‘ඉෂාරා සෙව්වන්දි’ ඇතුළු කණ්ඩායම දිවයිනට රැගෙන එයි
(15.10.2025 – 19:06 +0530 – sinhala.adaderana.lk)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘සංජීව කුමාර සමරරත්න’ හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ‘ඉෂාරා සෙව්වන්දි’ ඇතුළු කණ්ඩායම රැගත් ගුවන්යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවිය.
‘ඉෂාරා සෙව්වන්දි’ ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් 13 වනදා නේපාලයේ දී අත්අඩංගුවට පත්වූහ.
ඇය ඇතුළු කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත අද (15) ප.ව. 06:52 ට මෙරටට ළඟාවිය.
ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ‘ඉෂාරා සෙව්වන්දි’ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිතය.
එමෙන්ම සෙසු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය ඇතුළු අපරාධ කොට්ඨාසයන් වෙත භාරදීමට නියමිතව ඇත.
+++
+++
+++
+++
+
(15.10.2025 – hirunews.lk)
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදී තිබෙනවා.
මේ අනූව ඉෂාරා සෙව්වන්දි සහ තවත් 03 දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දුන්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් ප්‍රකාශ කළා.
අනෙක් සැකකරුවන් දෙදෙනා (02) පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට සහ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට යොමු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
මේ අනූව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන බවයි පොලිසිය පවසන්නේ ෴
+++
ධම‍්මපදපාළි – නව වන පාපවර්‍ගය :
12.(127) න අන‍්තලික‍්ඛෙ න සමුද‍්දමජ‍්ඣෙ
න පබ‍්බතානං විවරං පවිස‍්ස
න විජ‍්ජතී සො ජගතිප‍්පදෙසො
යත්‍ථට‍්ඨිතො මුච‍්චෙය්‍ය පාපකම‍්මා.
12.(127) යම් තැනෙක සිටි සත්ත්‍ව තෙම තමා විසින් කරණ ලද පාපකර්‍මයෙන් (විපාක දුක් අනුභව නොකොට) මිදී යේ ද, (කෙසගක් පමණ වූ ද එසේ වූ භුමිප්‍රදේශයෙක් නැත.) ආකාශයෙහි දු (පාපකර්‍මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක්) නැත. සමුද්‍රමධ්‍යයෙහි දු (පාපකර්‍මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක්) නැත. පර්‍වතයන්ගේ විවරයට වැද ද පාපකර්‍මයෙන් මිදෙන්නට හැකි ප්‍රදේශයෙක් නැත ෴
( https://tipitaka.lk/kn-dhp-9/14-3/pali )
ඔන්චිල්ලාවේ සාරිපොට 13 දැරියගේ දිවි උදුරාගනී
(15.10.2025 – hirunews.lk)
නිවෙසේ ඔන්චිල්ලාවක බැදි සාරියට ගෙල සිරවීමෙන් 13 හැවිරිදි පාසල් සිසුවියක් රෝහල් ගත කිරීමේදී මරණයට පත්ව ඇතැයි බගවන්තලාව පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ලයිම් අංක 1, බොගවාන වත්ත බගවන්තලාව ප්‍රදේශයේ පදංචිව සිටි බගවන්තලාව කිලානි දෙමළ මහ විද්‍යාලයේ 8 වසරේ ඉගෙනුම ලබමින් සිටි මදුමදන් ජෙන්සියා නැමති දැරියයි.
ඊයේ (14) පස්වරු 04:30 ට පමණ නිවෙසේ තොටිල්ලක සෙල්ලම් කරමින් සිටි දැරිය ඔන්චිල්ලාවේ බැදි සාරියේ එල්ලි සිර වී සිටි බවත්, පසුව ඇය රෝහල් ගත කරන විට මිය ගොස් ඇති බවයි ඥාතීන් පවසන්නේ.
මිය ගිය සිසුවිගේ සිරුර පස්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ විෂේශඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, මිය ගිය සිසුවියගේ සිරුර සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන පවත්වයි ෴
මත්ද්‍රව්‍ය තොගය තංගල්ල මුහුදට දැමූ 05 ක් දැලේ
(15.10.2025 – hirunews.lk)
නාවික හමුදාව මඟින් ඊයේ (14) රාත්‍රී තංගල්ල රැකව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය මුහුදට ගොස් දැමූ බවට සැකකෙරන බෝට්ටුව සමඟ සැකකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
පොලිස් විශේෂ කාර්‍ය්‍ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් දෙවිනුවර ප්‍රදේශයේ දී අද (15) මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය තොගය රැගෙන එන ලද බෝට්ටුව සමඟ පුද්ගලයන් 05 දෙනකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා ෴
පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකුණු වෙළඳසැල් හිමිකරුට රු. ලක්ෂ පහක (5) දඩයක්
(15.10.2025 – hirunews.lk)
පාලන මිලට වඩා වැඩි මිලකට ‘දේශීය කිරී සම්බා සහල්’ විකුණු බව කියන සිද්ධියට අදාළව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අත්අඩංගුවට ගත් පෞද්ගලික වෙළඳසැලක හිමිකරුවකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂ පහක (5) දඩ මුදලක් අද (14) නියම කළා.
ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී. දර්ශිමා ප්‍රේමරත්න හමුවේ, මෙලෙස දඩ මුදල් නියම කරනු ලැබුවේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ පෞද්ගලික වෙළඳසැලක හිමිකරුවකුහටයි.
පාලන මිලට වඩා වැඩි මිලට දේශිය කිරී සම්බා සහල් විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රදේශයේ පදිංචි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙලෙස නියෝග කරනු ලැබුවා.
කිසිම සැපයුම්කරුවෙකු නිෂ්පාදකයෙකු, සාදන්නෙකු, බෙදා හරින්නෙකු හෝ වෙළෙන්දෙකු විසින් කිරී සම්බා සහල් කිලෝ ග්‍රෑම් එකක (1) උපරිම සිල්ලට මිල රුපියල් 260 වැඩියෙන් වෙළඳාම් කිරීම, සැපයීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම නොකළ යුතු බවට නියම කර තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් ලද තොරතුරුට අනුව කරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අධිකරණයට දැනුම් දුන්නා.
සැකකරු විවෘත අධිකරණයේදී වරද පිළිගැනිම හේතුවෙන් එලෙස දඩ මුදල් නියම වුණා.
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සිද්ධියට අදාළ සැකකරුට රුපියල් ලක්ෂ 5 ක දඩ මුදලක් නියම කළා ෴
මෙරටේත් දොස්තරලා දෙන ඖෂධ වට්ටෝරු ඩිජිටල් කර ඉල්ලති
(15.10.2025 – hirunews.lk)
ඖෂධ වට්ටෝරු පැහැදිලි කැපිටල් ඉංග්‍රිසි අකුරෙන් ලිවිය යුතු බවට ඉන්දියාවේ නීතිගත කළා සේ ලංකාවේත් එය නීතියක් ලෙස හෝ වෙන යම් ක්‍රමයක් ලෙස හෝ ක්‍රියාත්මක කළ යුතු යැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් පී. තිලකරත්න සඳහන් කරනවා.
පැහැදිලි අත් අකුරෙන් බෙහෙත් වට්ටෝරුව ලිවිය හැකිනම් වැරදි ලෙස ඖෂධ නිකුත් කිරිමක් සිදු නොවනු ඇති බවත් එයින් රෝගීන්ට සිදුවිය හැකි අනතුරු වලක්වා ගත හැකි බවත් ඔහු පෙන්වා දෙයි.
කෙසේ නමුත් සැලකිය යුතු වෛද්‍යවරුන් පිරිසක් පැහැදිලි අකුරෙන් ඖෂධ වට්ටෝරු ලියන්නට පුරුදු වී සිටියත් ඇතැම් වෛද්‍යවරුන් වැල් අකුරෙන් සහ අපැහැදිලි අකුරෙන් බෙහෙත් තුණ්ඩු ලිවීමට තවමත් කටයුතු කරන බවද සභාපතිවරයා සඳහන් කරනවා.
තවද ඖෂධීය නාමයෙන් ඖෂධ ලිවිය යුතු බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පනතින් නීතියක් බවට පත් කර තිබෙන නමුත් එයද ක්‍රියාත්මක නොවීම බරපතල තත්ත්වයක් යැයි හෙතෙම පවසනවා ෴
කොරියානු භාෂා විභාගය 23 සිට
(15.10.2025 – hirunews.lk)
2025 කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා අයදුම්කරුවන් 36,745 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර, එම විභාගය ලබන 23 දින ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර, මෙම වසරේ (2025) ඔක්තෝබර් මාසය අවසන් වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය තුන්දහස (3000) ඉක්මවන බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.
එහිදී නිෂ්පාදන අංශය සඳහා ලාංකිකයින් 2197 දෙනෙකුට රැකියා අවස්ථා හිමිවී ඇති අතර, ධීවර අංශය සඳහා 680 දෙනෙකුට රැකියා අවස්ථා හිමිවී තිබෙනවා ෴
රෝගී දැරියක් පාවිච්චි කර මුදල් වංචා කරලා
(15.10.2025 – hirunews.lk)
පිළිකා රෝගි දැරියකගේ ඡායාරූපය සමඟ විවිධ බැංකු ගිණුම් ඇතුළත් කර සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් සිදුකළ බව කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී. දර්ශිමා ප්‍රේමරත්න පරිගණක අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළා.
මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් කරන ලද පැමිණිල්ලකට අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එලෙස නියම කෙරුණා.
විමර්ශන නිලධාරීන් සඳහන් කර සිටියේ, පැමිණිලිකරුගේ දියණිය පිළිකා රෝගී තත්ත්වයෙන් පෙළෙන බවත් ඇයගේ ඡායාරූපය භාවිතා කර සාදන ලද දැන්වීම්වලට විවිධ බැංකු ගිණුම් ඇතුළත් කර යම්කිසි පිරිසක් විසින් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කරමින් මුදල් වංචාවක් සිදු කරන බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර අධිකරණයට කරුණු දක්වන ලෙස නියෝග කළා ෴
ග්‍රාම නිලධාරීන් සීරුවෙන් – පොරොන්දු ඉටු නොකළොත් වර්ජනයක්
(15.10.2025 – hirunews.lk)
එළැඹෙන අයවැයෙන් තම දීමනා නොලැබෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන බව පසුගිය දා ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය නිවේදනය කිරිමත් සමග රජය පාර්ශවයෙන් තමන්ට සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් පවසනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතා පසුගිය 13 වැනිදා තමන්ට සාකච්ඡාවක් ලබා දුන් බවත්, ඒහි දී සේවා ව්‍යවස්ථාව සංශෝධන සහිතව ගැසට් කර බලාත්මක කිරීමට පොරොන්දු වූ බවත් හෙතෙම කියනවා.
ඉන්ධන කෝටාව සහ අනෙකුත් දීමනා සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තබා ගත හැකි ප්‍රකාශයක් ලබා දුන් බවත් ඔහු පවසනවා.
ඒ කෙසේ වෙතත් එම පොරොන්දු නිසියාකාරයෙන් ඉටු නොවුණහොත් රජයට විරුද්ධව පාරට බැසීමට සිදු වන බව ද හෙතෙම සඳහන් කරනවා.
“ලීටර 20 ක කෝටා එක පසුගිය අයවැයෙන් කැපුවා. ඒක මේ අය වැයෙන් දෙනවා කියලා ඇමතිවරයා පොරොන්දු වුණා. අපි බලාගෙන ඉන්නවා. පොරොන්දු ඉටු කළේ නැත්නම් අපි දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යනවා.” යැයි ද ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය ෴
ගෝඨාභය රාජපක්ෂ ගෙදරින් එළියට ? (15.10.2025)
+
නන්දන ගුණතිලකගේ චෝදනාවලට ජෙප්පො නිහඬ ඇයි ? අල්ලස් ලොක්කා නඩු දාන්නෙ නැද්ද? (15.10.2025)
+
රංවලගේ හොර ආචාරි උපාධියට හපන් දැන් උන්නැහේගේ වැඩ … අල්ලස් ලොක්කාගෙ කෙරුවාව ඊට හපන් (15.10.2025)
+
විජයදාස රාජපක්ෂට ලේක්හවුසියෙන් කෝටි 50 ක් … එහෙම කියන්න හිච්චි අබේට ලජ්ජා නැද්ද? (15.10.2025)
+++
නිශාන්ත උලුගෙතැන්න මහ උලුගෙදර යැවීම (15.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴