මැදපෙරදිග යුද්ධයෙන් අපිට හොඳටම රිදෙයි ද ?
(09.03.2026 – 20:32 +0530 – sinhala.adaderana.lk)
ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල වේගවත් ලෙස ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ නැංවීම උත්සව සමය දක්වා කල්ගත යුතු නොවන බව ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය පවසයි.
අද (09) පැවති ‘අද දෙරණ Big Focus’ වැඩසටහනට සම්බන්ධවෙමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නට විය.
එහිදී මෙවැනි පසුබිමක මෙරට ඉන්ධන මිල ඉහළයාමේ තත්ත්වයට සූදානම් වීම සඳහා ආණ්ඩුව කඩිනම් පියවර ගතයුතු බව ද ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය පවසයි.
එහිදී වැඩිදුර අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා :
“පැහැදිලිව දැකිය හැකියි තෙල් මිලට අදාළව ලෝක වෙළෙඳපොළ තුළ තෙල් මිල ගණන් ඉහළ යෑම. පසුගිය සිකුරාදා තිබුණේ බෙරන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92 ක් – 93 අතර. සඳුදා වෙළෙඳපොළ විවෘත වීමත් සමඟ ඩොලර් 115 ක් දක්වා ඉහළ ගොස් තියෙනවා. ඒ අනුව ගෝලීය හා දේශීයව ඉන්ධන මිල ඉහළ යෑම, මේක පෙට්‍රල්, ඩීසල් හා ගෑස් මුලික වශයෙන් අනෙක් පැත්තෙන් ඉන්ධන භාවිත කරලා නිෂ්පාදනය කරන විදුලියත් ඉහළ යෑමට නියමිතයි.
මේ අනුව ලංකාවේ තෙල් අපි හිතුවොත් පෙට්‍රල් 92 වර්ගයේ මිල සාමාන්‍යයෙන් රු. 360 – 370 මට්ටමට ඉහළ යාමට ඇති ඉඩකඩ ඉතා වැඩි. ප්‍රතිඵලය අමුතුවෙන් කිව යුතු නෑ. ඒ තුළ සෑම භාණ්ඩයක් හා සේවාවක්ම ඒ අනුව මිල ඉහළ යනවා. ඒ නිසා සමස්තයක් ලෙස ලෝකය තුළත් ලංකාව තුළත් ඉහළ උද්ධමනකාරී තත්ත්වයට මුහුණදෙන්න සිදුවේවි. දැනටමත් ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් යෝජනාවෙලා තියෙනවා පිරිවැය නිරූපිත ආකාරයට මිල ගණන් ඉහළ දැමීමට අපේක්ෂා කරනවා කියලා. ඒ කියන්නේ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමට සමාන්තරව දේශීයවත් තෙල් මිල ඉහළ දැමීමට සිදුවන බව. නමුත් අපි සාකච්ඡා කළ යුතු වෙනවා තෙල් මිල ඉහළ දමන ගමන් කුමන විකල්පයන් ගැන ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවදානය යොමු විය යුතුද කියන කාරණාව අපි ඉදිරියේ දී සාකච්ඡා කළ යුතුයි.
මම හිතන්නේ අප්‍රේල් උත්සව කාලය දක්වා කල්ගත යුතු නෑ කිසිසේත්ම මම දක්න්නේ කළ හැකිනම් ඉක්මනින් කළ යුතු වෙනවා මොකද ඉක්මනින් කිරීම එකපාර විශාල තෙරපුමක් ගෙන දෙනවාට වඩා ඒ තෙරපුම යම්කිසි ආකාරයකට පැතිරයාමට සැලැස්වීම වඩා යෝග්‍යයයි. මොකද එහෙම නොවුනොත් නිෂ්පාදන කටයුතු බිඳවැටීම කියන කාරණාව ඉතාමත්ම බරපතළ තත්ත්වයක් එනවා.”
+
විදේශ ඇමතිතුමනි අපි ඔයාගේ පැත්තේ ! (09.03.2026)
+
ඉන්ධන මිල අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට
(09.03.2026 – 22:42 +0530 – sinhala.adaderana.lk)
අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

Hiru TV Salakuna Live | S. M. Marikkar | Episode 518 | 2026-03-09
+
Derana 360 | අචාර්ය හර්ෂ ද සිල්වා සමග | 09.03.2026
+
ජේවීපියේ රට රවට්ටන මොන්ටිසෝරි නාට්ටි කෙළවරක් නෑ (09.03.2026)
+
¤ක බිම ඇනිලා තියෙද්දිත් ආණ්ඩුව තවම ආතල් ගන්නවා (09.03.2026)
+
සෝමවංශ අමරසිංහ කළ ලොකුම මෝඩකම (09.03.2026)
+
රනිල්ගේ ලන්ඩන් ගමනට වියදම රු. මිලියන 16 යි – අනුරගේ යාපනයේ උත්සවයට වියදම රු. මිලියන 11 යි – RTI විස්තරය (09.03.2026)
+
රවී, ශානි, Channel 4, මාලිමාව එකම බෝට්ටුවේද? (09.03.2026)
+
ලංකාවෙන් ඉරානයට සහයට ඉරානප්‍රේමීන් ලක්ෂ ගණනක් සටනට? (09.03.2026)
+
ගල් අඟුරු වංචාවට විරුද්ධව ප්‍රබලයන් රැස්වෙයි – ජනතාව ප්‍රබලයන් ඉස්සරහම ආණ්ඩුවේ රෙදි ගලවයි (09.03.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴