රජයේ උපදෙස් ක්‍රියාත්මක නොකරන බැංකු නිලධාරීන් ඉවත්කිරීමට පසුබට වන්නේ නෑ – ජනපති

(11.06.2020 – 18:44 +0530 – hirunews.lk/sinhala) අපනයන ක්ෂේත්‍රයේ ගැටළු සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා නිරාකරණයට පූර්ණ සහාය දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. රට යථා තත්වයට පත්වෙමින් තිබියදී ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පැහැදිළි කිරීමත්, අපනයන ව්‍යාපාර මුහුණදෙන ප්‍රශ්න හා ගැටළු හඳුනාගැනීමත් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමග අද (11) …

ත්‍රීරෝද සංගමයේ සභාපතිට පහරදී ඝාතනය කළ සිද්ධියේ මැර ලීසිං ආයතනය ගැන ….

(11.06.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala) ත්‍රීරෝද සංගමයේ සභාපති පහරදී ඝාතනය කළ සිද්ධියේ ලීසිං ආයතනය ගැන අනාවරණය වූ අලුත්ම කතාව මෙන්න ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා …

පාස්කු ප්‍රහාරයට පෙර ෂැංග්‍රිලා බෝම්බකරුගෙන් හඬපට දෙකක් (02)

(10.06.2020 – 12:48 +0530 – hirunews.lk/sinhala) ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බයක් පුපුරුවා ගත් ඊබ්‍රාහිම් ඉල්හාම් නමැත්තා ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ දෙමටගොඩ මහවිල නිවසට පැමිණ තම දෙමව්පියන්ට ලබාදීම සඳහා හඩපට දෙකක් පටිගත කර ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනපති විමර්ශන කොමිසමේදී අනාවරණය වුණා. එමෙන්ම ඊබ්‍රහයිම් ඉල්හාම්ගේ බිරිද වන ෆාතිමා ජිෆ්රිගේ බැංකු ගිණුමක තිබූ මුදල් අස්ථාන ගතවීමක් සම්බන්ධයෙන් …

ගුණරත්නම් ඇතුලු පෙරටුගාමීන් 42 ක් අත්අඩංගුවට පත් වූ, අධිකරණ නියෝග නොතැකූ විරෝධය

(09.06.2020 – 20:28 +0530 – hirunews.lk/sinhala) අධිකරණ නියෝග නොතකා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය අසළ විරෝධතාවකට සූදානම් වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් ඇතුලු එම පක්ෂයේ සාමාජිකයින් 42 දෙනෙකු පොලීසිය අද (09) අත්අඩංගුවට ගත්තා. ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ ඇමරිකානු කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් මිය යාමේ සිද්ධිය මුල් කර ගෙන …

පාසල් යළි ඇරඹෙන හැටි

(09.06.2020 – 20:23 +0530 – sinhala.adaderana.lk) මාස තුනක කාලයකට පසුව නැවතත් ජූනි 29 වනදා සිට මෙරට පාසල් අදියර 4 ක් යටතේ විවෘත කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව අගෝස්තු මස පැවැත්වීමට නියමිතව තිබූ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වනදා පැවැත්වීමටත්, උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා පැවැත්වීමටත් නියමිතයි. කොවිඩ් 19 …

ගල්කිස්ස වෙරළට කසළ ගොඩගැසීම සංවිධානාත්මක ක්‍රියාවක ප්‍රතිඵලයක්

(08.06.2020 – 23:19 +0530 – sinhala.adaderana.lk) කිසියම් පාර්ශ්වයක් නොගැඹුරු මුහුදට අපද්‍රව්‍ය බැහැර කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ගල්කිස්ස වෙරළට කසළ ගොඩගැසී ඇතැයි පැහැදිලිව පෙනී යන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි. එම වෙරළ තීරයට අඛණ්ඩව පස් වන දිනටත් අද (08) කසළ ගොඩගැසී ඇති අයුරු දක්නට ලැබුණි. ලෝක සාගර දිනය යෙදෙන අද (08) …

මහ මැතිවරණයේ දී දේශපාලන වැඩ එපා – ජනපති රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි

(08.06.2020 – sinhala.news.lk) රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවලට තම රජය පත්කළ ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිසිවකු එළැඹෙන මහමැතිවරණයේදී කවර පක්ෂයක් වෙනුවෙන් හෝ දේශපාලන කාර්යයන්හි නිරත නොවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. යම් රාජ්‍ය ආයතනයක ප්‍රධානියකුට, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුට හෝ වෙනත් නිලධාරියකුට හෝ යම් පක්ෂයක් වෙනුවෙන් දේශපාලනයෙහි නිරතවීමට අවශ්‍ය …

“ගොනා කෝවිලේ රාජා” පොලිස් වෙඩි පහරින් මරුට

(07.06.2020 – 06:57 +0530 – hirunews.lk/sinhala) මිනීමැරුම් ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ ගොනා කෝවිලේ රාජා නැමති සැකකරු පොලිසිය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ අද (07) අලුයම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදි ඇතිවූ වෙඩි හුවමාරුවකදී මෙලෙස ඔහු මියගොස් ඇති බවයි. මිනුවන්ගොඩ – බල්ලපාන – දූනගහ පාරේදී …

ජනපති කොමිසම හමුවේ දිගහැරෙන පාස්කු ප්‍රහාරයේ අලගිය මුලගිය තැන්

(06.06.2020 – mawbima.lk) පාස්කු ඉරුදින ප්‍රහාරයේ එක් එල්ලයක් වූ මඩකළපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරය සිදුකළ ස්වයංඝාතකයා එම ප්‍රහාරයට පෙරදින මඩකළපුවට ගොස් තිබුණේ සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථයකින් බවට මේ වනවිට ජනාධිපති කොමිසම හමුවේ කරුණු අනාවරණය වී තිබේ. මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නමැති එම ස්වයංඝාතකයාට අදාළ බස් රථයේ ආසනයක් වෙන් කර දී තිබුණේ කොච්චිකඩේ බෝම්බකරු …

ප‍්‍රඥා මූලිකවූ අවිහිංසාවාදී බෞද්ධ ධර්මදූත සේවාව

(05.06.2020 – 06:05 +0530 – lankaleadnews.com) අද වන විට ලෝකයේ විවිධ රටවල්වල ව්‍යාප්ත වී තිබෙන ආගම්වල ඉතිහාසය දෙස බලන විට එහි තැවරී ඇති රුධිරය ගණන් කළ නොහැකි තරම්ය. රුධිරය සමග මුසු වූ ධර්ම ප‍්‍රචාරය නිසා ලෝකයේ බොහෝ ආගම් වලට අතීතය දෙස බලා සතුටු විය නොහැකිය. විවේචනාත්මකව නොව යථාර්ථවත්ව බලන විට පවා මෙම ප‍්‍රකාශය අසත්‍ය බව …