දිට්වා වන්දිවලින් රු. ලක්ෂ 10 ක් අල්ලස් ගත් ග්‍රාම නිලධාරීවරයෙකු හා කම්කරුවෙකු අත්අඩංගුවට
දිට්වා වන්දිවලින් රු. ලක්ෂ 10 ක් අල්ලස් ගත් ග්‍රාම නිලධාරීවරයෙකු හා කම්කරුවෙකු අත්අඩංගුවට
(22.05.2026 – 21:41 +0530 – sinhala.adaderana.lk)
රුපියල් ලක්ෂ 10 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගැනීමේ චෝදනාව මත මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරීවරයෙකු සහ පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ කම්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කළ ග්‍රාම නිලධාරීවරයෙකු සහ පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ සේවය කළ කම්කරුවෙකු වේ.
දිට්වා සුළි කුණාටුවෙන් පූර්ණ හානි වූ නිවසක් වෙනුවෙන් රජයෙන් අනුමත වූ රුපියල් ලක්ෂ 50 ක ආධාර මුදලින් රුපියල් ලක්ෂ දහයක (10) මුදලක් මෙම දෙදෙනා (2) අල්ලස් ලෙස ලබා ගෙන ඇත.
පැමිණිලිකාරියගේ නිවාස හානිය වෙනුවෙන් රජය මඟින් ලබාදීමට අනුමත කළ රු. ලක්ෂ 50 ක මුදලෙන්, 2026 අප්‍රේල් 10 වන දින පළමු (1) වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 ක මුදලක් ලබා දී ඇති අතර සැකකරුවන් විසින් ඉන් රු. ලක්ෂ 10 ක මුදලක් මෙලෙස ලබාගෙන ඇත.
එමෙන්ම ඉදිරියේදී ලබාදීමට නියමිත දෙවන (2) සහ තෙවන (3) වාරික මුදල් නිදහස් කිරීමේදී ද රු. ලක්ෂ 5 බැගින් අල්ලස් ලෙස ඉල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ ෴
වාහන අංක තහඩු ලක්ෂයක් ගොඩගැසිලා : ජුනි 30 ට පෙර ලබාගන්නැයි දැනුම්දීමක්
(22.05.2026 – hirunews.lk)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් 2023 සහ 2024 වර්ෂයන් තුළ මුද්‍රණය කළ, එහෙත් වාහන හිමිකරුවන් විසින් මෙතෙක් රැගෙන ගොස් නොමැති වාහන අංක තහඩු ලක්ෂයකට (100,000) ආසන්න ප්‍රමාණයක් දෙපාර්තමේන්තු පරිශ්‍රයන්හි ගොඩගැසී ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම අංක තහඩු ලබන ජුනි 30 වැනිදාට පෙර කඩිනමින් ලබාගන්නා ලෙසයි වාහන හිමිකරුවන්ගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.
කොළඹ දිස්ත්‍රික්කයට අදාළව නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ මෙන්ම, දිවයින පුරා පිහිටි අනෙකුත් දිස්ත්‍රික් කාර්යාලවල ද මෙම අංක තහඩු පවතින බවයි සඳහන්.
නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය වෙතින් ලබාගත යුතු වාහන අංක තහඩු සඳහා අදාළ කාර්යාලය වෙත පැමිණිය යුතු අතර අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශාඛා වෙත පැමිණ සෙසු අංක තහඩු ලබාගත හැකියි.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු 011 203 3333 දුරකථන අංකය ඔස්සේ දෙපාර්තමේන්තුවේ ‘වාහන අංක තහඩු අංශය’ අමතා ලබා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ෴
ඩුබායි සිට මෙරටට එවූ පාතාලයන් 21 දෙනා ගැන තවත් තොරතුරු
(22.05.2026 – 21:06 +0530 – sinhala.adaderana.lk)
ඩුබායි සිට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 21 දෙනෙකු අද (22) උදෑසන මෙරටට රැගෙනවිත් තිබුණි.
මෙම පාතාල සාමාජිකයින් අතර ‘මහවත්තේ චාමර’ සහ ‘කුඩු දුමින්ද’ ද සිටින අතර ‘මහවත්තේ චාමර’ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට නියමිත අතර, ‘කුඩු දුමින්ද’ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිතය.
මෙම සැකකරුවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පළා ගොස් සැඟව සිටියදී එරට ආරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී රක්ෂිත බන්ධනාගාරගත පසුවී තිබේ.
ඒ, මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා, මිසයිලවල වීඩියෝ සහ ජායාරූප ඔවුන්ගේ ජංගම දුරකථන තුළ තිබී සොයාගැනීමෙන් අනතුරවය.
පසුව මෙම 21 දෙනා අද (22) උදෑසන ගුවන්යානා දෙකකින් (2) මෙරටට පිටුවහල් කර එවා තිබුණි.
මෙම පිරිස අතර තරුණියන් දෙදෙනෙකු (2) සිටින අතර සෙසු 19 දෙනා පිරිමි පුද්ගලයින්ය.
සාජා නුවර සිට ‘එයාර් ඒෂියා’ ගුවන් සේවයේ G9-587 දරණ ගුවන් යානයෙන් අද (22) අලුයම 02:30 ට සහ එම ගුවන් සේවයේ G9-502 දරණ ගුවන් යානයෙන් මෙම 21 දෙනා කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණි.
ඒ වනවිට කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ගුවන්යානා මත්තල ගුවන්තොටුපොළ වෙත යොමු කෙරුණි.
කාලගුණික තත්ත්වය යහපත් වූ පසු අද (22) උදෑසන 08:10 ට පමණ මෙම මෙම ගුවන්යානා දෙක (2) මත්තල සිට යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
එහිදී G9-587 දරණ ගුවන් යානයෙන් කොළඹ ප්‍රදේශයේ පදිංචි ‘පොතුමුල්ල කන්කානම්ගේ චානුක පුෂ්පකුමාර’, ‘කිරුපනන්ද කෙව්තෙමාන්’, ‘කලුපෙ මහහේවගේ චලන සංගීත්’, ‘මොහොමඩ් සප්රාස්’ හා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ‘මල්දෙණියගේ කසුන් සච්චන’, ගම්පහ ප්‍රදේශයේ පදිංචි ‘වලිමුණිදේවගේ මධුසංඛ පුෂ්පලාල්’, රාගම ප්‍රදේශයේ පදිංචි ‘දිනුක ප්‍රභාත්’, අනුරාධපුරය ප්‍රදේශයේ ‘පදිංචි දිල්ෂාන් සුගත් කුමාර’, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි ‘ගොඩමුණේ විතානගේ අජිත් කුමාර’, මීගමුව ප්‍රදේශයේ පදිංචි ‘ප්‍රදීප් කුමාර’ යන 10 දෙනා කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් ඇත.
G9-502 දරණ ගුවන් යානයෙන් කොළඹ ප්‍රදේශයේ පදිංචි ‘කලුතරගේ චතුර බුද්ධික’, ‘කලුපෙ මහහේවගේ ගෙහානි ගෞෂිකා’, ‘අචිල නිරංග කුමාර’, ‘තෝල්ක මුදියන්සේලාගේ රොෂාන් ප්‍රදීප් රුද්‍රිගු’, ‘අනුරාධ උපශාන්ත ප්‍රනාන්දු’, මාරවිල ප්‍රදේශයේ පදිංචි ‘අඹගහගේ සුපුන් තිළිණ’, ‘සුන්දරදාස් සුලෝචනා’, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි වී සිටි ‘ක්ලැරන්ස් දිනේශ් මධුසංඛ’, මුන්දලම ප්‍රදේශයේ පදිංචි ‘වීරබාහු මුදියන්සේලාගේ තුසිත ප්‍රදීප්’, වාරියපොළ ප්‍රදේශයේ පදිංචි ‘සුරත් තුෂාර පෙරේරා’ සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචි ‘සමන් පුෂ්පලාල් පෙරේරා’ යන 11 දෙනා පිටුවහල් කර එවා තිබුණි.
මෙම පිරිස කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු අදාළ පොලිස් ස්ථාන වෙත භාරදීමට පියවර ගෙන තිබේ ෴
පාසල් සිසුන් අතර පැතිර යන මෙනින්ජයිටීස් තත්ත්වයක් ගැන අනාවරණයක්
(22.05.2026 – 17:56 +0530 – sinhala.adaderana.lk)
පාසල් සිසුන් අතර මේ වන විට ‘වෛරස් මෙනින්ජයිටිස්’ රෝග තත්ත්වයක් පැතිර යන අතර ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි.
ප්‍රථමයෙන්ම දෙනියායෙන් වාර්තා වූ මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝග තත්ත්වය මේ වන විට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව දියතලාවෙන් රෝගීන් 28 ක්, වැලිමඩෙන් 13 ක් සහ රිකිල්ලගස්කඩින් රෝගීන් 25 ක් පමණ වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.
මෙය වෛරස් මෙනින්ජයිටිස් තත්ත්වයක් වන බවත් මේ සම්බන්ධයෙන් වසංගත රෝග ඒකකය සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් නිසි ගවේෂණයකින් යුතුව කටයුතු කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම මෙම රෝගය පාසල් ළමුන් අතර වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති අතර තද උණ, හිසරදය, වමනය මෙහි රෝග ලක්ෂණ වන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේවෙතත් විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා සඳහන් කර සිටියේ මෙම රෝගී තත්ත්වය නිසි ප්‍රතිකාර ලැබීමෙන් සුව වන අතර ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නොමැති බවය.
එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා :
“මේ දිනවල මෙනින්ජයිටිස් රෝග තත්ත්වයක් වාර්තා වෙනවා.. දෙනියායෙන් තමා මුලින්ම දැක්කේ.. මේ වනවිට දියතලාව, වැලිමඩ සහ රිකිල්ලගස්කඩවල යන රෝහලවලත් වාර්තා වෙනවා.. මේ ගැන වසංගත රෝග ඒකකය සහ පළාත් සෞඛ්‍ය බලධාරීන් නිසි ගවේෂණ සහ ආවේෂණ කටයුතු සිදු කළා.. ඒ වගේම මේක ‘වෛරස් මෙනින්ජයිටිස්’ තත්ත්වයක් කියලා තහවුරු වෙලා තියෙනවා. මෙම රෝගය පාසල් ළමුන් අතර තමා ව්‍යාප්ත වෙලා තියෙන්නේ.. මේකේ රෝග ලක්ෂණ තද උණ, හිසරදය, වමනය.. මෙම රෝගයට බදුන් වූ රෝගීන් හැමදෙනාම පාහේ රෝහල්වෙත යොමුවෙලා තියෙනවා.. ඒ වගේම ප්‍රතිකාර එක්ක දවස් 5-7 ත් තුළ මෙම රෝගය සුව වෙනවා.. ඒ නිසා අනිසි බියක් ඇති කර ගන්න එපා.. මෙම රෝගය පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙන්නේ.. සියලු රෝගීන්ට නිසි අයුරින් ප්‍රතිකාර කරනවා.. කාටවත් බරපතළ නෑ.. පවතින වර්ෂාව හා වෙසක් සමයේ තියෙන දන්සල් එක්ක අපි හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා පරිස්සම් වෙන්න කියලා.. ඒ වගේම මේ රෝහ තත්ත්වය පාලනය කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා.. විශේෂයෙන්ම මෙම රෝගය අපවිත්‍ර වූ ජලයෙන් සහ ආහාරවලින් පැතිරෙන නිසා සැලකිලිමත් වෙන්න.. නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්න.. කොහොම වුණත් විශේෂයෙන්ම අපි පාසල් ආශ්‍රිතව හොඳ සම්බන්ධීකරණයකින් වැඩ කටයුතු කරනවා මෙම රෝගය පැතිරීම අවම කරන්න” ෴
කැනඩාවේ රැකියා සිහින පෙන්වා මුදල් වංචාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට
(22.05.2026 – 17:34 +0530 – sinhala.adaderana.lk)
රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයෙකු ලෙස පෙනී සිටිමින් කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 40 කට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන නිළධාරීන් විසින් අත්අංඩංගුවට ගෙන තිබේ.
නැගෙනහිර පළාතේ තරුණ තරුණියන් රවටමින් කැනඩාවේ සුපිරි වෙළඳසැල්වල රැකියා ලබාදෙන බව පවසා සැකකරු විසින් මුදල් වංචාකරන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි 7 ක් ලැබී තිබ ඇත.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ එම නිළධාරීන් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කිහිපවරක් උත්සහ කර තිබුණ ද ඔහු විමර්ශන නිළධාරීන් මගහැර සැගව සිට තිබු අතර පසුව පොලිස් විශේෂ කාර්යාංශයේ නිළධාරීන් හා එක්ව සිදුකළ වැටලීමකදී කුච්චවේලි ප්‍රදේශයේ නිවසේ සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
28 හැවිරිදි කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන සැකකරුට විරුද්ධව මීගමුව, මඩකලපුව හා අවිස්සාවේල්ල අධිකරණවල නඩු පවතින අතර ඔහුට එරෙහිව තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතින බව සඳහන් වෙයි.
සැකකරු වංචාකර ඇති මුදල රුපියල් කෝටියකට (1,00,00,000) අධික බවට ද සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරයි ෴
ජල ගැලීම් නිසා කටුනායක – මිනුවන්ගොඩ මාර්ගය නයිකන්දෙන් අවහිර වෙයි : විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම්දීමක්
(23.05.2026 – hirunews.lk)
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන ජල ගැලීම් නිසා කටුනායක – මිනුවන්ගොඩ මාර්ගය, නයිකන්ද ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
හේතුවෙන් එම මාර්ගය භාවිත කරන මහජනතාවට සහ රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ. ඒ අනුව,
- කොළඹ සිට අධිවේගී මාර්ගය ඔස්සේ කටුනායක හරහා කුරුණෑගල අධිවේගී මාර්ගය වෙත ගමන් කිරීමට අපේක්ෂා කරන රථවාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස, ජා-ඇල සහ මිනුවන්ගොඩ හරහා ගමන් කළ හැකි බවත්,
- කුරුණෑගල අධිවේගී මාර්ගයේ සිට කටුනායක හරහා කොළඹ දක්වා ගමන් කිරීමට පැමිණෙන රථවාහන ද මිනුවන්ගොඩ සහ ජා-ඇල හරහා ධාවනය කළ හැකි බවත්,
- ගම්පහ සිට පැමිණෙන වාහන මිනුවන්ගොඩ සහ සීදූව හරහා මිනුවන්ගොඩ – ජා-ඇල මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි බවත්,
පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරනවා ෴
ඩෝබි ලාල්ව අපි එලෙව්වා ! මුන්ට පාරේ බැහැලා යන්න බෑ දැන් ? (22.05.2026)
+
ආණ්ඩුව ගත්තට පස්සෙ ජේවීපීකාරයින්ටත් මොළේ උණ හැදුණා (22.05.2026)
+
ජේවීපීකාරයින්ගේ කෙරුවාව ඔච්චර තමයි… ගොදුර ගිලින්න බලාන ඉන්න විපක්ෂයට පණිවුඩයක් (22.05.2026)
+
පල්ලේගම හිමිට ඇප.. ළමා ආරක්ෂක අධිකාරිය පොලීසියේ කෙරුවාව කියයි! DNA සහ දුරකථන සංවාද සඳහා නියෝග ඉල්ලයි! (22.05.2026)
+
තත්වෙ බරපතලයි; රනිල්ගෙන් option තුනක් (22.05.2026)
+
එක රැයින් රුපියල ශක්තිමත්; ඩොලර් ටෝක් දීපු විපක්ෂෙ හාන්සියි (22.05.2026)
+
අරගලයේ ඇත්ත කතාව සහ බැසිල්ට දුන් වරෙන්තුව පිටුපස ඇති රහස! (22.05.2026)
+
ටිල්වින් ජාතියට දායාද කල ‘හොසේ මාටි’ පිළිරුව නිසා ආර්ථිකය රජ ගමනේ (22.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴