පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර’ (eRL 2.0) නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර’ (eRL 2.0) නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි


පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර’ (eRL 2.0) නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

(06.07.2025 – hirunews.lk)

‘ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය’ (ICTA) විසින් ‘ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය’ තාවකාලිකව ක්‍රියා විරහිත වී ඇති බව නිවේදනය කරනු ලබනවා.

2025 ජුලි මස 03 වන දින සිට ඇති වූ තාක්ෂණික යටිතල පහසුකම් ගැටලුවක් හේතුවෙන්, වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා අත්හිටුවා ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එමෙන්ම, මෙම සේවාවන් 2025 ජුලි මස 09 වන දින දක්වා අක්‍රියව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම නිවේදනයේ සඳහන්.

මෙම බාධාව හේතුවෙන් පුරවැසියන්ට සිදු වන අපහසුතාවයන් පිළිබඳව ICTA ආයතනය කණගාටුව පළ කරන අතර, හැකි ඉක්මනින් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි එම ආයතන සඳහන් කරන්නේ ෴


පාසල්වල මුදල් ගැරිල්ල ගැන ඇස් උඩ යන හෙළිදරව්වක් | රු. මිලියන 100 කට වඩා පොදි ගහගෙන මොනවද මේ ගහන ගේම්? (06.07.2025)

+


රට අනතුරේ කියාගෙන මැදගොඩ අභයතිස්ස හිමි මහානායක හිමි ළඟට | අස්ගිරි මහා විහාරය දෙපිටින් ගිය කතාව (06.07.2025)

+


ආණ්ඩුවට ඕන ඕන විදිහට වැඩ කරන්න බෑ (06.07.2025)

+


‘ඉනියභාරතී’ගෙන් රහස් රැසක් එළියට

(07.07.2025 – hirunews.lk)

මේ වනවිට රැදවුම් නියෝග මත රදවාගෙන ප්‍රශ්න කෙරෙන නැගෙනහිර පලාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ සමීපතම දේශපාලන හිතවතා ලෙස සැලකෙන හිටපු පලාත් සභා මන්ත්‍රී ‘කේ. පුෂ්පකුමාර්’ හෙවත් ‘ඉනියභාරතී’ සහ ඔහුගේ අනුගාමිකයෙකු (1) අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2005 වසරේ සිට 2008 දක්වා කාලය තුළ නැගෙනහිර පළාතේ සිදුවූ පුද්ගල ඝාතන, පුද්ගලයින් පැහැරගැනීම, අතුරුදන් කිරීම්, ගිනිඅවි පරිහරණය, වදකාගාර පවත්වාගෙන යෑම සහ කප්පම් ලබා ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

ඒ අනුව, මොවුන් දෙදෙනා (2) තිරුක්කෝවිල් සහ සන්දිවේලි ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඉනියභාරතී 2004 වර්ෂයේදී එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් ඉවත් වූ කරුණාඅම්මාන් පාර්ශවයේ තිරුක්කෝවිල් ප්‍රදේශයේ සන්නද්ධ කදවුරක ප්‍රධානියා ලෙස කටයුතු කර තිබෙනවා.

එමෙන්ම, ඔහු කරුණාම්මාන් නියෝජනය කළ දේශපාලන පක්ෂයෙහි 2007 සහ 2008 වර්ෂවල අම්පාර දිස්ත්‍රික් ජනාධිපති සම්බන්ධීකරණ නිලධාරීයා ලෙස කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.

මීට අමතරව 2012 වර්ෂයේ සිට 2015 දක්වා කාලයේ නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රිවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කළේ, මෙම සැකකරුවන් විසින් 2005 වසරේ පෙබරවාරී මස 07 වන දින පොළොන්නරුව වැලිකන්ද ප්‍රදේශයේදී දෙමළ ජාතික සංදානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ‘අරියනායගම් චන්ද්‍රනේරු’ ඇතුලු පුද්ලයින් 06 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල ලබාදී ඇති බවයි.

මීට අමතරව තවත් පුද්ගල ඝාතන සහ පැහැරගැනීම් රැසකට චෝදනා එල්ල වී ඇති තිබෙනවා.

එමෙන්ම, ඉන් එක් (1) සැකකරුවෙකු උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසන් වාර්තාවලට අනුව නැගෙනහිර පළාතේ පුද්ගල ඝාතන, පුද්ගලයින් පැහැරගැනීම, ගිනිඅවි පරිහරණය සහ වදකාගාර පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් පුද්ගලයෙකු ලෙස නම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සදහන් කළේ ෴

+++

+


මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

(07.07.2025 – 12:05 +0530 – sinhala.adaderana.lk)

නැවත දැනුම්දෙන තුරු මැතිවරණ කොමිසමේ සේවාවන් අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර ඇත්තේ, අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (07) දින සිට මෙලෙස තාවකාලිකව සේවාවන් අත්හිටවූ බවය.

ඒ අනුව ඡන්දහිමි නාමලේඛන තොරතුරු පරීක්ෂාව, මාර්ගගත ලියාපදිංචිය, ඡන්දහිමි ප්‍රකාශ ලබාගැනීම හා වෙනත් දිස්ත්‍රික්කයකට අදාළව උපුටන ලබාගැනීම ඇතුළු සියලුම ඊ සේවා නැවත දැනුම්දෙන තුරු අත්හිටුවා තිබේ ෴


KDU වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සමථයට පත් කෙරේ

(07.07.2025 – 11:58 +0530 – sinhala.adaderana.lk)

‘ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ’ (KDU) වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා දේශීය සිසුන් ඇතුලත් කර නොගැනීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සමථයට පත් කළ හැකි බව දෙපාර්ශවයේ නීතිඥවරු අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මෙම පෙත්සම අද (07) අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, මහින්ද සමය වර්ධන සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල (3) ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබූහ.

එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හෆිල් ෆාරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුකරය සමථයට පත් කිරීමට හැකියාව තිබෙන බවය.

අදාළ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා දේශීය සිසුන්ට ද ඇතුළත් වීමට අවසර ලබා දෙමින් වගඋත්තරකරුවන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බව නීතිඥවරයා සඳහන් කළේය.

ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කළ හැකි බවත් ඒ සම්බන්ධයෙන් තම සේවා දායකයින්ගෙන් ලිඛිත උපදෙස් ලබා ගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේශ්වරන් මහතාද එකඟතාවය පළ කළේය.

ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කිරීම සඳහා පෙත්සම්කරුවන්ගේ ලිඛිතව උපදෙස් ලබාගෙන දැක්වීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළහ.

ෆාතිමා අබ්දුල් ෆලීල්, දුලන්ක ද සිල්වා ඇතුළු සිසු සිසුවියන් පස් දෙනෙකු (5) විසින් පෙත්සම ඉදිරිපත් කළ අතර එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සනාතන සභාව ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් 2025/26 යන අධ්‍යයන වර්ෂ සඳහා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධිය හැදෑරීම සඳහා බලාපොරොත්තුවෙන් සිටි බවය.

2024 වසරේදි අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව දේශීය සිසුන්ට මුදල් ගෙවා මෙම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීමේ අවස්ථාව ලබාගත හැකි බව දැනුම් දී තිබූ අතර ඒ අනුව තමන් ද ඊට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටි බව පෙත්සම්කරුවෝ සඳහන් කළහ.

මේ අතර ඉකුත් දා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධි හැදෑරීම සඳහා විදේශීය සිසුන් සහ ශිෂ්‍යභට නිලධාරීන් ලෙස බඳවාගන්නා සිසුන් හැර දේශීය සිසුන් බදවා නොගන්නා බවට තීරණය කර ඇතැයි සඳහන් කර තිබූ බව පෙත්සම්කරුවෝ සඳහන් කළහ.

ඉන් අනතුරුව ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෙබ් අඩවිය තුලින් දේශීය සිසුන් වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා බදවා නොගන්නා බවට දැනුම් දීමක් සිදුකර තිබූ බවත් ඔවුන් චෝදනා කළේය.

මේ තුළින් අදාළ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීමට අපේක්ෂාවෙන් සිටි තමන්ට දැඩි අසාධාරණයක් සිදුවන අතර මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය ෴


ප්‍රසිද්ධ ජාතික පාසලක සා පෙළ සිසුවෙකු තවත් එම වසරේම සිසුවෙකුට පහරදීලා

(07.07.2025 – 07:39 +0530 – sinhala.adaderana.lk)

බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ජාතික පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුට එම පාසලේම තවත් සිසුවෙකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

පහරකෑමට ලක්වූ සිසුවා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ 20 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

පසුගිය 03 වන දා දහවල් 12:05 ට පමණ සිසුන් තිදෙනෙකු සමග පැමිණි 11 ශ්‍රේණියේම සිසුවෙකු මෙම පහරදීම සිදුකර ඇති අතර, පහරදීමෙන් අදාළ සිසුවාගේ කනට හානි සිදුව තිබේ.

කෙසේවෙතත් මෙම පහරදීමෙන් කනට තුවාල සිදුව ඇති සිසුවාගේ දෙමාපියන් දැනුවත් කිරීමට හෝ පාසල විසින් අදාළ සිසුවා රෝහල්ගත කිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් වාර්තා වේ.

අප කළ විමසීමකදී කොළඹ ජාතික රෝහල සඳහන් කළේ, අදාළ දරුවාව අද (07) දින ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට නියමිත බවය.

පහරකෑමට ලක්වූ දරුවාගේ දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් තලංගම පොලීසියේ පැමිණිල්ලක් ද යොමුකර ඇති අතර, ඔවුන් චෝදනා කර සිටින්නේ දරුවාට මෙවැනි බරපතළ පහරදීමක් පාසල් කාලය තුළ සිදුව ඇති පසුබිමක පාසල විසින් නිසි ලෙස දරුවා ප්‍රතිකාර වෙත යොමු කිරීමක් සිදුනොකිරීම වගකීම පැහැර හැරීමක් බවය.

පහරකෑමට ලක්වූ දරුවා සංගීත විෂයට දක්ෂ දරුවෙකු බවත් ඔහු ඔහුගේ කනට තුවාල සිදුවීම අනාගතයට බරපතළ ලෙස බලපෑම් එල්ල කරන බවත් සඳහන් කර සිටින එම දරුවාගේ මව නීතියෙන් තමාට සාධාරණය ඉල්ලා සිටින බව ද පැවසීය.

“අපිට වන්දි වැඩක් නෑ. මට ඕනේ නීතිමාර්ගයෙන් කටයුතු කරන්න, තව දරුවෙකුට මගේ පුතාට සිදුවු දෙය නොවෙන්න. මොකද ඔය වගේ වෙලාවක නිකමට පිහියෙන් හරි ඇන්නොත් මොකද වෙන්නේ මගේ පුතාට. ඒ නිසා මට ඕන නීතියෙන් කටයුතු කරන්න. මට සල්ලි වැඩක් නෑ. සාධාරණය තමා ඉටු වෙන්න ඕනේ.”

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී අදාළ පාසලේ විදුහල්පති තුමිය සඳහන් කළේ, පහරදීම සම්බන්ධයෙන් තමාට වාර්තා වුයේ පසුදා උදෑසන බවත් ඒ සම්බන්ධයෙන් මේ වනවිට පාසලෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය ෴


අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත්අඩංගුවට

(07.07.2025 – hirunews.lk)

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චිට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

21 හැවිරිදි ඇය අද (07) නීතිඥවරයෙකු මාර්ගයෙන් කෙසෙල්වත්ත පොලිසියට පැමිණ භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ඇය අද (07) පස්වරුවේ අලුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

දැනට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන තම මවට ඇප දෙන්නැයි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න මගින් මෝසමක් ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදී, ඇය විසින් මෙම තර්ජනය සිදුකර තිබුණා ෴

අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ නීතිඥ සුලෝචනා හෙට්ටිආරච්චිට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා ෴


හැංගි හොරා සෙල්ලම හමාරයි | අධිකරණයට වෙට්ටු දාපු බැසිල්ට හොඳම එකෙන් බඩු පත්තුවෙයි | මේවා රජ ගැහිලි (07.07.2025)

+


අමුතු බද්දෙන් ලංකාවේ එකම විද්‍යුත් යතුරුපැදි නිෂ්පාදන ආයතනය වැසෙයි (06.07.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *