2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ


2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

(11.07.2025 – hirunews.lk)

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වේබ්අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවි වලට පිවිසීමෙන් විභාගයේ ප්‍රතිපල ලබාගත හැකියි.

ප්‍රතිඵළ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමෙන් හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දුරකතන අංක වන 011 278 5922, 011 278 4208, 011 278 6616 සහ 011 278 4537 යන දුරකතන අංක මගින් විමසීම් කළ හැකියි.

+++

+++

උසස් පෙළ නොවැ: 10 සිට දෙසැ: 05 දක්වා

(11.07.2025 – 08:38 +0530 – sinhala.adaderana.lk)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 05 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය ඒ බව සඳහන් කළාය.

මේ අතර 2025 සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ ෴

+++

විෂයන් නවයටම A සාමාර්ථ ගත් සිසුන් 13,392 ක්

(11.07.2025 – 08:20 +0530 – sinhala.adaderana.lk)

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 237,026 ක් දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අද (11) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළාය.

මෙවර විභාගයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 73.45% ක ප්‍රතිශයක් උසස් පෙළට සුදුසුකම් ලබා සිටියි.

එමෙන්ම සියලුම විෂයන් සඳහා A සාමාර්ථ 9 ම ගත් 13,392 ක් සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය මෙහිදී පැවසීය.

එය සමස්ත සමත් ප්‍රතිශතයෙන් 4.15% කි.

සියලුම විෂයන් අසමත් සිසුන් 2.34% ක ප්‍රතිශතයක් සිටින බව ද ඇය පැවසුවාය.

මේ අතර එක් එක් පළාත් අනුව වැඩිම සිසුන් පිරිසක් සමත් වී ඇත්තේ දකුණු පළාතෙන් වන අතර, එය 75.64% ක්ය.

එක් එක් පළාත් අනුව සමත් ප්‍රතිශත :

බස්නාහිර – 74.47% , මධ්‍යම – 73.91% , දකුණු – 75.64% , උතුරු – 69.86% , නැගෙනහිර – 74.26%
වයඹ – 71.47% , උතුරු මැද – 70.24% , ඌව – 73.14 , සබරගමුව – 73.44%

මේ අතර ගණිතය විෂය 69.07% ක පිරිසක් සමත් වී ඇති අතර, විද්‍යාව විෂය 71.06% ක ප්‍රතිශතයක් සමත් වී තිබේ.

එමෙන්ම ඉංග්‍රීසි විෂය ද 73.82% ක පිරිසක් සමත්ව සිටින බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසීය.

විෂයන් අනුව සමත් ප්‍රතිශතය :

බුද්ධර්මය 83.21% , ශෛවනෙරි 82.96% , කතෝලික 90.22% , ක්‍රිස්තියානි 91.49% , ඉස්ලාම් 85.45%

ඉංග්‍රීසි 73.82% , සිංහල භාෂාව හා සාහිත්‍ය 87.73% , දෙමළ භාෂාව හා සාහිත්‍ය 87.03%

ඉතිහාසය 82.17% , විද්‍යාව 71.06% , ගණිතය 69.07%


එක්සත් රාජධානිය වෙත තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ශ්‍රී ලංකාවට නව දොරටුවක් විවෘත වෙයි

(11.07.2025 – 11:15 +0530 – sinhala.adaderana.lk)

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන සරල කරමින් ‘බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව’ විසින් නව වෙළෙඳ පැකේජයක් හඳුන්වා දී තිබේ.

මේ හරහා ශ්‍රී ලංකාව, නයිජීරියාව සහ පිලිපීලනය වැනි රටවලින් එක්සත් රාජධානිය වෙත ආනයනය කෙරෙන බොහෝ භාණ්ඩ, තීරුබදු රහිතව ආනයනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. මේ සම්බන්ධයෙන් ‘බ්‍රිතාන්‍ය ව්‍යාපාර හා වෙළෙඳ දෙපාර්තමේන්තුව’ වැඩිදුරටත් පවසන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා මෙම නව ක්‍රමයට යාවත්කාලීන කිරීමේ කොටසක් ලෙස එක්සත් රාජධානියේ ව්‍යාපාර සහ පාරිභෝගිකයින්ට වඩාත් තරඟකාරී මිල ගණන් යටතේ ආනයනවලින් ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි ෴


අද (11) අලුයම හිරණ වෙඩිතැබීමක්

(11.07.2025 – 06:35 +0530 – sinhala.adaderana.lk)

අද (11) අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ.

පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරු වයස අවුරුදු 32 ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවට පොලීසිය සැක කරයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

මෙම වෙඩිතැබීම ‘කුඩු සළිඳු’ සහ ‘නිලංග’ අතර ගැටුමේ ‘කුඩු සළිඳු’ පාර්ශ්වයේ අයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩිතැබීමක් බවටද පොලීසිය සැක කරයි ෴

+++

+


කල්පිටිය උණුසුම් කළ සිද්ධියට නාවික හමුදාවෙන් ප්‍රතිචාර

(10.07.2025 – 21:20 +0530 – sinhala.adaderana.lk)

කල්පිටිය, දළුව ග්‍රාමයේ ප්‍රදේශවාසීන් අද (10) විරෝධතාවක නිරත වුණා.

ඒ නාවික හමුදාවේ බව කියන කියන පුද්ගලයින් දෙදෙනෙකු (2) ගම්වැසියෙකුට පහර දීමට එරෙහිව සහ සහ මත්ද්‍රව්‍ය ජාවාරමට නාවික හමුදාව සහ පොලිසිය සහය දක්වන බවට චෝදනා කරමිනි.

උද්ඝෝෂණය අතරතුර, නාවික හමුදාවේ කියන බවට සැක කෙරෙන සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයින් දෙදෙනෙකු (2) පැමිණ එය වීඩියෝගත කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇතිවුණා.

එහිදී එම ස්ථානයට පැමිණි නොරොච්චෝලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ අදාළ පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවය.

කෙසේ වෙතත් ‘අද දෙරණ’ මේ පිළිබඳ කළ විමසීමකදී නාවික හමුදාව ප්‍රකාශ කළේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

+


කැබ් රියට යටවී සිව් (4) හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට

(11.07.2025 – 11:47 +0530 – sinhala.adaderana.lk)

මුරුන්කන් ප්‍රදේශයේ වංකාල නානට්ටාන් මාර්ගයේ නරි විලකුලම්, වෙලාන්ගනි හන්දියේදී සිදු වූ රිය අනතුරකින් සිව් (4) හැවිරිදි දරුවෙක් මිය ගොස් තිබේ.

මව, පියා, දියණිය පුතා ඇතුලු එකම පවුලේ සිව්දෙනෙකු (4) ඊයේ (10) යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් සිව්දෙනාම (4) තුවාල ලබා මන්නාරම රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී පිරිමි දරුවා මියගොස් තිබේ.

මෘත ශරීරය මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මුරුන්කන් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි ෴


එල්.ටී.ටී.ඊය සැඟවූ අවි ආයුධ තොගයක් සොයා භූගත බංකරයක කැනීමක්

(11.07.2025 – 12:12 +0530 – sinhala.adaderana.lk)

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානයේ නායකයින් භාවිත කළ බවට සැකකෙරෙන අවි ආයුධ තොගයක් සොයා මුලතිව්, පුදුකුඩිඉරිප්පු මන්දුවිල්හි භූගත බංකරයක කැනීම් ආරම්භ කර තිබේ.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද නියෝගයක් අනුව පොලිසිය සහ විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් කැනීම් කටයුතු ආරම්භ කර ඇත.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු එම සංවිධානයේ නායකයින් භාවිත කළ බවට සැකකෙරෙන අවි ආයුධ තොගයක් සොයා පොලිසිය සහ විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය එක්ව මුලතිව්, පුදුකුඩිඉරිප්පු මන්දුවිල්හි භූගත බංකරයක කැනීම් කටයුතු ඊයේ (10) ආරම්භ කරනු ලැබුවා.

ඒ, පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලද නියෝගයක් අනුවයි.

අඩි 20 ක් පමණ ගැඹුරින් යුත් මෙම භූගත බංකරයට පසුගිය යුද සමයේ ආරක්ෂක අංශවලින් එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ඊට ඇතුළුවන ස්ථාන විනාශ වී ගොස් තිබේ.

2009 වසරේදී මෙම ස්ථානය එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රධාන කඳවුරක් ලෙස භාවිත කර ඇති අතර කඳවුරේ විශාලත්වය අක්කර දෙකකට (2) අධික බව පොලීසිය පැවසුවේය.

සිවිල් වැසියන් සතුවූ ඉඩම් අත්පත් කරගෙන ඉදිකර තිබූ මෙම කඳවුර ආරක්ෂක අංශ යටතට පත්වීමෙන් අනතුරුව බිම් බෝම්බ ඉවත් කර නැවත මුල් හිමිකරුවන් වෙත භාරදී ඇති අතර භූගත බංකරයට පිටස්තර පාර්ශවයන්ට ඇතුළුවිය නොහැකිවන සේ ආරක්ෂක අංශ විසින් පස් දමා වසා ඇත.

පොලිසිය සඳහන් කළේ, එවකට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිවිල් වැසියන්ගෙන් පැහැරගත් රත්තරන් සඟවා ඇති බවට වූ සැකයන් මත විවිධ පිරිස් භූගත බංකරය හෑරීමටද උත්සාහ දරා ඇති බවය.

විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ මගපෙන්වීම යටතේ බැකෝ යන්ත්‍ර උපයෝගී කර ගනිමින් කැනීම් කටයුතු සිදුකරන අතර පුරාවිද්‍යා නිලධාරීන්, අධිකරණ නිලධාරීන් එම කටයුතු නිරීක්ෂණය කරනු ලබයි.

+


ආනයනික කාල සීමාව පැනලා | රු. කෝටි ගාණක ලුණු වරායේ හිරවෙලා | ආනයනකරුවෝ අන්ත අසරණ වෙලා (11.07.2025)

+


අනුර හැර යන පිරිස ගැන විශේෂ හෙලිදරව්වක් | මාලිමා ප්‍රභලයා සියල්ල හෙලි කරයි (11.07.2025)

+


කිඹුලාවල කඩ අයින් කරන්න ඇවිත් කඩහිමියෝ RDA නිලධාරීන් එක්ක වලියක් (11.07.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *