‘එයාර් ඉන්දියා’ ගුවන් අනතුරට හේතුව ‘ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම’යි
‘එයාර් ඉන්දියා’ ගුවන් අනතුරට හේතුව ‘ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම’යි
(12.07.2025 – hirunews.lk)
පුද්ගලයින් 260 කට මරු කැදවූ ‘එයාර් ඉන්දියා’ ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත්ව තිබෙනවා.
ඒ අනුව එහි දැක්වෙන්නේ මෙම ගුවන් අනතුරට පෙර යානයේ ‘ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම’ යානය කඩා වැටීමට හේතුවී ඇති බවයි.
අහමදාබාද් සිට ලන්ඩන් බලා පිටක් වු ඉන්දියන් ගුවන් සමාගමට අයත් බොයිං 787 මෙම යානය කඩා වැටිමට ලක් වූයේ පසුගිය මාසයේදීයි.
එමෙන්ම මෙම අවස්ථාව වන විට නියමුවන් දෙදෙනා (2) අතර ව්‍යාකූල තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ඔවුන්ගේ හඩ පටවලට අනුව එක් නියමුවකු අනිත් නියමුවාගේ මෙම ක්‍රියාව ඔහු අතින් සිදු වූවේද යන්න විමසා ඇති බවත් සඳහන් කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් අනිත් නියමුවා එසේ නොමැති බව ප්‍රකාශ කර තිබුණු බව ද අදාළ වාර්තවේ සදහන්.
කෙසේවෙතත් විශේෂඥයින් සඳහන් කළේ, ආරක්ෂිත අගුල හේතුවෙන් ඉන්ධන ස්විච දෙකම ක්‍රියා විරහිත වීම අතිශය දුර්ලබ සිදුවීමක් බවයි.
+++
+++
+++
Air India Flight AI-171 Crash: AAIB Report Questions Fuel Switch Failure; What Went Wrong? (12.07.2025)
+++
Air India Boeing 171 Crash Report: Air Marshal (Retd) Sanjeev Kapoor Explains The Preliminary Report (12.07.2025)
+
ඉශාක්ට කෝටියක් (11.07.2025)
+
විජේපාල පිල්ලෙයාන් ගැන කිව්වේ පට්ටපල් බොරු | AI නිසා ලෝක යුද්ධයක් (12.07.2025)
+
මැලේසියාවේදී ඇල්ලූ බව කියා ‘කෙහෙල්බද්දර පද්මේ’, ‘කමාන්ඩෝ සලින්ද’ සජීවීව චමුදිතගේ නාලිකාවේ …
(12.07.2025 – 13:20 +0530 – lankacnews.com)
මැලේසියාවේදී එරට පොලිස් අත්අඩංගුවට පත් වූ බවට වාර්තා පළ වූ ‘කමාන්ඩෝ සලින්ත’ සහ ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැති පාතාල කල්ලි නායකයන් දෙදෙනා (2) අන්තර්ජාල නාලිකාවක් සමඟ සජීවීව සම්බන්ධ වෙමින් අදහස් පල කර ඇත.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග ඔහුගේ අන්තර්ජාල නාලිකාවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් කිසිසේත්ම අත්අඩංගුවට පත්ව නැති බවයි.
මේ මොහොතේ තමන් සිටිනා රට කුමක්දැයි හෙළි කිරීමට නොහැකි බවද ඔවුන් කියා සිටියේය.
‘ගණේමුල්ල සංජීව’ ඝාතනය ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් ‘රතු වරෙන්තු’ නිකුත් වී තිබූ ‘මනුදිනු පද්මසිරි පෙරේරා’ නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ මැලේසියාවේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වූයේ පසුගිය 09 වැනිදාය.
ඔහු සමග තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කමාන්ඩෝ සලින්ත’ ද අත්අඩංගුවට ගෙන ඇතැයි පැවසින.
+
රට දෙකඩ කිරීමේ උත්සාහයක් ගැන ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළි කරයි
(12.07.2025 – 16:03 +0530 – sinhala.adaderana.lk)
රට දෙකඩ කිරීමේ ඉන්දීය උත්සහය වර්තමානයේ ද නොවෙනස්ව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසයි.
ඒ සඳහා ඉන්දීය රජය විසින් විවිධ උපාය මාර්ග දියත් කරමින් සිටින බව උන්වහන්සේ සඳහන් කළේය.
කොකාවිල් ප්‍රහාරයේ 35 වන සැමරුමට එක්වෙමින් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි මේ බව පැවසීය.
“රට දෙකඩ කිරීමේ ඉන්දියානු වුවමනාව අද වෙනකොටවත් දශමස්ථානයක්වත් මෙහාට ඇවිත් නෑ. ඉන්දියාවෙන් ලංකාවට රුපියල් කෝටි 30,000 ක ණය සහනයක් දෙන්න යනවා දැන්. ශ්‍රී ලංකාව ඉන්දියාවට ගෙවීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 1.7 නැවත අයකර නොගෙන ණය සහනයක් ලබා දෙන්න යනවා අපේ ලොකු අයියා…. ඩයස්පෝරාව පාවිච්චි කරලා හරි, අහිංසක දෙමළ ජනතාව පාවිච්චි කරලා හරි උපාය උපක්‍රම පාවිච්චි කරලා හරි අපේ රට රටක් හැටියට ආර්ථිකව අස්ථාවර කිරීම හරි භෞමිකව හෝ දේශපාලනිකව හා අවසාන විග්‍රහයේදී 29 වැනි ඉන්දියානු ප්‍රාන්තය හදලා ඊට පස්සේ නැගෙනහිර හා උතුර කඩපු වහාම 30 වැනි ඉන්දියානු ප්‍රාන්තයත් බිහි කරලා අවසන් කිරීමේ අඛණ්ඩ භාර ව්‍යාපෘතියේ එකක් හැටියට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ.”
+
‘අද දෙරණ උකුසු ඇස’ට හසුවූ පතුරුගල් ජාවාරම
(12.07.2025 – 20:00 +0530 – sinhala.adaderana.lk)
මෙරට දුර්ලභ පාෂාණ විශේෂයක් වන ‘පතුරු ගල්’ බලපත්‍රයක් රහිතව නීතිවිරෝධි අයුරින් කැණීම් සිදුකරන ජාවාරමක් සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු ලැබුණි.
‘පතුරු ගල්’ මෙරට ප්‍රදේශ කිහිපයකින් පමණක් හමුවන දුර්ලභ පාෂාණ විශේෂයකි.
පිඟන් ගඩොල් සෑදීම ආදී කාර්යයන් සඳහා යොදාගන්නා මෙම පතුරු ගල් කැණීම් සිදුකිරීම සඳහා විශේෂ බලපත්‍රයක් අවශ්‍ය වෙයි.
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් ලද එවැනි බලපත්‍රයක් රහිතව නීතිවිරෝධි අයුරින් සිදුකරන ‘පතුරු ගල් කැණීමේ ජාවාරමක්’ සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරක් ලැබුණි.
ඒ අනුව ‘අද දෙරණ උකුස්සා’ ‘භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ නිලධාරින්’, ‘නාවලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින්’ ද සමඟ නාවලපිටිය ප්‍රදේශයට ගියේ මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකහැර දැනගැනීම සඳහායි.
ඒ අනුව අප එම ස්ථානයට ළඟාවන විටත් ජාවාරම්කරුවන් ජයටම ‘පතුරු ගල්’ කැණීමේ නිරතව සිටියේ අපට ලද තොරතුර මනාව සනාථ කරමින්ය.
එම ස්ථානය නිරීක්ෂණයේදී මේ ආකාරයෙන් පතුරු ගල් ආකාර 20 කටත් අධික ප්‍රමාණයක් අපට දැකගත හැකිවුණි.
මෙම ජාවාරම්කරුවන්ගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් ප්‍රකාශ කළේ කැණීම් සඳහා යොදාගන්නා මෙම ඉඩම්, ‘ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව’ට අයත් ඉඩම් බවය.
එසේම මෙම පතුරු ගල් මෙම ස්ථානයෙන්ම මිලට ගැනීමට ලොරි රථවලින් වෙළෙඳුන් ද පැමිණෙන බව ජාවාරම්කරුවන් අපට අනාවරණ කළේය.
ඒ අනුව ක්‍රියාත්මක වුණ නිලධාරින් මෙම ජාවාරම්කරුවන් පිරිස අත්අඩංගුවට ගත් අතර මෙම පතල් වසා දැමීමට ද නියෝග කළේය.
රජයට අයත් ඉඩම්වල සිදුකර මෙම නීති විරෝධි කැණීම් හේතුවෙන් සිදුවන පරිසර විනාශය අමුතුවෙන් විස්තර කළ යුතු නැත.
එසේම ඉතා වටිනා ස්වභාවික පාෂාණ අවිධිමත් අයුරින් කැණීම හේතුවෙන් ස්වභාවික සම්පත් වලට සිදුවන හානියත් සුළුපටු නැත.
රටේ ස්වභාවික සම්පත් විනාශ කරන මෙවන් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා අද දෙරණ උකුස්සා සීරුවෙනි.
+
උතුරේ එක් හෙදියක් හෝ නොමැති ප්‍රාදේශීය රෝහල් 33ක් -ඇමති නලින්ද
(12.07.2025 – 21:35 +0530 – sinhala.adaderana.lk)
උතුරු පළාතේ එක් හෙදියක් හෝ නොමැති ප්‍රාදේශීය රෝහල් 33 ක් පවතින බව සෞඛ්‍ය හා ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉදිරියේදී නව හෙද පත්වීම් ලබාදීමත් සමඟ එම පුරප්පාඩු සපුරාලීමට පියවර ගන්නා බවය.
නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ බාහිර රෝගී අංශයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ සිදුකෙරිණි.
නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල තුළ හදිසි අනතුරු ඒකකයක්, ඖෂධ ශාලාවක්, එන්නත් කාමරයක්, දන්ත ඒකකයක්, හෙද විවේකාගාරයක්, ඊ.සී.ජී ඒකකයක්, ශල්‍ය ඒකකයක්, ප්‍රාථමික සත්කාර ඒකකයක් මෙන් ම සනීපාරක්ෂක පහසුකම්වලින් ද යුක්තය.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් යාපන අර්ධත්වීපයට පැමිණි මුල්ම අවස්ථාව මෙය වන බවත්, එහිදි පැමිණි ප්‍රථම රෝහල නයිනතිවි රෝහල බවත් අමාත්‍යවරයා ප්‍රථමයෙේම සිහිපත් කළේය.
මෙවැනි ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන රට පුරා ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට පසුගිය මාස කිහිපය තුළ සවිස්තර සැලසුමක් සකස් කරමින් සිටින බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසී ය.
මෙරට සෞඛ්‍ය සේවාව පරිවර්තනයකට ලක් විය යුතු බවත් ලෝකයේ සෞඛ්‍ය සේවාවන් පරිවර්තනයට ලක්ව ඇති බව ද මෙහිදී සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාව ජනතාව කේන්ද්‍ර කර ගත යුතු බවත්, පැවතුනේ වෛද්‍යවරයා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් බව ද ජනතාව පුරුදුව තිබෙන්නේ දුර ගෙවා ගොස් ප්‍රතිකාර සේවා ලබා ගැනීමට බවත්, යාපනය රෝහලේ ද රෝගී තදබදයට එම තත්ත්වය හේතු වී ඇති බව ද පැවසී ය.
මෙවැනි දුපත්වල ප්‍රාථමික සත්කාර ඒකකවලින් වඩා ගුණාත්මක සේවාවක් ලබා දිය හැකි බවත් වසර 10 ක් 12 ක් වැනි දිගු කාලයක් ගොඩනැගිලි ඉදිකෙරෙද් දී මෙම ගොඩනැගිල්ල නාවික හමුදාව විසින් ඉතා කෙටි කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු කිරීම සතුටට කරුණක් බව ද පැවසී ය.
ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාව පොලිම්වල නොතබා නවීන තාක්ෂණය ද යොදා ගනිමින් වේලාවක් ලබා දී ප්‍රතිකාර සඳහා යොමු කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ජනතාවට අවශ්‍ය වන්නේ එවැනි සේවාවක් බව ද අමාත්‍ය්‍යවරයා මෙහි දී පැවසී ය.
එමෙන් ම වෛද්‍ය උපකරණ සහ ගිලන් රථ ඇතුළු රථවාහන අළුත්වැඩියා කටයුතු අංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දුර්වල බවත්, ඉදිරියේ දී මිල අධික වෛද්‍ය උපකරණ හා ගිලන් රථ ඇතුළු වාහන ලබාදීමේ දී එම භෞතික සම්පත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ආයතන සමඟ කළමනාකරණයට කටයුතු යොදන බවත් රෝහලේ ගිලන් රථ අවශ්‍යතාව සපුරාලන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴