Monthly archives: අගෝස්තු, 2020

නව රජයේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ අද දිවුරුම් දෙයි – නිල සජීවි විකාශය හිරු TV ඔස්සේ

(09.08.2020 – 07:34 +0530 – hirunews.lk/sinhala) නව රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කැළණිය රජමහා විහාරස්ථානයේදී අද (09) දිවුරුම් දෙනවා. අග්‍රාමාත්‍යවරයා දිවුරුම්දීමේ නිල සජීවි විකාශය පෙරවරු 08:30 සිට හිරු ටී.වී. ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. අද (09) සිව්වන (4) වරටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහෝදරයින් හය …

දුප්පත් රටවලට කොවිඩ් 19 එන්නත් නිපදවන්න ‘බිල්ගේට්ස් පදනම’ ඉන්දියාව හා එක්වේ

(08.08.2020 – 12:35 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් විදේශයන් හි සිරව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල අද (08) සිට යළි ආරම්භ කර තිබෙනවා. විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ අනුව ඩුබායි, චීනය, මාලදිවයින සහ ඉන්දියාව යන රටවල සිට අද (08) මෙලෙස …

නවකයන් 5 දෙනෙකු ප්‍රථමයන් වෙයි

(07.08.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala) මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමග සුවිශේෂතා රැසක්ම, හදුනාගත හැකියි. ඒ අනුව, නවකයෙකු ලෙස මාතර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කල නිපුණ රණවක මහතා සියල්ලන් අභිභවා එම දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයට පත්වෙමින් පාර්ලිමේන්තුවට තේරීම විශේෂත්වයක්. එමෙන්ම, කොළඹින් පළමුවරට තරඟකරමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ …

මැතිවරණයේ පසු විපරම

(07.08.2020 – 08:21 +0530 – sinhala.adaderana.lk) 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 59.09 ක් ලැබූ එම පක්ෂය සමස්ත මන්ත්‍රී ආසන 145 ක් දිනාගැනීම විශේෂත්වයක් වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැතිවරණයේ දී ඡන්ද 6,853,690 ක් ලබාගැනීමට සමත් වුණි. ඔවුන් මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් 19 ක බලය …

කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග

(06.08.2020 – 12:28 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා ඇතුළු පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තුවක් ලබාගෙන මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙසයි නීතිපතිවරයා නියෝග කර ඇත්තේ. ඒ අනුව අත්අඩංගුවට ගැනීමට නියෝග ලැබුණු පිරිස වන්නේ …

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය

(05.08.2020 – 21:34 +0530 – hirunews.lk/sinhala) COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ලෙස ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය ගැන රටේ ජනතාව වෙත සිය ස්තූතිය පුදකරමින් ජනපතිවරයා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එම සටහන පහතින් : “අද (5) පැවති මහමැතිවරණයේදී 71% ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය …

ලෙබනන් පිපිරීමෙන් මියගිය පිරිස තවත් ඉහළට

(05.08.2020 – 06:37 +0530 – hirunews.lk/sinhala) ලෙබනනයේ බීරුට් අගනුවර සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 100 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව 4000 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ වසර හයක (6) පමණ කාලයක් තිස්සේ ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් මෙලෙස පිපිරීමට ලක්ව ඇති බවයි. පිපිරීමෙන් ගොඩනැගිලි විශාල සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර, …

නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති ඡන්ද දායකයන් කළ යුතු දේ

(04.08.2020 – 12:49 +0530 – lankaleadnews.com) නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්ද දායකයන්ට අද (04) සහ හෙට (05) තැපැල් කාර්යාලවලින් එම ඡන්ද පත්‍රිකා ලබාගත හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් සිය අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබා ගත හැකි …

සමස්ථ ඡන්ද ප්‍රතිඵලය 06 වනදා මැදියම් රැයට පෙර – මනාප ප්‍රතිඵලත් හත්වනදා (07) මධ්‍යම රාත්‍රිය වනවිට

(04.08.2020 – 11:12 +0530 – hirunews.lk/sinhala) හෙට (05) පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම අද (04) පෙරවරුවේ සිදු කෙරුණා. ඒ අනුව බොහෝ දිස්ත්‍රික්කවල ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන් වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවටයි වාර්තාවන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම අද (04) පෙරවරුවේ සිදු කෙරුණේ …

රිමාන්ඩ් කළ හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ, මීගමුවේ සිට දුම්බරට – ඇප ඉල්ලීමටත් විරෝධය

(03.08.2020 – 19:46 +0530 – hirunews.lk/sinhala) බන්ධනාගාර රැඳවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ හෙට (04) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාස මහතාගේ නියෝගයකට අනුවයි. වරෙන්තු නිකුත් කර දින 11 කට පසු අනුරුද්ධ සම්පායෝ ඊයේ (02) කුරුණෑගල දී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූ අතර, …