අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන්න – ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන්න – ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි
(28.05.2026 – hirunews.lk)
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් එම කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවෙලගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
2026 මැයි 26 වැනි දිනැතිව යොමු කර ඇති මෙම ලිපිය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ, අධ්‍යක්ෂ ජනරාල්වරයා කොමිෂන් සභාවේ නියෝග හා විධානයන්ට අනුකූලව කටයුතු කළ යුතු අතර, ඔහුගේ විනය බලධාරියා වන්නේ ද කොමිෂන් සභාවම බවයි.
අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව විශාල ගැටලුවක් පැන නැගී ඇති බවත්, ඔහු අත්තනෝමතික ලෙස පක්ෂග්‍රාහීව සිය රාජකාරී කටයුතු ඉටු කරන බවට පැමිණිලි රාශීයක් සමාජගත වී ඇති බවත්, ඔවුන් එම ලිපියෙහි සඳහන් කර තිබෙනවා.
එබැවින් ඔහුට එරෙහිව පියවර ගැනීමට කොමිෂන් සභාවට පූර්ණ බලතල ඇති බව එම සංවිධානය අවධාරණය කරනවා.
දූෂණ විරෝධී පනතේ 19(2)(අ) හා (ඉ) වගන්ති අනුව කොමසාරිස් ජනරාල්වරයා යම් බරපතල විෂමාචාරයක් හෝ පනතේ ඔහු වෙත පැවරී ඇති බැඳීම ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් තවදුරටත් අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කළ නොහැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
එසේම දැනට අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් කර ඇතැයි කියනු ලබන බලවත් විෂමාචාරයක් පිළිබඳව මියගිය කපිල චන්ද්‍රසේන විසින් කරන ලද අනාවරණයක් පිළිබඳව තොරතුරු ඔවුන් වෙත ලැබී ඇති බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරනවා.
කපිල චන්ද්‍රසේන විසින් ඔහු ජීවත්ව සිටියදී අධිකරණය වෙත ලබාදෙන ලද දිවුරුම් ප්‍රකාශය අනුව, ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවකදී, අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් තර්ජනාත්මක ස්වරූපයෙන් ඔහු අමතා ඇති බව එම ලිපියේ සඳහන් කර තිබෙනවා.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නම් මෙම සිදුවීමට අදාල බව ප්‍රකාශ කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා බලපෑම් කර ඇති බවයි එමගින් චෝදනා කර ඇත්තේ.
තවද, මීට පෙර කෙහෙළියගේ නඩුවට පැමිණි අයෙකුට තමන් චාන්ස් දෙකක් දුන් බවත්, එය නොගත් බැවින් ඔහු නඩු පැවරීමට පෙර දින එල්ලී මැරුණු බවත් පවසමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ට තර්ජන එල්ල කළ බව කපිල චන්ද්‍රසේන සිය දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
එසේම එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු සත්‍ය නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පිළිබඳව බරපතල සැකයක් හා අවිශ්වාසයක් ජනතාව තුළ ඇතිවන බව පැහැදිලි වන අතර, රංග දිශානායකගේ ක්‍රියා කලාපය බලවත් විෂමාචාරයක් වන බව ද පැහැදිලි බවයි එම ලිපියේ දැක්වෙන්නේ.
මෙම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු වල සත්‍ය අසත්‍යතාවය ඔවුන් නොදන්නා බවත්, එහෙයින් මේ පිළිබඳව විමර්ශනයක් පවත්වා එහි සඳහන් කරුණු වල සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගනිමින් අවශ්‍ය කටයුතු ඒ අනුව ඉටු කිරීම කොමිෂන් සභාව සතු පරම යුතුකමක් හා වගකීමක් ලෙස පෙන්වා දෙන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා ෴
+++
අල්ලස් කොමිසම උණුසුම් තත්ත්වයක් – ඒකබද්ධ විපක්ෂය අල්ලස් කොමිසම හොල්ලයි – රංගව අත්අඩංගුවට ගන්න (28.05.2026)
+
බාල ගල්අඟුරු නැවේ පිටුපස කතාව සහ අලුත් ඇමැතිගේ තීරණය (28.05.2026)
+
ශ්‍රී ලංකා ටෙලිකොම් එකේ ෆයිබර් කේබල් උපකරණ ලක්ෂ 20 ක් පෑලියගොඩ ගබඩාවේ දිරනවා (28.05.2026)
+
නාමල් සැර වෙයි – තග දාලා ආණ්ඩු බලය තියාගන්න ආවොත් අපි බලාගන්නම් (28.05.2026)
+
සංගීත් තවත් රට රවට්ටන්නේ නැතුව ඔයා කිව්ව යාළුවගේ සල්ලි ගේන්නකෝ (28.05.2026)
+
සංගීත් විජේසුරිය ඩොලර් මිලියන 23 ක් ගේන්න හැදුවේ කළු සල්ලි, ත්‍රස්තවාදී අරමුදල්? (28.05.2026)
+
මහින්ද දිනා දුන් සාමය අනුර ඉවර කරයිද ? නොගැලපෙන අසමත් මිනිහෙක් ජනාධිපති වීමේ ප්‍රතිපල (28.05.2026)
+
තමන් කියන දේවල්වලට මේගොල්ලො වගකියනවද ? නැහැ නේද ? (28.05.2026)
+
රාජිතලා නං මේ දේශපාලනයේ දැන් ඇති නේද ? ඇත්තටම ඕගොල්ලන්ට දැන් කවුද ඡන්දෙ දෙන්නේ ? (28.05.2026)
+
අනුර රජවෙන්න පනත් සංශෝදනයක් ලොකු වැඩ පරිස්සමින් (28.05.2026)
+
සංගීත්ගේ ඩොලර් අමුඩයෙන් වහන්න හැදූ ආණ්ඩුවේ හෙළුව! දෙසැම්බරයේ ඇත්ත කතාව (28.05.2026)
+
අනුරලා බොරු නඩු පටලවලා සුජීවගේ කට වපු හැටි (28.05.2026)
+
US$ vs LKR | Aluth Parliamenthuwa | 2025.05.27
+
Hiru TV Balaya Live | Episode 644 | 2026-05-28
+
සහකාර කෘෂිකර්ම කොමසාරිස්ගේ බලපෑමට ජෛව පරපෝෂිතයන් සහිත ශාක කොටස් මුදාහැරලා | සංජය අළුත් එකක් පත්තු කරයි (28.05.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (ඕනෑම බසකින්) ලබාදෙන්න ෴