පරිවාස භාරයේ සිටි දරුවන්ට පහරදුන් නිලධාරීන් 4 ක් අත්අඩංගුවට

පරිවාස භාරයේ සිටි දරුවන්ට පහරදුන් නිලධාරීන් 4 ක් අත්අඩංගුවට


පරිවාස භාරයේ සිටි දරුවන්ට පහරදුන් නිලධාරීන් 4ක් අත්අඩංගුවට

(30.04.2026 – 21:17 +0530 – sinhala.adaderana.lk)

කැප්පෙටිපොළ සහතික කල පිරිමි පාසලේ සිටි දරුවන් පිරිසකට හිංසාකාරි ලෙස බටවලින් හා පොලුවලින් පහරදුන් එහි අධීක්ෂණ නිලධාරියෙකු ඇතුළු සිව්දෙනෙකු (4) වැලිමඩ පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති පිරිස අතර එම පාසලේ දරුවන්ට වෘත්තීය මගපෙන්වීම ලබාදුන් අරක්කැමියෙකු, විදුලි කාර්මිකයෙකු හා පෙදරේරු උපදේශකයකු ද සිටින බව සඳහන්ය.

විවිධ වැරදි සම්බන්ධයෙන් වරදකරුවන් වූ වයස 13-18 අතර දරුවන්ව පුනුරුත්තාපනය කිරීම සඳහා මෙම පාසල පවත්වාගෙන යනු ලබන්නක්ය.

එසේ නමුත් එහි දරුවන් පිරිසකට හිංසාකාරි ලෙස සිදුකරන පහරදීම් දරාගැනීමට නොහැකිව, එම දරුවන් ඒ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ට දුරකතනයෙන් දැනුම්දී තිබේ.

ඉන් පසු ක්‍රියාත්මක වූ බණ්ඩාරවෙල පොලිස් කොට්ඨාස ළමා කාර්යංශය හා පළාත් ළමා ආරක්ෂක නිලධාරින් වැලිමඩ පොලිස් නිලධාරීන් එක්ව අදාළ සහතික කළ පාසලට පැමිණ ඇත.

එහිදී ළමුන් ලබාදුන් කටඋත්තර මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන්ව දින 14 ක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත ෴


සජබේ ක්‍රිකට් පිටියට මුදල් ලේකම් ගේමට ! (30.04.2026)

+


රෝස කැලෙන් හම්බ වුණු ඉරාන් බබා… ඇතුළෙත් ඩීල් පිටත් ඩීල්, මුලු රටම එකම ඩීල් එකක් (30.04.2026)

+

ඔහු මිය ගියාට, US$ මිලි 2.5 මහමොළකරුවා තවමත් යහතින් (30.04.2026)

+

අපි කියන විදියට හිටහල්ලා, නැත්තං ගුටි… මේක තමයි ජේවීපිය දන්නා ආණ්ඩු කෙරිල්ල (30.04.2026)

+


ගෝල්ෆේස් අරගලයේ නොදුටු ඇත්ත – මොහාන් සමරනායකගේ විග්‍රහය (30.04.2026)

+


එරාන් දිනුම් අනුර පාරාදයි රනිල්ට ආණ්ඩුව (30.04.2026)

+

මහා භාණ්ඩාගාර මංකොල්ලකරුවා සහ මිනීමරුවා (30.04.2026)

+


ජීවිතේ වැඩිපුරම දුක් උනේ බිරිඳ රට ගියපු දවසේ…| Chamara Wijesooriya (30.04.2026)

+

විපක්ෂයේ මැයි රැළි තියෙන්නෙ කොහෙද ? (30.04.2026)

+


ටිල්වින්ගේ කුළී හමුදාව වියරුවෙන් රඟද්දී පොලීසිය නිදි වදී (30.04.2026)

+


කේස් එක උණුසුම් වෙද්දී නිලධාරියා මරණයට ලක්වුණ අභිරහස (30.04.2026)

+++

+++

රටම කළඹමින් අභිරහස් ලෙස මිය ගිය සහකාර අධ්‍යක්ෂකගේ මරණ පරීක්ෂණය සිදු කළ දර්ශන එළියට එයි (01.05.2026)

+++

Hiru TV Balaya Live | Episode 640 | 2026-04-30 |

+


ඌරුබොක්ක, මනන්කැටිය ප්‍රදේශයෙන් විශාල භූ ජල මූලාශ්‍රයක් සොයාගනියි

(01.05.2026 – 11:36 +0530 – sinhala.adaderana.lk)

ඌරුබොක්ක නගර මධ්‍යයේ මනන්කැටිය ප්‍රදේශයෙන් විශාල භූ ජල මූලාශ්‍රයක් ඊයේ (30) දින සොයාගත් බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඉන් මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දස දහස් සංඛ්‍යාත පිරිසක් මුහුණ දෙන උග්‍ර පානීය ජල අර්බුදයට විසඳුමක් ලැබෙනු ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

කුඩා පෑවිල්ලටත් ඌරුබොක්කේ ළිං ජලය සිදී පානීය ජල අර්බුදයක් මතු වන බවත් ඊට පිළියම් ලෙස බවුසර් මගින් ජල බෙදා හැරීමට සිදුවන බවද එහෙත් මෙවර එය ද සිදු නොවූ බව ප්‍රදේශවාසීන් ප්‍රාදේශීය සභාවට චෝදනා කළහ.

එමෙන්ම ඌරුබොක්ක නගරයත්, දම්පහල මාර්ගය, හුලංකන්ද පාර, හීගොඩ පාර, අමුහේන්ගොඩ, හොරගස්මන්ඩිය, කටුවන පාර, කීරපිටිය පාර ආදී ගම්මාන රැසක ජනතාවත් හීගොඩ රෝහල හා හුලංකන්ද, පට්ටිගල, කීරපිටිය, ගින්නලිය, බෙරලපනාතර යන පාසල්වල දෛනික කටයුතු පවා අකර්මණ්‍ය වූ බව සඳහන්ය.

ඒ අනුව ජල හිඟයෙන් පවුල් 10,000 ක පුද්ගලයින් 50,000 කට අධික පිරිසක් පීඩාවට ලක් වූ බව පස්ගොඩ ප්‍රාදේශීය සභාව සඳහන් කරයි.

එවැනි පසුබිමක පස්ගොඩ ප්‍රාදේශීය සභාව කළ ඉල්ලීමක් මත මෙම විශාල ජල මූලාශ්‍රයක් සොයාගැනීමට හැකි වූ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ දකුණු පළාත් භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මහතා ප්‍රකාශ කළේය ෴

+++

+


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර කාර්යාලයේ ගින්න ගැන විමර්ශනයක්

(01.05.2026 – 17:13 +0530 – sinhala.adaderana.lk)

දේශීය ආදයම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හටගත් ගින්න සම්බන්ධයෙන් පොලිසිය ඇතුළු අදාළ ආයතන මගින් විමර්ශන ආරම්භ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු පවසයි.

ඊයේ (30) රාත්‍රීයේ හටගත් ගින්නෙන්, බදු කටයුතු සඳහා යොදා ගනු ලබන දත්ත පද්ධතියට කිසිදු හානියක් හෝ බලපෑමන් සිදුව නොමැති බව දේශීය ආදායම් බදු කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

ගින්න හේතුවෙන් ඇති වූ තත්ත්වයන් කඩිනමින් යථා තත්ත්වයට පත් කර දුරස්ථ සම්බන්ධතාවයක් මගින් පද්ධති සම්බන්ධතාවය ලබා දීමට සහ කාර්යාල කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව ද කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් පැවසීය.

එහිදී ඇය සඳහන් කර සිටියේ එම කාලය තුළ කළුතර ප්‍රාදේශීය කාර්යාලයෙන් හදිසි රාජකාරී කටයුතු සිදු කර ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින්ට ළඟම ඇති ප්‍රාදේශීය කාර්යාලයකින් හෝ ප්‍රධාන කාර්යාලයෙන් එම කාර්යයන් ඉටු කර ගැනීමේ හැකියාව පවතින බවය ෴


15 සිසුවියට හදි කළ සිංදු ලියන ලොකු සාදු – සාදු ඒ සේරම අරන් ගිහින් වැළලුවා! (01.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *