රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අද (07) ලැබුණු තීරණය
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ රිට් පෙත්සමට අද (07) ලැබුණු තීරණය
(07.05.2026 – 19:25 +0530 – sinhala.adaderana.lk)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමාට නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම අද (07) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීම ආරම්භ විය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම පවත්වාගෙන යාමට තිබෙන හැකියාව සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.
පෙත්සම්කාර සුරේෂ් සලේ මහතා වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වීමෙන් පසුව රජය විසින් ඒ පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ කොමිෂන් සභා සහ කමිටුවල කිසිදු විමර්ශනයකදී ප්‍රහාරයට තම සේවා දායකයා සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බවය.
සිය සේවාදායකයා 2019 වසරේ ජනවාරි සිට නොවැම්බර් 30 වැනිදා දක්වා ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ආරක්ෂක පාඨමාලාවකට සහභාගි වී සිටි බැවින් පාස්කු ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මෙරට නොසිටි බවද ඔහු පැවසීය.
විදේශයක රැඳී සිටින අසාද් මවුලානා නමැත්තකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට සිදුකළ ප්‍රකාශයක් හරහා සිය සේවා දායකයාට එරෙහි විමර්ශන ආරම්භ වී ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා අසාත් මවුලානා විසින් ඉදිරිපත් කරන කරුණු වලට කිසිදු සාක්ෂිමය වටිනාකමක් නැති බවද සඳහන් කළේය.
අසාද් මවුලානා ශ්‍රී ලංකාවේ අධිකරණය ඉහළ සිටම පහළට දුෂිත බවට ප්‍රකාශ කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන් අතර මේ පුද්ගලයාට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් නොකරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළේය.
සිය සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හයවන මහලේ මිනිස් වාසයට නුසුදුසු කුඩා කාමරයක රඳවා තැබීමෙන් දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බවද ජනාධිපති නීතිඥවරයා පැවසීය.
ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සූහාරශී හේරත් මහත්මිය සඳහන් කළේ පැරණි ගොඩනැගිල්ලක් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවා සේවය කරන්නේ අවම පහසුකම් යටතේ බවය.
කෙසේ වෙතත් සෑම පුද්ගලයෙකුටම ගෞරවාන්විත ආකාරයේ සැලකීමක් අවශ්‍ය බව පෙන්වා දුන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා මෙම කරුණ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් අවධානය යොමු කළ යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට දැනුම් දුනි.
වැඩිදුර කරුණු දක්වීම් ජුනි 04 වැනිදා දක්වා කල්තැබුණි.
+
අස්වැසුමේ රු. මිලියන 248 ක ද්විත්ව ගෙවීමක් සිදුවෙලා සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පිළිගනී
(07.05.2026 – hirunews.lk)
අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මාසයේ අස්වැසුම ප්‍රතිලාභීන්ට අමතර විශේෂ දීමනාව පිරිණැමීමේදී අතපසුවීමකින් ‘ද්විත්ව ගෙවීමක්’ සිදුව ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අද (07) පිළිගනු ලැබුවා.
නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති නිමල් කොටවලගෙදර සදහන් කළේ, එම මුදල් ප්‍රතිලාභීන්ගේ මෙම මාසයේ අස්වැසුම ගෙවීමෙන් අයකර ගැනීමට තීරණය කර ඇති බවයි.
මෙවැනි ගෙවීමක් සිදුව ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මෙන්ම ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය පසුගියදා අනාවරණය කළා.
ඒ අනුව, මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය මාධ්‍ය වෙත අද (07) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙලෙස ද්විත්ව ගෙවීමක් සිදුවී ඇත්තේ දුප්පත් ප්‍රතිලාභීන්ගේ කාණ්ඩයේ බවයි.
අතපසුවීමකින් ‘ස්ලිප් ෆයිල්’ එකක් මත දෙවරක් උඩුගතවීම ඊට හේතු වී ඇති බව අදාළ නිවේදනයේ සදහන්.
කෙසේ වෙතත්, මෙය අනාවරණය වූ වහාම ක්ෂණිකව ක්‍රියාත්මක වී එම ගෙවීම් අත්හිටුවා ආපසු බැර කරන ලෙස බැංකු වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
කෙසේ වෙතත්, ඊට පෙර ප්‍රතිලාභීන් 49,759 දෙනෙකු රුපියල් 248,795,000 (විසිහතර කෝටි අසූ හත්ලක්ෂ අනූපන්දහසක) මුදලක් ගිණුම් වලින් මුදල් ලබාගෙන ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.
ඒ අනුව, ඔවුන්ට අදාළ මෙම මාසයේ අස්වැසුම ගෙවීමෙන් මෙම මුදල් අයකර ගන්නා බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කළා.
මෙමගින් රජයට කිසිදු මූල්‍ය පාඩුවක් හෝ අක්‍රමිකතාවක් සිදුනොවූ බව පවසන සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය, සේවා අවශ්‍යතා මත කඩිනමින් ප්‍රතිලාභ ගෙවීමට සිදුවීම මසකට දෙවරක් ගෙවීම් කිරීමේ පහසුකම් පද්ධතිය තුළ නොමැති වීම නිසා ‘බාහිර ස්ලිප්ගොනු ආකෘතියෙන්’ ගෙවීම් කිරීමට සිදුවීම මීට හේතු බවයි පෙන්වා දෙන්නේ ෴
+++
අස්වැසුම දෙවරක් ගෙවීම ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයේ දැඩි විවේචනයට
(07.05.2026 – 20:20 +0530 – sinhala.adaderana.lk)
අස්වැසුම ප්‍රතිලාභීන් වෙත දෙවරක් මුදල් ගෙවීම සම්බන්ධයෙන් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත් කළ නිවේදනය, රාජ්‍ය මූල්‍ය පාලනය බිඳවැටී ඇති බවට පැහැදිලි සංඥාවක් බව ’ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය පවසයි.
එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා රුපියල් ලක්ෂ 5,000 කට ආසන්න මුදලක් අතිරේක වශයෙන් ගෙවා තිබීම ජනතා බදු මුදල් සම්බන්ධයෙන් දක්වන වගකීම් විරහිතභාවය තවදුරටත් හෙළිදරව් කරන බවය.
එම නිවේදනයට අනුව පුද්ගලයින් 49,759 දෙනෙකු රුපියල් 248,795,000 මුදලක් තම ගිණුම් වලින් ලබාගෙන ඇති අතර මෙතෙක් නැවත අයකර ගැනීමට නොහැකි වී ඇත්තේ එම මුදල පමණක් බවද එහි දැක්වේ.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පවතින සියලු පාලන හා තුලන ක්‍රමවේදයන්ට පිටතින් මෙම මුදල් ජනතාව අතට පත්වීම බරපතළ කරුණක් බව පෙන්වා දෙන ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය, මහා භාණ්ඩාගාරය මේ වන විට මූල්‍ය විනයක් නොමැති ආයතනයක් බවට පත්ව ඇති බවටද චෝදනා කරයි.
මෙවැනි මුදල් හුවමාරු අනාගතයේදී රාජ්‍ය මුදල් පරිහරණය සම්බන්ධ අපරාධ, දූෂණ හෝ වංචා චෝදනා යටතේ විමර්ශනය කළ හැකි ගනුදෙනු බවද එම සංවිධානය පෙන්වා දෙයි.
අස්වැසුම ප්‍රතිලාභීන්ගෙන් අදාළ මුදල මැයි මස වාරිකයෙන් නැවත අයකර ගැනීමට කටයුතු කළහොත්, රටේ අන්ත දිළිඳු පවුල්වල පෝෂණ සහ මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ හැකියාවට දැඩි බලපෑමක් එල්ල විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අතපසුවීම් හේතුවෙන් රටේ අන්ත දිළිඳු ජනතාව වන්දි ගෙවිය යුතු නොවන බව අවධාරණය කරන ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය, මහා භාණ්ඩාගාරය පළපුරුදු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකුගේ පාලනය යටතට පත් කළ යුතු බවද සඳහන් කරයි.
එසේ නොවන්නේ නම් භාණ්ඩාගාරයේ මෙවැනි අතපසුවීම්, වරදකාරී ගනුදෙනු සහ සයිබර් ප්‍රහාර හේතුවෙන් ජනතා බදු මුදල් අහිමිවීම තවදුරටත් සිදුවිය හැකි බවද ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය අවධාරණය කරයි ෴
ගෑස් පෙට්‍රල් විදුලිය – මල්ලිලාට දැන් සැපද ? (07.05.2026)
+
අනුරගේ බලලෝභී අවනීතික ප්‍රකාශයට මුලු රටම විරුද්ධයි – ඇයි මේ ජනාධිපති කෙනෙක් මෙහෙම හැසිරෙන්නෙ? (07.05.2026)
+
ෂ-ලොක් හෝම්ස් පැරිස් ගිහිල්ලත් කාගෙහරි වළන් හෝදනවද දන්නෑ (07.05.2026)
+
විපක්ෂෙ – ආණ්ඩුව ඩීල් එකක් තියෙනවද ? එරාන්ලා හර්ෂලා හින්දා,රටේ මින්ස්සු එහෙම හිතන එක වැරදිද ? (07.05.2026)
+
ආණ්ඩුවක් ගොඩ දාන්ඩ හර්ෂ සිල්වාට බැහැ – ගිලෙන නැව්වලට මීයොවත් ගොඩවෙන්නෙ නෑ (07.05.2026)
+
ඩොලර් 290 යූරියා ටොන් එකට ඩොලර් 800 ක් ගෙවන මාලිමාණ්ඩුවේ පොහොර ජාවාරම – රු. කෝටි 8000 ක් කාගේ සාක්කුවටද? (07.05.2026)
+
මත්ද්‍රව්‍ය ජාවාරම් කරපු චීවරධාරියෝ යට ගලවපු බුදුපිළිම වගයක් ගමේ බෙදලා. පිළිම ඇතුළෙත් මුන් බඩු ඇද්දද? (07.05.2026)
+
ටෙන්ඩර් ෆික්ස් කරන හැටි අනුරගෙන් ඉගෙන ගනිමු (07.05.2026)
+
රංග රාජපක්ෂගේ අභිරහස් මරණය සහ ආණ්ඩුවේ අවසානය (07.05.2026)
+
ජනතාව සටන අතට ගන්න මඟ බලන් ඉන්නේ.. අපි ලෑස්තියි නායකත්වය දෙන්න – පසන් කස්තුරි (07.05.2026)
+
LIVE – Hiru TV Balaya Live | Episode 641 | 2026-05-07
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴