‘ගනේමුල්ලේ සංජීව ඝාතන’ ඇතුලු ඝාතන කිහිපයකට සෙවූ අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ මැලේසියාවේදී අත්අඩංගුවට

‘ගනේමුල්ලේ සංජීව ඝාතන’ ඇතුලු ඝාතන කිහිපයකට සෙවූ අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ මැලේසියාවේදී අත්අඩංගුවට


‘ගනේමුල්ලේ සංජීව ඝාතන’ ඇතුලු ඝාතන කිහිපයකට සෙවූ අපරාධ කල්ලි නායක ‘කෙහෙල්බද්දර පද්මේ’ මැලේසියාවේදී අත්අඩංගුවට

(09.07.2025 – hirunews.lk)

‘සංජීව කුමාර සමරරත්න’ හෙවත් ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රතු වරෙන්තු ලැබ සිටි ‘මනුදිනු පද්මසිරි පෙරේරා’ හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැත්තා මැලේසියාවේදී එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

මීට අමතරව තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කමාන්ඩෝ සලින්ත’ නැමැත්තාද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

‘කෙහෙල්බද්දර පද්මේ’ වෙනත් නමකින් එරටදී පෙනී සිට ඇති අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරු මෙරට පොලිසිය මගින් ලබාදී ඇතැයි සදහන්.

2018 වසරේදී ඔහුගේ පියා වෙඩි තබා ඝාතනය කෙරුණා.

ඔහුගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණේ ‘සංජීව කුමාර සමරරත්න’ හෙවත් ‘ගනේමුල්ල සංජීව’ට සහ ‘සමන් රෝහිත පෙරේරා’ හෙවත් ‘පස් පොඩ්ඩා’ටයි.

පසුව ‘කෙහෙල්බද්දර පද්මේ’ ඩුබායි වෙත පලා ගිය අතර එහි සිට ඝාතන රැසක් මෙහෙයවා තිබුණා.

එ අනුව, ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ ‘කමාන්ඩෝ සලින්ත’ සම්බන්ධයෙන් මෑතකදී වැඩි කතාබහක් ඇති වුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ‘ගනේමුල්ලේ සංජීව’ වෙඩි තබා ඝාතනය කිරීම ඔවුන් මෙහෙයවූ බවට වාර්තාවීමත් සමගයි.

කෙසේ වෙතත්, ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා අත්අඩංගුවට ගැනීම පිළිබදව පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් කළ නොහැකි බවයි.

මෙවැනි අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කළා ෴


අණ නොතැකූ ටිපර් රථයකට පොලීසියෙන් වෙඩි

(09.07.2025 – 12:31 +0530 – sinhala.adaderana.lk)

අණ නොතකමින් ධාවනය කළ ටිපර් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබේ.

කිලිනොච්චි – ධර්මපුරම් කල්ලාර් ප්‍රදේශයේදී ඊයේ (08) මෙම වෙඩි තැබීම සිදුව ඇත.

පොලීසිය විසින් ටිපර් රථය නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති අතර එහිදී එය අණ නොතකා ධාවනය කර තිබුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ ටිපර් රථයට වෙඩි තබා තිබේ.

ඉදිරියට ධාවනය වූ ටිපර් රථය වෙඩි ප්‍රහාරය හේතුවෙන් රියදුරුගේ පාලනයෙන් ගිලිහී ඇති අතර ඔහු එය මාර්ගයක අතහැර දමා පළාගොස් ඇත.

පසුව සිදු කළ පරීක්ෂා කිරීමේ දී මාර්ගයේ අත හැර දමා ගොස් තිබූ ටිපර් රථය පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර රියදුරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

+


තරුණ සිල්මෑණියට කළ අපරාධයට දේශපාලුවාට කළකම් පල දේ (09.07.2025)

+


නැවත නැවතත් මතුවන ජිනීවා අභියෝගය | අද දෙරණ අලුත් පාර්ලිමේන්තුව | 2025.07.09

+


ට්‍රම්ප්ගෙන් ලංකාවට සියයට 30 තීරු බද්දක්

(09.07.2025 – 22:42 +0530 – sinhala.adaderana.lk)

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30% ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.


ඇසළ පොහොයට දන්සල් 8,355 ක්

(09.07.2025 – hirunews.lk)

මෙවර ඇසළ පොහොය නිමිතෙන් දිවයින පුරා පවත්වන දන්සල් 8,355 ක් අද (09) වැනිදා වනවිට ලියාපදිංචි වී තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පවසනවා.

ඒ අනුව මෙම දන්සල් පරික්ෂාව හෙට (10) දිනය පුරා සිදුකෙරෙන බවයි ඔහු පවසන්නේ.

මේ සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,000 ආසන්න සඛ්‍යාවක් යොදවා සිටින බවද ඔහු පැවසුවා.

එබැවින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව අදාළ දන්සල් පවත්වන ලෙසයි එම සංගමය සියලුම දන්සල් සංවිධායයින්ගෙන් ඉල්ලා සිටින්නේ ෴


රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ලබා ගත් රාගම පොලිසියේ නිලධාරියෙකු අත්අඩංගුවට

(09.07.2025 – hirunews.lk)

රුපියල් ලක්ෂ 2 ක අල්ලසක් ලබා ගනිමින් සිටි රාගම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) ගෙන් එක් අයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් නඩුවක් ගොනු නොකිරීම සඳහා පුද්ගලයෙකුගෙන් මෙම මුදල ලබාගෙන ඇති බවයි සඳහන්.

අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රෝහල් පරිශ්‍රය අසලදීමයි ෴


සිංගිමලේ ජලාශයට වැටී අතුරුදහන් වූ පාසල් සිසුවාගේ සිරුර ගොඩ ගැනේ

(09.07.2025 – hirunews.lk)

හැටන් සිංගිමලේ ජලාශයට ඇද වැටී අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ සිරුර රංගල නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් එම ජලාශයේ ගැඹුරු ස්ථානයක තිබි (09) දින පස්වරුවේ ගොඩගනු ලැබුවා.

මෙසේ ගොඩ ගනු ලැබුවේ කොටගල කේම්බ්‍රිජ් දමිළ මහ විද්‍යාලයේ 13 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි රාම් මූර්ති තමිල් මාරන් සිසුවාගේ සිරුරයි.

එම සිසුවා ඔහුගේ මිතුරන් 06 දෙනෙකු සමග (08) දින පස්වරුවේ ඡායාරූප ගැනීම සදහා ජලාශයට ඉහළන් වූ සිංගිමලේ රක්ෂිතයට අතුල් වී ඡායාරූප රැගෙන ජලාශයේ වේල්ල දිගේ ගමන් කරමින් සිටියදි ජලාශයේ වතුරෙන් පය සේදීමට උත්සහ කිරිමේදි සිසුවා ජලාශයට ඇද වැටී අතුරුදහන් වී ඇති බවයි හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී. සුගතදාස පවසා සිටියේ.

අතුරුදහන් වු සිසුවාගේ දෙමව්පියන් විදේශගත වී ඇති බවත්, ඔහු පාසල් යෑම සදහා හැටන් ප්‍රදේශයේ නවාතැන්පලක නැවතී සිටියදි පරිඝණක බාහිර පන්තියකට සහභාගිවන බව පවසා එම නිවසින් පිටව ගොස් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.

ගොඩගත් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරික්ෂණ පවත්වනු ලබනවා ෴

+++

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *