පොලිසියේ නිවේදනයට විමල් වීරවංශ ගෙන් සැර උත්තරයක්

පොලිසියේ නිවේදනයට විමල් වීරවංශ ගෙන් සැර උත්තරයක්


පොලිසියේ නිවේදනයට විමල් වීරවංශ ගෙන් සැර උත්තරයක්

(10.10.2025 – hirunews.lk)

තමා තංගල්ල පොලිසියට ලබාදුන් ප්‍රකාශය පිළිබඳ පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද නිවේදනය සම්පූණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් වන අතර එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොව, ආණ්ඩුවක මඩ බලකායකට ගැළපෙන කටයුත්තක් බවත් ‘ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ’ පවසනවා.

සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලීසිය තමන්ගේ ස්වාධීනභාවය ද ප්‍රශ්නයකට ලක්කර ගෙන ඇතැයි ද විමල් වීරවංශ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ඔහු විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් :

= මා විසින් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාල වෙත ලබාදුන් ප්‍රකාශය විකෘති කොට මාධ්‍යවලට ලබාදීම සම්බන්ධවයි =

පසුගියදා අත්අඩංගුවට ගත් ‘බෙලිඅත්තේ සනා’ නොහොත් ‘පුවක්දණ්ඩාවේ සනා’ යන පුද්ගලයා සම්බන්ධව මා විසින් මාධ්‍ය හමුවක දී හෙළිදරව් කරනු ලැබූ තොරතුරු සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාලයට ප්‍රකාශයක් ලබාදීමට පැමිණෙන ලෙස සිදුකරනු ලැබූ දැනුම්දීමට අනුව ඊයේ (ඔක්තෝබර් 09) මා අදාළ කාර්යාලය වෙත ගොස් සියලු තොරතුරු සමඟින් මාගේ සම්පූර්ණ ප්‍රකාශය ලබා දුනිමි.

මා විසින් අදාළ කාර්යාලයට ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයේ කොටස් කිහිපයක් පමණක් පොලීසිය විසින් අද (10) දින මාධ්‍යයට නිකුත් කොට ඇත.

පැය තුනකට (3) ආසන්න කාලයක් මා විසින් ලබාදුන් සම්පූර්ණ ප්‍රකාශයෙන් උපුටාගෙන ඇති කොටස් පොලිසිය විසින් හිතාමතාම සංශෝධනය කොට මෙසේ මාධ්‍යට ලබාදී තිබේ. ඒවා පොලිසියට අවශ්‍ය පරිදි සංශෝධනය කරගෙන මෙසේ පළ කිරීම මගින් පොලිසිය උත්සාහා කරන්නේ ‘පුවක්දණ්ඩාවේ සනා’ සහ ඔහුගේ දේශපාලන සබඳතා පිළිබඳව සත්‍ය සමාජයෙන් සැඟවීමටදැයි සැකයක් ද ඇතිවේ.

සමාජයේ කතිකාවකට ලක්වන කරුණක් සම්බන්ධයෙන් පොලිසියට ලබාදුන් ප්‍රකාශය විමර්ශනය කර ඒවායේ සත්‍ය සොයා ගන්නවා වෙනුවට තමන්ට ඇවැසි පරිදි ඒවා සංශෝධනය කොට සමාජගත කිරීම මගින් පොලීසිය තමන්ගේ ස්වාධීන භාවයද ප්‍රශ්නයට ලක්කර ගනියි.

පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කරන ලද එම ප්‍රකාශය සම්පූණයෙන්ම විකෘති කරන ලද ප්‍රකාශයක් වන අතර එය නීතිගරුක පොලිසියකට ගැළපෙන කටයුත්තක් නොව, ‘ආණ්ඩුවක මඩ බලකාය’කට ගැලපෙන කටයුත්තක් බවත් කිව යුතුය ෴

+++

+++

+


‘අනුර කුමාර’ අතුරුදහන් වෙලා – ගම්මන්පිල මාධ්‍ය හමුවක් කැඳවයි – බිමල්ගේ රෙදි ගලවයි (10.10.2025)

+


+


‘පාඨලී චම්පික රණවක’ට වන්දි ගෙවන්නැයි ‘කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්’ට අධිකරණයෙන් නියෝග

(10.10.2025 – hirunews.lk)

‘කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල්’ විසින් ප්‍රචාරය කළ අසත්‍ය ප්‍රකාශයක් හේතුවෙන් ‘එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක’ට වන්දි මුදලක් ගෙවන්නැයි අධිකරණය නියෝග කර තිබෙනවා.

පාඨලී චම්පික රණවක විසින් පවරා තිබූ නඩුවක තීන්දුව අවුරුදු 13 කට පසු කොළඹ දිසා අධිකරණය විසින් අද (10) දිනයේ දී ලබා දෙමින් මෙම නියෝගය ලබා දුන්නා.

2010 ජනාධිපතිවරණ සමයේ චම්පික රණවක විදුලිබල අමාත්‍ය ලෙස කටයුතු කරන අතරතුර කතරගම නිවාඩු නිකේතනයකට ඇඳක් රුපියල් 80,000 කට කොළඹ සිට ගෙන ගිය බවට ‘ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායක රංජන් ජයලාල්’ ප්‍රකාශයක් කර තිබුණා.

එම ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බවත් එමගින් චම්පික රණවකගේ චරිත ඝාතණයක් සිදුව ඇති බවටත් අධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එම ප්‍රකාශය සිදුකළ රංජන් ජයලාල් සහ එය වාර්තා කළ මාධ්‍ය ආයතනය, මාධ්‍යවේදිනිය යන සියලු පාර්ශ්ව එම අසත්‍ය ප්‍රකාශයට වගකිව යුතු බවද ගරු අධිකරණයෙන් ප්‍රකාශ කරනු ලැබුවා.

එමෙන්ම, එම සියළු පාර්ශ්වවලට අධිකරණයෙන් නියෝග කරනු ලැබුවේ පාඨලී චම්පික රණවකට රුපියල් මිලියනය (10,00,000) බැගින් වන්දි ගෙවන ලෙසයි.

+++

අද (10) දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍ය චම්පික රණවක විසින් මෙම නඩු තීන්දුව සහ නඩුකරයේ පසුබිම පිළිබඳව කරුණු හෙලි කරන ලදී :

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Wimal Weerawansa may be good at deceiving gullible and uneducated people, but his real nature of being a hbitual liar has been exposed. This failed and corrupt people rejected former minister should now be arrested and brought to the court, charged with sedition. Iru news as usual very active spreading mis-information as their primary task. may be the owner should reflect on it when he sits like a pious man in front of monks every poya day, another conman deceiving the public.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *