විදුලි වෘත්තීය සමිති වර්ජනය අස්සේ කොළඹ සහ ගම්පහ තැන් කිහිපයක විදුලිය බිඳවැටීම්
විදුලි වෘත්තීය සමිති වර්ජනය අස්සේ කොළඹ සහ ගම්පහ තැන් කිහිපයක විදුලිය බිඳවැටීම්
(10.03.2026 – 07:25 +0530 – sinhala.adaderana.lk)
කොළඹ 9, 14 සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳවැටීම් වාර්තා වී තිබේ.
විදුලි වෘත්තීය සමිතිවල අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් ඒවා යථා තත්ත්වයට පත්කිරීමට යම් කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ස්ථාපිත නව ආයතන වෙත සේවකයින් අනුයක්ත කිරීමේදී ක්‍රමවත් පත්වීම් ලිපි ලබානොදිම ඇතුළු ඉල්ලීම් 8 ක් මුල් කරගනිමින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ (09) සවසට 3 ට ආරම්භ වූ අතර, එය පැය 24 ක් පුරා ක්‍රියාත්මක බව ලංකා විදුලි වෘත්තීය සංගම් පවසයි.
සිය ඉල්ලීම් සදහා විසඳුම් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයේ තිව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසුවේය.
කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය අහෝසි කර නව සමාගම් යටතට පත් කිරීම මඟින් සේවකයින්ගේ අයිතිවාසිකම් හා වරප්‍රසාදවල කිසිදු ගැටලුවත් මතු නොවන බව ලංකා විදුලිබල මණ්ඩල පරිවර්තන කාර්යය සාධක බළකායේ ප්‍රධානී පුබුදු නිරෝෂණ මහතා සඳහන් කළේය ෴
+++
අද (10) සාකච්ඡාව අසාර්තකයි – විදුලි සේවකයින්ගේ වැඩ වර්ජනය අඛණ්ඩව
(10.03.2026 – 17:37 +0530 – sinhala.adaderana.lk)
සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තීය සංගම් පවසයි.
නව විදුලි සංගම් ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලි තාක්ෂණික ඉංජිනේරු සහ අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර මහතා :
“අද සාකච්ඡාවක් පැවැත්වුවා වෘත්තිය සමිති සහ විදුලිබල මණ්ඩලය අහෝසි කරලා පිහිටවූ සමාගම් 4 ක සභාපතිවරු සහ ප්‍රධාන විධායක නිලධාරීන් අතර. අපි මේ වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කරන්න හේතුවෙච්ච ඉල්ලීම් 8 ක් තිබුණා. ඒ ඉල්ලීම් 8 ප්‍රධාන කාරණාවක් වුණා සාමුහීක ගිවිසුමක් අත්සන් කිරීම, අලුතින් පිහිටවූ සමාගම්වල පාලනාධිකාරිය සහ ඒ සේවකයින් නියෝජනය කරන වෘත්තිය සමිති නියෝජිතයින් අතරේ. ඒ සාකච්ඡාවේදී වෘත්තිය සමිති ඉදිරිපත් කරලා තියෙන සාමුහික යෝජනා සම්බන්ධව ඉතා සාධනීය සාකච්ඡාවක් පැවැත්වුවා. නමුත් ගැටලුවක් විදිහට ඉතුරු වුණේ මේ සාමුහික යෝජනාවේ අපි ඉල්ලපු කරුණු 6 ක් සම්බන්ධයෙන් අද (10) මේ කරුණු සාකච්ඡා කරපු නිලධාරීන්ට පැහැදිලි උත්තරයක් දිය නොහැකි බව තමයි ඔවුන් ප්‍රකාශ කළේ. එහිදී අපි ඒ නිලධාරීන්ට දැන්වුවා ජනාධිපතිවරයා සහ අමාත්‍යවරයා තමයි මේ තීන්දු තීරණ ගන්න ඕනේ කියලා. අද (10) දවසේ ඒ සාකච්ඡාව ලැබුණොත් ඒකෙදි අපිට තීරණයක් ගන්න පුළුවන් වැඩවර්ජනය අවසන් කිරීම පිළිබඳව. ප්‍රධාන කරුණු 6 සඳහා යහපත් සාකච්ඡාවක් ලැබුණේ නැත්නම් අපිට ඉදිරි පැය 24 ඇතුළේ ඊළඟ පියවරට යන්න වෙනවා.”
+++
තැන තැන විදුලි ඇණ හිටින කොට – විදුලි සේවකයෝ වර්ජනය තවත් දික් ගස්සයි – රටම අඳුරට යන පුවත (10.03.2026)
+
ත්‍රස්ත වැඩකට ගෙනා බෝම්බ 100 ක් හමුවේ
(09.03.2026 – aruna.lk)
රටේ ජාතික ආරක්ෂාවට සහ මහජන සාමයට උපද්‍රවයක් විය හැකි ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කිරීමේ අරමුණින් පුපුරන ද්‍රව්‍ය එකතු කිරීමේ යෙදී සිටි පුද්ගලයන් 15 දෙනකු ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
එම සැකකරුවන් සන්තකයේ තිබී අත් බෝම්බ 100 කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇතැයි ත්‍රස්ත මර්දන කොට්ඨාසය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිසෙන් හය දෙනකු (6) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක කාලයක් රඳවා තබා ගැනීමෙන් විමර්ශන සිදුකරන බව ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පේදුරුතුඩුවෙන්, වවුනියාව, කිලිනොච්චිය හා යාපනය ආදී ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
විදේශගත සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන මාණික් වාසම් ප්‍රියන් නොහොත් රවී යන අය විසින් විවිධ අපරාධයන් සඳහා අවි ආයුධ හා පුපුරන ද්‍රව්‍ය ද ඒකරාශී කර ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ අනුව සිදු කරන ලද විමර්ශනවලදී රවී සහ ඔහුගේ සහෝදරයා වන ප්‍රියන්ගේ පාර්ශ්වයට අත් බෝම්බ ලබා දුන් බවට අනාවරණය වී ඇත.
අනතුරුව රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන විමර්ශන සිදු කරනු ලබන පුද්ගලයන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේදී රෙඩ්බානා කැලෑ ප්‍රදේශයෙන් හා තවත් ප්‍රදේශ කිහිපයක වළදමා තිබූ එම අත්බෝම්බ ලබාගත් බවට අනාවරණය වී ඇත.
එම අනාවරණයත් සමග ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සඳහා උතුරු පළාතට ගොස් එම සැකකරුවකු අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනාවරණය වූ කරුණු අනුව එල්ටීටීඊ සංවිධානය විසින් යුද්ධය පැවැති සමයේ සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය නීත්‍යනුකූල බලයක් නොමැතිව එකතු කිරීම, එසේ එකතු කරන ලද පුපුරන ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා රටේ ජාතික ආරක්ෂාවට සහ මහජන සාමයට උපද්‍රවයක් විය හැකි ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකිරීමේ අරමුණින් ඒවා වෙනත් පාර්ශ්වයක් වෙත ලබාදීම සහ එම තොරතුරු පොලිස් නිලධාරීන් හට ලබා නොදී වසංකිරීම යන චෝදනා සම්බන්ධයෙන් එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
රැඳවුම් භාරයේ සිටින සැකකරුවන්ගෙන් අනාවරණය වන තොරතුරු අනුව තවත් සැකකරුවන්ට රැසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය ෴
කෙල්ලගේ මාලේ කඩපු හොරා රොකට් එක වගේ ඇවිත් අල්ලපු වීරයා පළමුවරට කිව්ව කතාව (10.03.2026)
+++
Location – වෙන්නප්පුව, වයික්කාල අංගම්පිටිය
+++
+
අඩු මිලට ගෙනාපු තෙල්වල මිල වැඩි කළේ ගල් අඟුරු වංචාව පියවා ගන්නදැයි සජබ විමසයි
(10.03.2026 – hirunews.lk)
දින 40 කට ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මේ ආකාරයට ඉන්ධන මිල වැඩි කිරීම තුළින් අසාධාරණ ආකාරයෙන් විශාල මුදලක් ජනතාවගෙන් ආණ්ඩුව අයකර ගැනීමට කටයුතු කර තිබෙන බවත් ඊට සමගි ජන බලවේගය දැඩි විරෝධය එල්ල කරන බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කරනවා.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (10) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුමබණ්ඩාර මෙසේ ද පැවසුවා :
දින 40 ක ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග රට තුළ තිබෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවා. මෙම තෙල් තොග රටට ගෙනැවිත් තිබෙන්නේ පරණ මිලටයි. ඒ වගේම ඉන්ධන මිල සූත්‍රය භාවිතා කළ යුත්තේ මීට පෙර ගෙනා ඉන්ධනවල මිලවැඩි කරන්න නෙවෙයි. කෙසේ නමුත් ආණ්ඩුව ඉන්ධන හරහා විශාල මුදලක් අසාධාරණ ආකාරයට උපයාගන්න උත්සහ කරනවා.
ඒ වගේම මහ බැංකුව පිරි ඉතිරි ගොස් තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. එසේ නම් එම සහන ජනතාවට ලබාදෙන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. නමුත් ආණ්ඩුව දිනෙන් දින ජනතාව සුරාගෙන කන්න උත්සහ කරනවා.
දින 40 ක් යනතුරු ඉන්ධන මිලවැඩි කරනවාට සමගි ජනබලවේගය විරුද්ධයි. මැදපෙරදිග ඇතිවී තිබෙන යුදමය වතාවරණය නිසා ලෝකයේ අර්බුදයක් ඇති වී තිබෙනවා. නමුත් එයින් අයුතු ප්‍රයෝජන නොගන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ලංකාවට අඩුවට ගෙනා ඉන්ධන වැඩි මිලට විකුණන්න රජය කටයුතු කරනවා. ඉදිරියේදී ආණ්ඩුව ඉන්ධන මිල තවත් වැඩි කරන්න හැකියාව තිබෙනවා. මේ හරහා අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉදිරියේදී වැඩි වීමට නියමිතයි.
ඒ වගේම ආණ්ඩුවේ ගල් අගුරු වංචාව හරහා බිලියන 10 කට වඩා පාඩු වී තිබෙනවා. ඒ වගේම තවත් ගල් අඟුරු නැව් කිහිපයක්ම රටට පැමිණිමට නියමිතයි. ඒ හරහා මෙම පාඩුව තවත් වැඩි වෙනවා. කෙසේ නමුත් මෙම දුෂිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කරන්න ආණ්ඩුව කටයුතු කරන්නෙත් නැහැ.
හදිසි ටෙන්ඩර් කැඳවන්න ආණ්ඩුව කටයුතු කරන්නෙත් නැහැ. ඒ වගේම විදුලිබලාගාරවල යන්ත්‍රවලටත් විශාල හානියක් බාල ගල් අගුරු හේතුවෙන් සිදුවෙනවා. ඒ වගේම මෙම ගල් අගුරු වංචාවට සම්බන්ධ ඇමැතිවරයාට විරුද්ධව අල්ලස් කොමිසමේ නඩුවක්ද විභාග වෙනවා. වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව හොරුත් සමඟයි රට පාලනය කරන්නේ. මෙම වංචා හරහා රටට විශාල පාඩුවක් සිදුවෙනවා. ඒ වගේම මෙම පාඩුව ආණ්ඩුව පියවා ගන්නේ රටේ අහිංසක ජනතාවගෙන්. ගල් අගුරු වංචාවේ පාඩුව පියවා ගන්නද ඉන්ධන මිල වැඩි කරන්න ආණ්ඩුව කටයුතු කළේ දැයි ප්‍රශ්නයක් ඇතිවෙනවා.
ඒ වගේම මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය රටට පැහැදිලි කළ යුතුයි. මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා. ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්න හැකියාවක් නැහැ. ඒ වගේම ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුවක් බව දැන් හොඳින්ම පැහැදිලියි. ඒ වගේම මහා භාණ්ඩාගාරය පිරි ඉතිරි ගොස් තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබෙනවා. එසේනම් වහාම සියයට 18 ක වැට් බද්ද ඉවත් කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි ෴
+++
කියපු බොරු ටික මෙයාලටම කැරකුණා – මාධ්‍ය හමුවේ දයාසිරි පරණ වීඩියෝ අදියි (10.03.2026)
+++
ඇමතිවරු ගහන පගා නතර කරලා 150 ට තෙල් දෙන්නම් කිව්ව කෙනා ජනාධිපති පුටුවේ ඉන්දුවා (10.03.2026)
+
Deegoda Kumara Spiritual Power – එඩ්ගා කේසි ගෙන් පසු දැන් යලිත් ඒ සංඥාව ඇවිත් – 10.03.2026
+
‘කොරියානු රැකියා සිහිනය’ (E-8 වීසා) පෙන්වා රු. ලක්ෂ 34 ක් වංචා කළ ‘ව්‍යාජ’ කාර්යාංශ නිලධාරියා රිමාන්ඩ්
(10.03.2026 – hirunews.lk)
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිත්‍ය සේවකයෙකු ලෙස පෙනී සිටිමින්, දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළැයි එම කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් ව්‍යපාරිකයකු ලබන 12 වැනිදා දක්වා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු, තමන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයෙකු බව පවසමින් දකුණු කොරියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ (E-8 වීසා) රැකියා ලබාදිය හැකි බවට පවසා එක් අයකුගෙන් රුපියල් ලක්ෂ 34 බැගින් මුදල් වංචා කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
මෙම වංචාව වඩාත් විශ්වසනීය ලෙස සිදුකිරීම සඳහා සැකකරු විසින් මුදල් ලබාදෙන පුද්ගලයින් කාර්යාංශ මූලස්ථානය ඉදිරිපිටට කැඳවා ඇති අතර, තමන් එහි සේවය කරන බව තහවුරු වන අයුරින් හැසිරෙමින් මෙම ජාවාරම මෙහෙයවා තිබූ බවට එම කාර්යාංශය සඳහන් කරනවා.
සැකකරුට එරෙහිව ලැබුණු පැමිණිලි දෙකකට (2) අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන්, මිරිහාන ප්‍රදේශයේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ වන විටත් ඔහු සතුව තිබූ E-8 වීසා අයදුම්පත් රැසක් නිලධාරීන් තිබී භාරයට ගත් බවයි එම කාර්යාංශය සඳහන් කළේ.
කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.බී. ආරියසිංහගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස්, පොලිස් සැරයන් දිසානායක සහ නීති ක්‍රියාත්මක කිරීමේ නිලධාරී අමිතා කුමාරි මෙම වැටලීමට සහභාගී වූණා ෴
කැකිරාවේ පාසලක බඹර ප්‍රහාරයක් : සිසු සිසුවියන් 20 ක් රෝහලේ
(10.03.2026 – hirunews.lk)
බඹර ප්‍රහාරයකට ලක්වූ කැකිරාව නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසු සිසුවියන් පිරිසක් අද (10) රෝහල් ගත කර තිබෙනවා.
මෙම බඹර ප්‍රහාරයෙන් විද්‍යාලයේ සිසු සිසුවියන් විසි දෙනෙකු (20) පමණ තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
අදාල දරු දැරියන් ‘1990 ගිලන් රථ සේවය’ හා පුද්ගලික වාහන මගින් රෝහල් ගත කිරීමට ආචාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර කැකිරාව මූලික රෝහලට ඇතුළත් කර සිටින ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා ෴
මහින්දානන්දගේ නීතිඥයන් අධිකරනයේදී එක පිට එක තර්ක බිදියි. සම්පූර්ණ කතාව මෙන්න (10.03.2026)
+
අත්අඩංගුවට ගත් CID හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහට ඇප
(10.03.2026 – 19:00 +0530 – sinhala.adaderana.lk)
විමර්ශනයකට බාධා කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසාද් රණසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද (10) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පමුණුවනු ලැබීය.
එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලු අධිකරණය සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හරින ලෙස නියෝග කර ඇත.
සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් නියෝග කර තිබේ.
කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා භූමියේ තිබූ මහනුවර රාජධානියට අයත් සිංහල රාජවංශයේ අවසන් රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාවේ මාලිගාවේ පිවිසුම් පියගැට පෙළ අසල තිබූ ඓතිහාසික පුරාවිද්‍යා වටිනාකමින් යුත්ත “සඳගල” නම් පුරා වස්තුව සොරකම් කිරීමට අදාළව සිදුකරන ලද විමර්ශනය නිසි පරිදි සිදු නොකිරීමට බලපෑම් කිරීම සහ අදාළ වරදට සම්බන්ධ ඇතැම් සැකකරුවන්ට ඉන් ගැලවී යාමට ආධාර කිරීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුව අද අත්අඩංගුවට ගෙන තිබුණි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴