Category «බුදුදහම – බොදු හැදියාව»

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) ජල සැපයුම අත්හිටුවයි

(17.07.2019 – 13:20 +0530 – hirunews.lk/sinhala) අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) දිනයේ පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, එදින (19) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය …

ගොංජගෙ ප්‍රකාශය ගැන විවිධ අදහස්

(17.07.2019 – 20:34 +0530 – hirunews.lk/sinhala) රංජන්ගේ ප්‍රකාශය ගැන විවිධ අදහස් රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පූජ්‍ය පක්ෂය සහ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් අදහස් පළ කළා. රන්ජන්ට විනය පරීක්ෂණයක් – අගමැතිට පැයක් කරුණු කියයි (17.07.2019 – 19:15 +0530 – hirunews.lk/sinhala) භික්ෂුන් වහන්සේට අපහාස වන අන්දමින් සිදුකළ ප්‍රකාශය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක, …

ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ මුහුණු පොත

(09.07.2019 – 19:25 +0530 – sinhala.adaderana.lk) ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500 ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා චෝදනා කරයි. ලක්ෂ 11 ක රසිකයින් පිරිසක් සිටි තම ෆේස්බුක් ගිණුම අක්‍රීය කිරීම සම්බන්ධයෙන් අද දෙරණ ‘TALK WITH CHATHURA’ වැඩසටහන සමඟ අදහස් දක්වමින් ඔහු මේ …

අනුරාධපුර සමයට අයත් මඩකලපුවේ තිබූ විශාලම ස්තූපයත් ඩෝසර් කරලා ?

(24.06.2019 – ada.lk) නැගෙනහිර පළාතට අයත් මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි අනුරාධපුර සමයට අයත් බවට සැළකෙන විශාලම ස්තූපය හා එය පාදක කර ගනිමින් ගොඩනැගුණු ආරාම සංකීර්ණය කිසියම් පිරිසක් ඩෝසර් කර ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි. විසිරී පවතින නටඹුන් පරීක්‍ෂා කිරීමේදී මෙම ස්ථූපය හා ආරාම සංකීර්ණය ක්‍රි.ව. 02-03 පමණ සියවස්වලට අයත් වෙතැයි අනුමාන කල හැකි …

මැතිවරණයේ ජයග්‍රාහී පක්ෂයට ප්‍රසාද මන්ත්‍රිධුර 15 ක් ලබාදිය යුතුයි – උදය ගම්මන්පිල

(10.06.2019 – 16:44 +0530 – sinhala.adaderana.lk) සුළු පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණයකදි ලබා ගත යුතු ඡන්ද ප්‍රතිශතය සියට 12.5 දක්වා වැඩි කිරිමට කටයුතු නොකර මැතිවරණයේදි ජයග්‍රහණය කරන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රිධුර 15 ක් ලබා දීමට කටයුතු කළ යුතු බව පිවිතරු හෙළ උරුමය පවසයි. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා අද (10) පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසීය. …

ජිහාඩ් අන්තවාදයේ මුලික අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීමයි – චම්පික රණවක

(09.06.2019 – 21:36 +0530 – sinhala.adaderana.lk) ජිහාඩ් අන්තවාදයේ මුලික අරමුණ අල්ලාහ් අදහන පිරිස හැර අනෙක් අය විනාශ කිරීම බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශලාවේ පැවැති මහාසඟ සමුළුවට සහභාගී වෙමිනි. ‍ මේ අයි.එස් සංවිධානය බිහි වුයේ ඉරාකයේ බවත් අමාත්‍යවරයා පැවසීය. එහිදී වැඩි …

මරණයෙන් පසු අන්තරා භාවයක් තියෙනවා ! – පූජ්‍ය බෙල්ලන ශ්‍රී ඥාණවිමල නාහිමි

(05.11.2017 – mawbima.lk) කෙනකුගේ මරණයේදී පහළ වන චුති චිත්තයත් සමඟම ඊළඟ ප්‍රතිසන්ධිය හටගන්නේය යන න්‍යායයෙහි පිහිටි ථෙරවාදීහු පෙර භවයත් අලුත් භවයත් අතර, අතුරු භවයක් හෙවත් අන්තරා භවයක් ඇතැයි පිළිගන්නේම නැත. එසේම ඒ මතයෙහි දැඩිව සිටින අය පුනර්ජන්ම සිද්ධීන් ගවේෂණය කිරීමේදී පෙර භවයත් අලුත් භවයත් අතර යම් කාල පරාසයක හිස් බවක් ඇත්තේ ඇයි දැයි යන ප්‍රශ්නයට …

පෙර භවයේ ප‍්‍රබල සාක්කි : පෙර භවයේ අනතුර නිසා පාලමකින් යන්න බය දරුවා

(02.05.2017 – lankadeepa.lk) දියණියන් දෙදෙනකුගෙන් යුත් පවුලේ බාලයා ලෙස පිරිමි දරැවකු බිහිවීම දෙමාපියන්ගේ බලවත් සතුටට හේතුවිය. එහෙත් එම දරුවාව උපතින් එක් අතක් අහිමිවීම දෙමාපියන්ට බලවත් ගැටලුවක් විය. කළුතර නාගොඩ රෝහලේ දී උපත ලද එම දරුවාගේ දෙමාපියන් ඒ වනවිට පදිංචිව සිටියේ මතුගම ප‍්‍රදේශයේය. දරුවා බිහිවූයේ අට මාසයක් පිරීමෙනි. එහෙත් ඔහුට රෝගාබාධ කිසිවක් නොවීය. දෙමාපියන්ගේ සහ සොහොයුරියන් …

පෙර භවයේ ප‍්‍රබල සාක්කි : යළි ඉපදී බිරිය සහ දියණිය සොයන ‘තරුණ ව්‍යාපාරිකයා’

(09.10.2017 – lankadeepa.lk) ‘පෙර භවයේ ප්‍රබල සාක්කි’ ලිපි පෙළ කියවන පාඨකයෝ ඔවුන්ගේ ඇතැම් දූ දරුවන්ද පෙර භවය අනාවරණය කළ බැව් හෙළිකරති. එවැනි තවත් දරුවකු පිළබඳව අප වෙත දන්වා එවා තිබේ. තවමත් තෙහැවිරිදි (03) වියේ පසුවන එම දරුවා ඔහුගේ පෙර භවයේ බිරිය සහ දියණිය සොයා දෙන ලෙස ඉල්ලා සිටින බැව් මාපියෝ පවසති. නුවරඑළිය රෝහලේදී මෙම දරුවා …

පෙර භවයේ ප්‍රබල සාක්කි : පෙර පන්සල සොයා ගිය යළි උපන් ‘පොඩි සාදු’

(04.10.2017 – lankadeepa.lk) දෙද‌ාස් හය වසරේදී උපත් ලද කළිඟු ඉපදී අට මසක් වැනි ඉතා කුඩා වයසේදී බහ තේරීමට උත්සාහ ගත් දරුවෙක් විය. ඒ සමඟම ඔහු තුළින් දක්නට ලැබුණ විශේෂත්වයක් වූයේ බුද්ධ රූපවලට දැඩි ලැඳියාවක් දැක්වීමය. අන් දරුවන් මෙන් වෙනත් ක්‍රීඩා භාණ්ඩ ඔහු ප්‍රිය නොකළේය. බුද්ධරූපයක් දුටු විගස ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියේය. වයස අවුරුදු …