අද (02) මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන මිල ගණන් නැවතත් ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන මිල ගණන් නැවතත් ඉහළට


අද (02) මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන මිල ගණන් නැවතත් ඉහළට

(02.05.2026 – 22:10 +0530 – sinhala.adaderana.lk)

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව,

  • ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 392 ක් වේ.
  • සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 458 ක් වේ
  • ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් ‍470 ක් වේ.
  • ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 12 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 410 ක් වේ.
  • ලංකා භූමිතෙල් මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 265 ක් වේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.

+++

හිතා ගන්න බැරි විදිහට බස් ගාස්තුව වැඩි වෙනවා – බස් ගැමුණු (03.05.2026)

+


සියදිවි හානිකරගත් මහා භාණ්ඩාගාර නිලධාරියාගේ අවසන් කටයුතු සිදුකෙරේ

(02.05.2026 – 21:07 +0530 – sinhala.adaderana.lk)

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ සිදුකෙරුණි.

අදාළ මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් ඒ මහතා යම් මානසික ආතතියකින් සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ විය.

මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා අප්‍රෙල් 30 වැනිදා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.

ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ, පාසල් ගුරුවරියක් වූ ඔහුගේ බිරිඳ රාජකාරී අවසන් වී පස්වරු 3 ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ ඔහු නිවසේ සිට නොමැති බවය.

පසුව ඔහු තවත් කාන්තාවක් සමග සිය සැමියා පිළිබඳව සොයාබැලීමේදී දැක ඇත්තේ නිවසේ සිට මීටර 50 ක් පමණ දුරින් පොල්ගසක් අසල ඔහු වැටී සිටින ආකාරයයි.

අනතුරුව බිරිඳ රාජපක්ෂ මහතාට පපුතෙරපුම් කිහිපයක් ලබාදී තවත් අයෙක් සමග ඔහුව නිවස පිටුපස ඇති මඩුවකට රැගෙනවිත් 1990 ගිලන් රථ සේවය කැඳවුවත් ඔවුන් සිදුකළ පරීක්ෂාවෙන් පසු රංග රාජපක්ෂ මහතා මියගොස් ඇති බව පවසා තිබේ.

ඒ මහතා 2013 වසරේ සිට මහබැංකුවට අනුයුක්තව රාජකාරී කර ඇති අතර 2020 වසරේදී මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ලෙස පත්ව වැඩතහනමට ලක්වන තෙක් රාජකාරී කළ අයෙකි.

ඔහු භාණ්ඩාගාර මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් සේවය අත්හිටුවීම නිසා යම් මානසික ආතතියකික් කල්ගතකර ඇති බව පොලිසිය පැවසුවේය.

ඒ මහතා සියදිවි නසාගත් අප්‍රෙල් 30 වැනිදා උදෑසන තමාට ජීවිතය එපා වී ඇතැයි බිරිඳට පවසා ඇති බවද පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

ඔහුට වෙනත් බාහිර පාර්ශ්වයකින් තර්ජන හෝ බලපෑම් තිබූ බවට මේ වන තෙක් පොලිසියට අනාවරණ වී නොමැති බවද සඳහන් වේ.

රංග රාජපක්ෂ මහතාගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් ඔහුගේ බිරිඳ පවසා ඇත්තේ,

“මහා භාණ්ඩාගාරයේ විදේශීය සම්පත් දෙපාර්තමේන්තුවේ මුදල් වගයක් හැකර්වරයෙකු අතට පත් වූයේ යැයි කියන සිද්ධියට අදාළව තමා සැමියාගේ රැකියාව අත්හිටුවා තිබුණේ. ඒ ගැන සැමියා හරිම කණගාටුවෙන් සිටියේ. නිතරම කල්පනා කළා. සමාජයට මුහුණ දෙන්න බැහැ කියා සැමියා නිතර කිව්වා. මටයි දරුවො දෙන්නටයි පුදුම ආදරයක් තිබුණේ.” යනුවෙනි.

මෙහිදී සාක්ෂි දුනු රංග රාජපක්ෂ මහතාගේ බාල දියණිය සඳහන් කළේ,

“අප්පච්චි පිහියකුත් අරගෙන ගෙදරින් එළියට බහින්න හදනකොට මම ඇහැව්වා කොහෙද යන්නේ කියලා . එතකොට අප්පච්චි කිව්වා වත්ත ටිකක් එළිපෙහෙළි කරන්නයි යන්නේ කියලා. උදේට කාලා යන්න කියලා කිව්වම පස්සේ එන්නම් කියලා ගෙදරින් එළියට බැස්සා. ඊයේ අපි දළදා මාළිගාව වඳින්න යන්න සූදානම් වෙලා හිටියා. අනේ අප්පච්චි අපට කොච්චර ආදරෙයිද. එයා නිතරම අපි ගැන හොයලා බැලුවා. අක්කා කැම්පස් එකට තේරුණුදාත් අප්පච්චි හරි සතුටු වුණා.” යනුවෙන්.

ඔහු භාවිත කළ ජංගම දුරකතනය අප්‍රෙල් 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම විමර්ශන කටයුතු සඳහා භාරයට ගෙන තිබේ.

මේ අතර ඔහුගේ දේහය පිළිබඳ ඊයේ (01) දිනයේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ, ඔහු විසින්ම සිදුකරගනු ලැබූ කැපුම් තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වී මරණය සිදුව ඇති බවය.

ඒ අනුව ඔහුගේ මරණය සියදිවි හානිකරගැනීමක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවිය.

ඒ අනුව රංජ රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකරනු ලැබුවේ, වීරඹුව පොදු සුසාන භූමියේදීය.

+++

+


නාමල්, දිලිත්, චාමර, සජිත් බිලියන 02 මැයි රැලිය (02.05.2026)

+


ජේවීපී මැරයො දැන් රටේ නීතිය උන්ගෙ අතට අරගෙන… අන්තිමට එන්නෙ ගමේ මිනිස්සු තමයි (02.05.2026)

+

ක්‍රිකට් ගැන ඉරාන් දන්න අල බෝලයක් නෑ… මේක තාවකාලික කොන්ත්‍රාත්තුවක් විතරයි (02.05.2026)

+

ලාල්කාන්තගේ මැයි රැස්වීමේ මිනිස්සු 500 ක් වත් නෑ… චන්ඩි ටෝක් දාලම පිරිහිලා (02.05.2026)

+


ඩොලර් කොල්ලය ගැන පැමිණිලි කළ භාණ්ඩාගාර නිලධාරියාගේ අබිරහස් මරණය (02.05.2026)

+


ව්‍යවස්ථාවත් අපි අධිකරණයත් අපි අපිට ඕන දෙයක් කරනව මාලිමාවේ මැයි දින පනිවිඩය (02.05.2026)

+

සූරියප්පෙරුම අර්ජුන් මහේන්ද්‍රන් සහ පුරවැසිභාවය (02.05.2026)

+

දළදා වදින්න යන්න හිටපු කෙනා සියදිවි නසා ගනීද? (03.05.2026)

+


රංගව මැරුවාද? සජබය ආණ්ඩුවේ රූකඩයක් වෙලාද? (02.05.2026)

+


පිරිමි දරුවෙකු අපයෝජන කල දහම් පාසල් ගුරුවරයෙකුට වසර 12 ක බරපතළ සිරදඬුවම්, රුපියල් ලක්ෂ 10 ක වන්දි සහ රුපියල් ලක්ෂ 2 දඩයක්

(03.05.2026 – lankacnews.com)

මීට වසර 11 කට පෙර, එනම් 2015 වසරේදී බාලවයස්කාර පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ දහම් පාසල් ගුරුවරයෙකුට මොනරාගල මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 24 ක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ 10 ක වන්දි නියම කර තිබේ.

මොනරාගල මහාධිකරණ විනිසුරු ආචාර්ය දමිත් නලින්ද හේවා වසම් මහතා විසින් පසුගිය 30 වනදා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව චෝදනා දෙකකට (2) වරදකරු කරමින් එක් චෝදනාවකට වසර 12 බැගින් වසර 24 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම විය. මෙම දඬුවම වසර 12 කින් ගෙවී යන ලෙස ක්‍රියාත්මක වනු ඇත.

එක් චෝදනාවකට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ දෙකක (2) දඩයක් නියම කෙරුණු අතර, එය නොගෙවන්නේ නම් වසරක ලිහිල් සිරදඬුවමක් නියම විය.

අතවරයට පත් දරුවාට එක් චෝදනාවකට රුපියල් ලක්ෂ 5 බැගින් රුපියල් ලක්ෂ 10 ක වන්දි මුදලක් ගෙවීමට නියෝග කෙරුණි. වන්දි නොගෙවන්නේ නම් වසර තුනක (3) ලිහිල් සිරදඬුවම් නියම කර ඇත.

මෙලෙස දඬුවම් නියම වූයේ ඇතිමලේ 70 හංදිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ‘ඌරුමුත්තගමගේ චන්දන’ නමැති අයෙකුටය. 2015 වසරේදී ඔහු විසින් එකම ප්‍රදේශයේ පදිංචිව සිටි එවකට බාලවයස්කාර දරුවෙකු (දැනට 16 හැවිරිදි) බයිසිකලයක නංවාගෙන වැව් ප්‍රදේශයක් ආසන්නයේ කැලෑවකට කැඳවාගෙන ගොස් මෙම අපරාධය සිදුකර තිබුණි ෴


වාරික දෙකක් ඇරියස් කරන්න තවත් ලක්ෂ 23 ක් ගන්න පුළුවන් කිව්වා (02.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *