‘කෙහෙල්බද්දර පද්මේ’ සමග මලයාසියාවේදී ඇල්ලූ පිරිස අතර ‘හරක්කටා’ගේ බිරිඳත්
‘කෙහෙල්බද්දර පද්මේ’ සමග මලයාසියාවේදී ඇල්ලූ පිරිස අතර ‘හරක්කටා’ගේ බිරිඳත්
(10.07.2025 – hirunews.lk)
මලයාසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘මනුදිනු පද්මසිරි පෙරේරා’ හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන ඇති බව තොරතුරු වාර්තා වනවා.
ඒ අතර දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන ‘නදුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක්කටා’ගේ බිරිඳ ද සිටින බවයි එම වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් මැලේසියාව විසින් මෙරට ආරක්ෂක අංශ වෙත තවමත් නිල වශයෙන් දැනුම් දී නැහැ.
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය ඇතුළු මෙරට සිදුවු ඝාතන රැසකට සම්බන්ධ ප්‍රධාන පෙලේ පාතාල කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවට ඊයේ (09) වාර්තා පළ වුණා.
‘කමාන්ඩෝ සලින්ත’ සැලකෙන්නේ ‘කෙහෙල්බද්දර පද්මේ’ගේ උපදෙස් මත ‘ගනේමුල්ල සංජීව’ ඝාතනය මලයාසියාවේ සිට සැලසුම් කළ පුද්ගලයා ලෙසටයි.
මොවුන් දෙදෙනා (2) සමග තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඊට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ‘නඳුන් චින්තක වික්‍රමරත්න’ හෙවත් ‘හරක්කටා’ගේ බිරිඳ ද සිටින බවටයි වාර්තා වන්නේ.
පොලිස් ආරංචි මාර්ගවලට අනුව එම තිදෙනා (3) ඇතුළු පස්දෙනෙකු (5) මලයාසියානු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේ දේශ සීමා උල්ලංඝතනය කරමින් තායිලන්තයට පලා යෑමට සූදානම්ව සිටියදීයි.
‘කෙහෙල්බද්දර පද්මේ’ යනු මෙරටට අත්‍යාවශ්‍ය අපරාධකරුවෙක් ලෙස ‘ජාත්‍යන්තර රතු නිවේදන’ ද නිකුත් කර සිටි අපරාධකරුවෙක්.
ඔහු කොටුකර ගැනීම සදහා ඔත්තුව ලබාදී ඇත්තේ මෙරට සිටින පාතාල කල්ලි සාමාජිකයින් විසින්ම බවට අනාවරණය වී තිබෙනවා.
‘කෙහෙල්බද්දර පද්මේ’ වෙනත් නමකින් එරටදී පෙනී සිට ඇති අතර ඔහු සම්බන්ධයෙන් තොරතුරු මෙරට පොලිසිය මගින් ජාත්‍යන්තර පොලිසිය වෙත ලබාදී තිබුණා.
ඒ අනුව, ‘කෙහෙල්බද්දර පද්මේ’ මලයාසියාවේදී පෙනී සිට ඇත්තේ ‘ආදිත්‍ය අභිමන්’ ලෙසින්.
එම නම භාවිතා කරමින් ඔහු විදෙස් ගමන් බලපතත්‍රයක් ද සකස් කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ ෴
+++
කෙහෙල්බද්දර පද්මේ සහ කමාන්ඩෝ සලින්ත යන අයවලුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පිරිසක් අද (10) ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය අසලදී විරෝධතාවක නිරත වුණා.

විරෝධතාකරුවන් කියා සිටියේ, පද්මේ සහ සලින්ත සම්බන්ධයෙන් මෙතෙක් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බවත්, ඔවුන්ගේ ක්‍රියාවන් හේතුවෙන් සමාජයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවයි ෴
+++
‘කෙහෙල්බද්දර පද්මෙ’ සමග ‘කමාන්ඩෝ සලින්ත’ත් කොටුවෙයි (10.07.2025)
+
මට්ටක්කුලියේ කාන්තාවකගේ රන් භාණ්ඩ සහ විදේශ මුදල් සොරාගත් කාන්තාවක් අත්අඩංගුවට
(10.07.2025 – hirunews.lk)
මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ සන්තකයේ තිබූ රන් භාණ්ඩ සහ විදේශ මුදල් සොරා ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ තම රන් භාණ්ඩ සහ මුදල් අස්ථාන ගත වී ඇති බව සඳහන් කරමින් මට්ටක්කුලිය පොලිසිය වෙත පැමිණිලිකර තිබුණේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි ජයසීලී අම්මාන් නම් කාන්තාවක්.

තමා සන්තකයේ තිබූ රුපියල් 3,984,381 ක වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ කැනඩා රජයේ මුදල්, ඇමරිකානු ඩොලර් මෙන්ම ශ්‍රී ලංකා මුදල් ද අස්ථානගත වී ඇති බවයි ඇය එම පැමිණිල්ලේ සඳහන්කර සිටියේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මට්ටක්කුලිය පොලිසිය අවුරුදු 34 ක් පමණ වයසැති සුවදි නීලන් නමැති කාන්තාවක් සැකයුතු ලෙස හඳුනාගෙනගෙන විමර්ශන ආරම්භ කළා.
එහිදී මෙම කාන්තාව සතුව තිබී රු. 3,984,381 ක රන් භාණ්ඩ, කැනඩා ඩොලර් 600 ක්, ඇමරිකානු ඩොලර් 1,500 ක්, ශ්‍රී ලංකා රුපියල් 655,000 ක් සහ පවුම් 18 ක පමණ රන් භාණ්ඩ සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
සිදුවීම පිළිබඳ මට්ටක්කුලිය පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි ෴
ආනයනික කිරිපිරි මිල ඉහළට
(10.07.2025 – hirunews.lk)
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් ඉහළ දැමූ බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
මීට පෙර ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල සඳහන් වූයේ රුපියල් 1,100 ක් ලෙසයි.
ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 1,200 ක් ෴
කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව, ‘සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමය’ පවසනවා.
ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීම හමුවේ මෙම තීරණයට එළඹි බවයි එම සංගමයේ සභාපති රුක්ෂාන් හර්ෂණ සදහන් කළේ ෴
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී තරුණයින් 08 කට බරපතළ තුවාල
(10.07.2025 – hirunews.lk)
මාතර සිට නුවරඑළිය බලා ධාවනය වූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 70 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් තරුණයින් අට දෙනෙකු (8) බරපතල තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ, මෙම අනතුර අද (10) අලුයම 05:00 ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය වටරවුම ආසන්නයේ ඩෙස්ෆෝඩ් වත්ත ප්‍රදේශයේදී සිදුව ඇති බවයි.

වෑන් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි නානුඔය පොලිසිය සඳහන් කළේ.
අනතුරින් වෑන් රථයට ද දැඩි අලාභහානි සිදුව තිබෙනවා.
තුවාල ලැබූවන් ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේ වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් එක්ව ප්‍රපාතයෙන් ගොඩගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර, අනතුර සිදුවන ආකාරය නානුඔය ඩෙස්ෆෝඩ් ප්‍රදේශයේ වෙළෙඳසලක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබූ බවද පොලිසිය සඳහන් කරයි ෴
පින්නවලදී චීන සංචාරක බස් රථයකට ගසක් කඩා වැටේ
(10.07.2025 – hirunews.lk)
පින්නවල අලි සංරක්ෂණාගාරය නැරඹීමට චීන සංචාරකයන් රැගෙන පැමිණි බස් රථයක් මතට ගසක් කඩා වැටී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ කිසිවෙකු නොසිටීම හේතුවෙන් ජීවිත හානි හෝ තුවාල සිදු වී නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය වූ අවස්ථාවේදී සංචාරකයන් බස් රථයෙන් බැස අලි සංරක්ෂණාගාරය නැරඹීමට ගොස් ඇති අතර, බස් රථය මාර්ගය අසල නවතා තිබී තිබෙනවා.
එලෙස නවතා තිබූ බස් රථය මතට අනපේක්ෂිත ලෙස ගස කඩා වැටී ඇති අතර, අනතුරෙන් බස් රථයට දැඩි අලාභහානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ ෴
+++
+++
+
ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි.. – මහාචාර්ය පියංග දුනුසිංහ
(10.07.2025 – 14:10 +0530 – lankacnews.com)
ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ අපනයනයට ඉතාමත් අහිතකර ලෙස බලපාන බව කොළඹ විශ්ව විද්‍යාලය ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර පියංග දුනුසිංහ මහතා සඳහන් කරයි.
ලංකාව තරගකාරී සැපයුම්කරුවන් වන වියට්නාමය වැනි රටවල් වලට අඩු තීරු බදු අනුපාත නම් කිරීම සහ ඇමරිකානු වෙළඳපළේ භාණ්ඩ මිල ඉහළ යාම මත ඇතිවන උද්ධමනකාරී තත්ත්වය මීට හේතුවනු ඇති බවද හෙතෙම කියා සිටී.
ලංකාවේ අපනයනය කෙරෙහි මේ තත්ත්වය ඉතාමත් අහිතකර විදිහට බලපානවා කරුණු කීපයක් හේතුවෙන් :
+++
ට්‍රම්ප් බදු සහනය දුන්නත් ලංකාවට ඇත්තටම වෙන දේ | රටවල් අතර මාරම තරඟයක් | ධනනාත්ගෙන් අහන්නම ඕන එකක් (10.07.2025)
+
ශ්‍රී ජයවර්ධනපුර රෝහල අඩපණ වෙයි, අංශ කිහිපයක සැත්කම් නවතී : “රෝහල සාමාන්‍ය පරිදි වැඩ, කිසිදු ගැටලුවක් නෑ”- වැඩබලන අධ්‍යක්ෂක
(10.07.2025 – mawbima.lk)
ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු, විකලාංග, අක්ෂි ඇතුළු අංශ කිහිපයකම සැත්කම් උපකරණ නොමැති වීමෙන් මේ වන විට රෝහලේ අක්ෂි සැත්කම් මුළුමනින් ම නතර වී ඇති අතර උගුර, කන, නාසය පිළිබඳ සැත්කම් 75% කින් පමණ අඩාල වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එම ආරංචි මාර්ගවලට අනුව, හදවත් සැත්කම්ද තව නොබෝ දිනකින් මුළුමනින් ම නතර වීමේ අවදානමක් පවතින බව අනාවරණය කළේ ය.
රෝහල්වල ශල්‍ය උපකරණ නොමැති වීම හේතුවෙන් පිටතින් උපකරණ ගෙන්වාගෙන සැත්කම් සිදුකළ වෛද්‍යවරුන් මෙම රෝහලේ සේවය කළ ස්නායු ශල්‍ය වෛද්‍යවරියට චෝදනා එල්ල වීමෙන් පසුව ඖෂධ සහ උපකරණ බාහිරින් ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින් ම නතර කර තිබීම මේ තත්ත්වයට හේතුව බව එම ආරංචිමාර්ග සඳහන් කරයි.
ඔවුන් මෙම සිදුවීමෙන් තිගැස්මකට පත්ව ඇතැයි ද වාර්තා වේ.
විශේෂඥ වෛද්‍යවරුන් පමණක් නොව සෙසු වෛද්‍ය නිලධාරීන්ද මේ වන විට ඖෂධ නිර්දේශ කිරීමේදී යම් දෙගිඩියාවකින් පසුවන අතර මෙම තත්ත්වය හේතුවෙන් රෝගීන් අසීරුතාවකට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ ය.
මේ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුමගෙන් ‘මව්බිම’ විමසීමක් කළේ ය.
ගැටලුවකින් තොරව ශල්‍යකර්ම සියල්ල සිදුවන බවත් කිසිවක් අවලංගු කර නොමැති බවටත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේ ය.
එහිදී වෛද්‍යවරයා මෙසේ ද පැවසීය :
“ගැටලුවක් නෑ. අපේ ශල්‍යකර්ම ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. කිසිවක් අවලංගු කරලා නැහැ. මඩ ප්‍රචාර තමයි යන්නේ. ඇත්තටම මේ රෝහල අනෙකුත් රෝහල්වලට අභියෝගයක්නේ. මේකේ පරක්කු වෙනවා නම් සාමාන්‍ය ජනතාවට අනෙකුත් රෝහල්වලට යන්න වෙනවනේ. අපි ටෙන්ඩර් කරලා තියෙන්නේ. සමහර විට රටේ පවතින හිඟය තියෙනවානේ.
පහුගිය දවස්වල ඇති වුණු තත්ත්වයත් එක්ක එක එක කතන්දර කියනවා. ඒ වුණාට ඖෂධ සැපයීම ක්‍රියාවලිය දිගටම තියෙනවා. දිගටම ප්‍රතිකාර කෙරෙනවා. රෝගීන්ට ගැටලුවකින් තොරව ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. සහතික වෙන්න පුළුවන්. කාවත් හරවලා යවලා නැහැ. දිගටම රෝගීන් ‘ඇඩ්මිට්’ වෙනවා. නොමිලේ සිදු කරන ප්‍රතිකාරත් ඒ විදිහට යනවා. රෝගීන්ව හරවලා යවන්නේ නැහැ.”
රවිශාන් ප්‍රනාන්දු
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴