දිය අනතුරු අවම කරගැනීම සඳහා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

දිය අනතුරු අවම කරගැනීම සඳහා පොලිසියෙන් විශේෂ නිවේදනයක්


දිය අනතුරු අවම කරගැනීම සඳහා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

(17.05.2026 – hirunews.lk)

මෑත කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දිය නෑමට ගොස් ඉතා අවාසනාවන්ත ලෙස වටිනා මිනිස් ජීවිත අහිමි වීමේ සිද්ධීන් ගණනාවක් වාර්තා වී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවත්, මෙම අනතුරු අවම කරගැනීම සඳහා මහජනතාව වඩාත් සැලකිලිමත් සහ දැනුවත් විය යුතුව ඇති බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

මෙලෙස දිය අනතුරු සිදුවීමට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ පුද්ගලයින්ගේ පවතින නොසැලකිලිමත්භාවය සහ අවබෝධයකින් තොරව කටයුතු කිරීම බව ද පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

‍පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙනවා :

“දිය නෑමට ගොස් ඉතා අවාසනාවන්ත ලෙස වටිනා මිනිස් ජිවිත අහිමි වීමේ සිද්ධීන් ගණනාවක් මෑත කාලයේ වාර්තා වූ තොරතුරු අනුව නිරීක්ෂණය වී ඇත. මීට ප්‍රධාන වශයෙන් හේතුවී ඇත්තේ පුද්ගලයින්ගේ නොසැලකිලිමත් භාවය හා අනවබෝධය වන අතර මෙම දිය අනතුරු අවම කර ගැනීම සඳහා කටයුතු කිරීම අපි සියළු දෙනාගේ වගකීම වේ.

දිය අනතුරු බොහොමයක් සිදුවන්නේ ක්ෂණිකව සහ අනපේක්ෂිත ලෙසය. මෙම දිය අනතුරුවලින් සිදු වූ මරණවලට ප්‍රධාන වශයෙන් පහත හේතු සාධක බලපානු ලබයි.

1. පාරිසරික සාධක (ස්වභාවික හේතු)

  • දිය යට ඇති අවදානම් :- මතු පිටින් නිසලව පෙනුනද, දිය යට පවතින දැඩි දියවැල්වලට හසු වීම සහ දිය යට ඇති මඩ, පාසි සහිත ලිස්සන සුළු ගල් සහ ගස් අතුවල සිරවීම.
  • ක්ෂණිකව ජල මට්ටම ඉහළ යාම :- කඳුකර ප්‍රදේශවල ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් පහල ප්‍රදේශවල ගංඟා සහ ඇළ දොල වල ජල මට්ටම ඉහළ යාම,
  • ගැඹුර පිළිබඳ වැරදි වැටහීම :- ජලයේ ඇති පිරිසිදුබව නිසා ගැඹුර අඩුවෙන් පෙනීම නොදැනුවත්වම ගැඹුරු වලවල්වලට ඇද වැටීම.

2. මානුෂීය වැරදි සහ නොසැලකිල්ල

  • තම හැකියාව පිළිබඳ දැඩි විශ්වාසය :- තමන්ට හොඳින් පිහිනිය හැකි යැයි සිතා ආරක්ෂිත සීමාවන් ඉක්මවා යාම.
  • මත්පැන් පානය :- මත්පැන් පානය කර දියට බැසීම නිසා ශරීරයේ ස්නායු පාලනය අඩාල වීම, ඉක්මනින් විඩාවට පත්වීම සහ අවදානම තක්සේරු කිරීමට හැකියාව අඩු වීම.
  • නුපුරුදු ස්ථාන :- තමන් පදිංචි ප්‍රදේශයෙන් බැහැර නුපුරුදු ස්ථානවල දිය නෑමට යාම හා එම ස්ථානයේ ඇති අනතුරුදායක බව පිලිබඳ අවබෝධයක් නොමැති වීම.

3. කායික තත්ත්වයන්

  • කෙණ්ඩා පෙරළීම :- ජලයේ පවතින අධික සීතල නිසා හෝ අධික වෙහෙස නිසා මාංශ පේශි තද වීමෙන් පිහිනීමට නොහැකි වීම.
  • භීතිය :- දියට වැටුණු සැනින් ඇති වන දැඩි බිය නිසා අත් පා නිසි ලෙස ක්‍රියා කරවීමට නොහැකි වීම.

4. දරුවන් කෙරෙහි අවධානය ගිලිහීම

  • කුඩා දරුවන් ඉතා කෙටි වෙලාවකදී, ඉතා කුඩා ජල ප්‍රමාණයක පවා (බාල්දියක්, කුඩා ටැංකියක් ) අනතුරට ලක් විය හැකිය.

ආගන්තුක ජල මූලාශ්‍ර ආශ්‍රිතව දිය නැමට පෙර පහත ආරක්ෂිත පියවරවල් අනුගමනය කිරීම මඟින් මෙම දිය අනතුරු අවම කර ගැනීම සඳහා හැකියාව ඇත.

  • තමා හොදින් නොදන්නා ගංඟා ඇළ දොල හෝ වැව්වල දිය නෑමෙන් වැලකී සිටීම, අනතුරු ඇඟවීමේ පුවරු කෙරෙහි අවධානය යොමු කිරීම හා වැසි සහිත කාලගුණයකදී ක්ෂණිකව ගං වතුර ඇති විය හැකි අවස්ථාවල ජල මුලාශ්‍ර අසලට නොයාම.
  • අවවාධාත්මක පුවරු වල උපදෙස් අනුව නිරන්තරවම කටයුතු කිරීම, දිය නෑමට පෙර අදාල ස්ථානය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු විමසීම හා ජීවිතාරක්ෂක නිලධාරීන් සිටින ස්ථානයන් වලදී ඔවුන්ගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම.
  • තනිවම දිය නෑමට හෝ පිහිනීමට නොයාම, පිහිනීමට නොහැකි නම් ආරක්ෂිත ජැකට් නොමැතිව ගැඹුරු ජලයට නොබැසීම හා මත්පැන් පානය කර දිය බැසීමෙන් වැලකී සිටීම.
  • ළමුන් ජලය අසල සිටින විට නිරන්තර අවධානයෙන් සිටීම. නිවස අසළ ළිං ටැංකි හෝ කුඩා පොකුණු ඇත්නම් ඒවා ආවරණය කර ආරක්ෂිත වැටවල් යෙදීම.
  • තමා දියේ ගිලෙන බව දැනුණහොත් කලබල නොවී සිරුර ලිහිල්ව තබා පාවීමට උත්සාහ කිරීම, අන් අයෙකු බේරා ගැනීම සඳහා දියට බැසීම අවධානම් සහගත අවස්ථාවල ලණුවක් දිගු ලී පටියක් හෝ පාවෙන දෙයක් අනතුරුට පත් වු පුද්ගලයාට ලබාදී ගොඩට ගැනීමට උත්සාහ කිරීම.
  • උත්සව සමයන්වලදී මහජනතාව වැඩි වශයෙන් මුහුද, ගංගා, ඇලදොළ හා වැව් අමුණු ඇතුළු ඒ ආශ්‍රිත ස්ථාන වල දිය නෑමේ ප්‍රවණතාවයක් දක්නට ඇත.
  • පොලිස් නාවික කොට්ඨාසයේ ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ජල මුලාශ්‍රිතව රාජකාරී යොදවමින් දිය අනතුරු අවම කර ගනිමින් හැකිතාක් වටිනා ජීවිත බේරා ගැනීම සඳහා නිරන්තරවම ඇපකැපව සිටී.

ඉදිරියේදී තවදුරටත් සිදුවිය හැකි මෙම දිය අනතුරු අවම කර ගැනීම සඳහා මහජනතාව විසින් මෙම නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් අවධානය හා සැලකිල්ල යොමු කරමින් කටයුතු කරන ලෙසට ශ්‍රී පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.”


මල්වාන ගෙදර අයිතිකාරයා හදිසියේම මාධ්‍ය හමුවෙන් මතුවෙයි – මල්වාන නඩු ගැනත් දැවැන්ත හෙළිදරව්වක් (17.05.2026)

+


මල්වානේ ඉඩම බලහත්කාරයෙන් ඇල්ලුවා වගේ – දැන් ‍රටේ මිනිස්සුන්ගේ ඉඩම් අල්ලන්න යන්නේ (17.05.2026)

+


අභිනව නිවහල් පෙරමුණේ නායක අමිත් වීරසිංහ සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය අත්අඩංගුවට

(17.05.2026 – hirunews.lk)

ඇල්ල සහ දිගන ප්‍රදේශවල කබානා ඉදි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව කියමින් ඒ සඳහා මුදල් ආයෝජනය කළ හැකි බව ප්‍රසිද්ධ කර පුද්ගලයින් රැසක් රවටා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ‘අභිනව නිවහල් පෙරමුණේ නායක අමිත් වීරසිංහ’ සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලීසිය පවසනවා.

අදාල කබනා ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 30 ක් හා ලක්ෂ 20 ක් ලෙස මුදල් ආයෝජනය කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් පසු පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

කබනා ව්‍යාපෘතිය සඳහා මුදල් එකතු කර තිබුණද එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බවක් පෙනෙනන්ට නොතිබුණු බව පොලීසිය පවසනවා.

සැකකාර අමිත් වීරසිංහ නමැති අය විසින් ප්‍රසිද්ධ කර තිබෙන කබනා ව්‍යාපෘතිය වෙනුවෙන් විශාල පිරිසක් රුපියල් කෝටි ගණනින් මුදල් ආයෝජනය කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේගේ උපදෙස් මත තෙල්දෙණිය පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී. චන්ද්‍රපාල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා ෴


රු. ලක්ෂ හතක් (7) වටිනා මැකෝ ගිරවෙක් හොරකම් කරලා : දර්ශන සී.සී.ටී.වී. කැමරාවල

(17.05.2026 – hirunews.lk)

අලුත්ගම පොලිස් වසමට අයත් පාදාගොඩ, යක්වත්ත ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාරික නිවසක කූඩුවක දමා ඇතිදැඩි කළ, රුපියල් ලක්ෂ හතක් (7) පමණ වටිනා මැකෝ (Macaw) වර්ගයේ ගිරවෙකු අද (17) අලුයම් කාලයේදී සොරකම් කරගෙන ගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසනවා.

අදාල ව්‍යාපාරිකයාගේ නිවෙස් පරිශ්‍රයේ ඉදිකර තිබූ කූඩුවක මැකෝ වර්ගයේ ගිරවුන් දෙදෙනෙකු (2) සිට ඇති අතර, ඉන් එක් ගිරවෙකු මෙලෙස සොරකමට ලක්ව තිබු බවයි පොලිසිය පවසන්නේ.

අද (17) අලුයම් කාලයේදී අදාල නිවාස පරිශ්‍රයට ඇතුළු වූ තරුණයින් දෙදෙනෙකු (2) විසින් පක්ෂි කූඩුව කඩා මෙම සොරකම සිදුකරනු ලැබ ඇතැයි ද පෙලිසිය පවසනවා.

සැකකාර තරුණයින් දෙදෙනා (2) ගිරවා සොරකම් කරගෙන යන ආකාරය එම නිවසේ සවිකර තිබූ ආරක්ෂක (CCTV) කැමරාවල දර්ශනවල ඉතා පැහැදිලිව පටිගත වී තිබෙන බවද පොලිසිය සඳහන් කරනවා.

මෙම සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනා ගැනීමටත් සහ සොරකම් කරන ලද වටිනා ගිරවා සොයා ගැනීමටත් අලුත්ගම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා ෴

+++

+


මට මඩ ගහන ජෙප්පන්ට මේක පෙන්නන්න අනුර කුමාර – මම ඔයා වගේ නැව් 30 ක් එනකම් බලාගෙන හිටියේ නෑ (17.05.2026)

+


නාමල් තමයි ඊළඟට මේ රට භාර ගන්න ඉන්නේ – සංජීව එදිරිමාන්න වහාම මාධ්‍ය කැඳවා නිවේදනය කරයි (17.05.2026)

+


ඩොලර් එකයි, විදුලි බිලයි රටේම සෞඛ්‍යයටත් ෂොට් එක දීලා… බෙහෙත් ගැන ඇග කිළිපොලා යන ආරංචියක් (17.05.2026)

+


එළවළු පැල ගෙනියනවා වගේ පෙන්නලා කළුවර ලී ජයටම ඇදලා… හබරණදී පොලීසියෙත් ඇස් උඩ ගිය සුපිරි මෙහෙයුම (17.05.2026)

+


‘ලෝයර් තමාරා’යි, පද්මේයි ගැන රහසිගත වාර්තාවක්, විමර්ශන වෙනස්ම අතකට පෙරළෙයි? (17.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *