Day archives: අගෝස්තු 11th, 2020

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්

(11.08.2020 – 16:06 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල බුවනෙක හෝටලය පිහිටුවා තිබූ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර ඇති වරෙන්තුව බලරහිත කිරීමේ රිට් ආඥාවක් ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ අභියාචනාධිකරණයට අද (11) පෙත්සමක් ඉදිරිපත් කළා. එහි වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා, කුරුණෑගල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, …

ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 ක් මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට

(10.08.2020 – 21:08 +0530 – lankadeepa.lk) කොරෝනා වසංගත සමයේදී රජයේ නිල මුද්‍රා භාවිතා කරමින් ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 ක් පමණ මුද්‍රණය කළ පුද්ගලයෙක් (10) අත්අඩංගුවට ගත්බව කිරුලපන පොලිසිය පවසයි. මෙසේ නිකුත් කළ පැරණි රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 10,000 ද, නව මාදිලියේ විද්‍යුත් රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 15,000 මුදලක් ද අය කර ඇති බව පොලිසිය කියයි. …

අංගොඩ ලොක්කාට වස දීලා

(11.08.2020 – mawbima.lk) ඉන්දියාවට පළාගොස් සිටි පාතාල නායකයකු වූ ‘අංගොඩ ලොක්කා’ හෙවත් ‘මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා’ වස දී ඝාතනය කළේද යන්න තහවුරු කර ගැනීම සඳහා මේ වන විට ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ. The Hindu පුවත්පත වාර්තා කළේ, අංගොඩ ලොක්කාගේ මෘත දේහයේ අතේ සහ පාදයේ ඇඟිලි නිල් පැහැති වී තිබූ බව පශ්චාත් …