රියැ­දුරු රැකි­යා­වට ලිතු­වේ­නි­යා­වට ගිය ශ්‍රී ලාංකි­ක­යන් 106 ක් යුරෝ­පයේ හිර වෙලා

රියැ­දුරු රැකි­යා­වට ලිතු­වේ­නි­යා­වට ගිය ශ්‍රී ලාංකි­ක­යන් 106 ක් යුරෝ­පයේ හිර වෙලා


රියැ­දුරු රැකි­යා­වට ලිතු­වේ­නි­යා­වට ගිය ශ්‍රී ලාංකි­ක­යන් 106 ක් යුරෝ­පයේ හිර වෙලා

(27.04.2024 – dinamina.lk)

  • සුදු­සු­කම් ලත් රියැ­දුරන් ඌරු කොටු­ව­කට දැම්මා
  • පිටු­ව­හල් කර එවුණු දෙදෙ­නෙක් හෙළි කරති

ලිතු­වේ­නි­යාවේ බර වාහන රියැ­දු­රන් ලෙස සේවය කිරී­මට ගිය ශ්‍රී ලාංකි­ක­යන් 106 දෙනකු එම රැකියා, ආහා­ර­පාන සහ නවා­තැන් පහ­සු­කම් නැති වීම නිසා යුරෝ­පයේ අත­රමං වී සිටින බව එම කණ්ඩා­යමේ සිටි, ලිතු­වේ­නි­යා­වෙන් පිටු­ව­හල් කර පැමිණි ශ්‍රී ලාංකියෝ දෙදෙ­නෙක් (2) ඊයේ (26) උදෑ­සන කටු­නා­යක ගුවන් තොටු­පො­ළේදී පැව­සූහ. ඔවුන් දෙදෙනා (2) ඇතුළු ශ්‍රී ලාංකික 108 දෙනකු රජයේ මැදි­හත් වීමෙන්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ ලියා­ප­දිංචි වී, රුපි­යල් ලක්ෂ 12 ක් කොළඹ රැකියා නියෝ­ජිත ආය­ත­න­ය­කට දී ලිතු­වේ­නි­යාව බලා බර වාහන රියැ­දු­රුන් ලෙස සේවය කිරීම සඳහා පිටත්ව ගොස් තිබේ. මෙසේ ලිතු­වේ­නි­යාවේ සිට මෙර­ටට පැමිණි ගාල්ල උණ­ව­ටුන ප්‍රදේ­ශයේ පදිංචි එන්.ඩබ්. ප්‍රියන්ත මහතා කටු­නා­යක ගුවන් තොටු­පො­ළේදී මෙසේ පැව­සීය :

“මම කොළඹ වරායේ බර වාහන රියැ­දු­රකු ලෙස සේවය කර­මින් සිටි අතර, මටම අයත් බර වාහන දෙකක් (2) ද වරායේ සේව­යට යොදවා තිබුණා. ඒත් ශ්‍රී ලංකාවේ පව­තින වර්ත­මාන ආර්ථික තත්ත්වය යටතේ ඒ වාහන විකුණා, රත්රන් බඩු උගස් කර, රජයේ මැදි­හත් වීමෙන් කොළඹ රැකියා නියෝ­ජිත ආය­ත­න­ය­කට රුපි­යල් ලක්ෂ 12 ක් ගෙවා ලිතු­වේ­නි­යාවේ බර වාහන රියැ­දු­රන් ලෙස සේවය කිරී­මට යෑමට සූදා­නම් වුණා. මේ මුද­ලට අම­ත­රව ගුවන් ටිකට් පත් ඇතුළු තවත් බොහෝ දේවල් අප මිල දී ගත්තා.

අප ලිතු­වේ­නි­යාව බලා පිටත්ව යන උත්සව අව­ස්ථා­වට අග්‍රා­මාත්‍ය දිනේෂ් ගුණ­ව­ර්ධන මහ­තා ද පැමිණ සහ­භාගී වී සිටියා. ඒ නිසා අපි විශාල බලා­පො­රො­ත්තු­වක් රඳවා ගෙන තිබුණා. එහෙත් අප ලිතු­වේ­නි­යා­වට ගියාට පසුව, එරට ‘මාන්වෙස්ටා සමා­ගම’ අප ශ්‍රී ලංකා­වෙන් ගිය පිරිස අතු­රින් දෙදෙ­න­කුට (2) පම­ණක් බර වාහන රියැ­දුරු තන­තුරු දී, අනෙක් පිරිස ඌරු කොටු­වල රැකියා සදහා යොමු කළා. අප සියලු දෙනා බර වාහන පැද­වීම පිළි­බඳ සුදු­සු­කම් ලත් රියැ­දු­රන්. ඒ නිසා අපි ඌරු කොටුවේ රැකි­යා­වට කැමැති වුණේ නැහැ. ඒ නිසා ලිතු­වේ­නියා රජය වසර දෙක­කට (2) අපට දී තිබූ නේවා­සික වීසා බල­පත්‍ර අහෝසි කළා. ඊට පස්සෙ අප දව­ස­කට යූරෝ 10 ක් වැය කර නවා­තැන් පහ­සු­කම් සල­සා­ගත්තා; ඊට අම­ත­රව ආහා­ර­පාන වෙනම මිල දී ගත්තා. අප මේ පිළි­බඳ ‘ලංකා මානව හිමි­කම් සංවි­ධා­නයේ’ සභා­පති ආචාර්ය සරත් ජයන්ත පීරිස් මහතා දැනු­වත් කිරී­මෙන් පසුව මෙසේ අප ශ්‍රී ලංකා­වට ගෙන්වා ගැනී­මට කට­යුතු කළා. ඒ අනුව මමත් සමග ලිතු­වේ­නි­යාව බලා පිටත්ව ගිය දෙදරු පියෙකු වන අතු­රු­ගි­රියේ කාලිංග බුල­ත්සිං­හල මහතා ද පැමිණ සිටි­නවා. අපිට මේ වෙන­කොට රුපි­යල් ලක්ෂ 35 විතර මේ ගම­නට විය­දම් වෙලා තියෙ­නවා. මේ මුදල් ලංකාවෙ අපේ ගෙවල් දොර­වල් උගස් තියල සොයා­ගත්තෙ, අප ශ්‍රී ලංකා­වට ගෙන්වා­ගන්න ඕනැ නිසා.”

මොවුන් ඊයේ (26) දින අලු­යම 05:20 ට තුර්කියේ ඉස්තා­න්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ. 730 දරන ගුවන් යාන­යෙන් කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත පැමිණ තිබූ අතර, ඔවුන් භාර ගැනීම සදහා ‘ශ්‍රී ලංකා මානව හිමි­කම් සංවි­ධා­නයේ’ සභා­පති ආචාර්ය සරත් ජයන්ත පීරිස් මහතා ඇතුළු එම සංවි­ධා­නයේ නිල­ධා­රීහු දෙදෙ­නෙක් (2) ද කටු­නා­යක ගුවන් තොටු­පොළ වෙත පැමිණ සිටි­යහ ෴


රුපියල් කෝටි 16 ක වටිනාකමකින් යුත් හෙරොයින් 08kg සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(27.04.2024 – 11:20 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි 16 ක වටිනාකමකින් යුත් හෙරොයින් 08kg සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහරගම නාවින්න ප්‍රදේශයේදීයි. මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 45 ක පුද්ගලයෙක් ෴


කාර් එකෙන් මත්ද්‍රව්‍ය කිලෝ 30 ක් ඇද්ද සැකකරුගේ පැටිකිරිය මෙන්න

(27.04.2024 – 12:58 +0530 – hirunews.lk/sinhala)

බියගම පොලීසියට ලද තොරතුරක් මත ඊයේ (26) රාත්‍රියේ කරන ලද වැටලීමකදී රුපියල් කෝටි 19 කට ආසන්න වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගනු ලැබුවා.

කඩුවෙල බෝමිරිය, බණ්ඩාරවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 81 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 527 ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 941 ක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයෙක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

මේ අතර, එම ප්‍රදේශයේම සිදුකළ තවත් වැටලීමකදී ‘අයිස්’ මත්ද්‍රව්‍ය සමග කඩුවෙල සියඹලාපේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු (2) සහ අරලගංවිල ප්‍රදේශයේ පදිංචි සැකකාරියක (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴


අමෙරිකානු පර්යේෂණ නෞකාවකට මෙරට මුහුදු සීමාව වැසෙයි

(27.04.2024 – 14:34 +0530 – hirunews.lk/sinhala)

අමෙරිකානු පර්යේෂණ නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළුවීමට කළ ඉල්ලීම මෙරට රජය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වනවා.

ඒ කිසිඳු පර්යේෂණ නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඇතුළුවීමට අවසර නොදීමේ රජයේ නව ප්‍රතිපත්තියට අනුව බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් රැගත් මෙම නෞකාවට අවශ්‍ය ආහාර, ඉන්ධන ඇතුළු පහසුකම් ලබාගැනීම සඳහායි මෙම ඉල්ලීම මෙරට රජයෙන් ඉල්ලා තිබුණා.

කෙසේ නමුත්, ජාත්‍යන්තර මුහුදු සීමාවට යාත්‍රාවක් යොමුකර ඉන් අනතුරුව එම නෞකාවට අවශ්‍ය පහසුකම් සැපයීමට හැකියාව ඇති බව මෙරටින් අදාළ පාර්ශ්වවලට දැනුවත් කර ඇති බවත් වාර්තා වනවා.

මේ අතර අදාළ නෞකාව ඉන්දියාවට ඇතුළුවීමට කළ ඉල්ලීමත් එරට රජයෙන් ප්‍රතික්ෂේප කර තිබෙනවා ෴


පෙම්වතිය සොයා ගිය පෙම්වතා දින 05 ක් තිස්සේ අතුරුදන්

(27.04.2024 – 15:42 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 22 වැනිදා සිට තම සහෝදරයා අතුරුදන් වී ඇති බව අතුරුදන් වූ පුද්ගලයාගේ සහෝදරයා පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 ක තරුණයෙක්.

පසුගිය 22 වැනිදා නිවසින් මිතුරෙකු සමග වස්සාඋල්ල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකුගේ ආරාධනාවකට නිවසකට යන බව පවසමින් සිය සොයුරා පිටත්ව ගිය බවයි අතුරුදන් වූ තරුණයාගේ සහෝදරයා පවසන්නේ.

‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමක දී කුලියාපිටිය පොලිසිය සඳහන් කර සිටියේ මෙම තරුණයා පෙම්වතියගේ නිවසට ගිය අතරතුර දී මෙසේ අතුරුදන් වී ඇති බවයි.

මේ සම්බන්ධව පැමිණිලි කළ අතුරුදන් වූ තරුණයාගේ සහෝදරයා පවසා සිටියේ තම අතුරුදන් සොහොයුරා ගිය නිවසේ ‘සිඟිති’ නමින් හඳුන්වන නිවැසියා ඇතුලු පිරිස ද අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන් තරුණයා සමගින් 22 වැනිදා ගිය අනෙක් තරුණයා පවසා සිටියේ තමන් නිවස අසල රැඳී සිටියදී මිතුරා අදාළ ‘සිඟිති’ යන අයගේ නිවසට ගිය බවයි.

සැළකිය යුතු වේලාවක් ගතවුවත් මිතුරා නොපැමිණි නිසා තමන් දිගින් දිගට ඔහුගේ දුරකථනයට ඇමතුමක් ගැනීමට උත්සහකළත් එය ක්‍රියා විරහිතව තිබූ බවයි ඔහු පවසා සිටියේ.

එමෙන්ම අදාළ නිවෙස පිහිටි වස්සාවුල්ල ප්‍රදේශයේ ගම්මුන් පවසන පරිදි ඒ අසල නිවසක සිට වාහන දෙකක් (2) ඉතා වේගයෙන් ගොස් ඇත. ඒ බැව් ආරක්ෂිත කැමරා දර්ශන තහවුරු කළ බවත් මිතුරා පවසනවා.

එමෙන් ම දුරකථන ඇමතුමක් මඟින් ‘සිඟිති’ නැමැත්තා පවසා තිබුණේ අතුරුදන් තරුණයා මරා දමූ බවයි. එමෙන්ම පොලිසියට ‘ගොටු අල්ලන’ පිරිසක් තවමත් ඉන්නා බවත් ඔවුන් ද මරා දමන බවටත් ‘සිඟිති’ නැමැත්තා එම දුරකථන ඇමතුම ඔස්සේ පවසා තිබෙනවා.

එමෙන් ම පියෙක් ලෙස තම දුවට සාධාරණය ඉටු කළ බවයි ‘සිඟිති’ නැමැත්තා පවසා සිටියේ.

සිදුවීම පිළිබඳව කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴

+++++++++

+


රටේ බැංකු ගිණුම් වලින් 60% ක්ම රුපියල් 5,000 ට අඩුයි

(27.04.2024 – 15:47 +0530 – hirunews.lk/sinhala)

මෙරට බැංකු ගිණුම්වලින් තුන් කෝටි හතළිස් තුන්ලක්ෂයකට (34,320,000) වැඩි ප්‍රමාණයක් රුපියල් පන්දහසට (5000) වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව අනාවරණය වී තිබෙනවා.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය කියා සිටියේ, මෙරට ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් (22,000,000) වූවත්, බැංකුවල තිබෙන ගිණුම් ප්‍රමාණය පන් කෝටි හැත්තෑ දෙලක්ෂයකි (57,200,000) එම බැංකු ගිණුම්වලින් 60% ක්ම රුපියල් 5000 ට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බවයි.

ණය නොගෙවීම නිසා දේපොළ අත්පත් කරගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීම (පරාටේ නීතිය) මේ වසරේ (2024) දෙසැම්බර් දක්වා තාවකාලිකව රජය විසින් නතර කර ඇතත්, බැංකුවලට අධිකරණයට ගොස් අදාළ දේපොළ අත්පත් කරගැනීමට හැකියාව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

බැංකුවල තිබෙන වත්කම්වලින් සියයට 80 කම අයිතිය ඇත්තේ ගිණුම් හිමියන්ට බව පැවසූ අමාත්‍යවරයා, බදු ගෙවීම පැහැර හරින පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අත්හිටුවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ ෴


ගෙන්වූ බෙහෙත් ගැන වගකීමක් නොදරණ බවට ලිපියකින් දැනුම් දීලා

(27.04.2024 – 16:17 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැවත වතාවක් පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

ඒ ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයා විසින් ඉකුත් සැප්තැම්බර් මස 17 වැනි දින මානවහිමිකම් කොමිසමට යොමුකළ ලිපියක් මගින් ඖෂධ නියාමන අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂවරයා සහ එම අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය කාලසීමාව තුළ ගෙන්වූ ඖෂධ සම්බන්ධයෙන් වගකීමක් නොදරන බවට නිකුත් කර ඇති ලිපියක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමටයි.

ඖෂධ නියාමන අධිකාරියේ ව්‍යවස්ථාවට අනුව එහි 129 වගන්තිය උපයෝගී කරගනිමින් විධායක අධ්‍යක්ෂකවරයා මානව හිමිකම් කොමිසමට මෙම ලිපිය යොමුකර තිබෙන අතර වෛද්‍ය චමල් සංජිව සඳහන් කරන්නේ, මෙම වගන්තිය විශේෂ අවස්ථා සඳහා පමණක් භාවිතා කළ යුතු වගන්තියක් බවයි ෴


දැඩි ආරක්ෂාවක් මැද අධිකරණයට ආ විනි­සුරු ඉල­න්චෙ­ලි­යන්

(27.04.2024 – 18:32 +0530 – hirunews.lk/sinhala)

තමා වෙඩිතබා ඝාත­නය කිරී­මට තැත්කිරීම සම්බ­න්ධ­යෙන් යාප­නය මහා­ධි­ක­ර­ණයේ විභාග වන නඩුවේ ප්‍රධාන සාක්ෂිය දීම සඳහා වවු­නි­යාව මහා­ධි­ක­රණ විනි­සුරු මානි­ක්ක­වා­ස­ගම් ඉල­න්චෙ­ලි­යන් දැඩි ආරක්ෂාවක් යටතේ පෙරේදා (25) යාප­නය මහා­ධි­ක­ර­ණය වෙත පැමිණ සිටියා.

නඩුව ආරම්භ වීමට පෙර සිටම අධිකරණ පරිශ්‍රයට දැඩි හමුදා ආරක්ෂාවක් යොදවා තිබූ අතර විනිසුරුවරයා අධිකරණයට පැමිණෙන විට පොලිස් ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බළ­කායේ ආරක්ෂාවද යොදවා තිබූ බවද වාර්තා වෙනවා.

පසුගිය 2017 වසරේ ජූලි මස 22 වනදා එව­කට යාප­නයේ මහා­ධි­ක­රණ විනි­සුරු ලෙස කට­යුතු කළ ඉල­න්චෙ­ලි­යන්, අධි­ක­රණ කට­යුතු අවසන් කර සිය මෝටර් රථ­යෙන් පොලිස් ආර­ක්ෂාව මැද නිල නිවෙස වෙත යමින් සිටි­යදී විනි­සු­රු­ව­ර­යාට වෙඩිතැබී­මට තැත්කළ අවස්ථාවේ ප්‍රහා­රය වැළැ­ක්වී­මට උත්සාහ කළ විනිසුරුගේ ආර­ක්ෂා­වට සිටි පොලිස් සැර­ය­න්ව­රයා වෙඩි ප්‍රහා­ර­යට ලක්ව මියගියා.

විනි­සු­රු­ව­රයා බේරාගැනීමට උත්සහ කිරීමේදී වෙඩි පහ­රින් මිය­ගිය සැර­යන් හේම­චන්ද්‍ර ගේ පවුලේ සියලු කට­යුතු විනිසුරු ඉල­න්චෙ­ලි­යන් විසින් භාරගෙන සිදුකරයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *