මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් කමිටුව හමුවට නොපැමිණීම ගැන ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් නිවේදනයක්
මුදල් අමාත්‍යාංශ ලේකම් මුදල් කමිටුව හමුවට නොපැමිණීම ගැන ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් නිවේදනයක්
(30.04.2026 – 06:59 +0530 – sinhala.adaderana.lk)
මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවට නොපැමිණෙන්නේ නම් ඔහුට පාර්ලිමේන්තු යාන්ත්‍රණය හරහා දඬුවම් කිරීමට මුදල් කමිටු සභාපති හර්ෂ ද සිල්වා මහතාට බලය පවතින බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය පවසයි.
එම සංවිධානය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආණ්ඩුකාර රංජිත් කිර්ති තෙන්නකෝන් මහතා පවසන්නේ, පාර්ලිමේන්තු මුදල් කමිටුව පිහිටුවා ඇත්තේ 2022 වසරේදී සම්මත කරන ලද පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 121 යටතේ බවය.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග කිසියම් අයෙකු විසින් උල්ලංඝනය කරන්නේ නම් ඒ පිළිබඳව දඬුවම් ලබාදීමට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ ප්‍රතිපාදන සපයා ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව මුදල් කමිටුවට ඕනෑම අයෙකු කැඳවීමට එහි සභාපතිවරයාට බලය ඇති අතර එසේ කැඳවීමකට නොපැමිණෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර සහ දඬුවම් බලපතල සහ වරප්‍රසාද පනතේ දක්වා ඇති අතර එම වරදවලට පාර්ලිමේන්තුව විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් දඬුවම් කළ හැකි බව රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
මේ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අවුරුදු දෙකක් (2) නොඉක්මවන කාලයකට බන්ධනාගාර ගත කිරීම හෝ දඩයක් නියම කිරීම හෝ දඩය හා බන්ධනාගාර ගත කිරීම යන දඬුවම් දෙකටම (2) යටත් කළ හැකි බව ද ඔහු සඳහන් කරයි.
ඒ අනුව හර්ෂ ද සිල්වා සභාපතිවරයා ලෙස මුදල් කමිටුවට පැමිණීමට දැනුම් දී ඇති ඕනෑම අයෙකු එදිනට නොපැමිණෙන්නේ නම් ඔහුට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ කටයුතු කළ හැකි වේ.
ඉතිහාසයේ කිසිදු රජයක් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ වගකීම මෙලෙස අභියෝගයට ලක් කර පාර්ලිමේන්තු කමිටු සතු බලතල හෑල්ලුවට ලක්කර නොමැති බව ද අදාළ නිවේදනයේ සඳහන්ය.
මුදල් කමිටුවට පැමිණීමට දැනුම්දී තිබියදීත් යම් අයෙකු නොපැමිණෙන්නේ නම් කමිටු සභාපතිවරයා ඉල්ලා අස්වීම හෝ දඬුවම් කිරීම යන තෝරාගැනීම් දෙකෙන් එකක් සිදුකර පාර්ලිමෙන්තුවේ ගෞරවය හා අභිමානය රැකගත යුතු බව රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා සිය ලිපිය මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් පිළිබඳ කාරක සභාව හමුවට නොපැමිණෙන බවට තමාට දැනුම්දුන් බව කමිටු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (29) ප්‍රකාශ කළේය.
විදෙස් ණයක් ගෙවීම සඳහා මහභාණ්ඩාගාරයේ තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් බාහිර පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධියට අදාළව කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා හට අද (30) දිනයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.
කෙසේවෙතත් අද (30) දිනයේ තමාට අදාළ කමිටුව හමුවට පෙනී සිටීමට නොහැකි බව දන්වමින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් තමාට ලිපියක් මඟින් දැනුම් දුන් බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බව ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයේ සාමාජික මෛත්‍රී ගුණරත්න මහතා පැවසුවේය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (29) රාත්‍රී ‘ටීවි දෙරණ’ ඔස්සේ විකාශය වු ‘අලුත් පාර්ලිමේන්තුව’ට වැඩසටහනට එක්වෙමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පල කළේ මෙවන් අදහසක්.
“මේකට හැකර්වරයෙකු සම්බන්ධයක් කියලා ඍජු නිගමනයක් තාම ඇවිල්ලා නෑ. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා කරලා බලන්න ඔ්නේ. දැන් අපිට නිගමනය කරලා කියන්න පුළුවන් පිටරට තියෙන ආයතනය විදියටම ඩොමේන් එකක් හදාගෙන එවැනි පුද්ගලයින්ගේ නම් හා ඊමේල් ආකෘතියත් සමානයි. නොසැලකිල්ලක් තියෙනවා. බැහැර කරන්න අවශ්‍ය නෑ. ප්‍රශ්නය තියෙන්නේ වෙන ආයතනයක් හරහා ආව ඊමේල් එක නිසා තමා මේක වෙලා තියෙන්නේ.”
වත්මන් ආණ්ඩුවේ ද දූෂිතයින් සිටින්නේ නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය ෴
+++
මෙරට සයිබර් ආරක්ෂණය අනතුරකද ? | Aluth Parliamenthuwa | 2025.04.29
+
පිලිකා බිය ඉවරයි ද? (27.04.2026)
+
HSBC බැංකුවේ Retail Banking Business සේවාවන් අදින් (30) අවසන්
(30.04.2026 – hirunews.lk)
HSBC ශ්‍රී ලංකා පාරිභෝගික බැංකු මෙහෙයුම් ,නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) වෙත මාරුවීමේ අවසන් අදියර හේතුවෙන් අද (30) පස්වරුවේ සිට HSBC බැංකු සේවා අත්හිටුවීමට නියමිත බව එම බැංකුව නිවේදනය කරනවා.
නමුත් HSBC ආයතනික සේවා දිගටම පවත්වා ගෙන යන බවයි එන බැංකුව පවසන්නේ.
Nations Trust Bank PLC (NTB) විසින් Hongkong and Shanghai Banking Corporation (HSBC) ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකු ව්‍යාපාරය (retail banking business) රුපියල් බිලියන 18 ක මුදලකට සහ අදාළ බදු ගෙවීම් මත මිලදී ගැනීමට එකඟතාවයකට එළඹ ඇති බව Nations Trust Bank මගින් පසුගියදා කොටස් වෙළඳපොළට දැනුම් දුන්නා.
මෙම ගනුදෙනුවට අදාළව දෙපාර්ශ්වය අතර බැඳීම් සහිත මිලදී ගැනීමේ සහ විකිණීමේ ගිවිසුමක් (binding Sale and Purchase Agreement) අත්සන් කර ඇති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව ගනුදෙනුකරුවන්ගේ පහසුව උදෙසා HSBC බැංකුව නිකුත් කර ඇති විශේෂ උපදෙස් මාලාව මෙසේයි :
අද (30) පස්වරු 03:00 ට HSBC බැංකු ශාඛා, විදේශ විනිමය මධ්‍යස්ථාන සහ ATM යන්ත්‍ර සේවා සාමාන්‍ය පරිදි වසා තැබෙනු ඇත.
පවතින HSBC ගිණුම්, හර (Debit) සහ ණය (Credit) කාඩ්පත් මෙන්ම අන්තර්ජාල සහ ජංගම බැංකු සේවා අද (30) රාත්‍රී 07:00 දක්වා පමණක් භාවිතා කළ හැකිය. රාත්‍රී 07:00 න් පසු මෙම සියලු කාඩ්පත් සහ ඩිජිටල් වේදිකාවල ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් නතර වේ.
පද්ධති මාරුවීමේ අවසන් අදියර හේතුවෙන් අද (30) රාත්‍රී 07:00 සිට සේවා සම්පූර්ණයෙන්ම අක්‍රිය වනු ඇත. මෙම කාලය තුළ පාරිභෝගිකයින්ට කිසිදු ගිණුමකට ප්‍රවේශ වීමට, ATM භාවිත කිරීමට, ණය කාඩ්පත් භාවිත කිරීමට හෝ මාර්ගගත බැංකු පහසුකම් ලබා ගැනීමට නොහැකි වනු ඇත.
සේවා යථා තත්ත්වයට පත්වීමෙන් පසු සියලු කටයුතු නේෂන්ස් ට්‍රස්ට් බැංකුව (NTB) යටතේ ක්‍රියාත්මක වන අතර, NTB සේවා ආරම්භ වන නිශ්චිත වේලාවන් පාරිභෝගිකයින්ට දැනුම් දී ඇත.
බැංකු සේවා අක්‍රිය වන මෙම කාලසීමාව තුළ තමන්ට අවශ්‍ය මුදල් අවශ්‍යතා සහ ගෙවීම් කටයුතු කල්තියා සැලසුම් කර ගන්නා ලෙස බැංකුව සිය ගනුදෙනුකරුවන්ට වැඩිදුරටත් මතක් කර සිටියි ෴
ශිරන්ති රාජපක්ෂ නමින් නිවසක්.. විකිණීම තහනම්.. ඉපයූ ආකාරය අල්ලසෙන් අහයි.. නැතොත් දේපල අත්හිටුවයි..
(30.04.2026 – lankacnews.com)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් කොළඹ ටොරින්ටන් ප්‍රදේශයේ පිහිටි නිවසක් මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් වහාම පැහැදිලි කිරීමක් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
සිරීලිය ගිණුමට අදාළව සිදුකරන විමර්ශනයකට සමගාමීව මෙම පියවර ගෙන ඇති අතර, අදාළ දේපල නීති විරෝධී ලෙස උපයාගත් මුදල්වලින් මිලදී ගත් බවට සැක කෙරේ.
මෙම පැහැදිලි කිරීම සිදු කරන තෙක් අදාළ නිවසේ හිමිකාරීත්වය වෙනත් පාර්ශවයකට පැවරීම ද මේ වන විට අත්හිටුවා ඇති බව කොමිසම සඳහන් කරයි.
නිවස මිලදී ගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වුවහොත්, විධිමත් විමර්ශනයකින් අනතුරුව එම දේපල අධිකරණමය ක්‍රියාවලියක් හරහා ක්‍රියාවිරහිත කිරීමට පියවර ගනු ඇතැයිද වාර්තා වේ.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් විමර්ශනයට අදාළව ඔහු ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය ද දෝෂ සහිත බව අල්ලස් කොමිසම පෙන්වා දෙයි.
2015 වර්ෂයේ සිට ආරම්භ කර ඇති මෙම වත්කම් විමර්ශනයට අදාළව නිසි දිවුරුම් ප්‍රකාශ ලබා දීමට ඔහු මීට පෙර පියවර ගෙන නොතිබුණි.
ඒ අනුව, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 49 වන වගන්තිය ප්‍රකාරව, සම්පූර්ණ කරන ලද දිවුරුම් ප්‍රකාශයක් දින 14 ක් ඇතුළත ලබා දෙන ලෙස පසුගිය මාර්තු 23 වැනිදා හිටපු ජනාධිපතිවරයාට දන්වා තිබේ.
නියමිත කාලය තුළ නිවැරදි තොරතුරු ලබා නොදුනහොත්, එය තොරතුරු වසන් කිරීමක් ලෙස සලකා ඔහුට එරෙහිව ඉදිරි පියවර ගන්නා බව ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් දන්වා ඇත ෴
ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධිචෝදනා භාරදෙයි
(30.04.2026 – hirunews.lk)
ඉස්ලාම් දහමට අපහාසයක් වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට කොළඹ මහාධිකරණය අද (30) අධි චෝදනා භාර දී තිබෙනවා.
අධිචෝදනා භාරදීමෙන් අනතුරුව ඥාණසාර හිමියන් ඇප මත මුදා හැරීමටයි කොළඹ මහාධිකරණයෙන් නියෝග කර ඇත්තේ.
+++
රට ජාතිය වෙනුවෙන් කතා කරලා මට – දැන්වෙලා තියෙන්නේ උසාවිවල බඩගාගෙන දුක් විදින්න (30.04.2026)
+
හර්ෂණ සූරිප්පෙරුමගේ කොන්ද පණ නෑ – ජනධිපතිතුමා ජාතියෙන් සමාව ගන්න ඕනේ (30.04.2026)
+++
සූරිප්පෙරුම කියන්නේ සුපර් මෑන් කෙනෙක් නෙවෙයි – මුදල් ලේකම්ට හැංගෙන්න කිසිම තැනක් නෑ (30.04.2026)
+
කවුරුත් කිව්වට සිවුරු ගළවන්න එපා, අවාසි වෙයි – තායි ගිය සාදුළා ගළවගන්න ගහන ප්ලෑන් එක (30.04.2026)
+++
හාමුදුරුවරු රට යැව්වේ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ? අහු කරන්නම තමයි මේ වැඩේ කළේ (30.04.2026)
+
ලේ තැවරුණු ඇඳුම් වලදාලා | නම් ගම් සහිත අනාවරණය | කොටුවුණු 19 දෙනෙක් ගංජා ගහලා | @MeeMassooTV (30.04.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴