‘පුවක්දණ්ඩා සනා’ චෝදනා එලෙසමයි .. පොලිසියට එරෙහිව නඩු යනවා .. – විමල් වීරවංශ මාධ්‍ය හමුවේ ..
‘පුවක්දණ්ඩා සනා’ චෝදනා එලෙසමයි .. පොලිසියට එරෙහිව නඩු යනවා .. – විමල් වීරවංශ මාධ්‍ය හමුවේ ..
(11.10.2025 – 14:10 +0530 – lankacnews.com)
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (11) මාධ්‍ය හමුවක් පවත්වමින්, පොලිස් පරීක්ෂණයකට අදාළව තමන් දුන් ප්‍රකාශයක් විකෘති කර හෝ නොකර ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට සහ එහි ක්‍රියාකාරීත්වයට දැඩි විවේචනයක් එල්ල කළේය.
වීරවංශ මහතා සඳහන් කළේ, පොලීසිය විසින් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් එලෙස ප්‍රසිද්ධියට පත් කළ ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය බවයි.
නීතිඥයෙකු මාර්ගයෙන් හෝ අධිකරණ නියෝගයක් අනුව මිස, පරීක්ෂණයකට අදාළව ලබා දෙන ප්‍රකාශයක පිටපතක් අදාළ පුද්ගලයාටවත් රිසි පරිදි ලබා ගැනීමට නොහැකි බවත්, එය රහස්‍යභාවය සහිතව තබා ගැනීමේ වැදගත්කම ඉන් තහවුරු වන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110(3) වගන්තිය පරීක්ෂා කළහොත්, පරීක්ෂණයකට අදාළව පුද්ගලයෙකු විසින් දෙනු ලබන ප්‍රකාශයක් කොතරම් රහස්‍යභාවයකින් ආරක්ෂා කළ යුතුද යන්න මැනවින් තහවුරු වන බව හෙතෙම කීය. එලෙස ප්‍රකාශයක් විකෘති කර හෝ නොකර ප්‍රසිද්ධියට පත් කිරීම, පරීක්ෂණයේ නිරෝගී ක්‍රියාකාරීත්වයට බාධාවක් විය හැකි බව ද වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
පොලිස් දෙපාර්තමේන්තුව මෙතෙක් කටයුතු කළ ආකාරය එය නොවන බවත්, අද වන විට මේ තියෙන්නේ ‘ශ්‍රී ලංකා පොලීසියද, ජේවීපී පොලීසියද’ යන ප්‍රශ්නය මතුව ඇති බවත් ඔහු පැවසීය.
වීරවංශ මහතාගේ ප්‍රකාශය වූයේ, තංගල්ල පොලීසියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගැන කෙරෙන පරීක්ෂණයකට තමන්ව කැඳවූ නමුත්, එය එතරම් තදින් අදාළ වූවක් නොවූ අතර, තමාගෙන් ප්‍රකාශයක් ගනු ලැබුවේ එම පුද්ගලයා සහ දේශපාලන සම්බන්ධතා ගැන බවයි.
වර්තමාන පොලිස්පතිවරයා පොලිස් දෙපාර්තමේන්තුව ‘ජේවීපී පොලීසියක්’ බවට පත් කිරීමට කටයුතු කර තිබීම කොතරම් සාධාරණද යන්නත්, එය දෙපාර්තමේන්තුවේ ගරුත්වයට හානි කරන ක්‍රියාවක් බවත් ඔහු ප්‍රශ්න කළේය. ඔහු වැඩිදුරටත් චෝදනා කළේ ‘පොලිස් මාධ්‍ය ඒකකය’ ‘ජේවීපී මාධ්‍ය ඒකකයක්’ බවට පත් කර ඇති බවයි. පොලිස්පතිවරයා ආණ්ඩුවේ මර්දන ක්‍රියාකාරීත්වයේ ප්‍රධානියා බවට පත්ව ඇති බවත්, ඔහුගේ භාවිතාව වී ඇත්තේ ආණ්ඩුවෙන් ලැබෙන න්‍යාය පත්‍රයට අනුව පුද්ගලයන් දඩයම් කිරීම බවත් වීරවංශ මහතා සඳහන් කළේය.
ඔහු යෝජනා කළේ, පොලිස්පතිවරයාට පොලිස් දෙපාර්තමේන්තුවේ ගරුත්වය රැකීමට නොහැකි නම්, ඔහු සතු නිල ඇඳුම, වඩා සුදුසු කොස්තාපලවරයෙකුට ලබා දිය යුතු බවයි.
රටේ ජනගහනයෙන් 12.5% ක් දුප්පතුන් බවට පත් කර තිබියදී, රෝහල්වල බෙහෙත් නොමැති නිසා රෝගීන් මිය යන වටපිටාවක, රජය මෙම දේශපාලන දඩයම් සඳහා පොලිස් දෙපාර්තමේන්තුව යොදා ගනිමින් ‘නිල්පාට බස් එකෙන් ගොඩ යන්න’ උත්සාහ කරන බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.
ඔහු කියා සිටියේ, මෙම ක්‍රියාවෙන් විපක්ෂයේ කටවල් වට කරලා වැට බඳින්නට උත්සාහ කළත්, එය කිසිදා සිද්ධ කළ හැකි දෙයක් නොවන බවයි.
මෙම ‘අදූරදර්ශී’ ක්‍රියාව පිළිබඳව ‘පොලිස් කොමිෂන් සභාව’ට පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවත්, ඊට විරුද්ධව අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීම සඳහා හෙට දින (12) නීති උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් වීරවංශ මහතා පැවසීය.
තමන් දුන් ප්‍රකාශයෙන් යමෙකුට අපහසයක් හෝ අගතියක් සිදුවී තිබේ නම්, එම පාර්ශ්වයට උසාවි යාමට හැකි බවත්, එවිට කරුණු කාරණා සහිතව සියල්ල ඔප්පු කර පෙන්වීමට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කළේය. පොලීසියට තමන්ව උසාවි ගෙන යාමට නොහැකි බවත්, බොරු කීවා නම් පොලීසියට ඊට සම්බන්ධ වීමට අවශ්‍ය වන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කළ ඔහු, පොලීසිය ජේවීපීයට උළුප්පා දක්වන බවට චෝදනා කළේය.
මෑතකදී සිදු වූ කැබිනට් සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් වීරවංශ මහතා ප්‍රකාශ කළේ, එය හිටපු අමාත්‍ය බිමල් රත්නායක මහතා සතුව තිබූ වරාය හා ගුවන් සේවා කොටස ගලවා ගැනීම සඳහාම සිදු කළ සූක්ෂම ක්‍රියාවක් බවයි.
එම කැබිනට් සංශෝධනය රටේ සංවර්ධන අභියෝග ජය ගැනීම සඳහා ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණයක් නොවන බවත්, වරාය ආශ්‍රිතව තිබෙන යම්කිසි උවමනාවක් සපුරා ගැනීම සඳහා පහසුවෙන් කටයුතු කළ හැකි අමාත්‍යවරයෙකු යටතට අමාත්‍යාංශය පවරා දීමක් ලෙස එය පෙනෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
අනෙකුත් නියෝජ්‍ය අමාත්‍යවරුන්ට තනතුරු ලබා දුන්නේ ද එම ‘රෙපෙයාර්’ එක කර ගැනීම සඳහා පාර කපා ගැනීම සඳහා බවට ඔහු විශ්වාසය පළ කළේය.
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් කැඳවීමක් පැවති නමුත්, උසාවි යාමට ඇති බැවින් වෙනත් දිනයක් ඉල්ලා සිටීමෙන් පසුව, නැවත දැන්වීමක් ලැබුණේ නැති බවත්, තමන් යම් වරදක් නොකළ බවත් නමුත් වරදක් පැටවීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබෙන බවත් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
දේශපාලන වශයෙන් තර්ජනය කිරීමෙන් තමන් බිය ගැන්විය නොහැකි බව අවධාරණය කළ ඔහු, ‘නිල්පාට බස් එකෙන්’ ගොඩ යන්නට උත්සාහ කරන අයට සිදු වන්නේ ‘රතුපාට බස් එක ප්‍රපාතයකට ඇද වැටෙන එක’ බවට අනතුරු ඇඟවීය.
+++
+
බොරු කී කතානායකට විශ්වාස භංගයක් | මානව හිමිකම් කොමිසමේදී ලංකාව තනිවූ රහස එළියට (11.10.2025)
+
කළුතර වෙඩි තැබීමක්
(11.10.2025 – hirunews.lk)
කළුතර දකුණ – පළාතොට ප්‍රදේශයේ පිහිටි වෙළඳසලකට අද (11) සවස 06:00 ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තැබීමක් සිදුකොට පලාගොස් තිබෙනවා.
මෙම වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානි වී නොමැති අතර, වෙඩි තැබීම සඳහා මිලිමීටර් නමය (9) ගිනි අවියක් යොදාගෙන ඇති බවට සැක කෙරෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මෙම වෙඩි තැබීමෙන් අනතුරුව එම ස්ථානයේ හිස් ජීව උණ්ඩ දෙකක් (2) සහ සජීවී උණ්ඩ දෙකක් (2) වැටී තිබෙන ආකාරයද දැක ගැනීමට හැකි වූ බව අප වාර්තාකරු පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ කළුතර දකුණ පොලිසිය එක්ව ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරෙනවා.
යතුරුපැදි සේවා ස්ථානයකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර, එම වෙඩි ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවත්, මෙම යතුරුපැදි සේවා ස්ථානයේ හිමිකරුට මීට පෙරාතුවත් මරණ තර්ජන එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ ෴
+++
+
හෝටලයේ කාමරේ තිබූ මුදල් ඉස්සු හොටල් සේවකයා අත්අඩංගුවට
(11.10.2025 – hirunews.lk)
හොටෙල් කාමරය තුළ තිබූ ඇමරිකානු ඩොලර් 950 ක් සහ මුදල් රුපියල් 10,000 ක් සොරකම් කළ හෝටල් සේවකයෙකු සීගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු විසි එකක් (21) වයසැති සීගිරිය හෝටලයක සේවය කරන ලද හොටෙල් සේවයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයස අවුරුදු 42 ක් වයසැති නේපාල ජාතික කාන්තාවක් විසින් සීගිරි පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිසිය සඳහන් කර සිටියේ ඊයේ (10) දින මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඔහු හොටෙල් සේවකයෙකුව සිටිමින් හොටෙල් කාමරයක තුළ තිබූ මුදල් රුපියල් දහදාහක් සහ ඇමරිකන් ඩොලර් නවසිය පනහක් සොරකම් කළ ඇති බවයි.
සිද්ධියට අදාළ මුළු මුදල් වටිනාකම රුපියල් 295,000 බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ ෴
මහනුවර නීතිඥයෙකුගේ කබාය ගලවයි
(11.10.2025 – hirunews.lk)
නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10) තීන්දු කළා.
විශ්‍රාමික මේජර් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.එල්.එස්. පලිපාන විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව මහින්ද සමයවර්ධන, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
පැමිණිකරු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබුණේ 2006 වසරේ මාර්තු මස පළවනදා සහ 2007 වසරේ පෙබරවාරි මස 15 වැනිදා නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා තමන් විසින් වගඋත්තරකාර නීතිඥවරයාව පත් කරගෙන තිබූ බවයි.
එම සේවාව සැපයීම සඳහා වගඋත්තරකාර නීතීඥවරයා රුපියල් ලක්ෂයක (100,000) මුදලක් ඉල්ලා ඇති අතර ඉන් රුපියල් 50,000 මුදලක් අත්තිකාරම් වශයෙන් පැමිණිලිකරුගෙන් ලබාගෙන තිබෙනවා.
නමුත් පොරොන්දු වූ පරිදි වගඋත්තරකාර නීතිඥවරයා සිය සේවාව ඉටු නොකිරීම නිසා තමන් විසින් ලබාදුන් ලේඛන හා මුදල් ආපසු ලබාදෙන ලෙසයි පැමිණිලිකරු ඉල්ලා ඇත්තේ.
කෙසේ වෙතත් මෙම වග වගඋත්තරකාර නීතිඥවරයා අදාළ ලේඛන හා මුදල් නිසි පරිදි භාරදීම පැහැර හැරීම නිසා පැමිණිලිකරු විසින් 2008 වසරේ පෙබරවාරි මස 27 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
මෙම පැමිණිල්ල පදනම් කරගෙන වගඋත්තරකාර නීතිඥවරයාට එරෙහිව නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීම යටතේ චෝදනා පත්‍ර ගොනුකර නඩු විභාගයක් පවත්වා තිබෙනවා.
දීර්ඝ විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම ක්‍රියාව තුළින් වගඋත්තරකරු නීතීඥ ආචාර ධර්ම උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු ශිරාන් ගුණරත්න කියා සිටියේ :
“මෙම ක්‍රියාව තුළින් වග උත්තරකරු නීතිඥ වෘත්තීයේ ගෞරවයට දැඩි හානියක් සිදු කර තිබේ. ඔහුගේ ක්‍රියා කලාපය කිසිසේත්ම අනුමත කළ නොහැකිය. නීතිය ක්‍රියාත්මක කිරීම යනු පුද්ගලික වාසි තකා සූරාකෑමට ඇති වරප්‍රසාදයක් නොවේ. නීතිඥවරයෙකු වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු නොකරන අවස්ථාවක ඊට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවේ. වෘත්තීය ගෞරවය ආරක්ෂා කිරීමට සහ යුක්තිය පසිඳලීම පිළිබඳ මහජන විශ්වාසය පවත්වාගෙන යාමට එය අත්‍යවශ්‍ය වේ. නීතිඥ වෘත්තිය යනු හුදෙක් වෘත්තියක් නොවේ. එය ගෞරවනීය මහජන විශ්වාසයකි.” යනුවෙන් සඳහන් කළ විනිසුරුවරයා වගඋත්තරකරු නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් තීන්දු කළා.
ඒ අනුව 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 42(2) වගන්තියේ නියමයන් අනුව ඔහුගේ නම නීතීඥ නාම ලේඛනයෙන් කපා හරින ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කරනු ලැබුවා ෴
P.R.O දැරිවිය දැක්කම මගේ පපුව රිදුනා ! (11.10.2025)
+
ඉදිරියේදී බිමල්ට තව ලොකු එකක් දෙනවලු… අනිත් එවුන්ව විතරක් නෙවෙයි, උන්ගේම උන්වත් රවට්ටනවා (11.10.2025)
+
හොරු 76 අවුරුද්දකින් කරපුවා, ජෙප්පො අවුරුද්දෙන් කළා… (11.10.2025)
+
ගුවන්යානයේ බීලා පිස්සු නැටූ ගායකයා කවුද? අන්තිමට බිමට බස්සලා ගෙදර එවලා (11.10.2025)
+
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් හොරු සමඟ හෙළුවෙන් – නම්ගම්, ලිඛිත සාධක සහිත හෙළිදරවුව (11.10.2025)
+
කැබිනට් වෙනස්කම් පිටුපස ඇති රහස් – ඇත්ත කතාව මෙන්න! (11.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
Habitual Liar Werawana is a laugh a minute. His credibility in tatters, now he thinks he should raise more hot air to cover up his real form exposed to public. Man you are naked, you have no cloths left on you! Quick go and get yourself a loin cloth, hot air won’t do!