හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතාට ඇප දුන් අධිකරණයෙන් සී.අයි.ඩීයට දොස්
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතාට ඇප දුන් අධිකරණයෙන් සී.අයි.ඩීයට දොස්
(14.10.2025 – lankadeepa.lk)
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති ආකාරය දැඩිව විවේචනය කරමින් ඔහු ඇප මත මුදාහරින ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා අද (14) නියෝග කළේය.
සාක්ෂි නොමැති අවස්ථාවකදී සැකකරුවකුට එරෙහිව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අපරාධ නඩුවිධාන සංග්‍රහයේ පැහැදිළිව දක්වා තිබෙන බවත්, එහි 116 වගන්තිය අනුව කටයුතු කළ යුතු බව ඇප නියෝගය ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා පවසා සිටියේය .
තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහි දී කටයුතු කර ඇති ආකාරයේ දෝෂ පෙන්වා දුන් විනිසුරුවරයා පැවසූවේ විමර්ෂන අංශයක ස්ථානාධිපති වැනි ජ්‍යෙෂ්ඨ තනතුරකට පත්කරන්නේ වසර 20 කට වැඩි පළපුරුද්දක් ඇති නිලධාරීන්, එසේ පත්කිරීම් සිදුකිරීමෙන් බලාපොරාත්තු වෙන්නේ එම විමර්ශන නීත්‍යනුකූල තත්වයන් තුළ සිදු කළ යුතුයි. සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි නොමැති අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිළිව නඩු තීන්දු ගණනාවක් තිබෙනවා, මෙම නඩුවේදී ද එලෙස කටයුතු කළ යුතුව තිබුණු බව ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ දන්වා සිටියේය.
ඒ අනුව සැකකරුට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට මහාධිකරණයට නිරීක්ෂණය වන බව සඳහන් කරමින් සැකකරු ඇප මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කළේය ෴
+++
+
තංගල්ල මුහුදෙන් හමුවූ මත්ද්‍රව්‍යවල බර කිලෝ 1250 ක් – මෑත කාලයේදී හමුවූ උපරිම මත්ද්‍රව්‍ය තොගය මෙයයි
(14.10.2025 – hirunews.lk)
තංගල්ල රැකව මුහුදු තීරයට එහා නාවික සැතපුම් පහක් (5) පමණ ඈත මුහුදේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය අඩංගු මලු රැගත් නාවික හමුදාවේ මුර සංචාරක යාත්‍රා තුනක් අද (14) රාත්‍රි 07 ට පමණ තංගල්ල ධීවර වරායට පැමිණියා.
මුර සංචාරයේ යෙදුණු තංගල්ල නාවික හමුදා කඳවුරේ මුර සංචාරක යාත්‍රාවක සිටි නිළධාරින් පිරිසක් මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු සුදු පැහැති මල්ලක් දැක තිබුණා.
එය නාවික යාත්‍රාවට ගෙන විමසිලිමත් වීමේදී එතුළ තිබූ පෙට්ටිවල මත්ද්‍රව්‍ය අසුරා ඇති බව එම නිලධාරින් දැක තිබුණා.
පසුව සිය උසස් නිළධාරින් දැනුවත් කළ එම නාවිකයින් තවත් මුර සංචාරක යාත්‍රා දෙකක් කැඳවා මුහුදේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා.
ඒ අනුව මුහුදේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය අඩංගු මලු 51 ක් නාවික හමුදා නිළධාරින් විසින් සොයාගනු ලැබ තිබුණා.
ඒ අතර තිබී හෙරොයින් අඩංගු මලු 03 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය අඩංගු මලු 48 ක් සොයාගත් බව නාවික හමුදාව පැවසුවා.
එහි මත්ද්‍රව්‍ය කිලෝ 1250 ක් පමණ ඇතැයි පැවසේ.
එය මෑත කාලයේදී මුහුදෙන් සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන බව ද වාර්තා වෙයි.
මත්ද්‍රව්‍ය අඩංගු මලු ගොඩට ගෙන බර කිරා ඒවා මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයට බාර දෙන බව නාවික හමුදාව පැවසුවා.
මෙම සිදුවීම නිරීක්ෂණය කිරීම සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩද රාත්‍රියේ දි තංගල්ල ධීවර වරායට පැමිණ සිටියා.
එසේම, මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසිංහ මත්ද්‍රව්‍ය භාරගැනීම අධීක්ෂණ කිරීමට පැමිණ සිටියා.
පොලිස් නිළධාරියකු පැවසුවේ ඒවා අසුරා තිබූ පෙට්ටි සහ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය පෙට්ටි සීනිමෝදර ප්‍රදේශයේ ලොරි තුනක (3) තිබී හසුවූ මත්ද්‍රව්‍ය අසුරා තිබූ පෙට්ටි එක හා සමාන බවයි ෴
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴