‘මාලිමා සුදා’ට උසාවි එන්නැයි නියෝගයක්

‘මාලිමා සුදා’ට උසාවි එන්නැයි නියෝගයක්


‘මාලිමා සුදා’ට උසාවි එන්නැයි නියෝගයක්

(12.10.2025 – divaina.lk)

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් කළ වැඩසටහනකදී කාන්තාවකගේ නමක් ඊට සම්බන්ධ කිරීමෙන් එම කාන්තාවට හිරිහැර කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් ඔක්තෝබර් 28 වැනි දින අධිකරණයේ පෙනීසිටින ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේකර යූ ටියුබ්කරුවකු වන ‘සුදත්ත තිලක්සිරි’ට නියෝග කර තිබේ.

තිලක්සිරි විසින් පවත්වාගෙන යනු ලබන යූ ටියුබ් නාලිකාව සහ ටික්ටොක් ගිණුම ඔස්සේ නඩුවට අදාළ ඕනෑම දෙයක් විකාශනය කිරීම / සම්ප්‍රේෂණය කිරීම නතර කරන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.

පෙත්සම්කරු වෙනුවෙන් කරන ලද කරුණු සළකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් නියෝගය නිකුත් කරන ලදී.

‘ක්ලැසික් සුදා’ නම් වැඩසටහනක් පවත්වන තිලක්සිරි, තාජුඩීන් නම් පුද්ගලයකු හෝ ඔහුගේ මරණය සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටි කාන්තාව සම්බන්ධයෙන් අපහාසාත්මක හා හානිකර අන්තර්ගතයන් විකාශනය කර ඇති බව පෙත්සමෙහි සඳහන් වේ.

කුසල් සේනානායක සහ මිගාර ගුණරත්න යන නීතිඥවරුන් සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න අධිකරණයට කියා සිටියේ, තිලක්සිරිගේ ක්‍රියාවන් හේතුවෙන් පෙත්සම්කාරිය හිරිහැර හා වේදනාවට මුහුණ දී ඇති බවත්, ඇය පිළිබඳ පතුරුවා හරින ලද අසත්‍ය ප්‍රචාරවලට එරෙහිව යුක්තිය ඉටු කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවත්ය ෴


ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලයට ඉන්දියානු රුපියල්වලින් ණය දීමට ඉන්දියානු බැංකුවලට අවසර

(13.10.2025 – divaina.lk)

ඉන්දියානු බැංකුවලට ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලය යන රටවල බැංකුවකට හෝ පදිංචි පුද්ගලයෙකුට ඉන්දියානු රුපියල්වලින් ණය දීමට ඉන්දියානු සංචිත බැංකුව විසින් අවසර ලබා දී ඇත.

මේ සදහා ඉන්දියාවේ, 2018 වසරේ විදේශ විනිමය කළමනාකරණ රෙගුලාසි සංශෝධනය කරමින්, ඉන්දියානු සංචිත බැංකුව විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මේ සංශෝධනය මගින්, ඉන්දියානු බැංකුවලට මෙන්ම ඒවායේ විදේශීය ශාඛාවලටද දැන් නේපාලයේ, භූතානයේ හෝ ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයෙකුට ඉන්දියානු රුපියල්වලින් ණය ලබා දිය හැකිය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


යතුරු පැදි ජාවාරමක් එළියට

(13.10.2025 – lankadeepa.lk)

එකම ලියාපදිංචි සහතිකයෙන් යතුරුපැදි දෙකක් (2) විකුණූ පුද්ගලයන් දෙදෙනකු (2) සහ හොර එන්ජින් නම්බර් කොටන පුද්ගලයකු (1) අත් අඩංගුවට ගත් බව වාරියපොල පොලිසියේ අපරාධ අංශය කියයි.

මොවුන් කාලයක සිට යතුරුපැදි සොරකම් කර වෙනත් ලියාපදිංචි අංකවලට හරවා එම ලියපදිංචි යතුරු පැදිවල එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර විකුණන ජාවාරමක නිරත වී ඇතැයි පොලිසිය කියයි.

පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව වාරියපොල පොලිස් වසමේ බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේදී කරන ලද විමර්ශනයකින් මෙම තිදෙනා (3) ගෙන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී එකම ලියාපදිංචි අංකය සහිත යතුරුපැදි දෙකක් (2) ද අත් අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.

අත් අඩංගුවට ගත් දෙදෙනා (2) ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී ව්‍යාජ ලෙස එන්ජින් අංක සහ චැසි අංක වෙනස් ‍කරන පුද්ගලයා (1) ද එම කටයුතු සඳහා භාවිත කරන මෙවලම් කට්ටලක්ද සමග අල්ලා ගැනීමට පොලිසියට හැකිවී ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් කුරුණාගල බෝයගනේ, මල්කඩුවාව සහ වාරියපොල බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති ෴


‘ගනේමුල්ල සංජීව’ ඝාතනයට සම්බන්ධ ‘ඉෂාරා සෙව්වන්දි’ නේපාලයේදී අල්ලයි : තවත් 04 ක් අත්අඩංගුවට

(14.10.2025 – hirunews.lk)

‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ‘ඉෂාරා සෙව්වන්දි’ සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ සගයන් බව පැවසෙන තවත් සැකකරුවන් 4 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රැදවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ගෙන් අනාවරණ වූ කරුණු මත රටින් පළාගොස් සිටි ‘ඉෂාරා සෙව්වන්දි’ අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් පසුගියදා ආරම්භ කර තිබුණා.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊට අදාළ මෙහෙයුම සිදුකළේ ජාත්‍යන්තර පොලිසියේ ද සහයෝගය මතයි ෴

+++

+++

+


නොමිලේ වීසා හිමි විදේශිකයන්ට විද්‍යුත් සංචාරක අවසර පත්‍ර අනිවාර්යයයි

(14.10.2025 – hirunews.lk)

නොමිලේ සංචාරක වීසා බලපත්‍ර සඳහා සුදුසුකම් ලබන සියලුම විදේශීය ජාතිකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීම අනිවාර්යය වෙනවා.

එසේ අනිවාර්ය වන්නේ 2025 ඔක්තෝබර් 15 වන දින සිට ක්‍රියාත්මක වන පරිදියි.

එම ක්‍රමය යටතේ ඇති වෙනස්කම් සංචාරක ව්‍යාපාරය ඉහළ නංවනු ඇතැයි රජයේ අපේක්ෂාවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *