ඉන්දු-ලංකා රහස් ගිවිසුම් 2 ක් උදය ගම්මන්පිල එලියට දමයි.. ඉතුරු ගිවිසුම් සියල්ල ද හෙළිදරව් කිරීමට නියමිතයි
(26.04.2025 – 14:10 +0530 – lankacnews.com)
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර අත්සන් තබන ලද ගිවිසුම් දෙකක් (2) අද (26) දිනයේ ප‍්‍රසිද්ද කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කටයුතු කළේය.
ඉතුරු ගිවිසුම් සියල්ල ද ප‍්‍රසිද්ධ කරන ලෙස ජනාධිපති අනුර දිසානායකට කියා සිටින බව පැවසූ ඔහු ඉදිරි දින කිහිපය ඇතුළත ඒවා හෙළිදරව් නොකළහොත් තමන් එම ගිවිසුම්ද හෙළිදරව් කරන බවත් පැවසුවේය.
අත්සන් තබන ලද ‘බලශක්ති ගිවිසුම්’ පෙන්වමින් ඔහු කියා සිටියේ මෙම ගිවිසුම් ඉතිහාසයේ මුල්වරට, පෙර ගිවිසුම් වලට වඩා සුවිශේෂී වන්නේ භාෂා තුනකින් (3) අත්සන් තැබීම නිසා බවයි.
හින්දි, ඉංග්‍රීසි සහ අරාබි භාෂාවලින් එම ගිවිසුම් අත්සන් තබා ඇති බවද මීට පෙර ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති රටවල් අතරවන ගිවිසුම් සියල්ල ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් අත්සන් තබා ඇති බවද ඔහු පැවසුවේය.
බලශක්ති ගිවිසුමට අදාළ ඉදිකිරීම් ශ්‍රී ලංකාව තුළ ආරම්භ වෙද්දී එම ඉදිකිරීම් කණ්ඩායම් වලට අවශ්‍ය ආරක්ෂාව ශ්‍රී ලංකා රජයෙන් ලබාදිය යුතු බව ගිවිසුමට ඇතුලත් කර ඇති බවද පැවසූ ඔහු එසේ ඇතුළත් කර ඇත්තේ එම කටයුතු මෙරට ආරම්භ වන විට ජනතා විරෝධතා ඇතිවන බව වේලාසනම ඔවුන් හඳුනාගෙන ඇති නිසා බවත් කියා සිටියේය.
2023 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමන් ඉන්දියාව සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම ප්‍රසිද්ධ කිරීම පමා කරන විට මාලිමා නායකයින් දකින දකින තාප්පයේ ‘රනිල් – මෝදි හොර ගිවිසුම් හෙලි කරනු’ කියලා සටන් පාඨ ලිව්වා. එහෙම කිව්ව මාලිමාව දැන් ඉන්දියාව සමග එක ගිවිසුමක් නෙමෙයි, ගිවිසුම් හතක් (7) අත්සන් කරලා හරියටම සති තුනක් (3) වෙනවා. තවමත් මේ ගිවිසුම් ප්‍රසිද්ධ කරලා නෑ. ඉතාම ආන්දෝලනාත්මක ගිවිසුමක් වුණු 1987 ඉන්දු – ලංකා ගිවිසුම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විසින් දින තුනක් (3) ඇතුලත ප්‍රසිද්ධ කළා. ඒ වගේම 2002 දී ඉන්දියාවට පැවරූ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි ලබා ගැනීමේ ගිවිසුම 2022 දී අපි අත්සන් කරලා පැය 24 ක් ඇතුලත ප්‍රසිද්ධ කළා. එහෙම නම් මාලිමා ආණ්ඩුවේ ගිවිසුම් විතරක් ‘හොර ගිවිසුම්’ වීම පිළිබඳ මේ රටේ ජනතාවට ප්‍රශ්නයක් මතු වෙනවා.
මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා විපක්ෂයේ මන්ත්‍රිවරුන් ආණ්ඩුවෙන් ඉල්ලුවාම ආණ්ඩුව කිව්වේ ඒවා ‘තොරතුරු දැන ගැනීමේ පනත’ යටතේ ලබා ගන්න කියලා. අපි ‘තොරතුරු දැන ගැනීම පනත’ යටතේ මෙම ගිවිසුම්වල පිටපත් ඉල්ලා සිටියත් අද වනතුරුම ඒවා ලබා දෙන්න ආන්ඩුව අසමත් වෙලා තියෙනවා. මහජන ඡන්දයෙන් පත් වුණු මහජන නියෝජිතයින් තමන් වෙනුවෙන් එළැඹෙන ගිවිසුම් මොනවා ද කියලා දැන ගන්න මහජනතාවට අයිතියක් තිබෙනවා. 2015 දී තොරතුරු දැන ගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන්න පාර්ලිමේන්තුවේ දී ඡන්දය දුන් කෙනෙකු විධියට අනුර දිසානායක ජනාධිපතිතුමා ඒ අයිතිය උදුරා ගැනීම පිළිබද අපි කණගාටු වෙනවා.
ජනාධිපතිතුමා ගිවිසුම් සඟවන සෑම අවස්ථාවකම දෛවය විසින් ඒවා ප්‍රසිද්ධ කිරීම බාර කරන්නේ මට යි. ‘රවි සෙනෙවිරත්න’ පාස්කු ප්‍රහාරයේ ප්‍රධානතම චුදිතයෙකු බව හෙලි කළ ‘ජයිකි ද අල්විස් වාර්තාව’ ජනාධිපතිතුමා සඟවා ගෙන ඉන්න කොට මට ප්‍රසිද්ධ කරන්න පුළුවන් වුණා. අපේ බුද්ධි අංශ රණවිරුවන් පාස්කු ප්‍රහාරය කළ බවට කොටි හිතැති ‘චැනල් ෆෝ නාලිකාව’ චෝදනා කරන විට ඒක බොරුවක් බව ඔප්පු කරන ‘ඉමාම් වාර්තාව’ ජනාධිපතිතුමා කොටින් වෙනුවෙන් සඟවා ගෙන ඉන්න විට මට ඒකත් ප්‍රසිද්ධ කරන්න පුළුවන් වුණා.
‘අසාද් මවුලානා’ගේ පෙර වැරදි වලට සමාව දීලා ලංකාවට ගෙනැවිත් ඔහු ලවා අපේ ‘බුද්ධි අංශ රණවිරුවන්’ පාස්කු ප්‍රහාරය කළ බවට ප්‍රකාශයක් කරවීමේ කුමන්ත්‍රණය කලින්ම හෙලිදරව් කරලා ඒක වලක්වන්න අපට පුළුවන් වුණා. ‘පිල්ලෙයාන්’ රැඳවුම් නියෝග ගහලා සඟවා ගෙන ඔහු සියල්ල වැමෑරුවා කියමින් පාස්කු ප්‍රහාරයේ වගකීම ‘බුද්ධි අංශ රණවිරුවන්’ මත පැටවීමේ කුමන්ත්‍රණය හෙලිදරව් කරලා ඒක වලක්වන්න අපට පුළුවන් වුණා. අප්‍රේල් 21 ට පෙර පාස්කු මහ මොලකරු හෙලිදරව් කරන බවට ජනාධිපති කළ ‘සිංහ නාදය’ අවසානයේ දී ‘අසරණ කෙඳිරිල්ලක්’ බවට පත් වුණා.
අපි මතු කරන තාර්කික සාක්ෂි සහිත කාරණා වලට ආණ්ඩුවට උත්තර නැති වුණාම ආණ්ඩුව කරන්නේ ද්වේශයෙන් මඩ ගහන එකයි. ආණ්ඩුව අපට මඩ ගහන ගහන තරමට අපි ආණ්ඩුවට ‘හෙලිදරව්’ වලින් දමලා ගහනවා කියන එක කියන්න කැමැතියි.
ඉන්දියානු අගමැති මෝදිගේ ලංකා සංචාරයේ දී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුම් හතක් (7) අත්සන් කළා. එයින් බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ගිවිසුම් දෙක (2) පමණක් අද (26) අපි ප්‍රසිද්ධ කරනවා. ජනාධිපතිතුමාට ආණ්ඩුවේ ගෞරවය රැක ගැනීමට අවශ්‍ය නම් අපි ප්‍රසිද්ධ කරන්න කලින් ඉතිරි ගිවිසුම් පහ (5) ප්‍රසිද්ධ කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
මේ තිබෙන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර අත්සන් කළ ත්‍රෛපාර්ශවික ගිවිසුම. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙල් නලයකින් සම්බන්ධ කර ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කරන ත්‍රෛපාර්ශවික ගිවිසුම. ගිවිසුමේ අන්තර්ගතය ගැන කියන්න කලින් ආණ්ඩුව කළ ‘ලොකුම පිස්සුව’ කියන්න ඕනේ. මේ දක්වා ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ සෑම ගිවිසුමක්ම අත්සන් කලේ ඉංග්‍රීසි බසින්. සිරිමා – ශාස්ත්‍රි ගිවිසුම, කච්චතිව් ගිවිසුම සහ 1987 ඉන්දු ලංකා ගිවිසුම වැනි වැදගත් ගිවිසුම් සියල්ල අත්සන් කලේ ඉංග්‍රීසි බසින්. නමුත් මේ ගිවිසුම ඉංග්‍රීසි, හින්දි සහ අරාබි යන භාෂා තුනෙන්ම (3) අත්සන් කරලා.
මේ තිබෙන්නේ ඒ ගිවිසුම් තුන (3). ලංකාව වෙනුවෙන් ගිවිසුමට අත්සන් තබා තිබෙන්නේ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් උදයංග හේමපාල මහතා. මට අරාබි සහ හින්දි තේරෙන්නේ නැතත් උදයංග හේමපාල මහතාගේ අත්සන හඳුනනවා. දැන් ඒ මහතාට හින්දි තේරෙනවා ද? අරාබි තේරෙනවා ද? මෙහෙම අත්සන් කරන්න. මේ ලොකේ කොයි මනුස්සයාද තාමාට කියවා තේරුම් ගත නොහැකි ලේඛණයකට අනුන් මත විශ්වාසය තබා තමන්ගේ අත්සන තබන්නේ? ඒ අය කියන්න පුලුවන් ‘නෑ නෑ ඉංග්‍රිසි භාෂවෙන් තියෙන එකේ තියෙනවා, ඉංග්‍රිසි අරාබි ගිවිසුම් අතර පරස්පරයක් තිබුනොත් ඉංග්‍රිසි එක තමයි බලාත්මක වෙන්නේ’ කියලා. හැබැයි කවුද දන්නේ හින්දි එකේත් ඒ වගේම වාක්‍යක් තියෙනවාද කියලා; තුන (3) අතර පරස්පරයක් තිබුනොත් හින්දි එක බලාත්මක වෙනවාද කියලා. අපි නවීන තාක්ෂණය භාවිතා කරලා කරලා මුල් පිටුව නම් ඉංග්‍රිසියට පරිවර්තනය කරලා බැලුවා. මුල් පිටු නම් සමානයි. ඇතුලේ මොනවා තියෙනවාද කියන එක අපි කවුරුවත් දන්නේ නෑ.
මේ ගිවිසුම ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර අත්සන් කෙරුණු ත්‍රෛපාර්ශවික ගිවිසුමක්. මේ ගිවිසුමෙන් එකඟ වෙන්නේ ත්‍රිකුණාමලය කලාපීය බලශක්ති කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කරන්න. ඒ සඳහා ත්‍රිකුණාමලයේ පවතින ඉහළ තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 85 යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ලංකාව සහ ඉන්දියාව අතර තෙල් නලයක් එලන්න. ඒ නලයේ දෙපැත්තටම තෙල් ගෙනියන්න පුළුවන්. ලංකාවට ඉන්දියාවෙන් බොරතෙල් එවලා ලංකාවේ දී පිරිපහදු කරලා ඉන්දියාවට ඛනිජතෙල් නිෂ්පාදන නලය හරහා ගෙන්වා ගැනීමයි බලාපොරොත්තුව. තෙල් නලය වසර තුනක් (3) ඇතුලත එලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.
දෙවන (2) ගිවිසුම අත්සන් කර තිබෙන්නේ ‘බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්’ සහ ‘ඉන්දියානු මහ කොමසාරිස්’. මේ ගිවිසුමෙන් එකඟ වෙන්නේ ඉන්දියාවේ මදුරායි සිට ලංකාවේ මන්නාරම දක්වා විදුලි සම්ප්‍රේෂණ රැහැන් අදින්නයි. එය ලංකාවේ සිට ඉන්දියාවට වගේම ඉන්දියාවේ සිට ලංකාවටත් විදුලිය සම්ප්‍රේෂණය කළ හැකි රැහැනක්. ඉදිරි මාස නවය (9) තුල දෙපාර්ශවයම එකතු වෙලා ව්‍යාපෘතියේ තාක්ෂණික කාරණා වගේම මූල්‍යමය කාරණාත් තීරණය කරන්න නියමිතයි. ව්‍යාපෘති භූමියට සහ ව්‍යාපෘති සේවකයින්ට ආරක්ෂාව සැපයීම ශ්‍රී ලංකා ආණ්ඩුවේ වගකීමක් කියලා විශේෂයෙන්ම සඳහන් කරලා තිබෙන්නේ දැවැන්ත විරෝධයක් බලාපොරොත්තුවෙන් විය යුතුයි.
මේ ගිවිසුම් දෙකම https://udayagammanpila.com/ යන වෙබ් අඩවියෙන් ඔබට බාගත කර ගන්න පුළුවන්. මේ ගිවිසුම් තාක්ෂණික කාරණා වලින් පිරිලා තිබෙන නිසා බලශක්ති විශේෂඥයින් මේ ගිවිසුම් අධ්‍යනය කරලා අදහස් දක්වාවි කියා අපි බලාපොරොත්තු වෙනවා.
අද පකිස්තානය මුහුණ දී සිටින තත්වය හමුවේ අපේ විදුලි සැපයුම වගේම ඛනිජතෙල් සැපයුම ඉන්දියාවට ගැට ගැසීමේ බරපතල අවදානමක් මතු වෙනවා. අපි බලශක්තිය සඳහා ඉන්දියාව මත යැපෙන්න හදනවා වගේ, පකිස්ථානය ස්වෙච්ඡාවෙන් ජල සැපයුම මත ඉන්දියාව මත යැපුනා නොවේ. හුදෙක් ඉන්දියාවට පහලින් පකිස්තානය පිහිටියා පමණයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවෙන් ගංගා හයකින් (6) ගලා එන ජලය තමයි පකිස්තානය භාවිතා කරන්නේ. මේ ජලය සාධාරණව භාවිතා කරන්න 1960 දී ‘ඉන්දුස් ජල සම්මුතිය’ ඉන්දියාව සහ පකිස්තානය අත්සන් කළා. ඊට අමතරව 1997 දී එක්සත් ජාතින්ගේ ජල දහරා සම්මුතිය අත්සන් තැබුවා. කිසිම හේතුවක් මත ජලය අපවිත්‍ර නොකරන්න වගේම ජල සැපයුම අවහිර නොකරන්නත් මේ ගිවිසුම් හරහා එකඟතාවය පල කරනවා. නමුත් මේ ද්විපාර්ශවීය ගිවිසුම් වගේම අන්තර්ජාතික ගිවිසුම් ද මායිම් නොකර අද පකිස්තානයට ජල සැපයුම අවහිර කරන බවට ඉන්දියාව තර්ජනය කරනවා.
රටවල් දෙක (2) අතර ප්‍රශ්නයක් මතු වුණාම මූලිකම අවශ්‍යතාවයක් වන ජලය සම්බන්ධයෙන් මෙහෙම තර්ජනය කරනවා නම් තෙල් සහ විදුලිය සම්බන්ධයෙන් අපට කොහොම තර්ජනය කරාවි ද? ඒ නිසා මේ ජල සැපයුමේ තර්ජනයම ඇති ලංකාවට අත්සන් කළ මේ ගිවිසුම් දෙක (2) ඉරා දමන්න.
ඉන්දියාව සමග ලංකාව තෙල් නලයකින් සහ විදුලි රැහැන් වලින් සම්බන්ධ කිරීම ගැන තුති පුදලා මෝදි අගමැතිතුමාට ‘මිත්‍ර විභූෂණ සම්මානය’ත් පිදුවානෙ. මෙවැනි ගිවිසුම් දෙකක් (2) රනිල් ජනාධිපතිතුමා අත්සන් කරන්න උත්සාහ කරපු වෙලාවේ විපක්ෂයේ මන්ත්‍රි අනුර දිසානායක මැතිතුමා කියූ කතාවත් අපි පොඩ්ඩක් අහලා ඉමු. (වීඩියෝව විකාශනය වේ).
එදා තෙල් නලයට විදුලි රැහැනට විරුද්ධ වුණු අනුර මන්ත්‍රිතුමා එහෙම අද ජීවතුන් අතර සිටියා නම් අනුර ජනාධිපතිතුමා දේශද්‍රෝහියෙකු ලෙස නම් කරනවා සත්තයි.
අදාල ගිවිසුම් මන්ත‍්‍රීවරයා සිය වෙබ් අඩවිය ඔස්සේ හෙලිදරවු කර ඇත.
+
+
2024 උසස් පෙළ ප්‍රතිඵල අන්තර්ජාලය වෙත නිකුත් කරේ
(26.04.2025 – 18:35 +0530 – hirunews.lk/sinhala)
2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, එම ප්‍රතිඵල පහත සඳහන් කර ඇති සබැඳිය ඔස්සේ පරීක්ෂා කරගත හැකියි.
මෙවර උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 177,588 ක් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 64.73% ක්,
එමෙන්ම, අපේක්ෂකයින් 456 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
2024 උසස් පෙළ විභාගය, මධ්‍යස්ථාන 2,312 කදී පැවැත්වුණු අතර, ආපදා තත්ත්වයන් හේතුවෙන් එහි කාලසටහන් සංශෝධනය කිරීමට ද සිදුවුණා.
ඒ සඳහා අයදුම්කරුවන් 333,185 දෙනෙකු සුදුසුකම් ලබා තිබූ අතර, ඉන් 253,390 ක් පාසල් අයදුම්කරුවන්.
විභාගයට පෙනි සිටි පෞද්ගලික අයදුම්කරුවන් සංඛ්‍යාව 79,795 ක්.
https://www.results.exams.gov.lk/home.htm
+++
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ‘ලෙසන්දු රන්සර කුමාරගේ’, 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ‘භෞතික විද්‍යා (ගණිතය) විෂය ධාරාවෙන්’ දිවයිනේ ප්‍රථමයා බවට පත්ව තිබෙනවා.
කොළඹ විශාඛා විද්‍යාලයේ ‘අමාෂා දුලාරි පෙරේරා’, 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් ‘වාණිජ විෂය ධාරාවෙන්’ දිවයිනේ ප්‍රථමයා බවට පත්ව තිබෙනවා.
කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ‘සදිති නිම්හාරා’, 2024 අ.පො.ස උසස් පෙළ ‘ජීව විද්‍යා විෂය ධාරාවෙන්’ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙනවා ෴
රුපියල් කෝටි අසූවක (80) මත්ද්‍රව්‍ය තොගයක් නිවසකින් හමුවෙයි
(26.04.2025 – 21:31 +0530 – hirunews.lk/sinhala)
කොටිකාවත්ත, නාගහමුල්ල ප්‍රදේශයේ නිවසකින් ‘හෙරොයින්’ කිලෝග්‍රෑම් 13.37 ක් සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 3.58 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
පොලිසිය සඳහන් කළේ එලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 800 ක් පමණ වන බවයි.
එමෙන්ම, එම මත්ද්‍රව්‍ය තොගය සමග වයස අවුරුදු 27 ක පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
එලෙස අත්අඩංගුවට ගත් ‘හෙරෝයින් මත්කුඩු’ තොගය පාර්සල් 13 ක් වශයෙන් සහ ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගය පාර්සල් 02 ක් වශයෙන් සඟවා තිබියදී හමුව තිබෙනවා.
+
+
‘ක්ලීන් කැන්ඩි’ ව්‍යාපෘතියෙන් හෙට (27) මහනුවර පිරිසිදු කරයි
(26.04.2025 – 23:24 +0530 – hirunews.lk/sinhala)
දින 10 ක් ක්‍රියාත්මක කිරීමෙන් පසු ‘සිරි දළදා වන්දනාව’ හෙට (27) පස්වරු 05:30 ට නිල වශයෙන් අවසන් කෙරෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් පවසනවා.
ගතවූ දින 9 පුරා 500,000 කට අධික ජනකායක් දන්ත ධාතූන් වහන්සේ දැක වන්දනාමාන කරගෙන තිබෙනවා.
එලෙස මහනුවර නගරයට පැමිණි අතිවිශාල පිරිස හේතුවෙන් මහනුවර නගරය කැළිකසලවලින් අපවිත්‍රවී තිබෙනවා.
එබැවින් නගරය කඩිනමින් පිරිසිදු කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන එක්ව ‘ක්ලීන් කැන්ඩි’ ව්‍යාපෘතිය හෙට (27) පස්වරුවේ සිටම ආරම්භ කරන බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අත්තිඩිය මිහිඳු සෙත් මැදුරේ ප්‍රතිකාර ලබන රණක්ෂිතයට පත් රණවිරුවන්ට ‘සිරි දළදා වන්දනාව’ට එක්වීමට අවස්ථාව හිමි කරදී තිබුණා.
මේ අතර ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ඇති ප්‍රවේශ මාර්ගය අසලින් VIP හෙවත් ප්‍රභූ පෝලිමක් ක්‍රියාත්මක බව පවසමින් පිරිසක් විරෝධතාවය දැක්වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
‘සිරි දළදා වන්දනාව’ සාර්ථක කර ගැනීමට එලෙස සහය දැක්වූ කම්කරුවන් ඇතුළු පාර්ශ්වවලට හෙට (27) දිනයේදී සිරි දළදා වන්දනාව අවසන් කිරීමට පෙර විශේෂ අවස්ථාවක් ලබාදීමට තීරණය කළ බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් පවසන්නේ.
+
+
හෙට (27) තියන විභාගය තනිකරම බොරුවක් | ඡන්දෙ අස්සේ ගහන්න ගිය මාලිමා ආණ්ඩුවේ ‘ගේම්’ එක එලියට (26.04.2025)
+
දළදාව අපහරණය කල කිසිඳු රජෙකුට යහපතක් නෑ (25.04.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ Gommanpila the political bankrupt. People have lost trust and confidence on you man. Keep struggling to recoup the following but keep a gate open to be kicked out by the voters in a few days time.