අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිලගෙන් චෝදනා
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිලගෙන් චෝදනා
(07.10.2025 – hirunews.lk)
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයට රංග දිසානායක පත්කිරීමේදී පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය බිමල් රත්නායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නොමග යවා ඇති බවට ‘පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල’ චෝදනා කරනවා.
අද (07) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ඔහු මෙම චෝදනාව එල්ල කළේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර පත්කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයකින් සිදුනොවීම සම්බන්ධයෙන් ඔහු කරුණු රැසක් ද මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කළා.
පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල :
+++
+
අන්තර්ජාල වංචා ගැන පොලීසියෙන් නිවේදනයක්
(07.10.2025 – hirunews.lk)
අන්තර්ජාලය හරහා සමාජ මාධ්‍ය ජාලා උපයෝගී කර ගනිමින් සිදු කරන මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව එම නිවේදනය පහතින් දැක්වෙයි :
“අන්තර්ජාලය ඔස්සේ සිදුවන වංචනික ක්‍රියා, විශේෂයෙන් Telegram / WhatsApp ආදී ගිණුම් හරහා සහ වෙනත් සමාජ මාධ්‍ය සමුහ උපයෝගී කර ගනිමින් සිදුකරනු ලබන මුල්‍ය වංචා සම්බන්ධව පැමිණිලි දෛනිකව වාර්තා වේ.
මෙහිදී, පුද්ගලයින් වංචනිකව රවටා ඔවුන්ගේ ගිණුම් අංක, මුරපද, (User Name / Password) QR කේත ආදී රහස්‍ය තොරතුරු ලබා ගනිමින්, මාර්ගර්ගත රැකියා අවස්ථා ලබා දෙන බවට පවසා, විවිධ ගිණුම් වලට මුදල් බැර කර ගැනීම් ආදී වංචා සිදු කරන බවට නිරීක්ෂණය වී ඇත.
එබැවින් අන්තර්ජාලය භාවිතා කිරීමේදී මෙවැනි වංචා සම්බන්ධයෙන් අවබෝධයෙන් ක්‍රියා කරන ලෙසටත්, පහත කරුණු සම්බන්ධයෙන් දැනුවත් වන ලෙසටත් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී :
- භාවිතා කරනු ලබන සමාජ මාධ්‍ය ජාලා (Telegram / WhatsApp හෝ වෙනත්) ගිණුම් තුළ නොදන්නා පුද්ගලයින් හා නොදන්නා සමාජ මාධ්‍ය සමුහ මඟින් විවිධ ආදායම් මාර්ග ලබා දෙන බව සඳහන් කරමින් සිදු කරනු ලබන වංචනික පෙළඹවීම්වලට හා ක්‍රියාවන්ට හසු නොවීම.
- නොදන්නා පුද්ගලයින් හා සමාජ මාධ්‍ය ජාලා සමුහ මඟින් පළ කරනු ලබන අන්තර්ජාල දිගු හා ස්කැන් කේත භාවිතයෙන් වැළකීම.
- සයිබර් අවකාශය තුළ නොදන්නා පුද්ගලයින්ගේ ගිණුම වෙත මුදල් බැර කිරීම, ඔවුන් සමඟ බැංකු තොරතුරු හුවමාරු කර ගැනීම, සිය බැංකු ගිණුම් වෙනත් පුද්ගලයින් වෙත භාවිතය සඳහා අවසර ලබා දීමෙන් වැළකීම.
- ගිණුම් අංක, මුරපද OTP කේත බාහිර පුද්ගලයින් සමඟ කිසිම අවස්ථාවකදී හුවමාරු කර නොගැනීම.
- නොදන්නා පුද්ගලයින් ලබා දෙන ජංගම යෙදවුම් ස්ථාපනය කිරීමේදී හා අන්තරජාල දිගු භාවිතා කිරීමේදී ආරක්ෂිත උපක්‍රම පිළිබඳ සැලකිලිවත් වීම හා විද්‍යුත් උපකරණයේ පවතින ප්‍රදේශ අවසරය ලබා නොදීම.”
පුරාවිද්‍යා නිලධාරියාට පහරදී රන්බඩු කොල්ල කාලා
(07.10.2025 – hirunews.lk)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පතල් හා කැණීම් නිලධාරියාට පහරදී බියගන්වා රුපියල් ලක්ෂ 13 කට අධික රන් භාණ්ඩ, මුදල් සහ ජංගම දුරකථනය කොල්ලකෑ ත්‍රීරෝදරථ රියැදුරකු තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව කොටහේන පොලිසිය පවසනවා.
එම සැකකරුවන් විසින් නිලධාරීවරයා පැළඳ සිටි පවුම් හතරහමාරක් බර රන්මාලය සහ අත්පලදනාව, ජංගම දුරකථන දෙකක් (2) සහ රුපියල් 20,000/= ක් කොල්ලකා ඇතැයි පොලිසිය පවසනවා.
පහර කෑ පැමිණිලිකාර පතල් කැණීම් නිලධාරියා ඔහු පදිංචි කදුරුවෙල ගම් ප්‍රදේශයේ සිට ඉකුත් 6 උදෑසන බස් රථයෙන් පිටකොටුවට පැමිණ නාරහේන්පිට ප්‍රදේශයට යාම සඳහා කුලී ත්‍රීරෝද රථයකට නැඟ ඇතැයි පොලිසිය පවසනවා.
ත්‍රීරෝදරථ රියැදුරු මරදාන සංඝරාජ මාවතේදී රථය නවතා ගොස් තවත් පුද්ගලයකු සමඟ පැමිණ පැමිණිලිකරුට පහරදී බිය ගන්වා මෙම කොල්ලය සිදු කර තිබූ බව පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිසිය පවසනවා.
කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චිගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒ.ඒ.එම්. අරවින්ද ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා ෴
බේරුවල අකුණුසරින් අයෙක් (1) මරුට; තවත් දෙදෙනෙකු (2) රෝහලේ
(07.10.2025 – hirunews.lk)
බේරුවල ප්‍රදීපාගාරය අසල මුහුදු තීරය ආසන්නයේදී කුඩා එන්ජින් බෝට්ටුවකින් මුහුදු ගිය ධීවරයින් දෙදෙනකු (2) අකුණුසරින් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි බේරුවල පොලීසිය පවසනවා.
මෙම අනතුරින් තුවාල ලැබූ ධීවරයින් දෙදෙනා (2) මේ වන විට බේරුවල රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස ප්‍රතිකාර ලබන්නේ වයස අවුරුදු 17 ක් සහ 52 ක් වන උතුරු පයාගල ප්‍රදේශයෙන් පදංචි ධිවරයින් දෙදෙනෙක් (2).
මෙම අකුණු වැදීමේ සිද්ධියෙන් ගොඩල්ලවත්ත, මග්ගොන ලිපිනයේ පදිංචිව සිටි ධීවරයකු වන හෙට්ටිආරච්චිගේ දොන් නිශාන්ත (42) නමැති තිදරු පියකු ජීවිතක්ෂයට පත්වුණා.

මෙම ධීවරයා මුහුදු ගොස් ඇත්තේ පයාගල ප්‍රදේශයෙන් බවද පොලිසිය සඳහන් කරනවා.
අද (07) අලුයම මියගිය පුද්ගලයා ගමන් ගත් බෝට්ටුව සහ තවත් බෝට්ටු දෙකක් (2) පයාගල ප්‍රදේශයෙන්බේරුවල මරදාන ධීවර තොටුපොළ ආශ්‍රිත ප්‍රදේශයට ධීවර රැකියාව සඳහා පිටත්ව තිබුණා.
හදිසියේම පතිත වූ අකුණක් මෙම ධීවරයාගේ හිස මතට වැදී බරපතල ලෙස තුවාල ලබා රෝහල්කතර කිරීමේදී මිය ගොස් ඇති බව පොලිසිය පැවසුවා.
මියගිය පුද්ගලයා පැදවූ ධීවර බෝට්ටුව මේ වන විට මුහුදු බත් වී ඇති බව වාර්තා වේ.
මියගිය පුද්ගලයා හා තුවාල ලැබූ තවත් ධීවරයන් දෙදෙනකු (2) ඒ ආසන්නයේ තිබූ වෙනත් බෝට්ටුවකින් ගොඩබිමට රැගෙන විත් රෝහල් ගත කර තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ මූලික මරණ පරීක්ෂණය බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි විසින් සිදුකර සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර නාගොඩ ශික්‍ෂණ රෝහලට පිටත්කර යැවූ බව පොලිසිය සඳහන් කරනවා ෴
ළමා හිංසන වැළැක්වීමේ පනත් කෙටුම්පතට ‘අධ්‍යාපන වෘත්තිකයින්’ගෙන් දැඩි විරෝධය
(07.10.2025 – hirunews.lk)
ළමයින්ට එරෙහි සෑම ආකාරයකම හිංසන වැළැක්වීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සම්මත වුවහොත් එදින සිට දැඩි වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ‘අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය’ පවසනවා.
ළමයින්ට එරෙහි සෑම ආකාරයකම හිංසන වැළැක්වීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් රජය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
වයස අවුරුදු 18 ට අඩු තැනැත්තන්ට එරෙහි හිංසනවල වරදේ ස්වභාවය මෙන්ම ඊට අදාළව පැනවෙන දඬුවම් ද එම කෙටුම්පතින් දක්වා තිබෙනවා.
කෙසේ වෙතත් මෙම දණ්ඩ නීති සංග්‍රය ගෙන ඒම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් තුළින් දැඩි විරෝධයක් එල්ල වූ නිසා අදාළ පනත් කෙටුම්පත විවාදයට ගැනීම කල් තැබුණා.
ඒ අනුව අද (07) දින එය දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර තිබෙනවා ෴
දඹුල්ලේ පාසලක (මෝඩ) සිසු සිසුවියන් හත් දෙනෙකු (7) රෝහල් ගතකෙරේ
(07.10.2025 – hirunews.lk ඇසුරෙන්)
රසායනික ද්‍රව්‍යයක් දිවෙහි ස්පර්ශ කිරීමෙන් පසු ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් දඹුල්ල, රත්මල්ගහ ඇල කණිෂ්ඨ විද්‍යාලයේ හත ශ්‍රේණියේ ඉගෙනුම ලබන (මෝඩ) දරුවන් හත්දෙනෙකු (7) දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ඒ අතර, සිසුවියන් දෙදෙනෙකු (2) ද සිටින බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
පසුගිය නිවාඩු දිනවල එම විදුහලේ විද්‍යාගාරයට රිලවුන් පැන ඇති අතර අද (07) පාසල් ආරම්භයත් සමග සිසුන් එහි ගොස් පරීක්‍ෂා කිරීමේදී භාණ්ඩවලට හානි කර තිබූ ආකාරය දැක තිබෙනවා.
එම අවස්ථාවේදී විසිරී තිබූ යකඩ හඳුනාගන්නා රසායනික ද්‍රව්‍යයක් මිරිස් කුඩු යැයි සිතා ඔවුන් විසින් මෙලෙස පරීක්‍ෂා කර ඇති අතර ඉන් අනතුරුවයි මෙම පිරිස රෝහල් ගතකර ඇත්තේ ෴
‘නෙළු මල්’ බලන්න හෝර්ටන්තැන්නට ජන ගඟක්
(07.10.2025 – hirunews.lk)
වසර 12 කට වරක් පිපෙන ‘ඇන්තෝනියස් කුලය’ට අයත් ‘නෙළු ශාක’වල හටගෙන තිබෙන ‘නෙළු මල්’ බැලීම සඳහා සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග සියලු මාර්ග ඔස්සේ හෝර්ටන් තැන්නට විශාල පිරිසක් පැමිණි බව හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකරු සිසිර රත්නායක පවසනවා.

නෙළු ශාකයේ ඇතැම් වර්ග වසර 7-12 ත් අතර කාලයකදී වර්ධනය වී මල් හට ගන්නා අතර, ‘නෙළු ශාකය’ විනාශ වී යන බැවින් ‘මව් මරා උපන් මල’ ලෙසද බොහෝ පරිසරවේදින් මෙය හඳුන්වන බවටයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකාව තුළ නෙළු විශේශ 35 ක් පමණ වාර්ථාවන අතර, ඉන් නෙළු ශාක 30 ක් පමණ මෙරටට ආවේණිකයි.
හෝර්ටන්තැන්න, පට්ටිපොළ, ඔහිය, කිරිගත්පොත්ත, තොටුපොළකන්ද ආදි ප්‍රදේශවල බහුලව මේ දින වල ‘නෙළු ශාකයේ’ මල් පීපි ඇති බවටයි දැක ගත හැකි වන්නේ.
මේ දිනවල ‘හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ’ කලාප කිහිපයකම සුදු, නිල්, දම්, රෝස ඇතුළු වර්ණ කිහිපයකින්ම ‘නෙළු මල්’ පිපී තිබෙනවා.
2013 වසරේ ‘නෙළු මල්’ ‘හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ’ මෙවැනි ආකාරයම පිපී තිබුණ බවත්, යළිත් 2037 වසරේ ‘නෙළු ශාකයේ’ මල් හට ගන්නා බවත්, පරිසරවේදින් කියා සිටිනවා.
‘හෝර්ටන්තැන්න උද්භිත උද්‍යානය’ට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණිම හේතුවෙන් පට්ටිපොළ හෝර්ටන්තැන්න මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින නිසා එය පාලනය කිරිමට අමතර පොලිස් නිළධාරින් රාජකාරි සඳහා යෙදවූ බවයි පට්ටිපොළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනිල් ජයසිංහ පැවසුවේ.
+
තවමත් ලංකාවේ දේශපාලනයේ ‘අනෙකා’ රාජපක්ෂ වීම… 159 අරගෙනත් තවමත් මාතෘකාව රාජපක්ෂලා (07.10.2025)
+
පොන්සේකාට ගෑනියෙක් විතරයි අපි ගෙනිච්චේ නැත්තෙ… පාලිත තෙවරප්පෙරුම කිව්වා කතාව (07.10.2025)
+
මහින්ද කොහොමත් ජිම් එකේ ඉන්නෙ, කකුල් දෙකෙන් එල්ලිලා තමයි… (07.10.2025)
+
ආනන්ද විජේපාල මැතිතුමනි, සොරි. සරත් ෆොන්සේකා මහත්තයාට අපෙන් පිළිතුරක් (07.10.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
Time this parasite Gommanpila is arrested for defamation of DG Bribes Commission character.