දුරකථන සමාගමක ජයග්‍රහණයක් ලැබී ඇති බව පවසා ගුරුවරියකගෙන් රු. ලක්ෂ 15 ක් වංචා කළ කල්ලියක් අත්අඩංගුවට

දුරකථන සමාගමක ජයග්‍රහණයක් ලැබී ඇති බව පවසා ගුරුවරියකගෙන් රු. ලක්ෂ 15 ක් වංචා කළ කල්ලියක් අත්අඩංගුවට


දුරකථන සමාගමක ජයග්‍රහණයක් ලැබී ඇති බව පවසා ගුරුවරියකගෙන් රු. ලක්ෂ 15 ක් වංචා කළ කල්ලියක් අත්අඩංගුවට

(26.03.2026 – hirunews.lk)

ප්‍රසිද්ධ දුරකථන සමාගමකින් රුපියල් ලක්ෂ තුනහමාරකට (3½) අධික තෑගි මුදලක් දිනා ඇති බව පවසා, බණ්ඩාරගම ප්‍රදේශයේ ගුරුවරියකගේ බැංකු ගිණුම්වලින් රුපියල් ලක්ෂ 15 කට ආසන්න මුදලක් වංචා සහගත ලෙස ලබාගත් සංවිධානාත්මක කල්ලියක කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගැනීමට පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය සමත් වී තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම, පාලවිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 ත් 24 ත් අතර පසුවන තරුණයින් පිරිසක් සහ එක් කාන්තාවක්.

ඉකුත් 2025 වසරේ දෙසැම්බර් 16 වැනිදා අදාල ගුරුවරිය වෙත ඇමතුමක් ලබා දී ඇති සැකකරුවන්, ඇය රුපියල් 375,000 ක දිනුමක් ලබා ඇති බව පවසා තිබෙනවා.

එම මුදල ලබා ගැනීමට බැංකු ගිණුම් තොරතුරු සහ ඒ.ටී.එම්. (ATM) කාඩ්පත් රහස් අංක ලබාගෙන ඇති අතර, පසුව ඇගේ ගිණුම් දෙකක (2) තිබූ රු. ලක්ෂ 15 කට ආසන්න මුදලක් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබුණු බවයි පොලිසිය පැවසුවේ.

පානදුර අධිකරණයෙන් ලබාගත් නියෝග මත බැංකු වාර්තා සහ ATM යන්ත්‍ර මගින් මුදල් ලබාගත් දර්ශන පරීක්ෂා කිරීමේදී, මෙම මුදල් පුත්තලම සහ මන්නාරම ප්‍රදේශවල බැංකු ගිණුම්වලට බැර වී ඇති බව අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරනවා.

සැකකරුවන් විසින් මිනිත්තු 45 ක් වැනි කෙටි කාලයක් තුළ අවස්ථා 29 කදී ගිණුම් පහකට (5) මෙම මුදල් බැර කරගෙන ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු 24 හැවිරිදි වියේ පසුවන්නෙකු වන අතර, ඔහු මේ වන විටත් මත්ද්‍රව්‍ය නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින බව පොලිසිය පවසනවා.

වංචාකළ මුදලින් එක් ගිණුමක් ඔහුගේ බිරිඳගේ නමින් පවත්වාගෙන ගොස් ඇති අතර, එම මුදලින් රුපියල් ලක්ෂ 11 ක් වටිනා යතුරුපැදියක් ද ඔවුන් මිලදී ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.

පොලිසිය විසින් එම යතුරුපැදිය ද භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් ප්‍රධාන සැකකරුගේ පවුලේ ඥාතීන් බව ද සඳහන් වෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (26) පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන අප්‍රේල් මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණු බවයි පොලිසිය සඳහන් කළේ.

දැනට බන්ධනාගාරගතව සිටින ප්‍රධාන සැකකරු ද මෙම සිද්ධියට අදාලව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන් විසින් අගතියට පත් ගුරුවරියට රුපියල් ලක්ෂ පහක (5) මුදලක් ගෙවීමට එකඟ වූ බව ද වාර්තා වනවා.

නියෝජ්‍ය පොලිස්පතිනි පද්මිණී වීරසූරියගේ අධීක්ෂණයෙන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරී සේනාරත්න යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන්, පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය සිරිවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වනවා ෴


රු. 4,000 ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට

(26.03.2026 – 21:08 +0530 – sinhala.adaderana.lk)

රුපියල් 4,000 ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් අක්කරපත්තුව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සැරයන්වරයෙකු අද (26) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරියෙකු විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පැමිණිලිකරු විසින් පදවන යතුරුපැදියෙන් ඔහුගේ මව වැටී සිදුවූ අනතුරක් සම්බන්ධව 119 අංකයට පැමිණිල්ලක් ලැබී ඇති බව පවසා, මවගෙන්ද ප්‍රකාශයක් ලබාගෙන ඒ සඳහා නීති මඟින් කටයුතු නොකර සිටීමට හා භාරයට ගත් රියදුරු බලපත්‍රය නැවත ලබාදීමට සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබේ.

එහිදී ඔහු රු. 5,000 ක මුදලක් ඉල්ලා, ඉන් රු. 1,000 ක මුදලක් ලබා ගෙන රියදුරු බලපත්‍රය ලබාදී, මවගෙන් නැවත ප්‍රකාශයක් ලබා නොගෙන 119 පැමිණිල්ල ඉවත්කර නීති මඟින් කටයුතු නොකර සිටීමට ඉතිරි රු. 4,000 ක මුදල අල්ලස් ලෙස ඉල්ලා ඇත.

එම මුදල අද (26) පෙ.ව. 10:12 ට පමණ අක්කරපත්තුව රෝහල තුළදී ලබාගැනීමේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් සැකකරු අක්කරපත්තුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴


ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස සහාය වීමට සූදානම් – රුසියානු බලශක්ති නි. ඇමති

(26.03.2026 – 20:03 +0530 – sinhala.adaderana.lk)

මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ මුහුණ දීමට සිදුවන ඕනෑම අභියෝගයකදී ශ්‍රී ලංකාවට සහාය වීමට රුසියාව සූදානම් බව රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා අවධාරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි

මෙරට සංචාරයක නිරත රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

උද්ගතව ඇති ගෝලීය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග පිළිබඳ මනා අවබෝධයක් රුසියාවට පවතින බව මෙහිදී සඳහන් කළ රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී බලශක්ති ක්ෂේත්‍රය තුළ පමණක් නොව තාක්ෂණික, යන්ත්‍රෝපකරණ ආදී ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවද පැවසීය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේදී හිමි වූ උණුසුම් පිළිගැනීම මෙහිදී කෘතවේදීව අගය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීගුකාලීන සබඳතා මෙම සංචාරයේදී තවදුරටත් තහවුරු වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතීතයේදී සෝවියට් රුසියාව ශ්‍රී ලංකාවට ලබා දුන් තාක්ෂණික සහ කාර්මික සහාය එවකට ශ්‍රී ලංකාවේ ආර්ථික, සමාජ සංවර්ධනයට මනා පිටුබලයක් වූ බව සඳහන් කළේය.

මෑතකාලයේදීද, ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන රටවල් අතර රුසියාව ඉදිරියෙන් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසකට අධ්‍යාපන අවස්ථා උදා කර දෙමින් ලබාදෙන සහායත්, දෙරට අතර පවතින සමාජ සංස්කෘතික සබඳතාව මෙන්ම අන්තර්ජාතික කටයුතුවලදී ශ්‍රී ලංකාවට රුසියාවට ලබා දෙන සහායත් කෘතවේදීව සිහිපත් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම සංචාරය දෙරට අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා හේතු වනු ඇති බවටද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් විශ්වාසය පළ කළේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan, රුසියාවේ බලශක්ති අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ Vladimir Khazov, ඛනිජ තෙල් ආශ්‍රිත සේවා වාණිජ ව්‍යාපෘති සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී Sergey Rodin යන මහත්වරු ඇතුළු රුසියානු නියෝජිත පිරිස ඊට එක්ව සිටියහ.

+++

+


ආණ්ඩුවේ කුණු එකදිගට හෝදන්න එපා ! (26.03.2026)

+


මේ තමයි, ආණ්ඩු පෙරළෙනකොට ඇහෙන සද්දෙ (26.03.2026)

+

අනුර කුමාර බොරු කියලා ජාත්‍යන්තරෙටත් කිච වෙයි (26.03.2026)

+

ආණ්ඩුව ගොඩදාන්න යූටියුබ් මල්ලිලා බරටම වැඩ… ඒ වුණාට වැඩක් නෑ, උන්ට වැඩ බෑ (26.03.2026)

+


ඩොලර් 1,68,00,000 එයාබස් ඩීල් එක – ලංකාවේ ලොකුම ගුවන්යානා ගනුදෙනුවේ හෙළි නොවූ අල්ලස් කතාව (26.03.2026)

+


දෙහිබාලගේ සල්ලි වලට යටවුණු පොලිසිය අපිට මේ හෙන ගහන වැඩේ කරේ. ගේ ඇතුලට කුඩු දාලා මගේ දරුවා අරන් ගියා. (26.03.2026)

+


වත්මන් අර්බුදය හමුවේ මාලිමා රජයේ ඇත්ත හැකියාව (26.03.2026)

+


ගෝඨාභයගේ ගෙදරට කඩා පැන්න ඇත්තම කතාව මෙන්න (26.03.2026)

+

කිසිම ආණ්ඩුවකට අවුරුද්දකට දෙකකට වඩා යන්න බැරි වෙන හේතුව මෙන්න (26.03.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *