තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්


තැපැල් දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

(27.03.2026 – 22:35 +0530 – sinhala.adaderana.lk)

තම නිල අඩවිය හා සමාන ව්‍යාජ වෙබ් අඩවියක් භාවිත කරමින් සිදු කරන වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ජංගම දුරකථන SMS මගින් පාර්සලයක් ලබාගැනීම සඳහා මුදලක් ගෙවිය යුතු බව දන්වා එම මුදල මාර්ගත ක්‍රමය ඔස්සේ ගෙවන ලෙසට පාරිභෝගිකයන් ඉල්ලා කරමින් වංචාවක් සිදු කරන බවය.

මෙම වංචනික ක්‍රියාවලිය යටතේ, පාරිභෝගිකයන් විසින් Payment Gateway හරහා තම කාඩ් පතෙහි තොරතුරු ඇතුළත් කරන අවස්ථාවේදී ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනික ලෙස අත්පත් කරගැනීමට කටයුතු කරන බව තැපැල්පති ආර්.පී. සත්කුමාර මහතා ප්‍රකාශ කළේය.

මේ හේතුවෙන් මහජනතාව මෙම වංචාකාරි කෙටි පණිවුඩ සබැඳි, ව්‍යාජ වෙබ් අඩවි සහ මාර්ගගත ගෙවීම් ඉල්ලීම් පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

නොහඳුනන සබැඳි වෙත ප්‍රවේශ නොවන ලෙසත් තම බැංකු කාඩ්පත් තොරතුරු හෝ OTP අංක කිසිදු අවස්ථාවක තෙවන පාර්ශ්ව පුද්ලයන්ට හෝ වෙබ් අඩවිවලට ලබා නොදෙන ලෙස ද තැපැල්පති ආර්.පී. සත්කුමාර මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය ෴


බඹරගස්තලාවේ භාවනායෝගීව සිටියදී කොටි ප්‍රහාරයට ලක්වූ විදෙස් හිමිනම ගැන තවත් කරුණු හෙළිවෙයි

(27.03.2026 – hirunews.lk)

කොටියෙකුගේ ප්‍රහාරයකින් අපවත් වූ බඹරගස්තලාව ප්‍රදේශයේ භාවනායෝගීව සිටි විදෙස් භික්ෂූන්වහන්සේ ගැන කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා.

මෙම අනතුර පෙරේදා (25) රාත්‍රී සිදුව ඇති බවත්, අදාළ විදේශීය ස්වාමීන්වහන්සේ එම ස්ථානයේ ලෙනක් තුළ භාවනායෝගීව සිට ඇති බවත්, වනජීවි සංරක්ෂණ සංසදයේ ලේකම් පරිසර සංරක්ෂණවේදී නයනක රන්වැල්ල පැවසුවා.

‘නන්ද’ ලෙස හැඳින්වූ උන්වහන්සේ වයස අවුරුදු 43 ක් වූ චෙක් ජාතික හිමිනමක්.

අපවත්වූ උන්වහන්සේ 2021 වසරේදී කුඩුම්බිගල ආරණ්‍යයට වැඩමවා මසක පමණ කාලයක් එහි සිට යළි චෙක් රාජ්‍යය බලා පිටව ගොස් ඇති බව සඳහන්.

අනතුරුව පසුගිය වසරේ (2025) ජනවාරි මස නැවතත් මෙරටට වැඩම කර බඹරගස්තලාව ප්‍රදේශයේ වැඩ සිට තිබෙනවා.

එසේම උන්වහන්සේ මීට වසරකට පමණ පෙර සිටයි කුඩුම්බිගල සහ බඹරගස්තලාව ප්‍රදේශවල භාවනායෝගීව වැඩමවා සිට ඇත්තේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පානම පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

+++

භාවනායෝගීව සිටි චෙක් ජාතික හිමිනමක් යාල කොටියෙකුගේ ප්‍රහාරයකින් අපවත් වෙති (27.03.2026)

+


‘මෙත් මග’ වෙනුවට ‘මත් මග’ පෙන්වූ තඹුත්තේගම ව්‍යාපාරිකයා මත්ගුලි සමග අත්අඩංගුවට (27.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *