ලක්ෂ 11 ක රසික පිරිසක් සමඟ වසා දැමුණු ගායන ශිල්පී ඉරාජ් වීරරත්නගේ මුහුණු පොත

(09.07.2019 – 19:25 +0530 – sinhala.adaderana.lk)

ආණ්ඩුවට විරුද්ධ මත පළ කළ මෙරට සමාජ ජාලා වෙබ් පිටු 1500 ක් පමණ අද වන විට අක්‍රීය කර ඇතැයි ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා චෝදනා කරයි.

ලක්ෂ 11 ක රසිකයින් පිරිසක් සිටි තම ෆේස්බුක් ගිණුම අක්‍රීය කිරීම සම්බන්ධයෙන් අද දෙරණ ‘TALK WITH CHATHURA’ වැඩසටහන සමඟ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

ආණ්ඩුවට වැරදි පෙන්වා දෙන තමා වැනි කලාකරුවෙක් මීට පෙර දැක ඇත්දැයි ඉරාජ් මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

ගිණුම නැවත තමාට හිමිවේ දැයි තමා නොදන්නා බවත් මේ වන විට ඉන්දියාවට කථා කරමින් එය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.

නමුත් එහි මාෆියාවක් ඇති බවද පැවසු ඉරාජ් වීරරත්න මහතා පවසා සිටියේ, ලංකාවේ අද වන විට වෙබ් පිටු 1500 ක් ආණ්ඩුවට විරුද්ධව කථා කිරීම නිසා අක්‍රීය කර ඇති බවයි.

මැතිවරණ වැඩ කරන විට තමා තර්ජනයක් ලෙස දකින්නට ඇති බව ද සඳහන් කල ඉරාජ්, ඒ නිසා තමාට පහර දුන් බවත්, එයට අදාළ සියලු සාක්ෂි තමා ළඟ ඇති බවත් පැවසීය.

ජනාධිපති මාධ්‍ය අංශය ඇතුළේ ඉන්න අය සියලු තොරතුරු තමාට ලබා දුන් බව ද පැවසු ඉරාජ්, මේ පිළිබඳ සමහර විට ජනාධිපතිවරයා හෝ නොදන්නවා ඇති යැයි කියා සිටියේය.

ඇතුළේ ඉන්න අය තමාට සියලු දේ පෙන්නූ බවත් පැවසු ඉරාජ්, ඥානසාර හිමියන් නිදහස් කිරීමට තමා කථා කළ බවත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඒ ගැන අදහස් ප්‍රකාශ කල අයගේ වෙබ් පිටු අක්‍රීය කිරීමට කටයුතු කර ඇතැයි ද ඉරාජ් වැඩිදුරටත් චෝදනා කළේය.

අද දිනයේ දී තමාට ලක්ෂ 11 නැති වු නමුත් තමා වැටෙන්නේ නැති වුවත් හෙට දවසේ බලා සිටින ඕනෑම අයෙකුට මෙය සිදු විය හැකි බව ද ඔහු පැවසීය.

ඥානසාර හිමිගේ ඡායාරූපයක් හෝ අද වන විට ෆේස් බුක් එකේ පළ කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර නීතීඥ සංවිධාන එකමුතුව ද ඉකුත් දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.

ඉන් සඳහන් කර ඇත්තේ ගායක ඉරාජ් වීරරත්නගේ ෆේස් බුක් පිටුව අක්‍රීය කිරීම, පසුගිය කාලය පුරා ආණ්ඩුවට එරෙහි මත දැරීම හේතුවෙන් ඔහුට අත්විඳීමට සිදුවූ අභාග්‍යසම්පන්න ප්‍රතිඵලයක් ලෙසයි.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පුරවැසියන්ට ලබා දී ඇති මූලික මිනිස් අයිතිවාසිකමක් වන භාෂණයේ, ප්‍රකාශනයේ හා අදහස් පළ කිරීමේ නිදහස උල්ලංඝණය වන ආකාරයෙන් කටයුතු කිරීමට විදේශීය ආයතනයක් වුවද ෆේස්බුක් ආයතනයට ශ්‍රී ලංකා භූමිය තුළ කිසිඳු නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවද ඔවුන් එමඟින් අවධාරණය කරයි.

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=nDCEYdxRG28

+++++++++++++++++++++

08.07.2019

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=rpP9jOjtnak
08.07.2019

+++++++++++++++++++++++++++++++++++

කුඩු ගහන මන්ත්‍රීලා මම දන්නවා – Talk With Chatura
(Full Episode) (09.07.2019)

https://www.youtube.com/watch?v=iVdhxADdBY0#t=15

+++++++++++++++++++++

‘අන්තිමේ කූරගලට විදුලියත් නෑ.. ඉරාජ්ට ෆේස්බුක් එකත් නෑ..’ රවී-විමල් පාර්ලිමේන්තුවේදී සජිත්ව උඩ දම දමා තලයි…

(11.07.2019 – 14:10 +0530 – lankacnews.com)

කුරගල රජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති ඇමති රවී කරුණානායක මහතා ගෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය.

එම විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මැදිහත්වී නවතා දමා ඇති බවට මන්ත‍්‍රීවරයා චෝදනාවක්ද එල්ල කලේය.

එල්ල වූ මෙම චෝදනාව රවී කරුණානායක මහතා බැහැර නොකරන ලද අතර ගැටළුකාරී තත්වයක් ඇති බව පිලි ගත්තේය.

අවසානයේ වීරවංශ මහතා කියා සිටියේ ‘කූරගලට විදුලියත් නෑ.. ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවත්නෑ..’ යනුවෙනි.

https://www.facebook.com/WimalWeerawansa.sl/videos/2261008777267887/

+++++++++++++++++++++

චම්පිකගේ මාධ්‍ය ලේකම්ගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඕනෑ – ඉරාජ් වීරරත්න

(12.07.2019 – mawbima.lk)

ෆේස්බුක් පිටු 1500 ක් ගලවා ඉවත් කිරීමේ සිද්ධිය ජනාධිපති මාධ්‍ය අංශය මඟින් කළ එකක් ලෙස ප්‍රචාරය කරන ලෙසට ඇමැති පාඨලී චම්පික රණවකගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක කර ඇති ප්‍රකාශය පිළිබඳ වහාම පරීක්ෂණයක් කරන ලෙස යොවුන් ගායක ඉරාජ් වීරරත්න මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

පාඨලී රණවක ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක කළ ෆේස්බුක් සංවාදයක් තමා සතුව ඇතැයිද එම සංවාදයේදී ධනුෂ්ක රාමනායක කළ ප්‍රකාශ සටහන්ව තිබෙන බවද ඉරාජ් වීරරත්න කියා සිටියේය.

“ඉරාජ්ගේ පේජ් එක ටී.ආර්.සී. එකට (විදුලි සන්දේශ කොමිසමට) කියලා බ්ලොක් කළා. මේක මෛත්‍රි කළ වැඩක් කියලා ෆේස්බුක් පේජ්වල ගහන්න” යැයි එහිදී පාඨලී ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් ප්‍රකාශ කර තිබෙන බවද වීරරත්න මහතා පෙරේදා (10 දා) කොළඹ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පැවැසීය.

“මගේ ෆේස්බුක් එකේ ලක්ෂ එකොළහක පරිශීලකයන් පිරිසක් හිටියා. මම මගේ ෆේස්බුක් පිටුව යොදාගත්තේ සංගීතය ඇතුළු හොඳ දේවල්වලට විතරයි. හේතු දැක්වීමකින් තොරව මගේ ෆේස්බුක් පිටුව අයින් කරලා. තවත් ෆේස්බුක් පිටු 1500 ක් විතර ගලවලා. සිකුරාදා තමයි මගේ ෆේස්බුක් පිටුව ඉවත් කළේ. ඉන්පසු මේ ගැන පාඨලී චම්පික රණවකගේ මාධ්‍ය ලේකම් ධනුෂ්ක රාමනායක කළ ෆේස්බුක් සංවාදයක් මගේ ළඟ තියෙනවා.”

“එක් පුද්ගලයෙක් ධනුෂ්ක රාමනායකගෙන් පේමන්ට් එක කවද්ද ලැබෙන්නෙ අහනවා. ඔහු එය ලබන සතියේ දෙන බව කියනවා. ඉරාජ්ගේ පේජ් එක ටී.ආර්.සී. (විදුලි සන්දේශ කොමිසම) එකට කියලා බ්ලොක් කළා කියලා කිව්වා. මේක මෛත්‍රි කළ වැඩක් කියලා ෆේස්බුක්වල ගහන්න කියලා ඔහු කියනවා.”

“ධනුෂ්ක රාමනායක සීඅයිඩී එකට ගිහින් පැමිණිල්ලක් කරනවා. මාධ්‍ය ඉදිරියට ඇවිත් කියනවා මේ සිද්ධියට ජනාධිපති මාධ්‍ය අංශය සැකකරනවා කියලා. මේ මඩ ගැසීම ගැන සාධාරණ සැකයක් අපිට තිබෙනවා. ජනාධිපතිවරයවත් ෆේස්බුක් 1500 බ්ලොක් කිරීම ගැන දන්නෙ නෑ. ඒ නිසා ජනාධිපති මාධ්‍ය අංශය මේකට සම්බන්ධ කරලා ධනුෂ්ක රාමනායක කළ ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණයක් කරන්න කියලා අපිත් ඉල්ලා සිටිනවා.”

“මේ ප්‍රෝෆයිල් බලද්දී ලංකාවේ අයත් මේකෙ ඉන්නවා. ඒ අය එක්සත් ජාතික පක්ෂයෙ අයයි. චම්පික රණවකගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන ලේකම්වරයෙක් ජනාධිපති මාධ්‍ය අංශය කළ වැඩක් කියලා කියන නිසා වහාම පරීක්ෂණයක් කරන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.”

“දැන් ඥානසාර හාමුදුරුවන්ගේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේ දාන්න බෑ. හේතුව දැනගන්න ඇක්සස් නෑ, ඒක දැනගන්න අයිතියක් තියෙනවා. කවුද මේ දේවල් කරන්නෙ. සහරාන්ලා අවුරුදු හතක් තිස්සෙ අන්තවාදය ප්‍රචාරය කළේ කොහොමද? මේ ප්‍රශ්නය ෆේස්බුක් ප්‍රධාන කාර්යාලය දක්වාම රැගෙන යන්න බලාපොරොත්තු වෙනවා.”

මෙම පුවත්පත් සාකච්ඡාවට ගායන ශිල්පි පේෂල මනෝජ් හා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ප්‍රේමනාත් සී. ‍දොලවත්ත යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ ෴

+++++++++++++++++++++

10.07.2019
https://www.youtube.com/watch?v=9TopeMRLykQ

+++++++++++++++++++++

14.07.2019

+++++++++++++++++++++

IRAJ ගේ Page එක ගැලවුණු කතාවේ ඇත්ත එළියට! (15.07.2019)

https://www.youtube.com/watch?v=DldO1FdtHoo

***************************************

විනිසුරුවරිය පූජිත්ට හා හේමසිරිට ඇප දුන්නේ ඇයි ?

(09.07.2019 – 18:58 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මිනීමැරුම් සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අද (09) ඇප මත මුදා හැරියේය.

අදළ නියෝගය ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කළේ, යම්කිසි පුද්ගලයෙකුගේ නොසලකා හැරීමක් මෙම සැකකරුවන් දෙදෙනා වෙත යොමුකළ නොහැකි බවයි.

අද මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් නොකළ බන්ධනාගාර නිලධාරින් ඔවුන් රෝහල්ගතව සිටින බව වෛද්‍ය වාර්තා මඟින් අධිකරණයට තහවුරු කළේය.

මෙහිදී ඇප නියෝගය ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ප්‍රකාශ කර සිටියේ ජනාධිපති පරීක්ෂණ මණ්ඩලය හමුවේ ඉදිරිපත් වූ කරුණු මෙම නඩුවට අදාළ කරගැනීම අපහසු බවයි.

මිනීමැරුම් වැනි බරපතළ චෝදනා එල්ල කරනු ලබන අවස්ථාවක අත්අඩංගුවට ගැනීමට පෙර සැකකරුවන්ගේ ද ප්‍රකාශ ලබා ගැනීම සිදුකළ යුතු වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එවැන්නක් සිදුකර නොමැති බව මහේස්ත්‍රාත්වරිය අධිකරණයේදි ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂවරයා විසින් ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව දැක්වෙන ලිපි කිහිපයක්ම සැකකරුවන් වෙත යොමු කර තිබුණද එම කිසිදු ලිපියක ඉතාම ආසන්න දිනයකදී එම ප්‍රහාරය එල්ල වන බවට කරුණු දක්වා නොතිබූ බවයි.

එමෙන්ම තහවුරු කළ තොරතුරු අදාළ ලිපිවල ඇතුළත් නොවීම මත මෙම සැකකරුවන් එය වැළැක්වීම සඳහා පියවර ගන්නේ කෙසේද යන්න ගැටලු සහගත බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේය.

මහේස්ත්‍රාවරිය පෙන්වා දුන්නේ, ප්‍රහාරය එල්ල වූ දින පෙරවරු 08.46 ට රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා විසින් එල්ල වීමට නියමිත ප්‍රහාරය පිළිබඳව තොරතුරු මෙම සැකකරුවන් දෙදෙනා වෙත වට්ස් ඇප් මාර්ගයෙන් අනාවරණය කර තිබූ බව පැමිණිල්ල විසින් සඳහන් කර තිබුණ ද මෙවැනි තොරතුරු වඩා විධිමත්ව සන්නිවේදනය කිරීමට හැකියාව තිබූ බවයි.

වට්ස්ඇප් වැනි විවේකී අවස්ථාවල පණිවිඩ පරික්ෂා කරන මාධ්‍යයක් හරහා මෙවැනි අතිශය වැදගත් තොරතුරක් යොමු කිරීම කොතරම් ප්‍රායෝගිකදැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරිය එම පණිවිඩය ලැබෙන අවස්ථාව වන විටත් මරාගෙන මැරෙන පළමු බෝම්බ ප්‍රහාරය එල්ල වී ජීවිත හා දේපළ හානි සිදු වූ තිබූ හෙයින් සැකකරුවන් දෙදෙනා ඒ කෙරෙහි අවධානය යොමු කළ බව ඔවුන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණුවලින් පෙනී යන්නේ යැයි ද කියා සිටියේය.

මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලැබීම සහ එය වළක්වා ගැනීමට මෙම සැකකරුවන් දෙදෙනාම සියයට සියයක් නිවැරදි පියවර ගෙන ඇති බව පෙනී නොයන නමුත්, ඔවුන්ගේ නොසැලකිල්ල හරහා මිනීමැරුම් සිදු වූ බවට තහවුරු කළ හැකි කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවයි මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළේය.

ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදාළව ආරක්ෂක අමාත්‍යවරයා සතු බලතළ ආරක්ෂක ලේකම්වරයා වෙත හිමි නොවන බව පෙන්වා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය යම්කිසි පුද්ගලයෙකුගේ නොසලකා හැරීමක් මෙම සැකකරුවන් දෙදෙනා වෙත යොමු කළ නොහැකි බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම පැමිණිල්ල සඳහන් කරන ආකාරයට නොසැලකිල්ල සහ රාජකාරිය පැහැර හැරීම මත මෙම සැකකරුවන් දෙදෙනා විසින් මිනීමැරුම් සහ බරපතළ දේපළ හානි සිදු කිරීමට ඉඩ හැර ඇති බවට තහවුරු කරන සාක්ෂි තමන් හමුවේ ඉදිරිපත් වී නොමැති බව මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේය.

මෙම චෝදනාවල ස්වභාවය සලකා බැලීමේදී ඇප දීම සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගත යුතු බවට බැඳීමක් තමන්ට නොමැති බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හරින බව තීන්දු කළේය.

ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය, ඔවුන් රෝහලින් පිටව යාමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශ ලබා දෙන ලෙසත් නියෝග කළේය.

මෙහි වැඩිදුර නඩු විභාගය ලබන 22 වනදා කැඳවීමට නියමිතයි.

මේ අතර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප ලබාදීමේ නියෝගයට එරෙහිව නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් කොළඹ මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව නීතිපතිවරයගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළේය.

***************************************

සහරාන්ගෙන් හම්බන්තොට දී අවි පුහුණුව ලැබූ තරුණයෙක් TID බාරයට

(09.07.2019 – 17:41 +0530 – sinhala.adaderana.lk)

වැලිමඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර දී තිබේ.

පසුගිය ජූනි මස 15 වන දින මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 21 ක් වු බදුරියා මාවත, සිල්මියා පුර, වැලිමඩ ලිපිනයේ පදිංචි සාහුල් හමීඩ් හිස්බුල්ලා යන අයයි.

සැකකරු මොහොමඩ් සහරාන් සමඟ හම්බන්තොට ප්‍රදේශයේ දී පුහුණු වීම් හා අවි පුහුණුව ලබා ඇති බවට අනාවරණය වී තිබේ.

සැකකරු අද (09) වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර දී තිබේ.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

***************************************

ශ්‍රීලංකා නාවික හමුදා නෞකා පන්තියට එක්වූ පී 625 නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

(08.07.2019 – navy.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත 2019 ජුනි 05 වන දින ලබා ගන්නා ලද පී 625 නෞකාව අද (ජුලි 08) උදෑසන 0900 පැයට කොළඹ වරායට සේන්දු විය.

එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලද අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ මහජන චීන සමුහආණ්ඩු තනාපති, අතිගරු චේන්ග් සූයුවාන්, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්ෂක ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නිරාජ ආටිගල බටහිර නාවික විධාන භාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ, ශ්‍රී ලංකාවේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ චීන ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂු ජියෑන්වෙයි සහභාගී වී සිටියහ. තවද, නාවික හමුදා මූලස්ථානය සහ බටහිර නාවික විධානය නි‍යෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද එම අවස්ථාව සඳහා එක් වී සිටියහ.

නෞකාව කොළඹ වරායට පැමිණිමෙන් අනතුරුව, නාවික හමුදාධිපතිතුමා නෞකාවේ නිරීක්ෂණ චාරිකා වාරයක නිරත වූ අතර, එහිදී නෞකාවේ ක්‍රියාකාරීත්වය, මෙහෙයුම් සූදානම සහ සැකැස්ම පිළිබඳව නාවික හමුදාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය. තවද, මෙම නෞකාව නුදුරේදීම අධිකාරියට පත් කිරීමට ද නියමිතව ඇත.

1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112 ක් සහ පළලින් මීටර් 12.4 ක් වන අතර, එහි ධාරිතාවය ටොන් 2300 ක් වේ. පී 625 නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් නලින්ද්‍ර ජයසිංහ කටයුතු කරනු ලබන අතර, නෞකාවේ නිලධාරීන් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි. එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා යොදා ගැනීමට අපේක්‍ෂා කර ඇත.

+++++++++++++++++++++

***************************************

ළඟම පාසල – හොඳම පාසලද ?

(09.07.2019 – 20:36 +0530 – hirunews.lk/sinhala)

ළඟම පාසල හොදම පාසල යැයි ආණ්ඩුව පාරම්බාන විට අහුංගල්ල – ඌරගස්මංහන්දියේ පාසලක සිසුන් තම පාසලේ දිරාපත්වී ඇති ගොඩනැගිලි 3 ක් හිසමත කඩා වැටේ යැයි බියෙන් පසුවනවා.

එමෙන්ම කිතුල්ගල – අතුලඋඩ ප්‍රාථමික පාසලේ පවතින ගැටලු ද මීට දෙවැනි වන්නේ නැහැ.

ළඟම පාසල තවදුරටත් හොදම පාසලද ?

අහුංගල්ල – ඌරගස්මංහන්දිය පතිරාජ මහා විද්‍යාලයේ ගොඩනැගිලි තුනක් කලක පටන් මෙලෙස දැඩිලෙස අබලන්ව පවතිනවා.

මෙම ගොඩනැගිලිවල වහල දැඩිලෙස අබලන්ව පවතින අතර පුපුරාගිය බිත්තිද පවතින්නේ අවදානම් තත්ත්වයකයි.

පසුගිය වසරේ මෙම ගොඩනැගිලි පරීක්ෂා කල ගාල්ල ගොඩනැගිලි පර්යේෂණ ඒකකයේ නිලධාරීන් නිර්දේශ කර ඇත්තේ මෙම ගොඩනැගිලිවල ඉගෙනගන්නා දරුවන් ඉන් ඉවත්කරන ලෙසයි.

කෙසේ වෙතත් මේවන තෙක් අදාල ගැටළුවට විසදුමක් නොලැබීම හේතුවෙන් දරුවන් හා දෙමාපියන් අද පාසල ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

අවිස්සාවේල්ල – දෙහිඕවිට – අතුලඋඩ ප්‍රාථමික විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් පසුව බලධාරීන් ඊට ලබාදුන් විසදුම වූයේ පාසලේ පන්ති 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා පමණක් සීමා කරන ලෙසයි.

මේ වන විට දරුවන් 18 දෙනෙකු පමණක් සිටින අතුල උඩ විද්‍යාලයේ කිසිදු ගුරුවරයෙකු නොමැති අතර දරුවන්ගේ අධ්‍යාපනය කාබාසිනියාවීම බලාසිටිය නොහැකි විදුහල්පතිවරයා සියලුම සිසුන්ට තමන්ට හැකි පරිදි අධ්‍යාපනය ලබාදෙනවා.

***************************************

ගැටළු ගැන කියන්න ඕමානයේ ශ්‍රී ලාංකිකයින්ට දුරකථන අංකයක්

(09.07.2019 – 19:32 +0530 – hirunews.lk/sinhala)

ඕමානයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට තම සේවා ස්ථානවල පැන නගින ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ගාස්තු රහිත දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

80007877 යන එම අංකයට ඕනෑම අවස්ථාවකදී අදාළ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ ෴

***************************************

“ජෝති හරි අහිංසකයි බොන්න දීලා එයාව නැතිකරේ යාලුවෝ”
එච් ආර් ජෝතිපාල ශූරීන්ගේ බිරිඳ හෙලිකළ අප නොදත් කතාව (08.07.2019)

https://www.youtube.com/watch?v=2RoBLNe3jCk
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *