මිද්දෙනිය වෙඩි තැබීමෙන් තුවාල ලැබූ නව (9) හැවිරිදි පිරිමි දරුවා ද ජීවිතක්ෂයට
මිද්දෙනිය වෙඩි තැබීමෙන් තුවාල ලැබූ නව (9) හැවිරිදි පිරිමි දරුවා ද ජීවිතක්ෂයට
(19.02.2025 – 23:08 +0530 – hirunews.lk/sinhala)
මිද්දෙනිය, ගල්පොත්තයාය ප්‍රදේශයේ දී ඊයේ (18) රාත්‍රියේ සිදු වූ වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගතකර සිටි නව (9) හැවිරිදි පිරිමි දරුවා ද අද (19) ගාල්ල ජාතික රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පවසනවා.
මෙම වෙඩි තැබීමෙන් වීරකැටිය, මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි ‘අරුණ විදානගමගේ’ නොහොත් ‘කජ්ජා’ යන අන්වර්ත නමින් හදුන්වනු ලැබූ තැනැත්තා සහ ඔහුගේ 08 හැවිරිදි දියණිය ඊයේ (18) දිනයේදීම ජීවිතක්ෂයට පත් වුණා.
ඔහු තම දරුවන් තිදෙනා (3) ද සමග යතුරු පැදියෙන් රාත්‍රි ආහාරය රැගෙන ඒම සඳහා වීරකැටිය මිද්දෙණිය මාර්ගයේ ගල්පොත්තයාය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැලකට ගොස් තිබෙනවා.
රාත්‍රි ආහාරය සූදානම්කරන තුරු ඔහු සිය වැඩිමහල් දරුවා එම ස්ථානයේ නවතා අවුරුදු හයක් (6) වයසැති දියණිය සහ අවුරුදු 7 ක් වයසැති පුතා සමඟ යතුරු පැදියෙන් වෙනත් වෙළෙඳ සැලකට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඔහු සහ දරුවන් දෙදෙනා (2) මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ එම වෙළෙඳසැලට ගොස් යළි එමින් සිටි අතරවාරයේ දීයි.
වීරකැටිය මිද්දෙණිය මාර්ගයේ ගල්පොත්තයාය 9 කණුව අසළදි මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
පොලිසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් (2) T56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පළා ගොස් තිබු බවයි.
වෙඩි වැදීමෙන් 39 හැවිරිදි ‘අරුණ විදානගමගේ’ හෙවත් ‘කජ්ජා’ නැමැත්තා එම ස්ථානයේදීම මියගියා.
අවුරුදු 6 ක් වයසැති ඔහුගේ දියණිය ද මෙම වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අතර, ඇය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගියා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 7 හැවිරිදි පුත්‍රයාද ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කළ අතර, පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට මරුකර යැවුණා.
පොලිසිය පැවසුවේ වෙඩි වැදීමෙන් මියගිය ‘අරුණ විදානගමගේ’ හෙවත් ‘කජ්ජා’ නැමැත්තාට කප්පම් ගැනීම් ඇතුළු චෝදනා රැසක් පවතින බවයි.
ඔහුට වෙඩි වැදුණු ස්ථානයේ තිබී මාංචු කුට්ටම් දෙකක් (2) ද සොයාගත් අතර, මීට පෙරද ඔහු මාංචු කුට්ටමක් සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
මියගිය ‘අරුණ විදානගමගේ’ නමැත්තා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂ කිහිපයක් සමඟම සමීපව සබඳකම් පැවැත්වූ අයෙක් ද වනවා ෴
හතර දෙනෙක් (4) ගෙනාවට ඉන්දියාවේ ඉදන් මෙහෙ ගේම් ගස්සන අනෙක් සෙට් එක මෙන්න (19.02.2025)
+
රනිල්ගෙ කළිසම අගේට ඇඳගත් ‘හිච්චි රනිල්’ගේ ‘වඳුරු කුණුහරුප’ අයවැය – විමල් වීරවංශ (19.02.2025)
+
නිරුවත් වානරයාගේ කතා වස්තුව | USAID | NED – විමල් වීරවංශ (19.02.2025)
+
වැටුප් වැඩි කිරීම ගණන් කරන හැටි සරලව මෙන්න – උදය ගම්මන්පිල (18.02.2025)
+
අයවැය පොඩි එකාගේ ලියුම වගේ. එහෙම වුණේ කොහොමද ? – උදය ගම්මන්පිල (18.02.2025)
+
ගනේමුල්ල සංජීව ඝාතනයට ඇල්ලූ වෙඩික්කරු CCD භාරයට
(20.02.2025 – 08:20 +0530 – hirunews.lk/sinhala)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘සංජීව කුමාර සමරරත්න’ හෙවත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය කිරීමේ සිද්ධියට ඇල්ලූ වෙඩික්කරු ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ වෙත ඊයේ (19) රාත්‍රියේ රැගෙනවිත් භාර දී තිබෙනවා.
එම කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර පැය 72 ක රැදවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

මුහුදු මාර්ගයෙන් පලා යෑමට සැළසුම් කර තිබියදී පුත්තලම – පාලවිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ‘ගනේමුල්ලේ සංජීව’ ඝාතනයේ වෙඩික්කරු පිළිබදව මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
ඔහු විවිධ නම්වලින් පෙනී සිට ඇති බවත්, ඒ සදහා හැදුනුම්පත් කිහිපයක් ද භාවිතා කර ඇති බවත් දැනට කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රකාශ කළා.
34 හැවිරිදි සැකකරු කමාන්ඩෝ බලකායේ හිටපු සෙබලෙකු බවයි ඔහු ඊයේ (19) පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා සිටියේ.
එමෙන්ම, මෙම පුද්ගලයා පසුගියදා ගල්කිස්ස – වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට ද විමර්ශනවලදී හෙළිව තිබෙනවා.
මීට අමතරව ඝාතනය සදහා යොදාගත් ගිනි අවිය අධිකරණ සංකීර්ණ පරිශ්‍රයට රැගෙනවිත් ඇත්තේ නීතිඥවරියක ලෙස සැරසුණු කාන්තාවක වන අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තැනැත්තියක බවට තොරතුරු ලැබී තිබෙනවා.
මීගමුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ඇය ‘ඉෂාරා සෙව්වන්දි’ නැමැත්තියක්.
නීතීඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි මෙම වෙඩික්කකරු විසින් අලුත්කඩේ අංක පහ (5) මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ විත්ති කූඩුව අසලදී ‘ගනේමුල්ල සංජීව’ට වෙඩි තබා පළා ගොස් තිබුණා.
වෙඩි තැබීමට යොදාගත් රිවෝල්වර වර්ගයේ ගිනිඅවිය ද අධිකරණ ශාලාවේ විත්ති කූඩුව අසල වැටී තිබියදී සොයා ගැනුණා.
එම ගිනි අවිය සැකකාර කාන්තාව විසින් රැගෙන විත් ඇත්තේ නීතිඥවරුන් භාවිතා කරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිටු, ගිනි අවියක හැඩයට කපා ඉවත් කර ඒ තුළ බහා සූක්ෂම ලෙස සඟවාගෙන බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.
කැලණිය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ නඩු කටයුත්තක් සඳහා ‘ගනේමුල්ලේ සංජීව’ බූස්ස බන්ධනාගාරයේ සිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (19) උදෑසන රැගෙන ආවේ දැඩි ආරක්ෂක රැකවල් මැදයි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ 9 වැනි මැදිරියේ ගනේමුල්ලේ සංජීවට අදාළ නඩුව කැඳවීමට නියමිතව තිබුණත් එහි විනිසුරුවරයා පැමිණ නොසිටි බැවින් ඔහුව අංක පහ (5) අධිකරණයේ පවතින නඩු 2 ක් සදහා යොමුකිරීමටයි කටයුතු කරනු ලැබුවේ.
අධිකරණයේ කටයුතු සිදුවන අතරතුර විත්ති කූඩුවේ රඳවා සිටි ‘ගනේමුල්ලේ සංජීව’ අසළට පැමිණි නීතිඥවරයෙකු ලෙස සැරසුනු වෙඩික්කරු, ‘ගනේමුල්ල සංජීව’ගෙන් යම් කරුණක් විමසන ආකාරයෙන් ඔහුට ළංවී පපු ප්‍රදේශය ඉලක්ක කර වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
අනතුරුව සැකකරු සූක්ෂම ලෙස පළාගොස් ඇත්තේ ‘ඇතුළේ වෙඩි තියෙනවා’ යනුවෙන් අධිකරණ පරිශ්‍රයේ සිටි අනෙක් පුද්ගලයින්ටද ප්‍රකාශ කරමින්.
කෙසේ වෙතත්, ඔහු සහ අදාළ කාන්තාව ඝාතනය සිදු කොට අධිකරණ සංකීර්ණයේ පිවිසුමෙන් පලායන අයුරුද සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී තිබූ අතර, පසුව බුද්ධි තොරතුරු ඔස්සේ විමර්ශන ආරම්භ කෙරුණා.
ඒ අනුව, සැකකරුවන් විදෙස් රටකට පලායාමට උත්සහ කරන බවට ලද තොරතුරුවලට අනුව ගුවන්තොටුපලේ ආරක්ෂාවද තර කිරීමටයි පියවර ගෙන තිබුණේ.
එමෙන්ම, මුහුදු මාර්ගය ඔස්සේ ද පලා යෑමට සැකකරුවන් උත්සහ කරන බැවින් ඊට අදාලවද විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුවයි වෙඩික්කරු පුත්තලම – පලාවිය ප්‍රදේශයේදී වෑන් රථයකින් පලා යමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවේ.
+
‘ගණේමුල්ල සංජීව’ගේ ඝාතකයා පැය 8 න් ඇල්ලූ මෙහෙයුම – කොන්ත්‍රාත්තුව රු. ලක්ෂ 150 යි… ලැබුණේ රු. ලක්ෂ 2 යි (20.02.2025)
+
‘ගනේමුල්ල සංජීව’ගේ වෙඩික්කරු ගැන වැඩිදුර තොරතුරු මහජන ආරක්ෂක ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි
(20.02.2025 – 10:44 +0530 – hirunews.lk/sinhala)
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු මහරගම දඹහේන පාරේ පදිංචි ‘සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි’ ලෙස හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පැවසුවා.
ඒ අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
එමෙන්ම ඔහු ගමන් කළ වෑන් රථය රියදුරු සමග අත්අඩංගුවට ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කළා.
තවද, අනෙක් සැකකටයුතු කාන්තාව සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු දිගටම ක්‍රියාත්මක කරන බවයි ඔහු පැවසුවේ.
ජාතික ආරක්ෂාව පිළිබඳව කිසිඳු තර්ජනයක් හෝ බාධාවක් එල්ල වී නොමැති බවත්, මෙම ක්‍රියා සංවිධානාත්මක අපරාධ කල්ලි අතර බොහෝ කලක පටන් සිදුවන ක්‍රියා බවත්, අමාත්‍යවරයා සඳහන් කළේ.
කෙසේ නමුත් ඝාතන සිදුවූ වහාම වෙන වෙනම විමර්ශන සිදු කරන බවත්, තනි සිදුවීමක් ගෙන ජාතික ආරක්ෂාවට බාධාවක් ලෙස සැලකීම අවශ්‍ය නොමැති බවත්, ඔහු වැඩිදුරටත් පැවසුවා.
+
‘ගනේමුල්ල සංජීව’ ඝාතනයේ වෙඩික්කරුට ආධාර අනුබල දුන් සැකකාර කාන්තාව හඳුනා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි
(20.02.2025 – 11:34 +0530 – hirunews.lk/sinhala)
අළුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ඊයේ (19) සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘සංජීව කුමාර සමරරත්න’ නොහොත් ‘ගනේමුල්ල සංජීව’ යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘කොළඹ අපරාධ කොට්ඨාසය’ විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, මෙම වෙඩි තැබීම සිදු කරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාව හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය අපේක්ෂා කරනවා.
සැකකාරියගේ විස්තර :

නම : පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි
වයස : අවුරුදු 25
ජා.හැ.අ : 995892480v
ලිපිනය : 243/01, මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම
සැකකාරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දුරකථන අංක : අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය :- 071 859 1727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය : 071 859 1735
මෙම සැකකාරිය පිළිබඳව සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් මුදල් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.
එමෙන්ම තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇති බවයි එම කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ Wimal Weerawansa. Liars and rabble rousers like you are no longer in vogue. Get off the stage man, taking with yiur smelly poisonous tongue with you. Dead loser still trying to make a mark. The only mark you make is that whenever you come out and talk, we all get the stench of human excreta. Get lost!