කිළිනොච්චිය, කන්දසාමී කෝවිල අසලදී කිලෝ 04 ක රත්තරන් කුට්ටියක් සමඟ තිදෙනෙකු STF දැලේ

කිළිනොච්චිය, කන්දසාමී කෝවිල අසලදී කිලෝ 04 ක රත්තරන් කුට්ටියක් සමඟ තිදෙනෙකු STF දැලේ


කිළිනොච්චිය, කන්දසාමී කෝවිල අසලදී කිලෝ 04 ක රත්තරන් කුට්ටියක් සමඟ තිදෙනෙකු STF දැලේ

(28.04.2024 – 13:03 +0530 – hirunews.lk/sinhala)

කිළිනොච්චිය, කන්දසාමී කෝවිල අසලදී මෝටර් රථයක් පරීක්ෂාවට ලක්කල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් එම මෝටර් රථය තුළ සඟවා තිබූ කිලෝ ග්‍රෑම් 04 ක් බර රත්තරන් කුට්ටියක් ඊයේ (27) සොයාගෙන තිබෙනවා.

කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එම මෝටර් රථය පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේදී එම රත්තරන් කුට්ටිය හමු වී ඇති අතර, එම රත්තරන් කුට්ටිය නියම රත්තරන්ද, රන් ආලේපනය කළ කුට්ටියක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

එම රත්තරන් කුට්ටිය නියම රත්තරන් නම් එහි වටිනාකම රුපියල් කෝටි පහක් (5) පමණ වන බවට ගණන් බලා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

කිළිනොච්චියේ සිට වවුනියාවට එම රත්තරන් කුට්ටිය ප්‍රවාහනය කළ මෝටර් රථයේ කාන්තාවන් දෙදෙනෙකු (2) හා එක් (1) පිරිමියෙකු සිට ඇති අතර, ඔවුන් විසින් එකිනෙකට පරස්පර වූ ප්‍රකාශ ලබාදීම හේතුවෙන් ඔවුන්ව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිමියා වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙක් වන අතර කාන්තාවන් දෙදෙනා (2) ධර්මපුරම් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 හා 32 යන වයස අය බවයි පොලිසිය් සඳහන් කළේ ෴


සිවිල් පුරවැසියන්ට මරණ දඩුවම දෙන්න ජවිපෙට තිබූ බලය කුමක්ද?

(28.04.2024 – 14:10 +0530 – lankacnews.com)

‘රටේ සිවිල් පුරවැසියන්ට මරණ දඩුවම දෙන්න ජනතා විමුක්ති පෙරමුණට එදා තිබුණ බලය කුමක්ද? එදා ජවිපෙ අතින් කෘර ලෙස ඝාතනය වුන ස්වාමීන් වහන්සේලා, කලාකරුවන්, ව්‍යාපාරිකයින්, රාජ්‍ය සේවකයින් ඇතුළු වටිනා මිනිස්සුන්ට, නලින් හේවගේ ප්‍රසිද්ධ මාධ්‍යයේ අපහස කිරීම හෙළා දැකිය යුතුයි’ යයි නව ජනතා පෙරමුණ පක්ෂ නායක සුගීෂ්වර බණ්ඩාර පවසයි.

අවිස්සාවේල්ලල කිරිවන්දල දකුණ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

“තරුණ අසහනය දේශපාලන කැරැල්ලක් කරපු ජනතා විමුක්ති පෙරමුණ අදටත් ඔවුන් විසින් එදා මරා දමපු මේ රටේ වටිනා ජීවිත වලට වෛර කරන බව පේනව. ඔවුන් තුල ඒ කළ වරද ගැන අදටත් කිසි පසුතැවීමක් නෑ. වසර තිස් පහකට (35) පසුව ජනතා විමුක්ති පෙරමුණ අතින් මැරුණ මේ රටේ වටිනා ජීවිත වලට කසිප්පු කාරයින්, ස්ත්‍රී දූෂකයින් ලෙස ප්‍රසිද්ධ මාධ්‍යයේ අපහස කිරීම සහ එම ජීවිත මේ රටට කිසි වැදගත්කමකට නැති ඒවා ලෙස හංවඩු ගැසීමට ජනතා විමුක්ති පෙරමුණ දරණ උත්සාහය තුල මහ අශිෂ්ට බවක් පේනවා.

අද පරිණත බුද්ධිමත් දේශපාලන චරිතයක් විදියට සමාජගත වෙන්න උත්සහ කරන නලින් හේවගේල ඒ කාල මිනී මරල ඒ මිණිය කරතියන් කනත්තට ගෙනියන්න නොදී දණෙන් පහල මිණිය උස්සන් යන්න කියල අණ කරල ගතපු තිරිසන් සතුට ගැන ඔබ තමුන්නාසේලාට මේ සිද්ධියත් එක්ක මැවිල පේන්න ඕනෙ. ඒක තමයි ජනතා විමුක්ති පෙරමුණ තුල අදටත් තියෙන අනන්‍යතාවය. ඔවුන් එදත් කළේ ඒ මැරුණ මිනිස්සුන්ට අපහස කරපු එක. අද මේ ප්‍රසිද්ධ මාධ්‍ය ඉස්සරහට ඇවිත් නලින් හේවගේ කරෙත් ඒ මැරුණ මිනිස්සු එක්ක තමන්ගෙ තියෙන වෛරය පිරිමහපු එක.

මේ සිද්ධිට මට බොහොම සංවේදීයි මොකද මගේ පියා ඇඹිලිපිටිය ප්‍රදේශයේ සිටිය ඉතාමත් දක්ෂ නීතිඥයෙක් වගේම එම ප්‍රදේශයේ සෑම සියලු දෙනාගෙම ගෞරවාදරයට පත්වුන දැහැමි ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඔහු ජනතා විමුක්ති පෙරමුණ මරපු විජය කුමාරතුංග මහත්මයා, ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා වගේම මේ රටේ ජීවත් වුන ගෞරවාන්විත චරිතයක්.

එදා නලින් හේවගේ සහභාගී වුන අදාල රූපවාහිනී වැඩ සටහන බලන වෙලාවෙ ඔහු කියපු කතාව අහද්දි මට දැනුන හැගීම වචන වලට කියන්න බෑ. මගේ තාත්ත මරල දාල අවුරුදු තිස්පහකට (35) පස්සෙත් ඒ මරණයට අපහස කරනව නම්, සිනාමුසු මුහුණෙන් ප්‍රසිද්ධ මාධ්‍යයෙ ඇවිත් තවමත් ඒ ගෞරවාන්විත මිනිස්සුන්ට අපහස කරල ඒ මරණයේ සතුට බුක්ති විදිනව නම් අපි ඒ දේශපාලන සංස්කෘතිය පිළිගන්න ඕනෙද?

මේ සිදුවීම් ඒක්ක අපි හැමෝම ආයෙ පාරක් හිතන්න ඕනෙ, නැවත නැවත හිතන්න ඕනෙ ජනතා විමුක්ති පෙරමුණ ඒ කෘරත්වයෙන් දැන් මිදිල ද කියල?

අන්‍යාගමික මතවාදය මේ රටේ ජනතාවට බලෙන් කාවද්දන්න හදපු වෙලාවෙ ඊට එරෙහි වුන පූජ්‍ය බෙලිගල්ලේ මහින්ද හිමි, පූජ්‍ය පෝද්දලමුල්ලේ ප්‍රේමාලෝක හිමි, පූජ්‍ය මාරඹේ සෝමරත්න හිමි, පූජ්‍ය අඟුණුකොළපැලැස්සේ උපාලි හිමි වගේ බුද්ධ පුත්‍රයින් අද වැඩ සිටිය නම් මේ රටේ සසුන ඒකාලෝක කරන නායක ස්වාමීන්වහන්සේලා, ඒ වගේම විජය කුමාරතුංග මහත්මය හිටිය නම් අද මේ රට සමෘද්ධිමත් කරපු ජාතික නායකය වෙන්න තිබ්බ.

එහෙම බැලුවම ජනකා විමුක්ති පෙරමුණ ග්‍රාමීය හා නාගරික මට්ටමින් සිදු කළ ඝාතන ලැයිස්තුවේ හිටපු බොහොමයක් දෙනා අද ජීවත් උනා නම් ඔවුන් අද මේ රටේ ප්‍රභල ව්‍යාපාරිකයො, උගත් බුද්ධිමතුන්, වෘත්තීයවේදීන්, ව්‍යවසායකයින් වෙන්න තිබ්බ නේද? එහෙම බැලුවම ජනතා විමුති පෙරමුණ තමයි මේ රටේ ජාතික ආර්ථිකය වට්ටන්න මූලිකවට කටයුතු කරල තියෙන්නෙ පක්ෂය. ඔවුන්ට ඒ ජාති ද්‍රෝහී ක්‍රියාවේ පාප කර්මයෙන් මිදෙන්න බෑ.

අපි මේ දේවල් මහත් පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. මේ රටේ මිනිස්සු ඉස්සරහ ‘ජනතා විමුක්ති පෙරමුණ’ ප්‍රමුඛ ‘ජාතික ජන බලවේගය’ කොයි තරම් තමන්ගෙ මිනී මැරුම් සාධාරණීකරණය කරල ජනතාවගෙන් සමාව ඉල්ලුවත් මේ වගේ සිද්ධි වලින් ජනතාවට තේරෙනවා ඔවුන් තාම ඉන්නෙ පරණ මිනීමරු දේශපාලන සංස්කෘතිය තුළමයි කියල ෴

+

‘88-89 මැරුවෙ ස්ත්‍රී දූෂකයන්, හොරු, කසිප්පුකාරයෝ..’ ප‍්‍රකාශයට CIDයට පැමිණිලි..

(28.04.2024 – 10:00 +0530 – lankacnews.com)

‘ජාතික ජන බලවේගය ජාතික විධායක සභික’ හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට සූදානම් වෙයි.

88-89 භීෂණ කාලයේ ඝාතනය කරන ලද්දේ ස්ත්‍රී දූෂකයන්, හොරුන්, කසිප්පු කරුවන් යැයි ඔහු විසින් ‘හිරු නාලිකාවේ’දී කරන ලද ප්‍රකාශය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදු කර නීතිමය පියවර ගන්නැයි කරන්නයි ඉල්ලමින් මෙම පැමිණිල්ල සිදු කිරීමට නියමිතය.

අදාළ පැමිණිල්ල සිදුකිරීමට සූදානම් වන්නේ ‘ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ’ පාර්ලිමේන්තු මන්ත්‍රයේ ඩබ්.ඩී. වීරසිංහ මන්ත්‍රීවරයා විසිනි.

‘හිරු නාලිකාවේ’ පැවැති විවාදයකදී අදාළ ප්‍රකාශයෙන් පසු ආරාධිතයින් අතර ඉතා උණුසුම් තත්ත්වයක් ඇති විය ෴

+

26-04-2024

+


‘හොර වෙබ් අඩවි’ වලින් වීසා විකුණයි..

(28.04.2024 – 08:40 +0530 – lankacnews.com)

වීසා අයදුම් කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදය සඳහා ස්ථාපිත https://www.srilankaevisa.lk/ වෙබ් අඩවියට සමාන ‘ව්‍යාජ වෙබ් අඩවි’ වෙත පිවිස පුද්ගලයන් මුදල් ගෙවන බවට තොරතුරු ලැබි ඇතිබව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මාර්ග ගත වීසා අයදුම් කිරීමේදී https://www.immigration.gov.lk/ හෝ https://www.srilankaevisa.lk/ වෙබ් අඩවියේ evisa සබැඳි පමණක් භාවිතා කරන ලෙස දැනුම් දෙයි.

පසුගිය 17 වැනිදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ආරම්භ විය.


‘මැණිකේ මගේ හිතේ… : ඉන්දියානු දේශපාලනයේ ලාංකික කියැවීම’- ‘මාතර කතිකාව’ (28.04.2024)

+


සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ගෙන් රජයට මැසිවිලි

(28.04.2024 – 14:26 +0530 – hirunews.lk/sinhala)

බැංකු ණය වාරික ඉහළ යාම මෙන්ම ජල හා විදුලි ගාස්තු වැඩිවීම හමුවේ සිය කර්මාන්තය පවත්වාගෙන යෑමේ අර්බුදයක් මතුව ඇතැයි සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් පවසනවා.

ඔවුන් චෝදනා කරන්නේ මෙම තත්ත්වය හමුවේ සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සැපයීමට නොහැකි වුවහොත් විදෙස් සංචාරකයින් වෙනත් රටවලට යෑමේ ප්‍රවණතාවයක් මතුවිය හැකි බවයි.

රට තුළ පැවති අර්බුදකාරි තත්ත්වය හමුවේ කඩා වැටුණු සංචාරක කර්මාන්තය මේ වන විට යළිත් හිස ඔසවමින් පවතිනවා.

2023 වසරේ මුල් මාස තුනට (3) සාපේක්ෂව මේ වසරේ (2024) ගත වූ මාස කිහිපය තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 102% කින් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි සංචාරක සංවර්ධන මණ්ඩලයේ වාර්තාවල දැක්වෙන්නේ.

කෙසේවෙතත්, පැවති ආර්ථික අර්බුදය හමුවේ බිඳ වැටුණු සිය කර්මාන්තය යළි නගාසිටුවීමට ප්‍රමාණවත් පහසුකම් ලැබී නැතැයි එම කර්මාන්තයේ නියැලෙන්නන් පවසනවා.

ඔවුන් සඳහන් කළේ බැංකු ණය වාරික ඉහළ යාම මෙන්ම ජල හා විදුලි ගාස්තු වැඩි වීමත් ඊට බලපා ඇති බවයි.

+


‘ආංශික අධීක්ෂණ කාරක සභාවේ’ දී අලුත් අනාවරණයක්

(28.04.2024 – 14:47 +0530 – hirunews.lk/sinhala)

උස්වැටකෙයියාව – නුගපේ – බෝපිටිය ප්‍රදේශයේ කර්මාන්තශාලා 8 කට විදුලි සබඳතාව නොලැබීම හේතුවෙන් ඒවායේ වැඩකටයුතු කිරීමට නොහැකි වී ඇති බව ‘පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ’ දී අනාවරණ වී තිබෙනවා.

මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ ඊට අවශ්‍ය අධිබලැති විදුලි රැහැන් පද්ධතිය මුතුරාජවෙල රක්ෂිතය ආසන්නයෙන් ඉදිකිරීමට ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණ ද ‘ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව’ එකඟතාවය පළ නොකිරීම හේතුවෙන්.

මෙම අවස්ථාවට ‘පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ’ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, ‘මුතුරාජවෙල සුරැකීමේ අගරදගුරු කමිටුවේ’ සභාපති දිනූෂ නානායක්කාර, ‘නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යාංශයේ’ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, ‘ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ’ සභාපති එරාන් බාලසූරිය, ‘ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ’ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කීර්ති රත්න සහ ‘ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ’ අතිරේක සාමාන්‍යාධිකාරී සී.බී. අමරසිංහ එක්ව සිටියා.

+


“තනතුර දික් කර ගන්න කාදිනල් හිමි වතිකානයෙන් ඉල්ලයි?” – “නෑ ඒක බොරුවක්!” ජූඩ් ක්‍රිශාන්ත පියතුමා කියයි

(28.04.2024 – 14:52 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු වන තුරු, තම සේවා කාලය දීර්ඝ කරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි‍යන් විසින් වතිකානයෙන් ඉල්ලා ඇති බවට පළ වන වාර්තා මුලුමනින් ම බැහැර කරන බව අගරදගුරු පදවි ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ‘හිරු ප්‍රවෘත්ති අංශය’ වෙත පැවසුවා.

කෙසේ නමුත් කතෝලික සභාව විසින් බැහැර කරන මෙම පුවත සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වාර්තා පළ වී තිබුණේ, අදාළ තොරතුරු වතිකානයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග විසින් හෙළිදරව් කර ඇති බවයි.

මේ අතර එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ වයස; ස්ථාපිත ප්‍රොටෝකෝලයන්ගෙන් වෙනස් වන බවත්, ඒවා නොසලකා හරිමින් උන් වහසේ තව දුරටත් එම ධුරයේ රැඳී සිටීමට උත්සහ ගන්නා බවයි.

කෙසේ නමුත් එම කරුණු බැහැර කරමින් ක්‍රිශාන්ත පියතුමා පැවසුවේ, මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ව එම ධුරයේ තව දුරටත් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වවල කැමැත්ත තිබුණත්, තවමත් පෙර කී මාධ්‍ය වාර්තාවල සඳහන් වන ආකාරයේ සෘජුව වතිකානය දැනුවත් කිරීමේ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *