ඩෑන්ගේ ඝාතනයට ඇල්ලු ප්‍රධාන සැකකරු පාපොච්චාරණයක
(24.04.2025 – 19:29 +0530 – hirunews.lk/sinhala)
ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන දුලාන් මධුසංක නැමැත්තාගෙන් මේ වන විට වැදගත් තොරතුරු රැසක් අනාවරණ වෙමින් පවතින බව පොලිසිය ප්‍රකාශ කළා.
ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනය කළ බවට පැවසෙන පාර්ශ්වය විසින් පසුගියදා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයක් අතරතුර දී ඔහුට තර්ජනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.
එමෙන්ම පසුගිය 20 වැනිදා ද ඩෑන් ප්‍රියසාද් නැමැත්තා සහ තවත් පාර්ශවයක් අතර ගැටුමක් ඇතිවී ඇති බව ද පොලිසිය සඳහන් කළා.
මෙම වෙඩි තැබීමට ආසන්නම ආසන්නම හේතුව එය බව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන දුලාන් මධුසංක නැමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඩෑන් ප්‍රියසාද් විසින් එදින ත්‍රිරෝද රථයකට තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ලකර තිබු අතර, එම ත්‍රිරෝද රථය ඩෑන්ගේ සහෝදරයා ඝාතනය කළ සැකකරුවන්ට අයත් එකක් බවට අනාවරණ වී තිබෙනවා.
දැනට කරන ලද විමර්ශනවලට අනුව හෙළිවී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සිටින දුලාන් නමැත්තා ඩෑන් ප්‍රියසාද් ඝාතනයට සැලසුම් කර ඇත්තේ එම පහරදීමෙන් අනතුරුව බවයි.
අදාළ පහරදීම සම්බන්ධයෙන් ඔහු දැනට ඩුබායි හි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොළොන්නාවේ ධනුෂ්ක නමැත්තාට දුරකථනයෙන් දැනුම් දී තිබෙනවා.
පසුව ඔහු විසින් මේ සම්බන්ධයෙන් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් ද දැනුවත් කර ඇති බව සඳහන්.
ත්‍රිරෝද රථයට කළ පහරදීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලට අනුව පසුගිය 20 වනදා ඩෑන් ප්‍රියසාද්ට පෙනී සිටින ලෙස පොලිසිය දැනුම්දීමක් ද කර තිබුණා.
එහෙත්, එදින ඔහු පොලිසියට නොපැමිණි අතර, අත්අඩංගුවට පත් සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ, එම අවස්ථාවේ ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරිම සැළසුම් කළ බවයි.
ඔහු එදින නොපැමිණීම හේතුවෙන් බිරිඳගේ නිවසට ගොස් ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමට සැලසුම්කළ බවද සැකකරු පොලිසිය හමුවේ පවසා තිබෙනවා.
ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 07 දෙනෙකු පොලිස් භාරයේ සිටිනවා.
එම පිරිස අතර ඩෑන් ප්‍රියසාද්ගේ බිරිදගේ නැගණිය ද සිටින බවයි පොලිසිය සදහන් කළේ.
සිද්ධියට සම්බන්ධ බවට සැකපිට ගුවන් ගමන් තහනමක් පනවා ඇති පිය පුතු දෙපළක් සම්බන්ධ බවට විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළා. ඔවුන් මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව සඳහන්.
මේ අතර ඝාතනයට ලක් වූ ඩෑන් ප්‍රියසාද්ගේ දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැම්පත් කර තිබෙනවා ෴
+++
‘ඩෑන් ප්‍රියසාද්’ ඝාතනයට අදාළව තවත් කරුණු හෙළිවෙයි
(24.04.2025 – 20:09 +0530 – sinhala.adaderana.lk)
දේශපාලන ක්‍රියාකාරී ‘ඩෑන් ප්‍රියසාද්’ ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බව කියන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබේ.
ඔහු පොලීසියට පවසා ඇත්තේ ඩෑන් ප්‍රියසාද් සමග දින කිහිපයකට පෙර හටගත් ගැටුමක් මත මෙම ඝාතනය සිදුකළ බවයි.
අපරාධ කල්ලි නායක ‘කංජිපානි ඉම්රාන්’ගේ කොන්ත්‍රාත් වෙඩික්කරුවන් වෙඩිතැබීම සිදුකළ බවද සැකකරු අනාවරණ කර ඇත.
‘ඩෑන් ප්‍රියසාද්’ සාලමුල්ල නිවාස සංකීර්ණයේ නිවසක මත්පැන් පානය කරමින් සිටියදී ඉකුත් 22 වනදා වෙඩිතබා ඝාතනය කෙරුණි.
බරපතළ තුවාල සහිතව රෝහල්ගත කළ ‘ඩෑන් ප්‍රියසාද්’ එහිදී ජීවිතක්ෂයට පත්විය.
ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ‘ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ බාල සහෝදරියගේ සැමියා සහ ඔහුගේ පියා’ටයි.
ඔවුන්, ඉකුත් 2022 වසරේ ‘ඩෑන් ප්‍රියසාද්’ගේ සහෝදරයා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ ද ප්‍රධාන සැකකරුවන් දෙදෙනා (2) ය.
ඒ අනුව ඔවුන්ට අධිකරණයෙන් විදෙස්ගමන් තහනමක්ද පනවා තිබී ඇති අතර සැඟව සිටින ඔවුන් අත්අඩංගුවට ගැනීමට මේ දක්වා පොලීසියට හැකිවී නොමැත.
එවන් පසුබිමක ඝාතනය සැලසුම් කළ බවට සැකකෙරෙන ‘දුලාන් මධුසංඛ’ හෙවත් ‘දුලා’ නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් වැල්ලම්පිටියේදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ ග්‍රෑම් 5 ක් සමග අද (24) අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහු සැකකාර පිය-පුතු දෙපළගේ සමීප ඥාතියෙකු වන අතර ‘ඩෑන්’ගේ සොහොයුරා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවූවෙක් ය.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, මීට දින හතරකට (4) පෙර තම ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී ‘ඩෑන්’ එය නවත්වා තමන්ට සහ තවත් අයෙක්ට පහරදුන් බවයි.
පසුව ඒ පිළිබඳව තමන් ‘කොළොන්නාවේ ධනුෂ්ක’ නැමැත්තාට පැවසීමේදී ඔහු ‘පොඩ්ඩක් හිටපන්, මම කංජිපානි ඉම්රාන් සම්බන්ධ කරලා දෙන්නම්’ යනුවෙන් පවසා ජංගම දුරකථන මෘදුකාංගයක් හරහා ‘කංජිපානි ඉම්රාන්’ සම්බන්ධ කරදුන් බවද ඔහු පවසා තිබේ.
එහිදී ‘කංජිපානි ඉම්රාන්’ “වැල්ලම්පිටිය පොලිසියට ගිහින් උඹ පැමිණිල්ලක් දාපන්. පොලීසියට එද්දි ඌට ගහමු” යනුවෙන් උපදෙස් දී ඇත.
එම උපදෙස් අනුව වැල්ලම්පිටිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් සැකකරු පොලිසියට පවසා තිබේ.
අනතුරුව පැමිණිල්ල විභාග කිරීම සඳහා ‘ඩෑන් ප්‍රියසාද්’ට පසුගිය 22 වනදා එනම් ඝාතනය වූ දින වැල්ලම්පිටිය පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දුන්න ද ඔහු එහි නොපැමිණීම හේතුවෙන් ඝාතන උත්සාහය ව්‍යාර්ථ වී ඇත.
අනතුරුව ‘කංජිපානි ඉම්රාන්’ නැවතත් තමාට දුරකථන ඇමතුමක් ලබාදී ‘අරූට ගහන්න එකෙක් මදි. උඹ වරෙන්. ඌ හවස සෙට්වෙනවා’ යනුවෙන් පවසා තිබෙනවා.
පසුව සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සැකකරු මෙතෙක් නිසිලෙස පවසා නොමැති බව වාර්තා වේ.
‘කංජිපානි ඉම්රාන්’ දිවයිනට ගෙන්වන ලෙසට විරෝධතා ව්‍යාපාරයක් සංවිධාන කිරීම සහ ඔහුට එරෙහිව අදහස් පලකිරීම හේතුවෙන් ‘කංජිපානි’, ‘ඩෑන් ප්‍රියසාද්’ සමග වෛරයෙන් පසුවීම හේතුවෙන් ඝාතනය සඳහා ඔහු විසින් වෙඩික්කරුවන් ලබාදී ඇති බවට සැක කරන බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.
‘ඩෑන් ප්‍රියසාද්’ ඝාතනයට ලක්වූයේ එදිනම පස්වරුවේ සිය බිරිඳගේ මහගෙදරට පැමිණ මත්පැන් සාදයක් පවත්වමින් සිටියදීය.
ඒ අනුව පොලිසිය අදාළ නිවසේ පදිංචි කාන්තාවක වන ‘ඩෑන් ප්‍රියසාද්’ගේ බිරියගේ සොයුරියකගෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබේ.
එහිදී ඇය පවසා ඇත්තේ, තමන්ට අයත් යතුරුපැදියක් එදින ‘ඩෑන් ප්‍රියසාද්’ මැදිහත්වී විකුණාදීම නිමිත්තෙන් සිය නිවසේ මත්පැන් සාදයක් පැවැත්වූ බවයි.
ඝාතනයට ලක්වීමට පැය 3 කට පමණ පෙර එහි පැමිණි ඩෑන්, පවුලේ අය සමග පැමිණෙන බව පවසා පිටව ගිය බවත්,අනතුරුව රාත්‍රියේ යළි පැමිණි බවත් ඇය වැඩිදුරටත් පවසා තිබේ.
‘ඩෑන් ප්‍රියසාද්’ගේ දේහය අද (24) බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණභාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකය.
+
දළදා වදින්න ආ ජන ගගෙන් මහනුවර උතුරයි
(24.04.2025 – 19:55 +0530 – hirunews.lk/sinhala)
‘සිරි දළදා වන්දනාව’ සඳහා මේ වනවිට මහනුවර නගරයට පාලනය කර ගත නොහැකි තරම් අති විශාල පිරිසක් පැමිණ ඇති බැවින් නැවත දැනුම් දෙනතුරු දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත අද (24) ඉල්ලීමක් කළා.
මේ අතර මහනුවරට පැමිණි පුද්ගලයින් තුන්දෙනෙකු (3) හදිසි රෝගී තත්වයන් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තවත් 420 කට අධික පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු කියා සිටියේ.
බලධාරීන් විසින් මහනුවර නගරයට නොපැමිණෙන ලෙසට දැනුම් දී ඇති බැවින් ස්ථාන කිහිපයකින් මහනුවර නගරයට ජනතාව ඇතුලුවීම ද සීමා කර තිබෙනවා.
එමෙන්ම ‘සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා දියත් කළ විශේෂ දුම්රියද අද (24) සිට නැවත දැනුම් දෙන අත්හිටුවනු ලැබුවා.
‘සිරි දළදා වන්දනාව’ අද (24) පස්වරුවේ සත්වන (7) දිනට අවසන් වූ අතර වන්දනාව සඳහා පවතින ප්‍රවේශ මාර්ග 3 ම ජනතාවගෙන් තවදුරටත් පිරී පවතින බවයි ‘හිරු වාර්තාකරුවන්’ සඳහන් කළේ.
එමෙන්ම ජනතාව විශාල වශයෙන් එක්රැස්වීම හමුවේ මහනුවර නගරයේ වීදිවල කසල ගොඩ ගැසී අපවිත්‍ර වී වනවා.
දළදා වන්දනා මෙහෙයුම් කමිටුවේ තීරණ දැනුම් දීම වෙනුවෙන් අද (24) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සිරි දළදා වන්දනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක කියා සිටියේ මහනුවර නගරයට තවදුරටත් ජනතාව පැමිණීම වැලැක්වීමට ප්‍රවේශ මාර්ග 6 කින් බස් රථ නැවත්වීමට කටයුතු කරන බවයි.
මේ අතර වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාලව යෝජනාවක් මහා නා හිමිවරුන් හා දියවඩන නිලමේවරයා වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර බවයි මාධ්‍ය හමුවට එක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් අබේකෝන් කියා සිටියේ.
+
දෙවිනුවර ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් අයෙක් අත්අඩංගුවට
(25.04.2025 – 07:22 +0530 – hirunews.lk/sinhala)
දෙවිනුවර විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිට දී මාර්තු 21 වැනිදා පුද්ගලයන් දෙදෙනෙකුට (2) වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව මෙම අපරාධය සඳහා පැමිණි වෙඩික්කරුවන් ප්‍රවාහනය කරමින් ඝාතනය සිදු කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම සම්බන්ධයෙනුයි අදාළ සැකකරු ඊයේ (24) මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු වයස අවුරුදු 33 ක් වන තලල්ල දකුණ, ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා ෴
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයේ යතුරුපැදිකරු කටුනායකදී අත්අඩංගුවට
(25.04.2025 – 07:19 +0530 – sinhala.adaderana.lk)
‘අනුර විදානගමගේ (කජ්ජා)’ හා ඔහුගේ දරු දෙදෙනා (2) මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අද (25) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට පිටුවහල් කර තිබූ අතර එසේ පැමිණීමේදී ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්’ විසින් මෙලෙස අත්අඩංගුවට ගනුලැබ ඇත.
‘කුලසිං ලියනගේ පේමාල් ඉන්දික’ නම් සැකකරු වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මිද්දෙණිය ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 18 වනදා ‘කජ්ජා’ නැමැත්තා වෙඩිතබා ඝාතනය කෙරුණු අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහුගේ දරු දෙදෙනා (2) ද පසුව මියගොස් තිබුණි ෴
+
+
ලෝක බැංකුවේ මෙරට ශාඛාවේ ආර්ථික විද්‍යාඥයෙකුගේ නිවසේ කොල්ලයක්
(25.04.2025 – 07:41 +0530 – hirunews.lk/sinhala)
ලෝක බැංකුවේ මෙරට ශාඛාවේ ආර්ථික විද්‍යාඥයෙකු පදිංචිව සිටි තලංගම ප්‍රදේශයේ නිවසේ තැන්පත් කර තිබූ රුපියල් 3,197,000 ක් පමණ වටිනා මුදල් සහ දේපල කොල්ල කා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ඔහු තලංගම පොලිසියට පැමිණිලි කර ඇති අතර ‘නිවසේ මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක’ විසින් මෙම කොල්ලය සිදු කර ඇති බවට සැකකරන බවයි ඔහු එමගින් සඳහන් කර ඇත්තේ.
කොල්ල කෑ දේපල අතර රන් භාණ්ඩ ද වන බව ද සඳහන් ෴
2023 බස් රථ 500 ගෙනඒමේදී රු.මි. 3100 ක් වංචා කිරීම සම්බන්ධ පරීක්ෂණයක් ඉල්ලා කාමන්ත අල්ලස් කොමිසමට යයි (24.04.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴
@ the burglary at World Bank’s economic expert’s home, please note that this is only the work of small fry in Sri Lanka; we hope that you can now understand those massive burglaries by the former Presidents, Prime Ministers, Ministers, MPs, their acolytes and business people, which our clever police has not been able to address. Burgling national assets, tax payers, pension funds and even the Central Bank by top level politicians is a national pastime for the crooked, so called elite in the country. Hope that you will deposit a fitting report at your Corporate HQ.