ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ අසල්වැසි රටක් බවට හිටපු ජනපති මෛත්‍රී සී.අයි.ඩී. යට කියයි

ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ අසල්වැසි රටක් බවට හිටපු ජනපති මෛත්‍රී සී.අයි.ඩී. යට කියයි


ප්‍රහාරය සැලසුම් කර ඇත්තේ අසල්වැසි රටක් බවට හිටපු ජනපති මෛත්‍රී සී.අයි.ඩී. යට කියයි

(31.03.2024 – 19:33 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු අසල්වැසි රටක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනාවරණ කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

2019 වසරේ පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය 22 වැනිදා මහනුවරදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ අතර පසුදින ඔහු පැවසුවේ තවත් පාර්ශ්වයකින් ලද තොරතුරක් මත එම ප්‍රකාශය කළ බවයි.

කෙසේ වෙතත් ලැබුණු පැමිණිලි මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 25 වැනිදා පැය පහමාරකට (5½) ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගත්තා.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන එම ප්‍රකාශය කිරීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් කර තිබෙනවා.

අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ලෙස මෛත්‍රිපාල සිරිසේන එහිදි අනාවරණ කර ඇත්තේ අසල්වැසි රටක් බවයි.

තමන් මෑතකදී තානාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති උත්සවයකට සහභාගි වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙක් තමන්ට එය පැවසූ බවද මෛත්‍රිපාල සිරිසේන හෙළිකර ඇතැයි අනාවරණ වනවා.

ඒ අනුව ඔහුගේ මෙම ප්‍රකාශයේ සත්‍යතාවය තහවුරු කරගැනීම සඳහා එම උත්සවයට අදාළ සීසීටීවී දර්ශන ඔස්සේ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇති බව සඳහන්.

++++++++

+


දත් කැක්කුමට රෝහල් ගත කළ තරුණිය මියගිහින්

(31.03.2024 – 18:54 +0530 – hirunews.lk/sinhala)

දත් කැක්කුමක් ඉවසාගත නොහැකිව රෝහල් ගත කළ මොරවක ප්‍රදේශයේ තරුණියක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 29 ක මොරවක පරගල ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

මෙම තරුණිය විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු අවසන්ව ගුරුපත්වීමක් බලාපොරොත්තුවෙන් සිටි බවයි ඔහුගේ ඥාතීන් සඳහන් කළේ.

මෙම තරුණිය වසරක අධික කාලෙක සිට වකුගඩු රෝගයෙන් පෙළෙමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරු විමර්ශන සිදුකරන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ෴


නුවරඑළියේ හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

(31.03.2024 – 20:09 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි හෝටලයක අද (31) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.

ගෑස් කාන්දුවක් හේතුවෙන් හෝටලයේ මුළුතැන්ගෙය තුළ අදාළ ගින්න හටගෙන ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම ගින්න හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර දේපොළ හානි පමණක් සිදු ව ඇති බවයි.

නුවරඑළිය මහ නගරසභාවේ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා ෴


දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කෙටුම්පත හකුලා ගන්න – විපක්ෂ නායක

(31.03.2024 – 20:23 +0530 – hirunews.lk/sinhala)

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය සඳහා රජය ගෙන ආ කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා තුරු පාර්ලිමේන්තුව තුළත්, ඉන් පිටතත් දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ බදුල්ලේ පැවති ජනහමුවක් අමතමින්.

බදුල්ල දිස්ත්‍රික් සමගි වනිතා සමුළුව බදුල්ල විල්ස්පාර්ක් ක්‍රීඩාංගනයේදී අද (31) පැවැත්වුණා.

ඒ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

+


පොලිස්පතිවරයා පාස්කු ප්‍රහාරයේ වින්දිත පවුල්වල සාමාජිකයින් හමුවෙයි

(31.03.2024 – 20:52 +0530 – hirunews.lk/sinhala)

පාස්කු දින විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ නිරීක්ෂණය සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (31) එක්වූ අතර එහිදී පොලිස්පතිවරයා පාස්කු බෝම්බ ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයට ද පැමිණියා.

අනතුරුව පොලිස්පතිවරයා ප්‍රහාරයේ වින්දිත පවුල්වල සාමාජිකයින් ද හමුවුණා.

+


ගොඩනැගිල්ලක් ඉබියතුරු කඩා ඇතුළු වී උපන්දින සාදයක් දාපු අයට වැඩ වරදී

(31.03.2024 – 21:14 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ අත්හැර දැමූ ගොඩනැගිල්ලක ඉබියතුරු කඩා ඇතුළු වී මත්පැන් පානය කරමින් උපන්දින සාදයක් පැවැත්වූ සිසුන් පස්දෙනෙකු (5) සහ සිසුවියන් දෙදෙනෙකු (2) වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

+


ඉන්ධන මිල පහළට : පෙට්‍රල් ඔක්ටේන් 92 සහ සුදු ඩීසල් වෙනස් නොවෙයි

(31.03.2024 – 21:35 +0530 – hirunews.lk/sinhala)

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 7කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කළ බවයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ.

එම මිල පහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 440.00ක් ලෙසත් ලංකා සුපර් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 386.00ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 245.00ක් ලෙසත් සටහන් වනවා.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 371.00ක සහ ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 363.00 තව දුරටත් එලෙසින්ම පවතින බවත් එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම එම මිල ගණන් සංශෝධනය අනුව ලංකා IOC ඉන්ධන මිල ගණන්ද සංශෝධනය කර තිබෙනවා.

+

+

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සමගාමීව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. සයිනොපෙක් සමාගමේ 92 වර්ගයේ ඉන්ධන ලීටරයක් රුපියල් 368 ක් වන අතර සයිනොපෙක් ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 360 ක් ලෙස පවතින බවයි සයිනොපෙක් සමාගම පැවසුවේ ෴


සෙවනගලින් ඔන්ලයින් ගෙනත් පාසල් ළමුන්ට බෙදාහරින මදන මෝදක ජාවාරම (31.03.2024)

+


පාස්කු දා දේවස්ථානයක් අසලදී හිටපු L.T.T.E. සාමාජිකයෙකු පිහි සමඟ අත්අඩංගුවට

(01.04.2024 – 06:57 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – කඩොල් කැළේ උත්ථාන වූ සමිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේ පිවිසුම් දොරටුව ආසන්නයේදී L.T.T.E. සංවිධානයේ හිටපු සාමාජිකයෙක් බව පැවසෙන අයෙක් තියුණු පිහි‍ දෙකක් (2) සමඟ ඊයේ (31) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩකළපුව, කොක්කඩිචෝලේ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි කන්දසාමි වේදනායගම් නමැත්තකු බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබූ පිහියා දෙකෙන් එක් පිහියක් සැකකරුගේ කලිසම් සාක්කුවේද, අනෙක් පිහිය ඔහු සතු ගමන් බෑගයේ ද සඟවා තිබියදී සොයාගත් බවයි.

දේවස්ථානයේ පාස්කු දේව මෙහෙයට පැමිණ සිටි පිරිසකට ඇතිවූ සැකයක් මත මොහු ගැන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට ඔහු සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී තමා L.T.T.E. සංවිධානයේ සන්නද්ධ අංශයේ හිටපු සාමාජිකයෙකු බවට තොරතුරු හෙළිකරන ලදැයි පොලිසිය සඳහන් කරනවා ෴


අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයට

(01.04.2024 – 07:37 +0530 – sinhala.adaderana.lk)

අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු අද (01) සිට විධිමත් කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය සහ පෞද්ගිලක අංශය ඒකාබද්ධව සිදුකරන නීතිමය හා මූල්‍යමය ශක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක් (6) ඇතුළත අදාළ සියලු වත්කම් ඔවුන්ට පැවරීමට ද නියමිතව ඇති බව සඳහන්ය.

අදාළ කැබිනට් පත්‍රිකාව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගිය 25 වැනිදා පැවැති කැබිනට් රැස්වීම වෙත ඉදිරිපත් කර තිබිණි.

අධිවේගී මාර්ගජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම් සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වාණිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට තීරණය කර ඇත ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *