂ


බ්‍රික්ස් සමුළුවට ගියා නම් මීට පෙර රුසියාවෙන් තෙල් ගන්න තිබුණා : නාමල් රාජපක්ෂ

(28.03.2026 – hirunews.lk)

ජනාධිපතිවරයා බ්‍රික්ස් සමුළුවට ගියා නම් තෙල් සම්බන්ධයෙන් මීට වඩා හොඳ ප්‍රතිචාරයක් රුසියාවෙන් මීට පෙර ලබා ගැනීමට තිබුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ අද (28) බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවැති රැස්වීමකින් අනතුරුවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ නුවරඑළිය දිස්ත්‍රික් වතු ශ්‍රමික ප්‍රජාවගේ සම්බන්ධීකාරකවරුන්,
ජ්‍යෙෂ්ඨ පුරවැසි හා සාම විනිසුරු සංවිධානයේ කැඳවුම්කරුවන් පත්කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා.

“බ්‍රික්ස් සමුළුවට ආරාධනා කරපු අවස්ථාවේදී එම සමුළුව මගහැරියා. බ්‍රික්ස් සමුළුවට ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා ගියානම් මීට වඩා හොඳ ප්‍රතිචාරයක් රුසියාවෙන් තෙල් පිළිබඳව මීට පෙර ලබා ගැනීමට තිබුණා. එහෙනම් රුසියාවේ බලශක්ති නියෝජ්‍ය ඇමතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙනකන් ඉන්න ඕන වෙන්නෑ සාකච්ඡා කරන්න. ඒ අවස්ථාවේදීම බලශක්ති සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඉඩ තිබුණා. කමක් නැහැ; පහුවෙලා හරි කරපු එක ගැන සතුටු වෙනවා.

දැනට අත්අඩංගුවේ පසු වන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ නාමල් කියා සිටියේ මෙවැනි සිද්ධි නිසා ජාතික ආරක්ෂාව බරපතල ආකාරයෙන් අර්බුදයකට යන බවයි.

බුද්ධි අංශ දුර්වල කරලා, හමුදාව දුර්වල කරලා ජාතික ආරක්ෂාව ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? පහුගිය යහපාල ආණ්ඩුව කාලෙදිත් මේ වැරැද්දම කළා. බුද්ධි අංශ දුර්වල කරලා, ආරක්ෂක අංශ දුර්වල කරලා ජාතික ආරක්ෂාවේ ප්‍රශ්නයක් ඇති වුණා. අපේ ආණ්ඩුවලදී විතරයි ඒ ආකාරයට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ කිසිම ආකාරයකින් දුර්වල කිරීමට පියවර නොගත්තේ.

මුදල් වියදම් කරලා කුමන්ත්‍රණකාරී ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පෙරළීමට ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් තම රජයක් යටතේ විශේෂ ජනාධිපති කොමිසමක් මගින් විමර්ශනයක් අනිවාර්යෙන්ම සිදු කරන බවද නාමල් රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කළා.

මුදල් වියදම් කරලා එම රජය පෙරළපු ආකාරය හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්න කියලා මං කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. නමුත් තවම ඊට ප්‍රතිචාරයක් ලැබිලා නෑ. ඒ වගේ දේවල් හොයන්න ඕන. නැත්නම් කිසිම කෙනෙකුට රටක් කරගෙන යන්න හම්බවෙන්නේ නැහැ. ඒක ඕනෑම ආණ්ඩුවකට වෙන්න පුළුවන්. මේ වර්තමාන ආණ්ඩුවටත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට වෙච්ච දේ වෙන්න ඉඩ තියෙනවා ෴


වංචනික අන්තර්ජාල ව්‍යාපාර සිදුකළ විදේශිකයන් 45 ක් අත්අඩංගුවට

(28.03.2026 – hirunews.lk)

සංචාරක වීසා මත මෙරටට පැමිණ මීගමුවේ ස්ථාන දෙකක (2) රැඳී සිටිමින් වංචනිකව පරිගණක ව්‍යාපාර සිදුකරමින් සිටි විදේශිකයන් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අඩංගුවට ගෙන ඇත්තේ චීන, මැලේසියානු සහ කාම්බෝජ ජාතිකයින් පිරිසක් බවයි, මීගමුව පොලිසිය පැවසුවේ.

මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ නිවසකදී සහලැගුම්හලකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ රිමාන්ඩ්

(28.03.2026 – hirunews.lk)

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ ලබන (30) සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ වාහන ලියාපදිංචි කිරීමේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා ෴


හෙට (29) ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

(28.03.2026 – hirunews.lk)

අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීම හේතුවෙන් හෙට (29) පෙ.ව. 09:00 සිට ප.ව. 02:00 දක්වා පැය 05 කාලයකට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව දෙහිවල ගල්කිස්ස මහ නගර සභා බල ප්‍රදේශවලට අයත් (කළුබෝවිල, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන) මෙන්ම මොරටුව, රාවතාවත්ත සහ සොයිසා පුර ප්‍රදේශ සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇති.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසිම් 1939 අංකය මගින් ලබා ගත හැකියි ෴


වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙක් මරුට; තවත් පොලිස් නිලධාරියෙකුට තුවාල

(28.03.2026 – hirunews.lk)

යාපනය – තෙන්මරච්චි, වීරබද්‍ර කෝවිලඩි ප්‍රදේශයේ නීතිවිරෝධි වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු වැලි ප්‍රවාහනය කළ ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ, එම ට්‍රැක්ටර් රථය නතර කිරීමට පොලිස් නිලධාරීන් අණ කළ ද එය නොතකා පොලිස් නිලධාරීන් ද අනතුරට ලක් කරමින් ට්‍රැක්ටර් රථය ධාවනය කර ඇති බවයි.

එහිදී එක් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇති අතර, තුවාල ලැබූ අනෙක් නිලධාරීයා චාවකච්චේරී රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ට්‍රැක්ටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර පලා ගිය සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴


මිනිස්සු හිතුවා අනුර තමයි පොර කියලා – විපක්ෂ ඉන්න කොට දුන්න ලොකු ලොකු ටෝක්ස් (28.03.2026)

+


අධික රස්නේ නිසා සිහිය විකල් වෙන්නත් පුළුවන් – මේ තත්ත්වය වැඩි වුණොත් ඉදිරිය තවත් භායානකයි (28.03.2026)

+


ඊශ්‍රායලය බදාදට ගහනවා ඉරානය ඉවරයි අපිත් ඉවරයි ? (28.03.2026)

+


මේක තමයි, ඔය මිනිහා කාන්තාවකට කරන අන්තිම අපහාසය… දිල්කාගේ පියා සිසිල් ගුණසේකර කියන කතාව (28.03.2026)

+

එදා දේශප්‍රේමියා, අද ජාතිද්‍රෝහියා… අනුර කුමාරගේ දේසපාලන රුපාන්තරණය (28.03.2026)

+

අඟුරු කුමාරගෙ කේස් එකෙන් අනුර ඇඟ බේරා ගනී… නීතිපති සහය නෑ (28.03.2026)

+


වටගල සිස්ටම් අනුරට බෑ – මතුගම (28.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *