Day archives: අගෝස්තු 13th, 2020

අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනපති ලේකම්ගෙන් ලිපියක්

(13.08.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala) රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන වල සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම්දීමක් කර තිබෙනවා. ඒ ඔවුන් මේ වනවිට දරණ තනතුරු වල වෙනස්කම් නොකළ යුතු බව දන්වමින්. යම් වෙනසක් එම තනතුරු සම්බන්ධයෙන් සිදුකරන්නේ නම් ඊට ජනාධිපතිවරයාගේ එකඟතාව …

පොලිසියේ තරඟකාරීත්වයෙන් ගිලිහී ගිය සහරාන් හෂීම්ගේ තොරතුරු

(12.08.2020 – 21:50 +0530 – hirunews.lk/sinhala) පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ අතර පවතින තරඟකාරීත්වය හේතුවෙන් සහරාන් හෂීම් පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණ කර ගැනීමේ අවස්ථාවන් ගිලිහී ගිය බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි අද (12) අනාවරණ වුණා. ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරියෙකු කොමිසම හමුවේ අද (12) සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී. සහරාන්ලා කලින් අල්ලාගන්න …

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න නිකුත්කළ වරෙන්තුව අභියාචනාධිකරණය අත්හිටුවයි

(12.08.2020 – 15:34 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුලු පස්දෙනාට (5) නිකුත් කර ඇති වරෙන්තුව ලබන 24 වනදා දක්වා ක්‍රියාත්මක නොකරන්නැයි අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. ඒ, කුරුණෑගල බුවනෙක හෝටලය පිහිටුවා තිබූ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර ඇති වරෙන්තුව බලරහිත කිරීමේ රිට් …