මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක සිද්ධියට වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානිකර ගනී
(30.04.2026 – hirunews.lk)
මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ, ඩොලර් මිලියන 2.5 ක මූල්‍ය වංචා සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි සහකාර අධ්‍යක්ෂවරයෙකු සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය, පහළ වීරඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි ‘රංග නිශාන්ත රාජපක්ෂ’ නමැති 50 හැවිරිදි දෙදරු පියෙක්.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිදුවීමට අදාලව මොහු ඇතුළු නිලධාරීන් සිව්දෙනෙකුගේ (4) වැඩ තහනම් කිරීමට පසුගියදා මුදල් අමාත්‍යාංශය තීරණය කළා.
සිදුවූ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඔහු කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙකුද වනවා.

+++
+++
+++
+++
හැකර්ගේ සිද්දියට වැඩ තහනම් වූ රංගගේ දේහය ළඟ උණුසුම් තත්ත්වයක් ඇතිවෙයි (30.04.2026)
+++
මුදල් අමාත්‍යංශ සහකාර අධ්‍යක්ෂගේ මරණය අභිරහසක්! අත්පා වල කැපුම් තුවාල! CIDයට හතර වතාවක දුන්න කට උත්තරය (30.04.2026)
+++
වැඩ තහනම් කර සිටි මුදල් අමාත්‍යංශයේ ‘සහකාර ලේකම්’ මියගිය අයුරු හෙළිවෙයි | @MeeMassooTV (30.04.2026)
+++
+++
මරණේ ගැන නිවුස් එක ආවේ හැමෝම ඉන්න කොට – හිටපු හැමෝම ෂොක් වෙලා ගියා (30.04.2026)
+++
සහකාර අධ්‍යක්ෂවරයා අභිරහස් ලෙස මිය යන්න පෙර – සංජීව එදිරිමාන්න මුදල් ලේකම් ගැන කරපු අනාවරණය (30.04.2026)
+
කල්අඩිය පාලවිය මාර්ගයේදි කාර්යාල බස් රථයකට බෝතල් ප්‍රහාරයක්
(30.04.2026 – hirunews.lk)
කුරුණෑගල සිට කල්පිටිය දක්වා ගමන් කරන කාර්යාල බස් රථයට කල්අඩිය පාලවිය මාර්ගයේදි එල්ල වු බෝතල් ප්‍රහාරයකින් රියදුරුගේ මුහුණට හා ඇසකට තුවාල සිදුව ඇතැයි පොලිසිය පවසනවා.
රියදුරා දැඩි පරිශ්‍රයක් දරා බස් රථය නවතා ගැනිම නිසා එහි ගමන් කල 50 කට ආසන්න ගුරුවරුන් ඇතුළු පිරිසකගේ ජීවිත අනතුරකින් තොරව බේරා ගැනිමට හැකිව ඇති බවයි පුත්තලම මුලස්ථාන පොලිසිය සඳහන් කළේ.

කල්අඩිය මාර්ගයේදී මාර්ගය අසල සිටි තරුණයන් දෙදෙනෙකු වැලි පිරවු බෝතලයකින් මෙලෙස බස් රථයේ ඉදිරිපස විදුරුවට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් එහිදි විදුරුව සිදුරු කරගෙන ගොස් බෝතල් ප්‍රහාරය රියදුරාගේ මුහුණේ වැදි ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ෴
දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් වාර්ෂික මරණ සංඛ්‍යාව 22,000 ක්
(30.04.2026 – hirunews.lk)
මෙරට සිදුවන මරණවලින් 80% කට ආසන්න සංඛ්‍යාවක් බෝනොවන රෝග නිසා සිදු වන බවත් ඊට ප්‍රධාන හේතුව දුම්කොළ සහ මධ්‍යසාර නිෂ්පාදන බවත් දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක පවසනවා.
ලෝකයේ වර්ෂයකට මිලියන 70 කට ආසන්න සංඛ්‍යාවක් දුම්කොළ නිෂ්පාදන හේතුවෙන් සහ 10% ක් පමණ අක්‍රීය දුම්පානය නිසා මිය යන බවයි ඔහු පෙන්වා දුන්නේ.
එමෙන්ම, මේ වනවිට මෙරට දුම්කොළ සහ මධ්‍යසාර හේතුවෙන් සිදුවන වාර්ෂික මරණ සංඛ්‍යාව 22,000 කට ආසන්න වී තිබෙනවා ෴
+
හැකර් ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ නෙවේ මෙහේ? – ඩො.මි.2.5 සිද්ධියේ පිටුපස කතාව – කුලශ්‍රී කාරියවසම් (30.04.2026)
+
“පැලවත්තේ මැරයෝ දාලා අසූචි ගහලා ආතල් ගන්න බෑ” (30.04.2026)
+
‘දඬුවම්’ දරුවාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි
(30.04.2026 – 17:23 +0530 – sinhala.adaderana.lk)
‘කෙටිකාලීන හා දිගුකාලීන ශාරීරීක හා මානසික දණ්ඩනය’ ළමයාගේ පෞරුෂත්වයට බලපෑමක් ඇති කරන බව ‘ජාතික ළමා ආරක්ෂක අධිකාරිය’ පවසයි.
එම අධිකාරිය මේ බව සඳහන් කළේ, අප්‍රේල් 30 දිනට යෙදෙන ශාරීරික දණ්ඩනය අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනය සඳහා පණිවුඩයක් නිකුත් කරමිනි.
ළමයා විනයගත කිරීම සඳහා ශාරීරික දඬුවම් භාවිතය සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණවලින් නිශ්චිතව මේ බව තහවුරු බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
ළමුන් හික්මවීම සඳහා දෙමාපියන්, වැඩහිටියන් සහ ගුරුවරුන් ලෙස දශක ගණනාවක සිට අප විවිධ ශාරීරික දඬුවම් ක්‍රම භාවිත කරමින් සිටිමු.
ඒ අනුව රටක් ලෙස සංස්කෘතිකමය වශයෙන් හෝ සමාජීය වශයෙන් ළමුන්ට නිවස තුළදී හෝ පාසල තුළදී ශාරීරික දඬුවම් සිදුකිරීම සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇති බව ඇය පෙන්වා දෙයි.
1989 දී සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ 19 වගන්තිය යටතේ ළමුන්ට සියළු ආකාරයේ අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීමෙන් වැළකී සිටීමට ඇති අයිතිය පිළිබඳව පැහැදිලිව දක්වා ඇත.
ශ්‍රී ලංකාවද මෙම සම්මුතියට අත්සන් තැබීම තුළ 1990 වර්ෂයේ සිටම ජාත්‍යන්තර වශයෙන් බැඳියාවක් දරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ අවධාරණය කළාය.
රටේ මූලික නීතිය ලෙස සලකන 1978 ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව මගින්ද කිසිදු පුද්ගලයෙකුට හිරිහැර කිරීමකට හෝ කෲර, අමානුෂික හෝ අගෞරවනීය ආකාරයේ සැලකීමකට හෝ දඩුවමකට ලක් නොවී සිටීමට මූලික අයිතිවාසිකමක් තිබේ.
මීට සමගාමීව දණ්ඩ නීති සංග්‍රහය 308 (අ) වගන්තිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත්කරන ලද පාසල් විනය පිළිබඳ 12/2016 සහ 11/2026 චක්‍රලේඛ මගින්ද දක්වා ඇත්තේ ළමුන් හික්මවීම සඳහා ශාරීරික හෝ මානසික හිංසනය කිසිසේත් භාවිතා නොකළ යුතුය.
ළමුන් වෙනුවෙන් සුරක්ෂිත රටක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව 2024 වර්ෂයේදී බොගෝටාහීදී පැවැති අමාත්‍යවරුන්ගේ පළමු ලෝක සම්මේලනයේදී දෙනු ලැබූ ප්‍රතිඥා අතරින් එක් සුවීශේෂී පොරෙන්දුවක් වන්නේ ළමුන් හික්මවීම සඳහා යොදාගන්නා ශාරීරික දඬුවම් තහනම් කිරීමය.
එම කාර්යය තවදුරටත් ශක්තිමත් කරමින් සුරක්ෂිත පාසල් පරිසරයක් නිර්මාණය කිරීම සහ හිංසනයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර පාසල් පරිසරයක් නිර්මාණය සඳහා ධනාත්මක ශික්ෂණය පිළිබඳ පාසල් ගුරුවරුන්ගේ දැනුම සංවර්ධනය කිරීමද කිරීමටද ශ්‍රී ලංකාව එකඟවී ඇති බව ජාතික ළමා අධිකාරිය පෙන්වා දෙයි.
ශාරීරික දණ්ඩනය යනු ළමයෙකුට සිදුකරන ශාරීරික අපයෝජනයක් වන බව එම අධිකාරිය අවධාරණය කළේය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තාවන පැමිණිලි අතරින් දෙවන වැඩිම පැමිණිලි වර්ගය වනුයේ ශාරීරක හිංසනය සම්බන්ධ පැමිණිලි වන අතර වාර්ෂිකව 2000 – 2500 ක් අතර ශාරීරික දඬුවම් ප්‍රමාණයක් වාර්තාවේ ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴