බ්‍රිතාන්‍යය සම්බාධකවලට හිටපු නාවික හමුදාපතිගෙන් ප්‍රතිචාර
(27.03.2025 – 20:14 +0530 – hirunews.lk/sinhala)
කිසිඳු විනිවිද පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම් වීමකින් තොරව තමන් ඇතුළු පිරිසකට එක්සත් රාජධානිය සම්බාධක පනවා ඇති බවට ‘හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ’ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ යුද පිටියේදී මෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳව කරුණුවලදීද බාහිර මැදිහත්වීමකට එරෙහිව රට ආරක්ෂා කිරීමේදීද ස්ථීරව සිටිමින් ඊට මුහුණ දුන් තමා හට එක්සත් රාජධානිය පනවා ඇති අයුක්ති සහගත සම්බාධකවලට මුහුණ දීමට සිදුව ඇති බවයි.
ඒ අනුව මෙම සම්බාධක කිසිඳු විනිවිද පෙනෙන විමර්ශනයක් හෝ නීතිමය ක්‍රියාමාර්ග මත පදනම් නොවූවක් බව පෙන්වා දෙන හිටපු නාවික හමුදාපතිවරයා, මෙය ශ්‍රී ලංකාවේ යුද ජයග්‍රහණයේ ප්‍රධාන භූමිකාව ඉටුකළ පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් සිදුකරන ජාත්‍යන්තර බලපෑමක් බවයි වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
මේ අතර, තමන් ඇතුලු පිරිසකට මෙම සම්බාධක පැනවීම් සියල්ල දේශපාලන රගපෑමක් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද (27) කල්කුඩා ප්‍රදේශයේ පැවති ජන හමුවකදී සදහන් කළා.
මේ අතර, අදාළ සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව සිය වගවීම සාක්ෂාත් කර ගැනීමට කිසිඳු උත්සාහයක් නොගන්නා තුරු, යුක්තිය ඉටු කර ගැනීම සඳහා ජාත්‍යන්තරය පියවර ගැනීම අත්‍යවශ්‍ය බවටයි එහි දැක්වෙන්නේ.
එමෙන්ම, සිවිල් යුද සමයේදී සිදුවූ කුරිරුකම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් සිව්දෙනෙකුට (4) සම්බාධක පැනවීමෙන් එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව තුළ වගවීම ප්‍රවර්ධනය කර ඇති බවද ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය පෙන්වා දෙනවා.
විදේශීය රජයන් ඉලක්කගත සම්බාධක පැනවීම අඛණ්ඩව කරගෙන යා යුතු අතර ශ්‍රී ලංකාවේ යුද අපරාධ සැකකරුවන්ට නඩු පැවරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය රැස් කර ඇති සාක්ෂි භාවිතා කළ යුතු බවද එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
හිටපු හමුදාපතිවරුන් වන ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ජයසූරිය, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට සිය රාජ්‍ය තුළට ඇතුළුවීම වළක්වමින් සහ එරට තුළ ඇති ඔවුන්ගේ වත්කම් තහනම් කරමින් එක්සත් රාජධානිය පසුගිය 24 වැනිදා සම්බාධක පනවනු ලැබුවා.
ඒ, මෙරට පැවති සිවිල් යුද්ධය අතරතුර සිදුවූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ වගකිව යුතු බවට චෝදනා කරමින්.
+++
දෙමළ ඩයස්පෝරාව ඉදිරියේ කොන්ද නැමුණු පුනරුද ඇමතිගේ ‘සංක්‍රාන්ති ලිංගික’ නිවේදනයට විමල්ගෙන් කණේ පාරක්.. (27.03.2025)
+
රණවිරු දඩයම අස්සේ ‘නූතන දොන් ජුවන් පාලනය’ කුමක් කරයිද? (2025.03.25)
+
විජිත හේරත්ගේ ප්‍රකාශය ජුලී චංග් වෙනස් කරලා. බ්‍රිතාන්‍යය ඉදිරියේ ආණ්ඩුව දණ ගස්සලා (27.03.2025)
+
හෙට (28) පැවැත්වෙන විරෝධතාවකට අධිකරණයෙන් නියෝගයක්
(27.03.2025 – 16:43 +0530 – hirunews.lk/sinhala)
විරෝධතාකරුවන් පිරිසකට මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වීම හා ඒ අවට පිහිටා ඇති රෝහල් වලට බාධා වන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදිය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය පදික වේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය අවට මාර්ග අසල පදික වේදිකාව හා මාර්ග අවහිර වන ආකාරයට උද්ඝෝෂණයක් හා පාගමනක් පැවැත්වීමට නියමිත බවට ලද තොරතුරක් මත අපරාධ නඩුවිධාන සංග්‍රහයේ පවතින ප්‍රතිපාදන ප්‍රකාරව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමට අනුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එම්.එන්.එම්. නුස්රි (සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සම කැඳවුම්කරු), එන්.ඩී. හේවාවිතාරණ (සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ලේකම්) චින්තක ප්‍රසාද් (සම සෞඛ්‍ය විද්‍යා පීඨ නියෝජනය කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති), මධුෂාන් චන්ද්‍රජිත් (අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු) ඇතුළු ඔවුන්ගේ සාමාජිකයින්ටයි මෙම ආඥාව නිකුත් කර ඇත්තේ.
ඒ අනුව අද (27) පස්වරු 02:30 සිට හෙට (28) පස්වරු 06:00 දක්වා මෙම නියෝගය ක්‍රියාත්මකයි ෴
තිස්ස විහාරයේ කළ තුච්ඡ වැඩේට ‘තඹුත්තේගම සුද්දා’ ජාතියෙන්, ශාසනයෙන් සමාව ගත යුතුයි… (27.03.2025)
+++
යාපනයේ තිස්ස විහාරයේ බුදු මැදුර විවෘතකිරීමේදී හමුදාවේ දානය, හේවිසි, ආරක්ෂාව අත්හිටවයි (27.03.2025)
+
‘කැකිරාවේ සුදස්සන’ට වැඩ වරදී.. (27.03.2025)
+
ඊළමට පාර කපන මාලිමාකාරයෝ උතුරු පළාත් ආණ්ඩුකාර ඊළාම් වැසියන් ලක්ෂ 03 ක් ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වයි? (28.03.2025)
+
පාළු ඉඩමක වළ දමා තිබූ පිස්තෝල අවියක් පොලිස් භාරයට
(28.03.2025 – 07:34 +0530 – hirunews.lk/sinhala)
කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සෝදිසි මෙහෙයුමක් සිදු කර පාළු ඉඩමක වළ දමා තිබූ පිස්තෝල අවියක්, එම පතොරම් ගැබ් 02 ක් හා එම පතොරම් 05 ක් ඊයේ (27) පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එසේ සොයාගෙන ඇත්තේ, බදුරලිය පොලිස් වසමේ කෙලින්කන්ද මාර්ගයේදීයි.
මෙම පිස්තෝල අවිය හා පතොරම් මෙම ස්ථානයේ සැඟ වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴
දෙවුන්දර වෙඩි තැබීමෙන් මියගිය පසිඳුගේ අවසන් කටයුතු අද (28)
(28.03.2025 – 09:03 +0530 – hirunews.lk/sinhala)
දෙවිනුවර වෙඩිතැබීමෙන් මියගිය පසිඳු තාරක නැමැති 29 හැවිරිදි තරුණයාගේ අවසන් කටයුතු අද (28) සිදු කිරිමට නියමිතයි.
එම තරුණයාගේ පියා ධීවර රැකියාව සඳහා ගොස් සිටීම හේතුවෙන් ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීම පමාවී තිබු අතර, ඔහු අද (28) දිනයේදීයි යළි ගොඩබිමට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මියගිය පසිඳුගේ දේහය රිය පෙරහරකින් ඊයේ (27) රාත්‍රියේ නිවසට රැගෙන එනු ලැබුවා.
පසුගිය 21 වනදා රාත්‍රීයේ සිදුවූ මෙම වෙඩි තැබීමේ සිද්ධියේදී ජීවිතක්ෂයට පත් වූ තරුණයින් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු වන 28 හැවිරිදි ‘යොමේෂ් නදීෂාන්’ මීට පෙර ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග අත්අඩංගුවට පත් වූ අයෙක්.
කෙසේ වෙතත් සිද්ධියෙන් මිය ගිය ‘පසිඳු තාරක’ට කිසිදු චෝදනාවක් නොමැති බවයි වාර්තා වුණේ.
මේ අතර, මෙම සිද්ධියට අදාළව පසුගියදා මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනා පැය 48 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දී තිබෙනවා.
ඒ ඔවුන් ඊයේ (27) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අදාළ සැකකරුවන් පළා යමින් සිටිය දී මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් දෙවුන්දර සහ දෙවිනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
ඝාතනයට ආධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම ද්විත්ව ඝාතනය සිදුකළ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු වන ‘දෙහි බාලේ’ නැමැත්තාගේ සහෝදරයා සමග සබඳතා පැවැත්වූ බවට පැවසෙන පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු පිළිබඳව ද මේ වනවිට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
+
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ගැන නීතිපති ගත් තීරණයට එරෙහි අභියාචනා පෙත්සම සලකා බැලීමෙන් විනිසුරුවරු දෙදෙනෙකු (2) ඉවත්වෙයි
(28.03.2025 – 15:20 +0530 – hirunews.lk/sinhala)
පසුගිය 2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු (11) පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‘හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ’ට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා ඉවත්කර ගැනීමට නීතිපතිවරයා විසින් ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බලන විනිසුරු මඩුල්ලේ විනිසුරුවරු දෙදෙනෙකු (2) අද (28) ඉවත් වුණා.
මෙම පෙත්සම අද (28) ඒ.එච්.එම්.ඩී. නවාස්, ජනක් ද සිල්වා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී ත්‍රිපුද්ගල (3) විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන ඒ.එච්.එම්.ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරු පෞද්ගලික හේතුන් මත තමන් මෙම නඩු විභාගයෙන් ඉවත්වන බව දැනුම් දුන්නා.
ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර් මස 15 වනදා කැඳවන ලෙසත් නියම කෙරුණා.
මෙම සිද්ධියෙන් අතුරුදන් වූ තරුණයින්ගේ ඥාතීන් විසින් මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴